29 May, 2016

එයා මාව තේරුම් අරන් ඉන්නේ - අනුජ් රණසිංහ

අනුජ් රණසිංහ කියන්නේ නිරූපණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙසත් ශ්‍රී ලාංකික රසිකයන්ගේ ආදරය දිනාගත් තරුවක්.

ඒත් අනුජ් නම් කියන්නේ මේ වෘත්තීන් දෙකට අමතරව තමන්ට තවත් වෘත්තියක් තියෙනවා කියලයි. අනුජ්ගේ කතාවයි මේ.

මොනවද අනුජ් අලුත් විස්තර?

මේ දවස්වල නම් ර්‍ණරුවැති රැයක්” ෂෝ එකේ කටයුතුවලටම ඇප කැප වෙලයි හිටියේ. ඒක ලස්සනට තිබුණා.

ගොඩක් සතුටුයි. ඒ ප්‍රසංගය සංවිධානය කළේ මගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනි” එක.

ඒ බිස්නස්නේ එතකොට ඔබේ කලා කටයුතු?

අලුත්ම දේවල් කියලා නෑ.

බාරගත්ත වැඩ ටිකක් තියෙනවා. ටෙලි නාට්‍ය 2 ක් එන්නත් තියෙනවා.

භවහරණය නාට්‍යයේ රූපගත කිරීම් නැවත අවුරුද්දෙන් පස්සේ පටන් ගන්නවා.

කොහොමද මේ පාර අවුරුදු?

රූපවාහිනි වැඩසටහන් එක්ක අවුරුද්ද ගෙවුණා.

අවුරුද්දට ගමේ ගියේ නැද්ද?

ගමේ යනවා කියලා යන්න ගමක් නෑ. මං පානදුරේ අපේ ගෙදර හිටියේ අම්මත් එක්ක.

අම්මා ඉතින් අවුරුදු චාරිත්‍ර හරි වෙලාවට හරියටම කරනවා. තාත්තයි, අක්කයි ඉන්නේ විදේශගතවෙලා.

ඒගොල්ලොත් ආවම තමයි අපිට අවුරුදු. කොහොම වුණත් නැකැත් වෙලාවට නම් ගෙදර තමයි හිටියේ, මේ පාර.

මේ අවුරුද්දෙවත් අනුජ්ගේ තනිකඩ ජීවිතේට තව කෙනෙක් එයිද?

මේ අවුරුද්දේ... අනේ මන්දා. මේ ඉන්න විදිය හොඳයි. මට කැමැති විදියට මම ඉන්නවා නිදහසේ. සමහර විට මොනවා හරි වෙයි.

මොනවා හරි වෙයි කිව්වේ මොන වගේ දෙයක්ද?

මොනව හරි වෙයි කිව්වට ඉතින් මං මූලිකත්වය දෙන්නේ මගේ වැඩවලට. කලා කටයුතුත්, බිස්නසුත් කරගෙන මම ඉන්නවා.

එතකොට විවාහය ‘මගේ වැඩක්’ ‍නෙවෙයිද?

විවාහය මගේ වැඩක් තමයි. ඒත් තවම ඒගැන කියන්න වෙලාව ‍නෙවෙයි.

අම්මාවත් කියන්නේ නැද්ද ‍ලේලි කෙනෙක් කැන්දන් එන්න කියලා?

අම්මා එහෙම කියන්නේ නෑ. එයා මාව තේරුම් අරන් ඉන්නේ. මගේ අරමුණුවලට මගේ ගමන මං කැමැති විදියට යන්න අම්මලත් මට නිදහස දීලයි තියෙන්නේ.

රසිකාවියන්ගෙන් එහෙම ආදරණීය ආරාධනා ලැබිලා නැද්ද?

යෝජනා නම් ඇවිත් තියෙනවා. කලාකරුවන්ට ආදරය කරන අය ඉන්නවනේ. මටත් ආදරය කරන ප්‍රේක්ෂිකාවෝ, ප්‍රේක්ෂකයෝ ඉන්නවා.

ඒ අය පාරෙදි මුණගැහුණමත්, කෝල් කරලත් ඊමේල්වලිනුත්, ෆේස්බුක් එකෙත් මාත් එක්ක කතා කරනවා.

මමත් ඉඩ ලැබුණු වෙලාවට ඒ අයට කතා කරලා තොරතුරු අහනවා.

ඉස්සරහට එන්න තියෙන නිර්මාණත් එක්ක මගේ රසික රසිකාවියන්ට ආදරේ හිතෙන දෙයක් දෙන්න ලැඛෙයි කියලා හිතනවා.

ඒ අය අතරේ හිත ගියපු කෙනෙක් හිටියේ නැද්ද?

අනේ නැහැ

සහකාරිය මොන වගේ වෙන්න ඕන කියලවත් අදහසක් නැද්ද?

එහෙම අදහසක් නැහැ. එයා උසද, මහතද, මොන වගේද කියලාවත් හිතලා නැහැ. මට කවදාවත් එහෙම දෙයක් හිතිලා නැහැ.

කවදාවත්ම හිතිලා නැද්ද?

පාසල් කාලෙදි නම් ඉතින් එහෙම හිතිලා තියෙනවා. ඒත් මෑතකදී නම් එහෙම හිතිලා නෑ.

දැන් නම් බාහිර පෙනුමට වඩා මගේ කලාව, බිස්නස්වලට උදව් කරන, මට ආදරය කරන කෙනෙකුට තමයි වඩාත් කැමැති.

අනුජ් වෘත්තියෙන් කව්ද?

මට වෘත්තීන් කීපයක් තියෙනවා. අවුරුදු 5 කට විතර කලින් මම පරිගණක මෘදුකාංග ඉංජිනේරු අංශයේ මාකටින් පැත්තේ රැකියාවක් කළේ.

දැන් මම ඉවෙන්ට් ප්ලෑනින් කරනවා. බිස්නස් එක විදියට.

ඒ වගේම මම මෝස්තර නිරූපණ ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවා.

මම වඩාත් කැමැති මාව රංගන ශිල්පියෙක් විදියට හඳුන්වනවාට.

රංගනය වෘත්තීය කර නොගත්තේ මේ ආර්ථිකය තුළ ඒක ප්‍රමාණවත් නැති නිසාද?

ඇත්තටම එහෙම නැහැ. මං ඉගෙන ගන්න දෙයින් ප්‍රයෝජනයක් ගන්න ඕන නිසයි මේ වගේ ව්‍යාපාරයකට යොමු වුණේ.

අනික ඉවෙන්ට් මැනේජ්මන්ට් මගේ කලා ක්‍ෂේත්‍රයටත් කිට්ටුවෙන් යන දෙයක්නේ.

අලුත් අවුරුද්දේ අලුත් බලා‍පොරොත්තු මොනවද?

විවිධ චරිත රඟපාන්න අලුත් අවුරුද්දේ ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා.

චිත්‍රපටවලට දායක වෙන්නත්, ගීතයක් ගායනා කරන්නත් ආසාවක් හිතේ තියෙනවා.

ලොකු හැදෑරීමක් එක්ක අන්ධ, ගොළු වැනි අභියෝගාත්මක රංගනයක නියැළෙන්නත් කැමැත්තෙන් ඉන්නවා.

කුමරිනී ප්‍රතාපසිංහ
ඡායාරූප - චමිල කරුණාරත්න



Anuj Ranasingha

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එයා මාව තේරුම් අරන් ඉන්නේ - අනුජ් රණසිංහ"

    Post a Comment