30 May, 2016

ගෝරිල්ලා කූඩුවට වැටුණු දරුවාට වුණුදේ

අමෙරිකාවේ Cincinnati සත්වෝද්‍යානයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් මේ දිනවල ලොව පුරා සත්වවේදීන්ගේ මෙන්ම සමාජජාල සාමාජිකයින්ගේ දැඩි අවධානය දිනාගැනීමට සමත් වී තිබේ.

ඒ අවුරුදු 4ක දරුවෙකු එම සත්වෝද්‍යනයේ ගෝරිල්ලා කූඩුවට වැටීමේ සිදුවීමකි.

ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි 'හරම්බේ' නම් 17 හැවිරිදි ගෝරිල්ලා ඒ මොහොතේ එම කූඩුවේ සිටි අතර හරම්බේ විසින් අදාළ දරුවාව ඇදගෙන යන ආකාරය එහි සිටි පුද්ගලයින් වීඩියෝගත කර තිබුණි.

සත්වවේදීන් පවසන්නේ දරුවාට හානියක් සිදු කිරීමට හරම්බේ උත්සහ නොගත් බවත් ඌ සිදු කළේ දරුවා සමග සෙල්ලම් කිරීම පමණක් වන බවත් ය.

කෙසේවෙතත් දරුවාගේ ජීවිතය බේරාගැනීමට බලධාරීන් සිදු කළ වෙඩිතැබීමෙන් හරම්බේ මිය ගියේ ඌට ආදරය කළ දහසකුත් දෙනා හඬවමිනි.

මේ වන විට අදාළ දරුවාටත් ඔහුගේ දෙමාපියන්ටත් දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් ලොව සෑම අතින්ම මත පළකෙරෙමින් පවතින අතර සත්වෝද්‍යාන බලධාරීන් ද සඳහන් කරන්නේ දෙමාපිය නොසැලකිල්ල හේතුවෙන් මෙම ව්‍යසනය සිදු වූ බව යි.

එම වීඩියෝව පහතින්.



---------------------------

ගෝරිල්ලාගේ ග්‍රහණයට දරුවා හසුවූ අයුරු.

































හරම්මේ ගේ මරණය ගැන කිපුනු ජනතාවගේ අදහස්.





















Harambe shot and killed

29 May, 2016

මහින්ද ඇයට අවසන් ගෞරව දැක්වූ හැටි

ප්‍රවීන රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතාගේ බිරිඳ අභාවප්‍රාප්ත වී තිඛෙනවා.

ඇගේ දේහයට අවසන් ගරු බුහුමන් දැක්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ(28) සහභාගී වුණා.







Mahinda's how she respects at last

එයා මාව තේරුම් අරන් ඉන්නේ - අනුජ් රණසිංහ

අනුජ් රණසිංහ කියන්නේ නිරූපණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙසත් ශ්‍රී ලාංකික රසිකයන්ගේ ආදරය දිනාගත් තරුවක්.

ඒත් අනුජ් නම් කියන්නේ මේ වෘත්තීන් දෙකට අමතරව තමන්ට තවත් වෘත්තියක් තියෙනවා කියලයි. අනුජ්ගේ කතාවයි මේ.

මොනවද අනුජ් අලුත් විස්තර?

මේ දවස්වල නම් ර්‍ණරුවැති රැයක්” ෂෝ එකේ කටයුතුවලටම ඇප කැප වෙලයි හිටියේ. ඒක ලස්සනට තිබුණා.

ගොඩක් සතුටුයි. ඒ ප්‍රසංගය සංවිධානය කළේ මගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි” එක.

ඒ බිස්නස්නේ එතකොට ඔබේ කලා කටයුතු?

අලුත්ම දේවල් කියලා නෑ.

බාරගත්ත වැඩ ටිකක් තියෙනවා. ටෙලි නාට්‍ය 2 ක් එන්නත් තියෙනවා.

භවහරණය නාට්‍යයේ රූපගත කිරීම් නැවත අවුරුද්දෙන් පස්සේ පටන් ගන්නවා.

කොහොමද මේ පාර අවුරුදු?

රූපවාහිනි වැඩසටහන් එක්ක අවුරුද්ද ගෙවුණා.

අවුරුද්දට ගමේ ගියේ නැද්ද?

ගමේ යනවා කියලා යන්න ගමක් නෑ. මං පානදුරේ අපේ ගෙදර හිටියේ අම්මත් එක්ක.

අම්මා ඉතින් අවුරුදු චාරිත්‍ර හරි වෙලාවට හරියටම කරනවා. තාත්තයි, අක්කයි ඉන්නේ විදේශගතවෙලා.

ඒගොල්ලොත් ආවම තමයි අපිට අවුරුදු. කොහොම වුණත් නැකැත් වෙලාවට නම් ගෙදර තමයි හිටියේ, මේ පාර.

මේ අවුරුද්දෙවත් අනුජ්ගේ තනිකඩ ජීවිතේට තව කෙනෙක් එයිද?

මේ අවුරුද්දේ... අනේ මන්දා. මේ ඉන්න විදිය හොඳයි. මට කැමැති විදියට මම ඉන්නවා නිදහසේ. සමහර විට මොනවා හරි වෙයි.

