29 May, 2016

30 දෙනෙක් විසින් දූෂණය කළ දැරිය Facebook දැමූ දේ

පිරිමින් 30 දෙනෙකුටත් වඩා පිරිසක් එක් වී 16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ පුවතක් අප ඔබට ඊයේ (28) වාර්තා කළෙමු.


තම පෙම්වතාගේ නිවසට ගොස් සිටිය දී මත් ද්‍රව්‍යයක් ශරීරගත කොට සිහිමුර්ජාවීමට සලස්වා ඇයව දූෂණය කිරීමෙන් නොනැවතී ඇයව සමූහ දූෂණයට ලක්වන අයුරු වීඩියෝගත කොට Twitter සමාජජාලය වෙත මුදාහරින්නට ද අපරාධකරුවන් පියවර ගෙන තිබුණි.

මෙම සිද්ධිය පිළිබඳව සමාජජාල සාමාජිකයින්ගේ මෙන්ම ලොව පුරා සමාජ සංවිධානවල පුළුල් අවධානය මේ වන විට යොමු වී තිබේ.

මෙම සිද්ධියෙන් කුපිත වූ බ්‍රසීලයේ කාන්තාවෝ වීදි පුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබූ අතර ස්ත්‍රී දූෂණයට විරුද්ධ සටන්පාඨ කියමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

එමෙන්ම මෙම සිදුවීම මුළු රටම කම්පනයට පත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

'පිරිමි කාන්තාවන්ව දකින්නෙ ඔවුන්ට පරිහරණය කිරීමට තිඛෙන භාණ්ඩ හැටියටයි.

අපේ රටේ සෑම විනාඩි එකොළහකටම වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවෙනවා.

ඒ වාර්තා වෙන ස්ත්‍රී දූෂණ පමණයි.

සැබෑ ගණන ඊට වඩා ගොඩක් වැඩියි.

මේ හැම ස්ත්‍රී දූෂණයකම වැරදිකරු විදිහට හංවඩු ගැහෙන්නේ එයට මුහුණ දුන් කාන්තාවයි'

උද්ඝෝෂණයේ නිරත වුණු කාන්තාවක් තම අදහස් එසේ ප්‍රකාශ කළා ය.

මේ අතර රට පුරා තමා වෙනුවෙන් එක් වී සිටින ප්‍රජාව හට තම ස්තූතිය පුද කරන බව අදාළ සමූහ දූෂණයට ලක්වූ දැරිය තම Facebook ගිණුමේ සටහන් කොට ඇති බව වාර්තා වේ.

ඇය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි තමා පිළිබඳ වැරදි වැටහීමක් සැවොම ඇතිකර ගනීවි යි බිය වුව ද එය එසේ සිදු ‍නොවීම පිළිබඳ සතුටු වන බව යි.

එමෙන්ම මෙම සිදුවීමෙන් තම ශරීරයටත් වඩා තම ආත්මයට වඩාත් වේදනා දැණුන බව යි ඇය පවසා ඇත්තේ.

වීඩියෝව පහතින්.






Girl post on FB was raped by 30 men

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "30 දෙනෙක් විසින් දූෂණය කළ දැරිය Facebook දැමූ දේ"

    Post a Comment