23 September, 2016

ලෙඩ්ඩුන්ට බල්ලන්ට වගේ කන්න දෙන රෝහලක්..!

සමහර රෝහල්වල දෙන කෑම බල්ලෙකුටවත් කන්න බැරියැයි රෝහල්ගතව සුවවී නිවෙස්වලට ආ උදුවිය ඇතැම්විට පවසනු අප අසා තිබේ. 

එහෙත් බල්ලන්ට වගේ කන්න දෙන (ඉස්සරනම් බල්ලන්ට සිමෙන්ති පොළවක හෝ වැලි නැති තැනක කන්නට දුන්නද දැන් බල්ලකුට බත් කටක් දෙන්නේ අඩු තරමින් පත්තර කොලයක් හෝ බිමට එලාය) රෝහල් ගැන අප අසා නැත.

දැන් බල්ලකුටවත් කන්න නොදෙන ආකාරයට රෝගියකුට හිමි බත්පත දුන් රෝහලක් පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

පාල්මතී දේවී නම් කාන්තාවක් ඉන්දියාවේ රාංචි නගරයේ රෝහලට ඇතුළු වූයේ අතක අස්ති බිඳී යාමක් හේතුවෙනි. 


ඇය සතුව පිඟානක් තිබී නොමැති අතර, ආහාර ලබාදීමට පැමිණි රෝහල් සේවකයින්ගෙන් පිඟානක් ඉල්ලා ඇතත් ඔවුන් පවසා ඇත්තේ රෝහලේ පිඟන් නැති බවය.

අවසානයේ ඇයට හිමි ආහාර වේල දී ඇත්තේ වාට්ටුවේ බිමටය. 

බිමට දුන් කෑම ආහාරයට ගන්නා කාන්තාවගේ ඡායාරූපය මාධ්‍ය වෙත ලැබීමත් සමග කළ විමසීමකදී රෝහල් බලධාරීන් පවසා ඇත්තේ මෙය කනගාටුදායක සිද්ධියක් බවය. 

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹන බවද රෝහල් බලධාරීන් පවසා තිබෙනවා.

දැවැන්ත රෝලක් වන මෙම රෝහල සඳහා අහාර සහ පිඟන් සඳහා වාර්ෂිකව ඉන්දියන් රුපියල් කෝටි 300ක් වෙන්කරන බවයි පැවසේනනේ.



-නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෙඩ්ඩුන්ට බල්ලන්ට වගේ කන්න දෙන රෝහලක්..!"

    Post a Comment