මොනවා හරි වෙයි කිව්වේ මොන වගේ දෙයක්ද?

මොනව හරි වෙයි කිව්වට ඉතින් මං මූලිකත්වය දෙන්නේ මගේ වැඩවලට. කලා කටයුතුත්, බිස්නසුත් කරගෙන මම ඉන්නවා.

එතකොට විවාහය ‘මගේ වැඩක්’ ‍නෙවෙයිද?

විවාහය මගේ වැඩක් තමයි. ඒත් තවම ඒගැන කියන්න වෙලාව ‍නෙවෙයි.

අම්මාවත් කියන්නේ නැද්ද ‍ලේලි කෙනෙක් කැන්දන් එන්න කියලා?

අම්මා එහෙම කියන්නේ නෑ. එයා මාව තේරුම් අරන් ඉන්නේ. මගේ අරමුණුවලට මගේ ගමන මං කැමැති විදියට යන්න අම්මලත් මට නිදහස දීලයි තියෙන්නේ.

රසිකාවියන්ගෙන් එහෙම ආදරණීය ආරාධනා ලැබිලා නැද්ද?

යෝජනා නම් ඇවිත් තියෙනවා. කලාකරුවන්ට ආදරය කරන අය ඉන්නවනේ. මටත් ආදරය කරන ප්‍රේක්ෂිකාවෝ, ප්‍රේක්ෂකයෝ ඉන්නවා.

ඒ අය පාරෙදි මුණගැහුණමත්, කෝල් කරලත් ඊමේල්වලිනුත්, ෆේස්බුක් එකෙත් මාත් එක්ක කතා කරනවා.

මමත් ඉඩ ලැබුණු වෙලාවට ඒ අයට කතා කරලා තොරතුරු අහනවා.

ඉස්සරහට එන්න තියෙන නිර්මාණත් එක්ක මගේ රසික රසිකාවියන්ට ආදරේ හිතෙන දෙයක් දෙන්න ලැඛෙයි කියලා හිතනවා.

ඒ අය අතරේ හිත ගියපු කෙනෙක් හිටියේ නැද්ද?

අනේ නැහැ

සහකාරිය මොන වගේ වෙන්න ඕන කියලවත් අදහසක් නැද්ද?

එහෙම අදහසක් නැහැ. එයා උසද, මහතද, මොන වගේද කියලාවත් හිතලා නැහැ. මට කවදාවත් එහෙම දෙයක් හිතිලා නැහැ.

කවදාවත්ම හිතිලා නැද්ද?

පාසල් කාලෙදි නම් ඉතින් එහෙම හිතිලා තියෙනවා. ඒත් මෑතකදී නම් එහෙම හිතිලා නෑ.

දැන් නම් බාහිර පෙනුමට වඩා මගේ කලාව, බිස්නස්වලට උදව් කරන, මට ආදරය කරන කෙනෙකුට තමයි වඩාත් කැමැති.

අනුජ් වෘත්තියෙන් කව්ද?

මට වෘත්තීන් කීපයක් තියෙනවා. අවුරුදු 5 කට විතර කලින් මම පරිගණක මෘදුකාංග ඉංජිනේරු අංශයේ මාකටින් පැත්තේ රැකියාවක් කළේ.

දැන් මම ඉවෙන්ට් ප්ලෑනින් කරනවා. බිස්නස් එක විදියට.

ඒ වගේම මම මෝස්තර නිරූපණ ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා.

මම වඩාත් කැමැති මාව රංගන ශිල්පියෙක් විදියට හඳුන්වනවාට.

රංගනය වෘත්තීය කර නොගත්තේ මේ ආර්ථිකය තුළ ඒක ප්‍රමාණවත් නැති නිසාද?

ඇත්තටම එහෙම නැහැ. මං ඉගෙන ගන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕන නිසයි මේ වගේ ව්‍යාපාරයකට යොමු වුණේ.

අනික ඉවෙන්ට් මැනේජ්මන්ට් මගේ කලා ක්‍ෂේත්‍රයටත් කිට්ටුවෙන් යන දෙයක්නේ.

අලුත් අවුරුද්දේ අලුත් බලා‍පොරොත්තු මොනවද?

විවිධ චරිත රඟපාන්න අලුත් අවුරුද්දේ ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා.

චිත්‍රපටවලට දායක වෙන්නත්, ගීතයක් ගායනා කරන්නත් ආසාවක් හිතේ තියෙනවා.

ලොකු හැදෑරීමක් එක්ක අන්ධ, ගොළු වැනි අභියෝගාත්මක රංගනයක නියැළෙන්නත් කැමැත්තෙන් ඉන්නවා.

කුමරිනී ප්‍රතාපසිංහ
ඡායාරූප - චමිල කරුණාරත්න



Anuj Ranasingha

අමාරුවෙ වැටුණු මන්තිරිතුමා

පහුගියදාක ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්තිරිවරු වෙලාවට ඡන්ද විමසීමට නොපැමිණීම නිසා දෙපැත්තෙම ඡන්ද සමාන වෙලා ලොකු ගෝරියක් ගියා.

මේ හුටපටේ නිසා ඒකාබද්ධ විපක්ෂය පැත්තෙ ඉන්න කළුතර පැත්තෙ එක්තරා දේශපාලන ලොක්කෙකුට මාර හුටපටයක් ඇතිවෙලා කියල කියවෙනව...

