05 August, 2017

ෆේස්බුක් සමාගම වීඩියෝ චැට් වෙනුවෙන්ම උපාංගයක් නිපදවයිද?

Facebook video chat device

ෆේස්බුක් සමාගම අලුත් නිෂ්පාදනයකින් ජනතාව අතරට පැමිණෙන්නට උත්සාහ කරමින් ඇත. ඒ වීඩියෝ චැට් වෙනුවෙන්ම වූ නිවසකට සැකසූ උපාංගයකි. එය අඟල් 13ත් 15ත් අතර තිරයක් සහිත ඇන්ඩ්‍රොයිඩ් මගින් බළගැන්වෙන උපාංගයක් වනු ඇත.

එයට පුළුල් කෝණී කාචයක් සමග මයික්‍රෙෆා්න සහ ස්පීකර අන්තර්ගත වනු ඇත. මෙම උපාංගය තවමත් පරීක්ෂා කිරීමේ පවතින අතර තවමත් මූලික ආකෘතියේ පවතියි. 

විශාල තිරයක් සහ ස්මාට් කැමරාවක් යන තාක්ෂණය භාවිතා කිරීමේ මූලික අරමුණ ලෙසින් දැක්වෙන්නේ මිනිසුන්ට තමන් අනෙකා හා එකම කාමරයක සිට කතාකරනා බව යන සමීපතාවය ඉස්මතු කිරීමට බව දැක්වෙයි. 

එය ෆේස්බුක් ප්‍රධානී මාක් සකර්බර්ග් ගේ ෆේස්බුක් නිපදවීමේ අරමුණ වන මිනිසුන් වඩාත් ලං කරවීමේ ව්‍යාපෘතියට සමානතා දක්වයි.

මෙම උපාංගය නිවසක් තුළ භාවිතයට සරිලන සේ නිමවා ඇත. මෙම තිරය සහ ස්පීකරය දරා සිටීමට එක් ආධාරකයක් ඇත. 

මෙයට අනුගත ලෙස මෙහෙයුම් පද්ධතියේ සකස් කිරීම් සිදුකිරීමේදී, අදාළ කතිකා කරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් කැමරාවට නාභිගත කරගැනීමට අදාළ පර්යේෂණයන් සිදුකරමින් පවතියි. 

මෙම උපාංගයට අංශක 360ක් ග්‍රහණය කළ හැකි කැමරාවක් අන්තර්ගතකිරීමේ අදහසක්ද ඇති බව පැවසෙයි. එසේම තවත් නිවසට සරිලන උපාංගයක් සැකසීමේ අදහසක්ද ෆේස්බුක් වෙත ඇති බව පැවසෙයි.

තොරතුරු - https://www.bloomberg.com (රච්න්ත ජයවර්ධන-අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ෆේස්බුක් සමාගම වීඩියෝ චැට් වෙනුවෙන්ම උපාංගයක් නිපදවයිද?"

    Post a Comment