30 May, 2016

ගෝරිල්ලා කූඩුවට වැටුණු දරුවාට වුණුදේ

අමෙරිකාවේ Cincinnati සත්වෝද්‍යානයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් මේ දිනවල ලොව පුරා සත්වවේදීන්ගේ මෙන්ම සමාජජාල සාමාජිකයින්ගේ දැඩි අවධානය දිනාගැනීමට සමත් වී තිබේ.

ඒ අවුරුදු 4ක දරුවෙකු එම සත්වෝද්‍යනයේ ගෝරිල්ලා කූඩුවට වැටීමේ සිදුවීමකි.

ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි 'හරම්බේ' නම් 17 හැවිරිදි ගෝරිල්ලා ඒ මොහොතේ එම කූඩුවේ සිටි අතර හරම්බේ විසින් අදාළ දරුවාව ඇදගෙන යන ආකාරය එහි සිටි පුද්ගලයින් වීඩියෝගත කර තිබුණි.

සත්වවේදීන් පවසන්නේ දරුවාට හානියක් සිදු කිරීමට හරම්බේ උත්සහ නොගත් බවත් ඌ සිදු කළේ දරුවා සමග සෙල්ලම් කිරීම පමණක් වන බවත් ය.

කෙසේවෙතත් දරුවාගේ ජීවිතය බේරාගැනීමට බලධාරීන් සිදු කළ වෙඩිතැබීමෙන් හරම්බේ මිය ගියේ ඌට ආදරය කළ දහසකුත් දෙනා හඬවමිනි.

මේ වන විට අදාළ දරුවාටත් ඔහුගේ දෙමාපියන්ටත් දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් ලොව සෑම අතින්ම මත පළකෙරෙමින් පවතින අතර සත්වෝද්‍යාන බලධාරීන් ද සඳහන් කරන්නේ දෙමාපිය නොසැලකිල්ල හේතුවෙන් මෙම ව්‍යසනය සිදු වූ බව යි.

එම වීඩියෝව පහතින්.



---------------------------

ගෝරිල්ලාගේ ග්‍රහණයට දරුවා හසුවූ අයුරු.

































හරම්මේ ගේ මරණය ගැන කිපුනු ජනතාවගේ අදහස්.





















Harambe shot and killed

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගෝරිල්ලා කූඩුවට වැටුණු දරුවාට වුණුදේ"

    Post a Comment