23 September, 2016

ඉන්දියාව ගිනියම් කරමින් “Sanam Ho Ja” එළි දකී-ගායකයා ලංකාවේ මහ බැංකු අධිපතිගේ පුතා


“Sanam Ho Ja” නම් වන හින්දි ගීතය පසුගිය සැප්තැම්බර් දෙවන දින එළිදක්වනු ලැබුවා.

මේවන විටත් යූටියුබ් මගින් 4,047,085 ක වාර ගණනක් මෙය නරඹා තිබෙනවා.

මෙරට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගේ පුතු අර්ජුන් කුමාරස්වාමි මෙම ගීතය ගයන අතර Kolaveri Di ගීතය Re-Mix කොට මියුසික් වීඩියෝවක් කිරීමෙන් පසුගිය කාලයේ ඔහු වඩාත් ජනප්‍රිය වුණා.

වෙනත් ගායකයින් ගැයූ ගී නව ආරකින් ගායනා කිරීම අර්ජුන්ගේ විශේෂත්වයයි.



-නෙත්ගොසිප්

ජීවිතය පහසු කරන්න Google සමාගම හඳුන්වාදෙන අලුත්ම App එක මෙන්න

ගුගල් සමාගම නව ඇප් එකක් හඳුන්වාදී තිබෙනවා. 

ඒ ස්මාර්ට් ජංගම දුරකථනවල chat පහසුකම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාය.

Google Allo ලෙස හඳුන්වාදී ඇති මෙමගින් තොරුතුරු සොයා ගැනීම, විවිධ කටයුතු සංවිධාන කිරීමට සහ හැගීම් වඩාත් පහසුවෙන් ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා. 


එමෙන්ම පණිවුඩයක් ලැබෙන විට ඊට දැක්විය හැකි ප්‍රතිචාර ඇතුලත් යෝජනා ද Google Allo හරහා ලබාදීම විශේෂත්වයක්.

ලැබෙන පණිවුඩවලට එසැනින් ප්‍රතිචාර දැක්වීමේ පහසුකමක්ද මෙහි අන්තර්ගත වනවා.

Google Allo මෙතැනින් ඩවුන්ලෝඩ් කරගන්න.







-නෙත්ගොසිප්


ලෙඩ්ඩුන්ට බල්ලන්ට වගේ කන්න දෙන රෝහලක්..!

සමහර රෝහල්වල දෙන කෑම බල්ලෙකුටවත් කන්න බැරියැයි රෝහල්ගතව සුවවී නිවෙස්වලට ආ උදුවිය ඇතැම්විට පවසනු අප අසා තිබේ. 

එහෙත් බල්ලන්ට වගේ කන්න දෙන (ඉස්සරනම් බල්ලන්ට සිමෙන්ති පොළවක හෝ වැලි නැති තැනක කන්නට දුන්නද දැන් බල්ලකුට බත් කටක් දෙන්නේ අඩු තරමින් පත්තර කොලයක් හෝ බිමට එලාය) රෝහල් ගැන අප අසා නැත.

දැන් බල්ලකුටවත් කන්න නොදෙන ආකාරයට රෝගියකුට හිමි බත්පත දුන් රෝහලක් පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

පාල්මතී දේවී නම් කාන්තාවක් ඉන්දියාවේ රාංචි නගරයේ රෝහලට ඇතුළු වූයේ අතක අස්ති බිඳී යාමක් හේතුවෙනි. 


ඇය සතුව පිඟානක් තිබී නොමැති අතර, ආහාර ලබාදීමට පැමිණි රෝහල් සේවකයින්ගෙන් පිඟානක් ඉල්ලා ඇතත් ඔවුන් පවසා ඇත්තේ රෝහලේ පිඟන් නැති බවය.

අවසානයේ ඇයට හිමි ආහාර වේල දී ඇත්තේ වාට්ටුවේ බිමටය. 

බිමට දුන් කෑම ආහාරයට ගන්නා කාන්තාවගේ ඡායාරූපය මාධ්‍ය වෙත ලැබීමත් සමග කළ විමසීමකදී රෝහල් බලධාරීන් පවසා ඇත්තේ මෙය කනගාටුදායක සිද්ධියක් බවය. 

