29 May, 2016

අමාරුවෙ වැටුණු මන්තිරිතුමා

පහුගියදාක ආණ්ඩුවෙයි විපක්ෂයෙයි මන්තිරිවරු වෙලාවට ඡන්ද විමසීමට නොපැමිණීම නිසා දෙපැත්තෙම ඡන්ද සමාන වෙලා ලොකු ගෝරියක් ගියා.

මේ හුටපටේ නිසා ඒකාබද්ධ විපක්ෂය පැත්තෙ ඉන්න කළුතර පැත්තෙ එක්තරා දේශපාලන ලොක්කෙකුට මාර හුටපටයක් ඇතිවෙලා කියල කියවෙනව...

උන්නැහේ එදා උදේ ගෙදරින් ඇවිත් තියෙන්නෙ කවුන්සිලේට යනවය කියලලු....

ඒත් මේ ඡන්ද විමසීම දවසෙ ඡන්දය දුන් මන්ත්‍රීන් අතර උන්නැහේගෙ නම නැතිලු.

මේ බව පත්තරෙන් දැනගන්න මන්තිරි නෝනට මලපැනල මන්තිරි තුමාට පෝරියල් කෝටියයි කියනව..

උන්නැහේ එදා ඉඳල තියෙන්නෙ කොහේද...? යනව කියල ගියේ කොහේද කියලලු ගෙදරින් අහන්නෙ...

මේ ගැන නෝනට මහත්තය කොපමණ කරුණු දැක්කුවත් මෙයාගෙ හැටි දන්න ඒ නෝන හිතන්නෙ මෙයා හොර කොටුවක් පැන්නය කියලමලු.

ගුණවර්ධනය කරන්න දක්ෂ මුන්නැහේ ඒ නිසා තමන් එදින මැතිසබේ හිටියය කියල ඔප්පු කරන්න කතානායක තුමාගෙන් උදව් ඉල්ලීමක් කරන්න යනවය කියලා මැතිසබා ලොබියෙ ලොකු හාහූවක් ගියා...



PM fallen in trouble

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අමාරුවෙ වැටුණු මන්තිරිතුමා"

    Post a Comment