උන්නැහේ එදා උදේ ගෙදරින් ඇවිත් තියෙන්නෙ කවුන්සිලේට යනවය කියලලු....

ඒත් මේ ඡන්ද විමසීම දවසෙ ඡන්දය දුන් මන්ත්‍රීන් අතර උන්නැහේගෙ නම නැතිලු.

මේ බව පත්තරෙන් දැනගන්න මන්තිරි නෝනට මලපැනල මන්තිරි තුමාට පෝරියල් කෝටියයි කියනව..

උන්නැහේ එදා ඉඳල තියෙන්නෙ කොහේද...? යනව කියල ගියේ කොහේද කියලලු ගෙදරින් අහන්නෙ...

මේ ගැන නෝනට මහත්තය කොපමණ කරුණු දැක්කුවත් මෙයාගෙ හැටි දන්න ඒ නෝන හිතන්නෙ මෙයා හොර කොටුවක් පැන්නය කියලමලු.

ගුණවර්ධනය කරන්න දක්ෂ මුන්නැහේ ඒ නිසා තමන් එදින මැතිසබේ හිටියය කියල ඔප්පු කරන්න කතානායක තුමාගෙන් උදව් ඉල්ලීමක් කරන්න යනවය කියලා මැතිසබා ලොබියෙ ලොකු හාහූවක් ගියා...



PM fallen in trouble

30 දෙනෙක් විසින් දූෂණය කළ දැරිය Facebook දැමූ දේ

පිරිමින් 30 දෙනෙකුටත් වඩා පිරිසක් එක් වී 16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ පුවතක් අප ඔබට ඊයේ (28) වාර්තා කළෙමු.


තම පෙම්වතාගේ නිවසට ගොස් සිටිය දී මත් ද්‍රව්‍යයක් ශරීරගත කොට සිහිමුර්ජාවීමට සලස්වා ඇයව දූෂණය කිරීමෙන් නොනැවතී ඇයව සමූහ දූෂණයට ලක්වන අයුරු වීඩියෝගත කොට Twitter සමාජජාලය වෙත මුදාහරින්නට ද අපරාධකරුවන් පියවර ගෙන තිබුණි.

මෙම සිද්ධිය පිළිබඳව සමාජජාල සාමාජිකයින්ගේ මෙන්ම ලොව පුරා සමාජ සංවිධානවල පුළුල් අවධානය මේ වන විට යොමු වී තිබේ.

මෙම සිද්ධියෙන් කුපිත වූ බ්‍රසීලයේ කාන්තාවෝ වීදි පුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබූ අතර ස්ත්‍රී දූෂණයට විරුද්ධ සටන්පාඨ කියමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

එමෙන්ම මෙම සිදුවීම මුළු රටම කම්පනයට පත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

'පිරිමි කාන්තාවන්ව දකින්නෙ ඔවුන්ට පරිහරණය කිරීමට තිඛෙන භාණ්ඩ හැටියටයි.

අපේ රටේ සෑම විනාඩි එකොළහකටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවෙනවා.

ඒ වාර්තා වෙන ස්ත්‍රී දූෂණ පමණයි.

සැබෑ ගණන ඊට වඩා ගොඩක් වැඩියි.

මේ හැම ස්ත්‍රී දූෂණයකම වැරදිකරු විදිහට හංවඩු ගැහෙන්නේ එයට මුහුණ දුන් කාන්තාවයි'

උද්ඝෝෂණයේ නිරත වුණු කාන්තාවක් තම අදහස් එසේ ප්‍රකාශ කළා ය.

මේ අතර රට පුරා තමා වෙනුවෙන් එක් වී සිටින ප්‍රජාව හට තම ස්තූතිය පුද කරන බව අදාළ සමූහ දූෂණයට ලක්වූ දැරිය තම Facebook ගිණුමේ සටහන් කොට ඇති බව වාර්තා වේ.

ඇය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි තමා පිළිබඳ වැරදි වැටහීමක් සැවොම ඇතිකර ගනීවි යි බිය වුව ද එය එසේ සිදු ‍නොවීම පිළිබඳ සතුටු වන බව යි.

එමෙන්ම මෙම සිදුවීමෙන් තම ශරීරයටත් වඩා තම ආත්මයට වඩාත් වේදනා දැණුන බව යි ඇය පවසා ඇත්තේ.

වීඩියෝව පහතින්.






Girl post on FB was raped by 30 men

ඔබාමා කාළේ ඉවර උනහම යන්න ඉන්න තැන මෙන්න

ලෝක බලවතා විදිහට සැලකෙන ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ ජනාධිපති ධුර නිල කාලය ලබන වසරෙන් අවසන් වනවා.

ඉතිං ඒ කාලය ඉවර වුණාම තමන් යන්න ඉන්න තැන ගැන පසුගිය දවසක සඳහන් කරලා තිබුණා.

ඔහු වොෂින්ටනයේ ගෙයක් බදු පදනමට අරගෙන එහි පදිංචියට යනවා කියලා තමයි කියලා තිබුණේ.