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹන බවද රෝහල් බලධාරීන් පවසා තිබෙනවා.

දැවැන්ත රෝලක් වන මෙම රෝහල සඳහා අහාර සහ පිඟන් සඳහා වාර්ෂිකව ඉන්දියන් රුපියල් කෝටි 300ක් වෙන්කරන බවයි පැවසේනනේ.



-නෙත්ගොසිප්

අවුරුදු 12ක කොල්ලෙක් අවුරුදු 13ක කෙල්ලෙක් ගණිකාවක් කරලා..!

වයස අවුරුදු 13ක ගැහැණු ළමයකු කැලෑවකට ගෙනගොස් අතවර කළැයි චෝදනාවට ලක්වූ වයස අවුරුදු 12ක පිරිමි ළමයකු කුලියාපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් පිරිමි ළමයාගේ පියා මව හැරගොස් ඇති බවත්, මව විදෙස්ගතව සිටිනා බවත් වාර්තා වනවා.

මීට පෙරද දැරිය ළඳු කැලෑවකට ගෙනගොස් අතවර කර රුපියල් 100ක් දී ඇති බවත්, මෙවර දෙවනවරට එසේ ලඳු කැළෑවට ගෙනගොස් රුපියල් 200ක් දී ඇතිබවත් අනාවරණ කරගෙන තිබෙනවා.

මෙසේ දැරිය ලඳු කැලෑවට ගෙනගොස්, දෙදෙනාම නිරුවතින් සිටිනු දුටු දැරියගේ මිත්තනිය, දෙදෙනාම එතැනින් පලවාහැරීමෙන් අනතුරුව මවගේ දැරියට සිද්ධිය සැලකිරීමෙන් පසු ඇය පොලිසියට පැමිණිළිකර ඇති බවයි වාර්තා වන්නේ.





-නෙත්ගොසිප්

ලයිට් ඕෆ් කළා සේරම නැගිට්ටා හරිම භයානක විදියට ඒක කියන්නේ බයටම මට උණත් ගැනුනා - මම දැක්කා එයලා කඩා වැටෙන හැටි!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා ඇතුළු 4 දෙනෙකුට අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා.

ඝාතනය ලක්වූ භාරතගේ දියණිය වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර පසුගියදා Neth fm unlimited වැඩසටහන හා සම්බන්ධ වුණා.

එහිදි ඇය එම නඩු තීන්දුව දා සංවේදී වූයේ ඇයිද යන්නටත්, උසාවිය තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙනුත් අදහස් දැක්වුවා.

'ඇත්තටම මායි අම්මයි ඇතුළට යද්දි ලොකු චකිතයක් තිබ්බා, මොනවා වෙයිද කියලා. මං හිතුවේ මගේ ජීවිතේ තව මිනිත්තු කිපයකින් සම්පූර්ණ අනික් පැත්ත ගැහෙනවා.හොඳ වෙයිද? නරක් වෙයිද? හොඳ වුනොත් හොඳයි නැත්තං කොහොමද පාරේ බැහැලා යන්නේ මෙච්චර මහන්සිවෙලා. මං අම්මටත් කිව්වා කිසිදේකින් වැඩක් නෑ අම්මා අපි මේක පරාජය වුනොත් එහෙම වුනොත් එහෙනම් දෙයියෝ කියලා කෙනෙක් මේ ලොකේ නැතිවෙන්න පුලුවන් කියලා..'

'ඒත් අම්මට විශ්වාසයක් තිබුණා නෑ මට මං කරපු සත්‍ය ක්‍රියාව ගැන විශ්වාසයි කියලා. ඉතිං කොහොම හරි ඇතුළට ගියාට පස්සේ බයට මට හොඳටම උණත් ගැණුනා. අම්මා මගේ බෙල්ලට අත තියලා බලද්දි මට හොඳටම උණ.'.

'ඊටපස්සේ ටික වෙලාවක් යනකොට එකින් එක එකින් එක එදා සිද්ධිය ගැන ගරු විනිසුරුතුමන්ලා නැවත නැවත මතක් කරනකොට අපිට මොකද වුනේ? අපි කොහොම හැසිරුණේ? අපි කොහොමද එදා ඇඩුවේ? මේ ඔක්කොම මට මතක් වුණා. එතකොට මම හරියට දුක්වුණා.මට ඇඩුනා.මම එළියට ආවේ ඒ වේදනාවෙන්'.

