18 July, 2017

නායකත්ව වෙනස සාර්ථකයි - වෙනසින් පසු පළමු තරඟය ශ්‍රී ලංකාව වාර්තාවක් සමඟින් ජයගනී...!!!

Dinesh Chandimal - rangana Herath - test

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු හා එකම ටෙස්ට් තරගයෙන් වාර්තාගත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් උනා.

ලකුණු 387ක අතිවිශාල ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් මෙම ජය වාර්තා ගත වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයක් හබා ගොස් ජය ගත් වැඩිම ලකුණ ලෙසයි.

ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් අර්ධ ශතක ලබා ශ්‍රී ලංකා ඉනිම සවිමත් කල අතර පන්දු යැවීමෙන් රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කණ්ඩායමට අනගි සහයක් ලබා දුන්නා.

තරගයේ තීරණාතමක පස්වන සහ අවසන් දිනයේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ආන්ජලෝ මැතිවුස් සහ කුසල් මෙන්ඩිස් දුර්වල පහරවල් එල්ල කර දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න ජයග්‍රහණය වෙනුවෙන් හබායෑම ඇරඹුවා.
ඒ අනුව පහසුවෙන් සිම්බාබ්වේ පන්දු යවන්න්නට බැට දුන් නිරෝෂන් දික්වැල්ල වේගවත් ලකුණු 81ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය සුරක්ෂිත කලා.

කණ්ඩායමේ සිටින දක්ෂතම තුන් ඉරියව් ක්‍රිඩකයෙක් වන අසේල ගුණරත්න නිරෝෂන්ගේ දැවියාමෙන් පසු කණ්ඩායමේ වගකීම සිය දෙවුර මතට ගෙන ඉනිම ගොඩ නැංවූවා.
අසෙල ගුණරත්න නොදැවි ලකුණු ‍80යි.

ඒඅනුව දිනේෂ් චන්දිමාල් සිය නායකත්වය ශ්‍රී ලංකා වාර්තාවක් බිද හෙලමින් ජයග්‍රාහීව ආරම්භ කිරීම විශේෂත්වයකි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නායකත්ව වෙනස සාර්ථකයි - වෙනසින් පසු පළමු තරඟය ශ්‍රී ලංකාව වාර්තාවක් සමඟින් ජයගනී...!!!"

    Post a Comment