මෙම ඉඩම ධවල මන්දිරයේ ප්‍රකාශකයෙකු ලෙස සිටි ජෝ ලොක්හාට් නම්වූ පුද්ගලයාට අයිති එකක් බවත් වාර්තා වනවා.

එම නිවසේ ඡායාරූප පහතින්...











Here's where to go when retired Precedent Obama

මගේ ගණන් ටිකක් සැරයි: උදාරි - රගපෑම මගේ රස්සාව නෙමෙයි: ශෙහානි

උදාරි අලුත් වැඩකටයුතු එක්ක අලුත් අවුරුද්දේ ආරම්භය ගත්තේ කොහොමද කියලා මුලින්ම කතා කරමු?

මගේ හීනයක් තිබ්බා කවදාහරි රූපලාවණ්‍යාගාර එකතුවක් දානවා කියලා. ඒ හීනය මේ අලුත් අවුරද්ද එක්ක ඉටු වෙනවා.

ආරම්භය විදිහට එක රූපලාවණ්‍යාගාරයකින් පටන් ගත්තේ දැන් දෙකක් පවත්වාගෙන යනවා. ඩාන්ස් සැලෝන් කියලා.

රූපලාවන්‍යාගාර ව්‍යාප්ත කරන්න බලා‍පොරොත්තු වෙනවා ඒ විදිහට.

උදාරි නිවේදිකාවක් වුණේ ගුවන් සේවිකාව කියන වෘත්තියෙන් ඉවත් වෙලා. රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යන නිසා නිවේදනයෙනුත් ඉදිරියේදී දැකගන්න බැරි වෙයිද?

මම ගුවන් සේවිකාවක් වුණේ 2007 අවුරුද්දේ. 2013 වනතුරු අවුරුදු හයක් මම ගුවන් සේවිකාවක් විදිහට වැඩකළා.

ඒ අතරතුර තමයි මට හිරු රූපවාහිනියෙන් ආරාධනාවක් ලැඛෙන්නේ නිවාඩුවට ට්‍රැවල් එකක් වැඩසටහන ආරම්භ කරන්න කියලා.

ඒ වෙනකොට මම රටවල් හතළිස් අටකට ගිහින් තිබුණා.

කැමැති හැම රටකම සංචාරය කරලා තිබුණ නිසා එහි ආස්වාදය විඳගත්ත නිසා මට හිතුණා වෙනස් දෙයක් කළොත් හොඳයි වෙනසක් එක්ක කියලා.

ඒ විදිහට තමයි නිවේදිකාවක් වුණේ. වෙනසක් ඕන නිසා නිවේදිකාවක් වුණා.

ඒත් නිවේදන කටයුතු හෝ රංගන කටයුතු අතහැරලා ව්‍යාපාර කටයුතුවලට විතරක් මුල්තැන දෙන්න දැන් නම් මගේ අදහසක් නැහැ.

හැමෝටම නොලැඛෙන කලා හැකියාව මගහරවා ගන්න ඇත්තටම කොහෙත්ම කැමැත්තක් නැහැ.

හු`ගාක් ගැහැනු ළමයි ගුවන් සේවිකාව කියන වෘත්තියට කැමැතියි. ඒ අවස්ථාව කෙටි කලකදී උදාරි අහිමි කරගත්තා කියලා දැන් දුක්වෙන්නේ නැද්ද?

ගුවන් සේවිකාව කියන රස්සාව නැති කරගත්තේ අපරාදේ කියලා නම් තවම හිතිලා නැහැ.

ඒත් එක එක රටවල්වල සංචාරය කරලා ඒ රටවල්වල විවිධ කෑම බිම මතක් වෙනකොට විනෝද වුණ හැටි ෂොපින් කරන හැටි මතක් වෙනකොට නම් හරිම දුකයි.

ආයෙමත් ඒ රස්සාව කළා නම් කියලා හිතිලත් තියෙනවා.

උදාරි කියන චරිතය ප්‍රසිද්ධ සමාජයට මුදාහරින්න උදව් කරන්නෙත් ගුවන් සේවිකාව කියන වෘත්තියම නේද?

ඔව්. මම ගුවන් සේවිකාවක් විදිහට වැඩකරද්දී සේවා සමාගමේ ප්‍රධාන වෙළෙඳ දැන්වීම් නිරූපිකාව වුණේ මම. ඒක ලොකු හේතුවක් වුණා මම කලාවට එන්න.

මම නර්තනය ඉගෙන ගත්තා. ඉරාජ් වීරරත්නගේ රන් රන් සේල ඇඳන් කියන ගීතයේ රූප රචනයට මාව තෝරාගන්නෙත් ඒ නිසයි. ඒ සිදුවීමෙන් මම හු`ගාක් ජනප්‍රිය වුණා.

ඊට පස්සේ මම රඟපෑ ප්‍රවේගය චිත්‍රපටයට මට ආරාධනාව ලැඛෙන්නෙත් මම ගුවන් සේවිකාවක් නිසයි.

ඇත්තටම කිව්වොත් මම චිත්‍රපටය නිසා හ`ගඟාක් ජනප්‍රිය වුණා.

මම ඒ චරිතය හොඳින් රඟපෑවා කියලා ප්‍රතිචාරත් ලැබුණා. ඒකත් ඇත්තටම වාසනාවක්.