'ඒ ගමන්ම මම දැක්කා දඩුවමට ලක්වුණ පුද්ගලයාගේ පවුලේ උදවිය හැසිරිච්ච විදිය. හරිම භායානක විදියට ඒ දඩුවම දෙන්නේ මුලු උසාවියේම ලයිට් ඕෆ් කරලා ගරු විනිසුරුතුමන්ලා නැගිටලා අපිත් නැගිටලා කළුවර කාමරයක වගේ කියන්නේ හරි භයානක විදියට ඒක අහගෙන ඉන්න කෙනෙක්ට භය හිතෙනවා'.

'ඒක කියපු ගමන් මම දැක්කා එයාලා කඩා වැටෙන විදිහ. ඒ වෙලාවේ මට හිතින් හිතුණා මේ විදියටම අපි අවුරුදු පහක් ඇඩුවා නේද කියලා. මේ හැඟීම් ඔක්කොම එකතුවෙලා මං ඒ වෙලේ ගොඩක් සංවේදි වුණා.'





-නෙත්ගොසිප්

22 September, 2016

‘ඉදිරියටත් මෙහෙම තමයි ‘ - ගිනියම් රැයේ දැවෙන චමත්කා කියන කතාව මෙන්න (Photos)



ඉරාජ් වීරරත්නගේ නවතම ගීතය ගැන මේ වන විට බොහෝ දෙනා කතා බහ කරනවා.

ගීතයේ ඇති අඩනිරුවත් දර්ශණත්,සමලිංගික කතා තේමාවත් මෙම කතාබහ නිර්මාණය වීමට හේතුවී තිබෙනවා.

මෙම ගීතය ගායනා කරන්නේ නවක ගායිකාවක වන Shermaine Willis

ඇයත් සමගින් මෙම වීඩියෝවේ අඩ නිරුවත් වන අනෙක් තරුණිය කවුද?

ඇය නමින් චමත්කා ලක්මිණි.

නිරූපණ ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර අත්දැකීම් සහිත නිරූපිකාවක ලෙස චමත්කා රටවල් 18කට අභියෝගයක් වෙමින් country crown සහ perfect ten යන කිරුළද දිනාගැනීමට සමත් වුණා.

තමා සාමාන්‍ය කෙනෙක් බවත් රැකියාව වෘත්තීමය වශයෙන් කරන කෙනෙකු බවත් චමත්කා පසුගිය දිනෙක මාධ්‍ය වෙත පවසා තිබුණා.

මේ ෆීල්ඩ් එකත් එක්කම ඉදිරි ජීවිතය ගතකරන බව ඇය එහිදී වැඩිදුරටත් පවසා තිබුණා.

ඡායාරූප පහතින් නරඹන්න.































-නෙත්ගොසිප්

කන්‍යාභාවය විකුණා ඉගෙන ගන්න සල්ලි හොයන්න අරාබියට ගිය රුසියානු රූප සුන්දරිය (Photos)

රැසියාවේ රූප රාජිණි තරඟයකින් ජයග්‍රහණය කළ තරුණියෙකු ඒ විගසම සිය කන්‍යාභාවය විකිණිම සඳහා ඩුබායි වෙත ගිය පුවතක් විදෙස් මාධ්‍ය අණාවරනය කරනවා.

ඇය සිය කන්‍යාබාවය විකිණීමට තීරණය කොට ඇත්තේ යුරෝ 10000කටයි

ඇනා ෆෙස්චෙන්කෝ නම් ඇය 17 හැවිරිදි වියේ පසුවන්නියක්.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා මුදල් සොයාගැනීමට ඇය මෙසේ සිය කන්‍යාබාවය විකිනීමට තිරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

ආරාබියේ වෙසෙන අනුග්‍රාහකයෙකු ඇගේ කන්‍යාබාවය මිලට ගැනීමට ඉදිරිපත්ව ඇති බවයි වාර්තාවන්නේ.

