29 May, 2017

සංගාට බය නැතැයි කී එසෙක්ස් වේගපන්දු යවන්නාට සංගාගෙන් පිළිතුරු

Kumar Sangakkara - Jamie Porter

මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ වඩාත් සාර්ථකම සහ විශ්වාසදායීම පිතිකරු බවට පත්ව සිටින කුමාර සංගක්කාර තමන් අවසන් වරට සහභාගී වූ තරඟ 5 තුලදීම ශතක ලබාගැනීමට සමත්වී සිටීම සුවිශේෂ සිද්දියකි.

සංගා අවසන් වරට සහභාගී වූ එසෙක්ස් ප්‍රාන්තය සමඟ තරඟයේදී ඔහු ද්විත ශතකයක් ලබා ගැනීමට සමත් විය. මෙම තරඟයට පෙර සංගා ගැන ප්‍රකාශයක් කල එසෙක්ස් ප්‍රදානම වේගපන්දු යවන්නා වන ජෙමි පොටර් ප්‍රකාශ කර තිබුනේ සංගා දවා ගැනීම තමාට එතරම් අපහසු නොවනු ඇති බවයි.

“සංගක්කාර කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් තමයි,හැබැයි එහෙම කියල නමට බයවෙලා පන්දු යවන්න බෑ,එහෙම වුනොත් ලෙසිවෙන්නේ නෑ.සංගක්කාර කියන්නෙත් තවත් එක ක්‍රීඩකයෙක්,අපි එක ක්‍රීඩකයෙක් ගැන වැඩිය හිතුවොත් අපිට ඉතුරු ක්‍රීඩකයෝ 10 දෙනාම අත හැරෙනවා.”

“මම දන්නවා එයා දවාගන්න පන්දු යවන්න ඕන තැන.එකම ඉලක්කයකට දිගටම පන්දුව පතිත කලොත් සංගක්කාරට ලේසි වෙන්නේ නෑ.මම මේ තරඟාවලියේ හොඳට කරලා තියනවා ඒ නිසා මට ඔහුව දවා ගන්න පුළුවන් වෙයි.”

මෙම වේගපන්දු යවන්නාගේ ප්‍රකාශයට සංගා වචනයෙන් කිසිවක් ප්‍රකාශ කලේ නැත.ඔහු එයට පිළිතුරු දුන්නේ ශතකයක් නොව ද්විත්ව ශතකයක් එසෙක්ස් කණ්ඩායමට එරෙහිව ලබා ගනිමිනි. (cricketlanka)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංගාට බය නැතැයි කී එසෙක්ස් වේගපන්දු යවන්නාට සංගාගෙන් පිළිතුරු"

    Post a Comment