29 May, 2016

මගේ ගණන් ටිකක් සැරයි: උදාරි - රගපෑම මගේ රස්සාව නෙමෙයි: ශෙහානි

උදාරි අලුත් වැඩකටයුතු එක්ක අලුත් අවුරුද්දේ ආරම්භය ගත්තේ කොහොමද කියලා මුලින්ම කතා කරමු?

මගේ හීනයක් තිබ්බා කවදාහරි රූපලාවණ්‍යාගාර එකතුවක් දානවා කියලා. ඒ හීනය මේ අලුත් අවුරද්ද එක්ක ඉටු වෙනවා.

ආරම්භය විදිහට එක රූපලාවණ්‍යාගාරයකින් පටන් ගත්තේ දැන් දෙකක් පවත්වාගෙන යනවා. ඩාන්ස් සැලෝන් කියලා.

රූපලාවන්‍යාගාර ව්‍යාප්ත කරන්න බලා‍පොරොත්තු වෙනවා ඒ විදිහට.

උදාරි නිවේදිකාවක් වුණේ ගුවන් සේවිකාව කියන වෘත්තියෙන් ඉවත් වෙලා. රූපලාවණ්‍යාගාර පවත්වාගෙන යන නිසා නිවේදනයෙනුත් ඉදිරියේදී දැකගන්න බැරි වෙයිද?

මම ගුවන් සේවිකාවක් වුණේ 2007 අවුරුද්දේ. 2013 වනතුරු අවුරුදු හයක් මම ගුවන් සේවිකාවක් විදිහට වැඩකළා.

ඒ අතරතුර තමයි මට හිරු රූපවාහිනියෙන් ආරාධනාවක් ලැඛෙන්නේ නිවාඩුවට ට්‍රැවල් එකක් වැඩසටහන ආරම්භ කරන්න කියලා.

ඒ වෙනකොට මම රටවල් හතළිස් අටකට ගිහින් තිබුණා.

කැමැති හැම රටකම සංචාරය කරලා තිබුණ නිසා එහි ආස්වාදය විඳගත්ත නිසා මට හිතුණා වෙනස් දෙයක් කළොත් හොඳයි වෙනසක් එක්ක කියලා.

ඒ විදිහට තමයි නිවේදිකාවක් වුණේ. වෙනසක් ඕන නිසා නිවේදිකාවක් වුණා.

ඒත් නිවේදන කටයුතු හෝ රංගන කටයුතු අතහැරලා ව්‍යාපාර කටයුතුවලට විතරක් මුල්තැන දෙන්න දැන් නම් මගේ අදහසක් නැහැ.

හැමෝටම නොලැඛෙන කලා හැකියාව මගහරවා ගන්න ඇත්තටම කොහෙත්ම කැමැත්තක් නැහැ.

හු`ගාක් ගැහැනු ළමයි ගුවන් සේවිකාව කියන වෘත්තියට කැමැතියි. ඒ අවස්ථාව කෙටි කලකදී උදාරි අහිමි කරගත්තා කියලා දැන් දුක්වෙන්නේ නැද්ද?

ගුවන් සේවිකාව කියන රස්සාව නැති කරගත්තේ අපරාදේ කියලා නම් තවම හිතිලා නැහැ.

ඒත් එක එක රටවල්වල සංචාරය කරලා ඒ රටවල්වල විවිධ කෑම බිම මතක් වෙනකොට විනෝද වුණ හැටි ෂොපින් කරන හැටි මතක් වෙනකොට නම් හරිම දුකයි.

ආයෙමත් ඒ රස්සාව කළා නම් කියලා හිතිලත් තියෙනවා.

උදාරි කියන චරිතය ප්‍රසිද්ධ සමාජයට මුදාහරින්න උදව් කරන්නෙත් ගුවන් සේවිකාව කියන වෘත්තියම නේද?

ඔව්. මම ගුවන් සේවිකාවක් විදිහට වැඩකරද්දී සේවා සමාගමේ ප්‍රධාන වෙළෙඳ දැන්වීම් නිරූපිකාව වුණේ මම. ඒක ලොකු හේතුවක් වුණා මම කලාවට එන්න.

මම නර්තනය ඉගෙන ගත්තා. ඉරාජ් වීරරත්නගේ රන් රන් සේල ඇඳන් කියන ගීතයේ රූප රචනයට මාව තෝරාගන්නෙත් ඒ නිසයි. ඒ සිදුවීමෙන් මම හු`ගාක් ජනප්‍රිය වුණා.