ඇනාගේ මාපියන් මීට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර ඇය අරාබියට ගොස් ඇත්තේ ඔවුන්ටද බොරුවක් පවසමින්.

ඇගේ දෙමාපියන් එරට පොලීසියේ සහය පතා පැමිණ ඇති අතර ආරබියේ වෙසෙන රැසියානුවන්ගේද උදව් ඉල්ලා තිබෙනවා.

කන්‍යාවියක වීම ගෞරවයට කාරණාවක් බවත්, ලැබෙන මුදල සිතට කාවැදි ඇනා මෙම තීරණය ගන්නට ඇතැයි ඇගේ මිතුරියන් පවසනවා.
















-නෙත්ගොසිප්

තැනින් තැන ගෙන ගොස් දැරියකට හදි කළ දෙදෙනා වසර 14කට පසු හිරේ

වසර දාහතරකට පෙර අවුරුදු 14ක පාසල් දැරියක ඇගේ මාපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණයට ලක් කළ බවට වරදකරුවන් වූ චුදිතයන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එස්. රණවක ගුණතිලක මහත්මිය වසර 17ක හා වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ඊයේ (21) නියම කළාය.

නඩුවේ පළමු චුදිතට වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද තුන්වන චුදිතට වසර 17ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ද නියම කළ විනිසුරුතුමිය අතවරයට පත් තැනැත්තියට රුපියල් පනස් දහස බැගින් වූ වන්දි මුදල් ගෙවීමටද චුදිතයන් දෙදෙනාට නියම කළාය.

වැල්ලවායේ පදිංචි රාජවංශ කරුණාධීර හා බුත්තල පදිංචි චාමින්ද ශ්‍රීනාත් යන චුදිතයන්ට එසේ සිරදඬුවම් නියම වුණි.

මෙම නඩුවෙන් අධිචෝදනා ලැබ සිටි දෙවන චුදිත වූ බුත්තල පදිංචි සුනිල් ප්‍රේමරත්න නමැත්තාට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර නැති බව ප්‍රකාශ කළ විනිසුරුතුමිය ඔහු නිදොස්කොට නිදහස් කිරීමට ඊයේ (21) නියෝග කළාය.

2002/09/26 බුත්තල දී වයස අවුරුදු 14ට අඩු බාලවයස්කාර පාසල් දැරියක් මාපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කළ බවට නීතිපතිවරයා විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා නගා තිබුණි.

බුත්තල මහාධිකරණයේ පවරා තිබූ මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය වෙත යොමුකර තිබුණි.

පළමු හා තුන්වන විත්තිකරුවන් හට නගා ඇති අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බව තීරණය කළ විනිසුරුතුමිය විත්තිකරුවන් හට ලිහිල් දඬුවම් ලබාදුනහොත් එය සමාජයට කරන විශාල අගතියක් බව ප්‍රකාශ කළාය.

සිද්ධිය වන වකවානුවේ විත්තිරුවන් වයස අවුරුදු 30ක හා 20ක රැකියාවන්හි නිරත වූ පුද්ගලයන් බව ප්‍රකාශ කළ විනිසුරුතුමිය මෙම දැරිය දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර ඇත්තේ දැරිය දැඩි උණ රෝගයෙන් පෙළෙමින් සිටියදී බවද සඳහන් කළාය.

තවද දැරිය ස්ථාන තුන‍කට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණයට ලක් කර ඇති අතර ඇය බරපතළ ලෙස දූෂණයට ලක්ව ඇති බව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවෙන් තහවුරු වන බවද සඳහන් කළාය.

දැරිය සමූහ ලෙස ‍දූෂණයට ලක් කළ තුන්වන ස්ථානයේ වරදට එරෙහිව මෙම විත්තිකරුවනට චෝදනා නගා ඇති බව සඳහන් කළ විනිසුරුතුමිය අන් ස්ථාන දෙකේද දැරිය සමූහ දූෂණයට ලක් කළ විත්තිකරුවනට එරෙහිව ද වෙනම නඩු විභාග පැවැත්වෙන බවද වැඩිදුරටත් සඳහන් කළාය.