උදාරිගේ රංගන හැකියාව දැකගන්න ලැඛෙන නිර්මාණ ඉදිරියේදී ළ`ගදීම දැකගන්න පුළුවන්ද?

අලුත් චිත්‍රපටයට සම්බන්ධ වුණා. නෙලා කියලා. ඒක ආරාධිත ර`ගපෑමක්. චිත්‍රපටයේ ‍පොඩි වෙලාවකට පෙනී ඉන්න තිබුණත් වෙනස්ම චරිතයකින්ම තමයි මාව දැකගන්න ලැඛෙන්නේ.

ඊට අමතරව ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලට ආරාධනා ලැඛෙනවා. නමුත් තෝරා බේරාගෙන ඉදිරියේදී ර`ගපාන්න බලා‍පොරොත්තු වෙනවා.

වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් එක්ක උදාරිගේ විවාහය සිදුවුණාට සැමියාගේ වෙළෙඳ දැන්වීම්වලට උදාරි සම්බන්ධ වෙන්නේ නැහැ කියලා ආරංචියි.?

මගේ සැමියා ප්‍රසාද් රණසිංහ. එයාගේ වැඩවලට මම උදව් කරනවා. මගේ කලා කටයුතුවලටත් නීති නොදා ඕනෑම හොඳ දෙයක් කරන්න කියලා මට අවසර දීලා තියෙනවා.

ඒත් මට එයා එයාගේ වෙළෙඳ දැන්වීම්වල ර`ගපාන්න ආරාධනා කරලත් නැහැ. ආරාධනා කළොත් මම ර`ගපාන්නෙත් නැහැ.

මොකද මගේ ගාන ටිකක් වැඩියි. නොමි‍ලේ ර`ගපාන්න මම නම් කැමැති නැහැ.

ඒ නිසා ඒකට නම් මම ස්වයං වාරණයක් හදාගත්තා. ගෙදර වැඩත් නොමි‍ලේ කරලා එයාගේ බිස්නස් වැඩවලටත් නොමි‍ලේ දායකවෙන්න බැහැනේ.

උදාරි පුතණුවෙක් ඉන්න මවක්. කොහොමද කාර්යබහුල ජීවිතේ එක්ක ගෘහයේ වැඩවලට මුල් තැන දෙන්න කාලය කළමනාකරණය කරගන්නේ?

පුතා පේචන් රණසිංහ. දැන් එයාගේ වයස අවුරුදු දෙකයි. මම පුතාගේ වැඩ සේරම කරලා ගෙදර වැඩකටයුතු වගේම සැමියාගේ වැඩකටයුතු ගැනත් හොයලා බලනවා. ගෙදර වැඩවලට නම් මම මුල්තැන දෙනවා.

කොයි තරම් කාර්යබහුල වුණත් ඒ දේට සැමියාගෙනුත් උදව් තියෙන නිසා කාලය කළමණාකරණයට හානියක් වෙලා නැහැ.

අම්මාව රූපවාහිනි තිරයෙන් දකිද්දි පුතා ප්‍රතිචාර දක්වනවද?

පුතාට තවම මාව රූපවාහිනි තිරයෙන් දකිද්දී අඳුනගන්න බැහැ.

එයාට තේරෙන්නේ නැහැ. මම මේකප් දාලා ඉන්න වෙලාවට පුතා මාත් එක්ක හැසිරෙන විදිහ පවා වෙනස්.

අමුතු විදිහට බලන්නේ. ඒත් පින්තූර දකිද්දි නම් අම්මා කියලා පෙන්නලා කතා කරනවා.

විවාහක කාන්තාවක් නිසා පිරිමි ළමයින්ගෙන් ලැඛෙන ප්‍රතිචාර දැන් උදාරිට අඩුවෙලා කියලත් කතාවක් තියෙනවා. ඒක ඇත්තද?

මම රූපවාහිනි වැඩසටහන්වලට ගිහින් බබා ගැන හස්බන්ඩ් ගැන කතා කරද්දී හු`ගාක් අය පුදුම වෙනවා.

ඒ වගේ අවස්ථාවල මොබයිල් ෆෝන් එකට එන එස්.එම්.එස්. ප්‍රමාණය වැඩියි.

අම්මෝ ඔයා බැඳලද, ඇයි මෙච්චර පුංචි වයසකදී බැන්දේ, ඔයාට බබාලත් ඉන්නවද? ඒ වගේ එස්.එම්.එස්. පණිවුඩ තමයි මට එදාට වැඩිපුර ලැඛෙන්නේ.

හු`ගාක් අයට හිතාගන්න බැහැ මම විවාහකයි කියන එක. ඒ අයට පුදුමයි. ඒ නිසාම තරුණයින්ගෙන් ලැඛෙන ප්‍රතිචාර අඩුවෙලා.

ඒ නිසා මම හිතුවා ආයේ නම් මම විවාහකයි කියලා ප්‍රසිද්ධියේ නොකියා ඉන්න.

කොහොම නමුත් මම සමස්තයක් විදිහට ගත්තොත් ලැඛෙන ප්‍රතිචාරවල නම් ඇත්තටම අඩුවක් නැහැ.

හු`ගාක් අය ළ`ගට ඇවිත් කතා කරනවා. නිර්මාණ ගැන අහනවා. ඒ ගැන සතුටුයි.