ඊට පස්සේ මම රඟපෑ ප්‍රවේගය චිත්‍රපටයට මට ආරාධනාව ලැඛෙන්නෙත් මම ගුවන් සේවිකාවක් නිසයි.

ඇත්තටම කිව්වොත් මම චිත්‍රපටය නිසා හ`ගඟාක් ජනප්‍රිය වුණා.

මම ඒ චරිතය හොඳින් රඟපෑවා කියලා ප්‍රතිචාරත් ලැබුණා. ඒකත් ඇත්තටම වාසනාවක්.

උදාරිගේ රංගන හැකියාව දැකගන්න ලැඛෙන නිර්මාණ ඉදිරියේදී ළ`ගදීම දැකගන්න පුළුවන්ද?

අලුත් චිත්‍රපටයට සම්බන්ධ වුණා. නෙලා කියලා. ඒක ආරාධිත ර`ගපෑමක්. චිත්‍රපටයේ ‍පොඩි වෙලාවකට පෙනී ඉන්න තිබුණත් වෙනස්ම චරිතයකින්ම තමයි මාව දැකගන්න ලැඛෙන්නේ.

ඊට අමතරව ටෙලිනාට්‍ය හා චිත්‍රපටවලට ආරාධනා ලැඛෙනවා. නමුත් තෝරා බේරාගෙන ඉදිරියේදී ර`ගපාන්න බලා‍පොරොත්තු වෙනවා.

වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් එක්ක උදාරිගේ විවාහය සිදුවුණාට සැමියාගේ වෙළෙඳ දැන්වීම්වලට උදාරි සම්බන්ධ වෙන්නේ නැහැ කියලා ආරංචියි.?

මගේ සැමියා ප්‍රසාද් රණසිංහ. එයාගේ වැඩවලට මම උදව් කරනවා. මගේ කලා කටයුතුවලටත් නීති නොදා ඕනෑම හොඳ දෙයක් කරන්න කියලා මට අවසර දීලා තියෙනවා.

ඒත් මට එයා එයාගේ වෙළෙඳ දැන්වීම්වල ර`ගපාන්න ආරාධනා කරලත් නැහැ. ආරාධනා කළොත් මම ර`ගපාන්නෙත් නැහැ.

මොකද මගේ ගාන ටිකක් වැඩියි. නොමි‍ලේ ර`ගපාන්න මම නම් කැමැති නැහැ.

ඒ නිසා ඒකට නම් මම ස්වයං වාරණයක් හදාගත්තා. ගෙදර වැඩත් නොමි‍ලේ කරලා එයාගේ බිස්නස් වැඩවලටත් නොමි‍ලේ දායකවෙන්න බැහැනේ.

උදාරි පුතණුවෙක් ඉන්න මවක්. කොහොමද කාර්යබහුල ජීවිතේ එක්ක ගෘහයේ වැඩවලට මුල් තැන දෙන්න කාලය කළමනාකරණය කරගන්නේ?

පුතා පේචන් රණසිංහ. දැන් එයාගේ වයස අවුරුදු දෙකයි. මම පුතාගේ වැඩ සේරම කරලා ගෙදර වැඩකටයුතු වගේම සැමියාගේ වැඩකටයුතු ගැනත් හොයලා බලනවා. ගෙදර වැඩවලට නම් මම මුල්තැන දෙනවා.

කොයි තරම් කාර්යබහුල වුණත් ඒ දේට සැමියාගෙනුත් උදව් තියෙන නිසා කාලය කළමණාකරණයට හානියක් වෙලා නැහැ.

අම්මාව රූපවාහිනි තිරයෙන් දකිද්දි පුතා ප්‍රතිචාර දක්වනවද?

පුතාට තවම මාව රූපවාහිනි තිරයෙන් දකිද්දී අඳුනගන්න බැහැ.

එයාට තේරෙන්නේ නැහැ. මම මේකප් දාලා ඉන්න වෙලාවට පුතා මාත් එක්ක හැසිරෙන විදිහ පවා වෙනස්.

අමුතු විදිහට බලන්නේ. ඒත් පින්තූර දකිද්දි නම් අම්මා කියලා පෙන්නලා කතා කරනවා.

විවාහක කාන්තාවක් නිසා පිරිමි ළමයින්ගෙන් ලැඛෙන ප්‍රතිචාර දැන් උදාරිට අඩුවෙලා කියලත් කතාවක් තියෙනවා. ඒක ඇත්තද?