වෘත්තියෙන් විදුලි කාර්මිකයන් වන විත්තිකරුවන් දෙදෙනා විවාහ වී ඔවුන්ගේ පාසල් යන වයසේ දරුවන් දෙදෙනකු බැගින් සිටින බවත් දූෂණයට ලක්වූ දැරිය දැන් විවාහ වී දරුවකුද සිටින බවත් පවසා සිටි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා යහපත් පුරවැසියන් ලෙස ඉදිරි ජීවිත කාලය ගත කිරීම සඳහා විත්තිකරුවන් හට ලිහිල් දණ්ඩනයක් නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

සිද්ධිය සිදුවන විට මෙම දැරිය අවුරුදු 14ක පාසල් යන බාලවයස්කාර දැරියක් බවත් මෙම සිද්ධියෙන් ඇය දැඩි ලෙස කායික හා මානසික පීඩනයකට පත්ව ඇති බවත් පැවසුවේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ චමල්කා සමරසිංහ මහත්මිය සමාජයට ආදර්ශයක් වන ලෙස විත්තිකරුවනට දැඩි දඬුවම් පමුණුවන ලෙසට ඉල්ලා සිටියාය.

විත්තිකරුවනට එසේ සිරදඬුවම් නියම කළ විනිසුරුතුමිය එම දඬුවම ඊයේ (21) සිට වහා ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර නිලධාරීන් වෙත දැනුම් දුන්නාය.

තවද අගතියට පත් දැරියට විත්තිකරුවන් වන්දි මුදල් නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අය කර ගැනීමට නියෝග කළ විනිසුරුතුමිය එම දඩය නොගෙවන්නේ නම් වසර එක බැගින් වූ තවත් අමතර බරපතළ වැඩ සහිත සිරදඬුවම් ද නියම කළාය.





කුමුදු හෙට්ටිආරච්චි - දිනමිණ

චිත්‍රපට වලින් දුටු දෙයක් සැබෑවක් වෙයි - ස්මාර්ට්ෆෝනයක් අප්‍රිකාවේ පුද්ගලයෙකුගේ දිවි බේරයි

මෙතුවක්කල් චිත්‍රපට වලින් පමණක් දැක ඇති ආකාරයේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වනවා.

ඒ ස්මාර්ට්ෆෝනයක් විසින් පුද්ගලයෙකු මරණයෙන් බේරා ගැනීමේ ප්‍රවෘත්තියකි.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර වාසය කරන සිරාජ් ආබ්‍රම්ස් මෙසේ තම දිවි බේරා ගැනීමට සමත්වී තිබෙනවා.

පස් දරු පියෙකු වන මොහු ව්‍යාපාරයක හිමිකරුවකි.

පසුගිය දිනෙක කේප් ටවුන් හි දී ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔහුගේ පපු පෙදෙසෙට වන අතර එම වෙඩිල්ල හරියටම වැදී තිබුණේ ඔහුගේ ජැකට්ටුවේ සාක්කුවේ තිබූ ස්මාර්ට්ෆෝනයටයි.

වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔහු පරීක්ෂා කර බැලීමේදී සිය ජැකට්ටුවේ ස්මාර්ට්ෆෝනය දමා ගෙන සිටි සාක්කුව සිදුරු වී තිබු අතර ස්මාර්ට්ෆෝනය කැබලි වලට කැඩී ගොස් තිබූණි.

වෙඩි උණ්ඩ තම සිරුර පසාරු කරගෙන යාම වැළැක්වුනේ ස්මාර්ට්ෆෝනය නිසා බව වාර්තාවේ.









-නෙත්ගොසිප්

21 September, 2016

තාම වයස 24යි - සුපිරි වේග පන්දු ක්‍රීඩක මොහොමඩ් අමීර් යුගදිවියට

පකිස්තානයේ සුපිරි වේග පන්දු යවන්නා මොහොමඩ් අමීර් යුගදිවියට පැමිණ ඇතැයි එරටින් වර්තාවනවා. 

තවමත් වයස අවුරුදු 24 ක යොවුන් වියේ පසුවන අමීර්ගේ අත ගත් මනාලියද 24 වැසි වියෙහි පසුවන්නියක්.