උදාරි ජනප්‍රිය චරිතයක් වුණාට උදාරිට කලින් නේද ඔබේ නැගණිය කලාවට අවතීර්ණ වුණේ?

ඔව්. මම උසස් පෙළ කළාට පස්සේ තමයි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණේ. ඒත් නංගි පුංචි කා‍ලේ ඉඳලා වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳලා තියෙනවා.

ඒත් එයාට වඩා මම දැන් ජනප්‍රියයි. ඉදිරියේදී මට වඩා එයා ජනප්‍රිය වෙයිද දන්නේ නැහැ. මොකද එයා මට වඩා ලස්සනයි. හොඳට ර`ගපාන්නත් පුළුවන්.

ඔබේ සහෝදරියගේ ජීවිතයේ පරමාදර්ශී චරිතය ඔබලු. ඇත්තද?

ඔව්. එයා හැමදාම ඒක කියනවා. ෂෙහානි නංගි මගේ රංගන හැකියාව බලලා ඒ විදිහට රඟපාන්න හිතන කෙනෙක්.

ඒ වගේම මම වගේ ගුවන් සේවිකාවක් වෙන්නලු එයා හැමදාම හිතුවේ. ඒ නිසා එයා නිතරම මම කරන දේවල් ගැන හිතනවා.

ඒ වගේම එයත් රඟපාන්න දක්ෂ නිසා මම කලාවෙන් ඉදිරියට ආවා වගේ එයත් එයාගේ ගමන හදාගනියි කියලා හිතෙනවා. එයා හරිම ආදර”ය චරිතයක් කිව්වොත් හරි.

ජනප්‍රිය චරිත හරි ඉක්මනට කටකතාවලට ලක්වෙනවා. උදාරි කටකතා ගැන මොකද හිතන්නේ?

තවම නම් මට කට කතා හැදිලා නැහැ. හැදෙන විදිහට හැසිරෙන්නෙත් නැහැ.

ඒත් කටකතා හැදෙයිද කියන්න මම දන්නේ නැහැ. කට කතා හැදුනත් මම බය වෙන්නේ නැහැ. දුක්වෙන්නෙත් නැහැ.

උදාරි පෙරේරාගේ කතා බහෙන් අනතුරුව ඇගේ සහෝදරිය ෂෙහානි පෙරේරා එක්ක කතාබහ කළා.

ෂෙහානි මොකද අක්කාව අනුකරණය කරන්නේ?

අක්කා පුංචි කා‍ලේ ඉඳලා හරි පිළිවෙළට ජීවත් වුණ කෙනෙක්. එයා ගුවන් සේවිකාවක් විදිහට ඇඳලා ඉන්නවා දකිනකොට මටත් ගුවන් සේවිකාවක් වෙන්න හිතුණා.

එයා ර`ගපාන්න දක්ෂයි. ඒ නිසා මම කැමැතියි එයා වගේ වෙන්න. අක්කා මට ඒ දේවල්වලට උදව් කරනවා.

මම දැන් ගුවන් සේවිකාවක් වෙන්න අවශ්‍ය මූලික අධ්‍යාපනයත් අරගෙන තියෙන්නේ. තව ටික දවසකින් මගේ ඒ හීනයත් ඉටුවෙනවා. ඇත්තටම කිව්වොත් උදාරි අක්කා මගේ දෙවැනි අම්මා වගෙයි.

අක්කට කලින් කලාවට ආවට ෂෙහානි තවම ජනප්‍රියතාව අඩුයි නේද?

මම පුංචි කා‍ලේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී හිටියා. ප්‍රසිද්ධ කලාවට අවතීර්ණ වෙන්නේ ඒ විදිහට.

ඊට පස්සේ යෂාන්ද සිල්වාගේ සිංදුවක රූප රචනයට මම හිටියා. ඒ වගේම ශාන් එන්.කේ.ගේ සොඳුරියේ කියන ගීතයටත් මම රූපරචනයට සම්බන්ධ වුණා.

ෂෙහානිට ර`ගපාන්න ඇරයුම් ලැබුණද?

ඔව්. ආරාධනා ලැඛෙනවා. චාමර පීරිස් මහත්මයාගේ ටෙලි නාට්‍යකට ඇරයුම් ලැබුණා. එහි පිටපත බලලා ඒ ආරාධනාවට කැමැති වෙන්න අදහසක් තියෙනවා.

චිත්‍රපටවලට නම් තවම ආරාධනා ලැබුණේ නැහැ. චිත්‍රපටවලටත් ආරාධනා ලැඛෙයි කියලා හිතනවා.

ෂෙහානිට උදාරිගෙන් රංගනයට උදව් ලැඛෙනවද?

ඔව්. මම නිතරම එයාගෙන් උපදෙස් ගන්නවා. ආරාධනා ලැබුණොත් ඒවාට සම්බන්ධ වෙන්නද කියලා අහනවා.

මට ගැළපෙන දෙයක් තිබුණා නම් අක්කා ඒ ගැන මාව දැනුවත් කරනවා. මොනවද කරන්න ඕන කියලා.

ගුවන් සේවිකාවක් වුණාට පස්සේ කලාවෙන් ඉවත් වෙනවද?

