22 September, 2016

චිත්‍රපට වලින් දුටු දෙයක් සැබෑවක් වෙයි - ස්මාර්ට්ෆෝනයක් අප්‍රිකාවේ පුද්ගලයෙකුගේ දිවි බේරයි

මෙතුවක්කල් චිත්‍රපට වලින් පමණක් දැක ඇති ආකාරයේ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වනවා.

ඒ ස්මාර්ට්ෆෝනයක් විසින් පුද්ගලයෙකු මරණයෙන් බේරා ගැනීමේ ප්‍රවෘත්තියකි.

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර වාසය කරන සිරාජ් ආබ්‍රම්ස් මෙසේ තම දිවි බේරා ගැනීමට සමත්වී තිබෙනවා.

පස් දරු පියෙකු වන මොහු ව්‍යාපාරයක හිමිකරුවකි.

පසුගිය දිනෙක කේප් ටවුන් හි දී ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

එම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔහුගේ පපු පෙදෙසෙට වන අතර එම වෙඩිල්ල හරියටම වැදී තිබුණේ ඔහුගේ ජැකට්ටුවේ සාක්කුවේ තිබූ ස්මාර්ට්ෆෝනයටයි.

වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔහු පරීක්ෂා කර බැලීමේදී සිය ජැකට්ටුවේ ස්මාර්ට්ෆෝනය දමා ගෙන සිටි සාක්කුව සිදුරු වී තිබු අතර ස්මාර්ට්ෆෝනය කැබලි වලට කැඩී ගොස් තිබූණි.

වෙඩි උණ්ඩ තම සිරුර පසාරු කරගෙන යාම වැළැක්වුනේ ස්මාර්ට්ෆෝනය නිසා බව වාර්තාවේ.









-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "චිත්‍රපට වලින් දුටු දෙයක් සැබෑවක් වෙයි - ස්මාර්ට්ෆෝනයක් අප්‍රිකාවේ පුද්ගලයෙකුගේ දිවි බේරයි"

    Post a Comment