විවාහ උත්සවය පැවැත්වුණේ ඊයේ දිනයේ (20) ලාහෝර් ප්‍රදේශයේ පිහිටි සුපිර් හෝටලයකදී .

අදත් එම හෝටලයේම විවාහ උත්සවය සමරන බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් අමීර් යනු මෑත කාළයේදී පකිස්තානු කණ්ඩායමට එක්වී දස්කම් පෙන්වා වේගයෙන් ඉදිරියට ආ යොවුන් ක්‍රීඩකයෙක්.

වමතින් වේග පන්දු යවන අමීර්ට ඉන්දියාවේ විරාට් කෝලි සිය පිත්ත පවා පරිත්‍යාග කළේ ඔහුගේ දක්ෂතාවයන් හේතුවෙන්.















තාත්තා මිතුරන් සමග සූර්වී දුව සමූහ දූෂණයකට ලක්‌කරලා

- සැකකරුවෝ තිදෙනා 26 දා තෙක්‌ රිමාන්ඩ්
- දැරියගේ මවත් ළඟ නැතිලු

දහතුන් හැවිරිදි තම බාලවයස්‌කාර දියණිය සිය නිවසේදී අධික ලෙස මත්පැන් පානය කොට සමූහ දූෂණයට ලක්‌කළේයෑයි සැකපිට හිදොගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිදොගම කුඩා නෙළුබෑව ප්‍රදේශයේ පදිංචි හැට දෙහැවිරිදි බේබදු පියකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු මේ මස 26 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හර්ෂණ රාජකරුණා මහතා (17දා) නියෝග කළේය.

රක්‍ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර වින්දිත දැරියගේ පියා, සිවිල් ආරක්‍ෂක නියාමකවරයෙක්‌ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් සේවකයෙක්‌ වෙති.

දැරියගේ පියාට අමතරව රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ අනුරාධපුර නගරයේ පුබුදුපුර පදිංචි අනුරාධපුර මහමෙව්නා උයනේ උද්‍යාන නඩත්තු කටයුතු සේවයෙහි නියුතු සිවිල් ආරක්‍ෂක නියාමක සහ හිදොගම, කුඩා නෙළුබෑවේ පදිංචි අනුරාධපුර රණසේවාපුර යුද හමුදා කඳවුරේ සේවයෙහි නියුතු සිවිල් සේවකයෙකි.

වින්දිත දැරියගේ මව මීට වසර කීපයකට පමණ පෙර සැමියාගෙන් වෙන්ව වෙනත් නිවසක අනියම් සැමියකු සමඟ ජීවත්වන බවත්, මේ නිසා දැරිය සිය පියා සමඟ සිය නිවසේ ජීවත්ව ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවී ඇති දැරියගේ පියා තම හිතවතුන් සමඟ ඇතැම් දිනවල නිවසේදී මත්පැන් පානය කර ඇත. 

ඒ අනුව මීට දින කීපයකට පමණ පෙරද ඇගේ පියා ඉහත කී සැකකරුවන් දෙදෙනා සමඟ සිය නිවසේදී මත්පැන් පානය කරන අතරතුර ඇයව බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇත.

අනතුරුව ඔවුන් විසින් සිදුකළ බිය ගැන්වීම් නිසා දැරිය මේ සම්බන්ධයෙන් තමන් ඉගෙනුම ලබන පාසලේ කිසිවෙකුට හෝ අසල්වාසී කිසිවකුට පවසා නැත. 

පසුව අනුරාධපුර විඡේපුර ප්‍රදේශයේ පදිංචි සිය ඥතියෙකුට ඇය මේ බව පැවැසීමෙන් පසු, අනතුරුව එම ඥතියා විසින් අනුරාධපුර පොලිසිය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වූ හිදෝගම පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සිද්ධිය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇත.

දැරිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කොට සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී ඇය බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කොට ඇති බව හෙළිවී තිබේ.

සැකකරුවන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 26 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වින්දිත දැරිය එදින තෙක්‌ පරිවාස භාරයට පත්කළේය.