මම රූපවාහිනි වැඩසටහන්වලට ගිහින් බබා ගැන හස්බන්ඩ් ගැන කතා කරද්දී හු`ගාක් අය පුදුම වෙනවා.

ඒ වගේ අවස්ථාවල මොබයිල් ෆෝන් එකට එන එස්.එම්.එස්. ප්‍රමාණය වැඩියි.

අම්මෝ ඔයා බැඳලද, ඇයි මෙච්චර පුංචි වයසකදී බැන්දේ, ඔයාට බබාලත් ඉන්නවද? ඒ වගේ එස්.එම්.එස්. පණිවුඩ තමයි මට එදාට වැඩිපුර ලැඛෙන්නේ.

හු`ගාක් අයට හිතාගන්න බැහැ මම විවාහකයි කියන එක. ඒ අයට පුදුමයි. ඒ නිසාම තරුණයින්ගෙන් ලැඛෙන ප්‍රතිචාර අඩුවෙලා.

ඒ නිසා මම හිතුවා ආයේ නම් මම විවාහකයි කියලා ප්‍රසිද්ධියේ නොකියා ඉන්න.

කොහොම නමුත් මම සමස්තයක් විදිහට ගත්තොත් ලැඛෙන ප්‍රතිචාරවල නම් ඇත්තටම අඩුවක් නැහැ.

හු`ගාක් අය ළ`ගට ඇවිත් කතා කරනවා. නිර්මාණ ගැන අහනවා. ඒ ගැන සතුටුයි.

උදාරි ජනප්‍රිය චරිතයක් වුණාට උදාරිට කලින් නේද ඔබේ නැගණිය කලාවට අවතීර්ණ වුණේ?

ඔව්. මම උසස් පෙළ කළාට පස්සේ තමයි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණේ. ඒත් නංගි පුංචි කා‍ලේ ඉඳලා වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉඳලා තියෙනවා.

ඒත් එයාට වඩා මම දැන් ජනප්‍රියයි. ඉදිරියේදී මට වඩා එයා ජනප්‍රිය වෙයිද දන්නේ නැහැ. මොකද එයා මට වඩා ලස්සනයි. හොඳට ර`ගපාන්නත් පුළුවන්.

ඔබේ සහෝදරියගේ ජීවිතයේ පරමාදර්ශී චරිතය ඔබලු. ඇත්තද?

ඔව්. එයා හැමදාම ඒක කියනවා. ෂෙහානි නංගි මගේ රංගන හැකියාව බලලා ඒ විදිහට රඟපාන්න හිතන කෙනෙක්.

ඒ වගේම මම වගේ ගුවන් සේවිකාවක් වෙන්නලු එයා හැමදාම හිතුවේ. ඒ නිසා එයා නිතරම මම කරන දේවල් ගැන හිතනවා.

ඒ වගේම එයත් රඟපාන්න දක්ෂ නිසා මම කලාවෙන් ඉදිරියට ආවා වගේ එයත් එයාගේ ගමන හදාගනියි කියලා හිතෙනවා. එයා හරිම ආදර”ය චරිතයක් කිව්වොත් හරි.

ජනප්‍රිය චරිත හරි ඉක්මනට කටකතාවලට ලක්වෙනවා. උදාරි කටකතා ගැන මොකද හිතන්නේ?

තවම නම් මට කට කතා හැදිලා නැහැ. හැදෙන විදිහට හැසිරෙන්නෙත් නැහැ.

ඒත් කටකතා හැදෙයිද කියන්න මම දන්නේ නැහැ. කට කතා හැදුනත් මම බය වෙන්නේ නැහැ. දුක්වෙන්නෙත් නැහැ.

උදාරි පෙරේරාගේ කතා බහෙන් අනතුරුව ඇගේ සහෝදරිය ෂෙහානි පෙරේරා එක්ක කතාබහ කළා.

ෂෙහානි මොකද අක්කාව අනුකරණය කරන්නේ?

අක්කා පුංචි කා‍ලේ ඉඳලා හරි පිළිවෙළට ජීවත් වුණ කෙනෙක්. එයා ගුවන් සේවිකාවක් විදිහට ඇඳලා ඉන්නවා දකිනකොට මටත් ගුවන් සේවිකාවක් වෙන්න හිතුණා.