මම ආසයි දිගටම රඟපාන්න. කලා කටයුතුවල නිරත වෙන්න. ඒත් මම රඟපෑම කියන එක වෘත්තියක් විදිහට කරන්නේ නැහැ.

මම වෘත්තියෙන් ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන්න තමයි බලා‍පොරොත්තු වෙන්නේ. ඒ අතරතුර රඟපාන කටයුතුත් කරනවා.

දැන් ෂෙහානි ජනප්‍රියද?

මම පුංචි කා‍ලේ ඉඳලා නිර්මාණවලට පෙනී හිටියට අක්කා තරම් මම ජනප්‍රිය නැහැ. අක්කා මට වඩා ජනප්‍රියයි.

අක්කා වැඩිපුර කතාබහට ලක්වුණේ ප්‍රවේගය චිත්‍රපටය නිසයි. මමත් ඒ චිත්‍රපටය නැරඹුවා.

එයාගේ රාජකාරිය එයා හොඳටම කරලා තිබුණා. ඒ නිසා එයාට වැඩිපුර ප්‍රේක්ෂක ආකර්ෂණය ලැඛෙනවා ඇති.

මම අක්කා තරම් ජනප්‍රිය නොවුණට මාව අඳුරගෙන කතා බහකරන අයත් ඉන්නවා. මම වෙළෙඳ දැන්වීම් හා සින්දුවලට රූප රචනා සඳහා සම්බන්ධ වුණ නිසා.

ඉදිරියේදී ජනප්‍රිය නිර්මාණවලට සම්බන්ධ වුණොත් මමත් අක්කා වගේ ජනතාව අතර කතාබහට ලක්වෙයි කියලා හිතෙනවා.

හර්ෂ- වීරරත්න - ඡායාරූප - චමිල කරුණාරත්න



My prices are a bit too much - Udari | Acting is not my job - Shehan

ජීවිතයෙන් සමුගන්න ගොඩනැගිල්ලෙන් බිමට පැන්න සුරූපී තරුණිය

අපි අවුරුදු 4 ක් එකට ජීවත් වුණා..

අපි ඡයදඑදි හුවමාරු කරගත්තා.. එහෙම කළේ මම එයාට ගොඩක් ආදරේ නිසා..

ජීවිත ගමනෙදි ප්‍රශ්නවලට වගේම කරදරවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඒ හැමදේකටම මුහුණදීලා ජීවිතේ ඉස්සරහට යන්න අපිට ශක්තිය වගේම විශ්වාසයත් තියෙන්න ඕනේ.

ඒ දේවල්වලට මුහුණදෙන්න බැරිව ජීවිතේ නැතිකරගන්නවානම් ඒක මෝඩකමක් වගේම දුර්වල තීරණයක් වෙනවා.

ඒ විදිහට තරුණියක් ගොඩනැගිල්ලක් උඩ ඉඳලා බිමට පැනලා ජීවිතේ නැතිකරගන්න හැටි දැක්වෙන වීඩියෝවක් අපිට අන්තර්ජාලයෙන් හමුවුණා.

දර්ශ්විනී ප්‍රේමකුමාර් නමැති මෙම තරුණිය මැලේෂියාවේ චැබ්බට හි ජීවත්වන බවයි අපිට තොරතුරු ලැබුණේ.

ඇය මේ විදිහට ජීවිතේ නැතිකරගන්න හේතුව මොකක්ද කියන එකනම් තාමත් කවුරුත්ම දන්නේ නැහැ.

ඒත් මේ ගැන එයාගේ පෙම්වතා වුණු රොහේන් සිවකුමාර්නම් කියන්නේ සංවේදී කතාවක්.

zඅපි අවුරුදු 4 කට වැඩි කාලයක් එකට ජීවත් වුණා.

එතකොට අපි කතා වුණා ෆෙස්බුක් ට්විට්ට්, ඉන්ස්ට්‍රග්‍රෑම් කියන කිසිම දෙයක් දෙයක් භාවිතා කරන්නේ නෑ කියලා.

මොකද ඒ දේවල්වලින් ජීවිතේට එන්නේ කරදර විතරයි කියලයි එයා මට කියලා දුන්නේ..Z

zඅපි අපේ ඡායාරූප පවා නිතරම හුවමාරු කරගත්තා.. එහෙම කරන්නේ අපි ගොඩක් ආදරේ නිසා. එයා දැන් හොඳ තැනක ඇති කියලා මම හිතනවා.

මමත් ඉක්මනින්ම එයාව බලන්න එයා ගිය ලෝකෙට යනවා.. මම ඔයාට ගොඩක් ආදරෙයි..Z

ඒ වගේම රොහේන් සිවකුමාර් කියන්නේ තමන්ගේ පෙම්වතියගේ වරදක් නැති බවයි.

ඒ වගේම මෙම තරුණිය ගැන බොරු ප්‍රචාර පතුරවන්න එපා කියලත් එයා ඉල්ලීමක් කරලා තියෙනවා.

ඒ වගේම මෙම තරුණිය සියදිවි නසාගන්න ගොඩනැගිල්ලෙන් පනින වීඩියෝවක් කියලා අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිඛෙන වීඩියෝවකුත් අපිට ලැබුණා.