මේ පිළිබඳව හිදොaගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත පී. කස්‌තුරිආරච්චි මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සාලිය කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු (දිවයින)

“මම ලෙඩවෙලා, ජරාජීර්ණ වෙලා තියෙනවා. හැබැයි මගේ වියපත් බව පේන්නේ අඩුවෙන්”

දේවිය සුගලා චරිතය සඳහා ඔබව තෝරා ගත්තේ ඇයි?

මම හිතන්නේ මේ චරිතය සඳහා සුදුසුයි කියලා කැලුම් පාලිත අයියට හිතෙන්න ඇති. හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ. මාව තෝරා ගත්තා.

මේ රජ කතාවක ප්‍රධාන චරිතයක් රඟපාන පළමු අවස්ථාවද?

ටෙලි නාට්‍යයක මෙවැනි චරිතයක් රඟන පළමු වැනි අවස්ථාව. වීදිය බණ්ඩාර නමින් චරිතයක් කළා. ඒක විකාශය වුණේ නැහැ. චිත්‍රපට නම් කිහිපයකම රඟපෑවා. මහින්දාගමනය, දළදාගමනය, ආලෝකෝ උදපාදී වැනි චිත්‍රපට කිහිපයක රඟපෑවා.

හුඟක් අය කියනවා ඒ කාලේ අධ්‍යක්ෂවරු දිල්හානිගෙන් හරියට වැඩක් ගත්තේ නැහැ. ඒක ඇත්තද?

ඒකේ වරදක් දකින්නේ නැහැ. මම රංගනයට ආවේ කිසිම දැනීමක් නැතිව. රඟපෑ චරිත වගේ හැම අභියෝගයන්ම මගේ ජීවිතයට ලොකු පන්නරයක් ගෙනාවා. ආපහු හැරිලා බලද්දී ඒ හැම දෙයක්ම වුණේ මගේ හොඳට කියලා මට හිතෙනවා.

රූගත කිරීම්වලදී කරන්න අකැමැතිම දේ මොකද්ද?

අකැමැතිම දේ තමයි උදේ, දවල්, රෑ එක දිගට වැඩ කරන එක. ඕනෑම ක්‍ෂේත්‍රයක නිරත වෙන හැම කෙනකුටම ඒ ක්‍ෂේත්‍රයට අදාළව නිදහස කියන දේත් තියෙන්න ඕනෑ. උදේ නම් උදේ, රෑ නම් රෑ. මුළු දවසම වැඩ කරන්න මම ආස නැහැ.

හුඟක් අය රංගන ශිල්පිනියෝ වෙන්න හීන දකින්නේ, රඟපාන එක ලේසියි කියලා හිතලා. ඒක ඇත්තද?

ඔය කතාව සිනමාවට අදාළ නෑ. මොකද සිනමාවේ තැනක් හදා ගන්න ලේසි කෙනකුට බෑ. ටෙලි නාට්‍ය රැල්ලේ ඔය ප්‍රශ්නය තියෙනවා. කටපාඩම් කරලා දෙබස් ටික කොහොම හරි කියාගත්තොත් එයා නිළියක්. හැමෝම හැම ටෙලි නාට්‍යයකම එකම විදියයි. රඟපෑම ලේසි නැහැ. ඒක බොහොම බාරදූර කාර්යයක්.

ඇත්තටම හොඳ රංගන ශිල්පිනියක් වෙන්න සම්පූර්ණ කළ යුතු දේවල් මොනවද?

මුලින්ම තමා කරන කාර්ය නිවැරැදිව හඳුනා ගත යුතුයි. තමන් කවුද තමන් ආවේ මොකටද කියලා හඳුනා ගන්න ඕනෑ. තමා තුළින් තමාව දැකලා තමාව සම්පූර්ණ කර ගත යුතුයි. සමාජය ගැන, මිනිස්සු ගැන අධ්‍යයනය කරලා ඒ චරිත තුළින් රංගනයට යමක් උකහා ගත යුතුයි.

ජනප්‍රිය චරිත අතරින් සාර්ථක විවාහ ජීවිත ගත කරන යුවළක් විදියට ඔබ දෙදෙනා ජනප්‍රියයි. ඒ රහස මොකද්ද?