එයා ර`ගපාන්න දක්ෂයි. ඒ නිසා මම කැමැතියි එයා වගේ වෙන්න. අක්කා මට ඒ දේවල්වලට උදව් කරනවා.

මම දැන් ගුවන් සේවිකාවක් වෙන්න අවශ්‍ය මූලික අධ්‍යාපනයත් අරගෙන තියෙන්නේ. තව ටික දවසකින් මගේ ඒ හීනයත් ඉටුවෙනවා. ඇත්තටම කිව්වොත් උදාරි අක්කා මගේ දෙවැනි අම්මා වගෙයි.

අක්කට කලින් කලාවට ආවට ෂෙහානි තවම ජනප්‍රියතාව අඩුයි නේද?

මම පුංචි කා‍ලේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී හිටියා. ප්‍රසිද්ධ කලාවට අවතීර්ණ වෙන්නේ ඒ විදිහට.

ඊට පස්සේ යෂාන්ද සිල්වාගේ සිංදුවක රූප රචනයට මම හිටියා. ඒ වගේම ශාන් එන්.කේ.ගේ සොඳුරියේ කියන ගීතයටත් මම රූපරචනයට සම්බන්ධ වුණා.

ෂෙහානිට ර`ගපාන්න ඇරයුම් ලැබුණද?

ඔව්. ආරාධනා ලැඛෙනවා. චාමර පීරිස් මහත්මයාගේ ටෙලි නාට්‍යකට ඇරයුම් ලැබුණා. එහි පිටපත බලලා ඒ ආරාධනාවට කැමැති වෙන්න අදහසක් තියෙනවා.

චිත්‍රපටවලට නම් තවම ආරාධනා ලැබුණේ නැහැ. චිත්‍රපටවලටත් ආරාධනා ලැඛෙයි කියලා හිතනවා.

ෂෙහානිට උදාරිගෙන් රංගනයට උදව් ලැඛෙනවද?

ඔව්. මම නිතරම එයාගෙන් උපදෙස් ගන්නවා. ආරාධනා ලැබුණොත් ඒවාට සම්බන්ධ වෙන්නද කියලා අහනවා.

මට ගැළපෙන දෙයක් තිබුණා නම් අක්කා ඒ ගැන මාව දැනුවත් කරනවා. මොනවද කරන්න ඕන කියලා.

ගුවන් සේවිකාවක් වුණාට පස්සේ කලාවෙන් ඉවත් වෙනවද?

මම ආසයි දිගටම රඟපාන්න. කලා කටයුතුවල නිරත වෙන්න. ඒත් මම රඟපෑම කියන එක වෘත්තියක් විදිහට කරන්නේ නැහැ.

මම වෘත්තියෙන් ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කරන්න තමයි බලා‍පොරොත්තු වෙන්නේ. ඒ අතරතුර රඟපාන කටයුතුත් කරනවා.

දැන් ෂෙහානි ජනප්‍රියද?

මම පුංචි කා‍ලේ ඉඳලා නිර්මාණවලට පෙනී හිටියට අක්කා තරම් මම ජනප්‍රිය නැහැ. අක්කා මට වඩා ජනප්‍රියයි.

අක්කා වැඩිපුර කතාබහට ලක්වුණේ ප්‍රවේගය චිත්‍රපටය නිසයි. මමත් ඒ චිත්‍රපටය නැරඹුවා.

එයාගේ රාජකාරිය එයා හොඳටම කරලා තිබුණා. ඒ නිසා එයාට වැඩිපුර ප්‍රේක්ෂක ආකර්ෂණය ලැඛෙනවා ඇති.

මම අක්කා තරම් ජනප්‍රිය නොවුණට මාව අඳුරගෙන කතා බහකරන අයත් ඉන්නවා. මම වෙළෙඳ දැන්වීම් හා සින්දුවලට රූප රචනා සඳහා සම්බන්ධ වුණ නිසා.

ඉදිරියේදී ජනප්‍රිය නිර්මාණවලට සම්බන්ධ වුණොත් මමත් අක්කා වගේ ජනතාව අතර කතාබහට ලක්වෙයි කියලා හිතෙනවා.

හර්ෂ- වීරරත්න - ඡායාරූප - චමිල කරුණාරත්න



My prices are a bit too much - Udari | Acting is not my job - Shehan

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ ගණන් ටිකක් සැරයි: උදාරි - රගපෑම මගේ රස්සාව නෙමෙයි: ශෙහානි"

    Post a Comment