නමුත් එම වීඩියෝව දර්ශ්විනී සියදිවි නසාගන්නා වීඩියෝව නොවන බවට ඇයගේ මිතුරෙකු පැවසුවා.

එම වීඩියෝව පහතින්..















Beautiful young woman who jumped off the building

28 May, 2016

කෝලිගේ විහිළු බලන්න

පිටිය මැද ලොකු ලොකු සෙල්ලම් දාන කෝලි සාකච්ඡාවක විහිළු කරපු හැටි පහත වීඩියෝවෙන්.




Kohli's Jocks 

මොකටද මේ කතා

මේ ආණ්ඩුවෙ ඉන්න ඇමැති සයිස් මහත්තයෙක් ඊට වඩා උසස් තනතුරක් ලබාගන්න පිඹුරැ පතක් හදලලු.

උඩරට පළාතෙ දිසාවකට නායක කෙනෙක් වුණත් පසුගිය ඡන්දය පැරදුණු මුන්නැහේ පෙර පිනකට ජාතික ලැයිස්තු වාසනාව ලබාගත්ත...

කලින් ඉතාම තදින් මහින්දට බැණපු මුන්නැහේ දැන් එහෙම බණින්නෙත් නැහැ කියලයි ආරංචි...

කට නිසා නොයෙක් කරදරවල වැටුණු මේ ඇමැති සයිස් මහත්තය තමන් අපේක්ෂා කරන ඉහළ පට්ටමට යන්න පක්ෂ තුනක පිරිස් එක්ක විටින් විට බත්තරමුල්ල පැත්තෙ ගෙදරක සාකච්ඡා කරන බව තතුදත් අය දන්නව...

උන්නැහේගෙ උත්සාහය හරි ගියොත් මට අහවලා වෙන්නත් පුළුවන් කියල එයා ඇ`ග රත්කරගත්තම කියනවලු.



What's this talk

ජීවිත කාලේම හිරගෙදරට නියම වූ පියෙකුට දරුවත් එක්ක ඉන්න ලැබුනු පැය 24ක කාලය

වැරදි කියන දේවල් ඕනෑම කෙනෙකුගේ අතින් සිද්ධ වෙන්න පුළුවන්.

දුරදිග හිතන්නේ නැති අය වැරදි කරන්න ඉක්මනට පෙළඹෙනවා.

ඒත් ඒ වැරැද්ද කළාට පස්සේ අනිවාර්යයෙන්ම දඩුවම් විදින්නත් සිද්ධ වෙනවා.

හැබැයි දඩුවම විදින්නේ තමන් විතරක් නෙමෙයි.

තමන්ගේ පවුලේ අයත් ඒ දඩුවමම හිතින් විදිනවා.

මේ විදිහට වැරදි කරලා ජීවිතාන්තය දක්වා සිපිරි ගෙදරට ගිය තාත්තාලා වෙනුවෙන් ඇමෙරිකාවේ මිචිගන් නුවර අපූරු හමුවීමක් සංවිධානය කරලා තිබුණා.

කිසිම දවසක කවුරුවත් හිතන්නේ නැති විදිහේ දෙයක් තමයි මෙතන සිද්ධ වුණේ.

ඒ තමයි මේ සිරගෙදර ඉන්න තාත්තලාගේ දරුවන්ව එයාලාත් එක්ක ඇසුරු කරන්න අවස්ථාවක් උදාකරදීම.

ඉතිං මේ වැඩසටහන නම් කරලා තිබුනේ One Day With God කියලයි.

සංවේදී හදවත් තියෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝව බැලුවොත් අනිවාර්යයෙන්ම ඇස් දෙක කදුළින් පුරව ගනී..





24 hours to live with his father sentenced to prison for life

බිරින්දෑවරුන් 13ක් එකවර ගැබ්බර කළ ස්වාමි පුරුෂයෙක්

අමුතුම ජාතියේ ලෝක වාර්තාවක් තියන්නට අපූරු ස්වාමි පුරුෂයෙක් සමත් වෙලා.

ඒ තමයි කාන්තාවන් 13 දෙනෙක් විවාහ කරගැනීමෙන්  එකම මාසයේ ඔවුන් ගැබ් ගෙන තිබීම.

මේ සියලු දෙනාම ඔහුගේ භාර්යාවන් වීම ගැන සතුටු වන අතර සියලු දෙනාම සතුටු පවුලක් ලෙස ජීවත් වනවා.

මේ සියලු භාර්යාවන් තමන්ගේ ගර්භනීභාවය ගැන ඇත්තටම සතුටු වන අතර ඔවුන් එකිනෙකා සමග සතුටින් කල් ගෙවන බවත් වාර්තා වනවා.

මේ කාන්තාවන් එකිනෙකා ගැන ඉහලින් කතා කරන අතර සනීපාරක්ෂාව ගැනත් හුඟක් සැලකිලිමත්ලු.

මෙසේ නීත්‍යානුකූලව භාර්යාවන් 13 දෙනෙකුට ගර්භනීභාවය ලබා දුන් ලොව ප්‍රථම පිරිමියා වන්නේ ඔහුයි.

මොවුන්ගේ ගැබ් ගැනීමේ පරතරය සති 3 න් 3 ට හෝ 5 ක පරතරයක් වේ.



13 wives pregnant at once