විවාහය කියන්නේ ඉතාම දුෂ්කර කාර්යයක්. අපි දෙන්නා දෙන්නෙක්. ප්‍රියංකරට යාළුවෝ ඉන්නවා. පාර්ටිවලට යනවා. එයා ගායකයෙක්. මම ඔය සේරගේම අනෙක් පැත්ත. නමුත් අපි දෙන්නා අපි දෙන්නගේ ඒ වෙනසට ගරු කරනවා. අපිට අපිටම වෙන්වුණු පෞද්ගලිකත්වයක් තියෙනවා. පෞද්ගලික නිදහසට ගරු කරනවා.

ප්‍රියංකරගේ සහ පුතාගේ විශේෂ අවස්ථා. උපන් දින කීයක් විතර මඟ ඇරිලා තියෙනවද?

එකම දේ අපේ ගෙදර උපන් දිනවලට පාර්ටිවලට, කිසිම තැනක් නැහැ. අපි දානයක් දුන්නත්, ඒවා කරන්නේ නිහඬව. ළඟදී පුතාගේ උපන් දිනය තිබුණා. අපි කවුරුත් උත්සව ගත්තෙත් නැහැ. ඒවා ෆේස්බුක් දැම්මෙත් නෑ.

හුඟක් අය ෆේස්බුක් පාවිච්චි කරනවා. ඔබට ෆේස්බුක් ගිණුමක් නැත්තේ ඇයි?

මෙහෙමයි ඕනෑම ක්‍ෂේත්‍රයක මාකටින් තියෙනවනේ. තමාව මාකට් කර ගන්න තමයි එහෙම කරන්නේ. මට මා විසින්ම ගොඩනඟාගත් ප්‍රතිරූපයක් තියෙනවා. ඒක මට අමුතුවෙන් හදන්න ඕන නැහැ. ඉතින් මට ෆේස්බුක් ගිණුමක් අවශ්‍ය නැහැ. හැබැයි මගේ නමින් ගිණුම් තියෙනවා. මොකද මිනිසුන්ට තමන්ව ගොඩනඟාගන්න වේලාව නැති වුණාම අනුන්ට ප්‍රතිරූප හදන්න වේලාව තියෙනවනේ.

විවේක වේලාවට මොනවද කරන්නේ?

පොත් කියවන්න කැමැතියි. සති අන්ත පත්තර සියල්ලම වගේ කියවනවා. තනියම ඉන්න කැමැතියි. මට කවදාවත් හොඳම යාළුවෙක් ඉඳලා නැහැ. මොකද ඒක මට කරදරයක්. එයින් මම යන මාර්ගය වෙනස් වෙනවා. මම හුදකලාවට හරිම කැමැති කෙනෙක්.

මාසෙකට කී පාරක් විතර සැලුන් යනවද?

ඔව් යනවා. මම කැමැතියි පිරිසුදුකමට. නියපොතු සුද්ද කරන්න. මම අනිවාර්යයෙන් සැලුන් යනවා. රඟපෑවත් නැතත් පෞද්ගලික පිරිසුදුකම මට හරිම වැදගත්.

බාහිර සම පැහැපත් කර ගන්න ගෙදරදී මොනවද කරන්නේ?

විශේෂ දෙයක් නැහැ. මම අව්වට යන්න නම් කැමැතිම නැහැ. ඉස්සර නම් හරියට පලතුරු කෑවා. වස විස තියෙන කෑම, කෘත්‍රිම කෑම වර්ග ගන්න කැමැතිම නැහැ. කඩෙන් කෑම කනවා හරිම අඩුයි.

හුඟක් අය කියනවා දිල්හානි කවදාවත් වයසට යන්නේ නෑ, මහත් වෙන්නේ නෑ කියලා. මොකද්ද රහස?

ඇත්ත කතාව නම් ඔය කියන සේරම මට වෙලා තියෙනවා. මම ලෙඩවෙලා, ජරාජීර්ණ වෙලා තියෙනවා. හැබැයි මගේ වියපත් බව, මහත පේන්නේ අඩුවෙන්. නමුත් මගේ වයසට අනුව ඒ වෙනස්කම් සියල්ලම ඒ විදියටම වෙලා තියෙනවා.




හංසි ආටිගල - මව්බිම