මක්කම හජ් වන්දනාවේ යෙදෙන ඉස්ලාම් බැතිමතුන්
මක්කම වාර්ෂික 'හජ්' වන්දනාවේ යාමට සූදානමින් සිටි හැත්තෑ දහසක් පමණ ඉස්ලාම් බැතිමතුන් ඩකා (Dhaka) අගනුවර සිරවී සිටින බව බංග්ලාදේශ් බලධාරීහු පවසති.
ඊට හේතු වී තිබෙන්නේ සෞදි අරාබියට ඇතුල්වීමට අවශ්‍ය වීසා ලබා ගැනීමට ඔවුන් අපොහොසත් වීමයි.
සෞදි අරාබිය මේ වසරේ හඳුන්වා දුන් විද්‍යුත් වීසා වැඩ සටහන එම ප්‍රමාදයට ප්‍රධාන හේතුව වී ඇති බව බංග්ලාදේශ් ආණ්ඩුව පවසයි.
එසේම 'හජ්' වන්දනා ගමන් සංවිධානය කරනු ලබන දේශීය සංචාරක ආයතන එම විද්‍යුත් වීසා වැඩ සටහන සඳහා පෙර සූදානමකින් නොසිටීමත් ඊට බලපා ඇත.
මක්කම 'හජ්' වන්දනා ගමන් සංවිධායනය කරන සංචාරක ආයතන වලින් අය කරන ගාස්තු වැඩි කිරීමට ද සෞදි අරාබිය පියවර ගෙන ඇත.

හජ් වන්දනා සමයේ ලක්ෂ සංඛ්‍යාත් ජනකායක් මක්කම ශුද්ධ නගරයට ඒකරාශී වෙති
වන්දනාකරුවන්ගෙන් එම මුදල් අය කර ගැනීමට දැන් කාලයක් නොමැති බව
සංචාරක ආයතන පවසති.
ඉහත කී තත්වය යටතේ මගීන් නොමැති වීමෙන් සෞදි ගුවන් ගමන් දහනවයක් අවලංගු කිරීමට සිදු වී ඇත.
ශ්‍රී ලංකා හජ් වන්දනාකරුවන්
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් බැතිමතුන් පිරිසක් ද මක්කම හජ් වන්දනාව්වේ නිරත වීමට සූදානමින් සිටින අතර මේ වසරේ තමන්ට 2800 ක කෝටාවක් ලැබී ඇති බව තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර ඇමති එම්.එච්.ඒ.හලීම් පවසයි.
බංග්ලාදේශ් වන්දනාකරුවන් මුහුණ දී ඇති වීසා ප්‍රශ්නය ශ්‍රී ලංකාවෙන් සෞදි අරාබිය බලා පිටත්ව යන 'හජ්' වන්දනාකරුවන්ටත් බලපා ඇද්දැයි බීබීසී සිංහල සේවය විමසූ විට "අඩු කෝටාවක් සහිත රටක් වන හෙයින් සංචාරක ගමන් සංවිධානය කරන්නන්ට එම වීසා කටයුතු පහසුවෙන් ඉටු කර ගත හැකිව ඇතැයි" ඇමතිවරයා සඳහන් කළේය.
හජ් වන්දනාව සඳහා එක් වන්දනාකරුවකුට රුපියල් ලක්ෂ අටක් පමණ වැය කිරීමට සිදු වී තිබුන අතර එම මුදල ලක්ෂ හත හමාරක තත්වයට ගෙන ඒමට හැකිව ඇති බවත් එම්.එච්.ඒ.හලීම් ඇමතිවරයා පවසයි.

මක්කම සිහිනය සැබෑ කර ගනිමින්
සෞදි අරාබිය 'හජ්' සමයේ මක්කම වන්දනාව සඳහා පැමිණෙන්නන් සීමා කර ගැනීම උදෙසා කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර ඒ ඒ රටට හිමි කෝටාව තීන්දු කෙරෙන්නේ ජනගහනය අනුවයි. (බීබීසී)

Share this
|
|
0 Comment to "මක්කම හජ් වන්දනා ඇරඹෙයි - හැත්තෑදාහක් ඩකා නගරයේ සිරවෙති"
Post a Comment