30 January, 2017

බදු සංශෝධනයෙන් සහල් මිල පහළට

tax-amendment-rice-prices-down

බදු සංශෝධනය හේතුවෙන් ආනයනික සහල් කිලෝවක මිල රුපියල් දහයකින් (10) පමණ පහත බසිනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.ලබන සතියේ සිට නව මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසෙනු ඇති බව එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා 'මව්බිම'ට පැවැසීය.

ආනයනික සහල් සඳහා රුපියල් 15ක විශේෂ වෙළෙඳ බද්ද රුපියල් 5ක් දක්වා පහත දැමීමට ආණ්ඩුව පසුගියදා කටයුතු කළ අතර ඒ අනුව ආනයනික රතු කැකුළු, නාඩු සහ සම්බා යන සහල් වර්ග සඳහා පමණක් පාරිභෝගික ජනතාවට මේ සහනය හිමිවන බවද හෙතෙම සඳහන් කෙළේය.

(සිදත් මෙන්ඩිස්_මව්බිම)

හලාවත මේරියන්ස් පිලට ඉනිමක ජයක්

inter-club-cricket

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ කෝල්ට්ස් සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඉනිමකින් සහ ලකුණු 7 කින් ජයගැනීමට හලාවත මේරියන්ස් පිල ඊයේ (29 වැනිදා) සමත්විය.

දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් කෝල්ට්ස් පිල ලකුණු 39 කට සිමා කිරීමට හලාවත මේරියන්ස් පන්දු යවන්නෝ සමත්වු අතර සධිර සමරවික්‍රම (16) හැර වෙනත් පිතිකරුවකුට ලකුණු පහේ සීමාව පසුකිරීමට නොහැකි විය.

කෝල්ට්ස් දෙවැනි ඉනිම ඕවර 13.4 කට සිමාවූ අතර මාලින්ද පුෂ්පකුමාර ලකුණු 03 කට කඩුඩු 4 ක්, මදුක ලියනපතිරණගේ ලකුණු 02 කට කඩුලු 3 ක් සහ ඉසුරු උදාන ලකුණු 09 කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

28 වැනිදා තරගය නිමාවනවිටදී කඩුලු පහක් ලකුණු 96 කට බිඳවැටී තිබුණු හලාවත මේරියන්ස් පිලට අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 196 ක් පමණි. අකිල ධනංජය සහ ඉෂාන් ජයරත්න කඩුලු තුන බැගින් දවාගැනිමට සමත්විය.

කෝල්ට්ස් - පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(සධීර සමරවික්‍රම 29, ප්‍රභාත් ජයසූරිය 26, අකිල ධනංජය 24, අරෝෂ් ජනෝද 38/7, ඉසුරු උදාන 27/2)

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 196
(විදුර අධිකාරී 21, මහේල උඩවත්ත 27, තීක්ෂිල ද සිල්වා 44, රුක්ෂාන් ප්‍රනාන්දු 36, අරෝෂ් ජනෝද 22, අකිල ධනංජය 11/3, ඉෂාන් ජයරත්න 46/3, ඩිල්රුවන් පෙරේරා 67/2)

කෝල්ට්ස් - දෙවැනි ඉනිම - ඕවර 13.4 කදී සියලුදෙනා දැවී ලකුණු 39
(මාලින්ද පුෂ්පකුමාර 03/4, මදුක ලියනපතිරණගේ 02/3, ඉසුරු උදාන 09/3)
-------------------------------------------------------------------------------------

ළහිරු - ජනිත් ශතක රැස්කරති

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ ද්‍රවිඩ සංගමය සහ රාගම කණ්ඩායම් අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී පළමු ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 212 ක් රැස්කිරීමට රාගම පිල සමත්විය.

ළහිරු මිලන්ත පන්දු 216 කට මුහුණදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 100 ක් සහ ජනිත් ලියනගේ පන්දු 221 කට මුහුණදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 104 රැස්කළ අතර දෙවැනි කඩුල්ල සදහා ලකුණු 212 ක නොබිදුණු සම්බන්ධතාවයක්ද පැවැත්වූහ.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 269 ක් රැස්කර ගෙන සිටි ද්‍රවිඩ සංගම් පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 318 ක් රැස්කිරීමට සමත්විය.

ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම - ඕවර 101.5 කදී සියලුදෙනා දැවී ලකුණු 318
(සිතාර ගිම්හාන් 31, දිනෙත් තිමෝද්‍ය 113, තරංග පරණවිතාන 109, අමිල අපෝන්සු 43/3, චතුර පීරිස් 57/3, ජනිත් ලියනගේ 32/2, නිලංක ප්‍රේමරත්න 84/2)



රාගම - පළමු ඉනිම - ඕවර 73 කදී කඩුල්ලක් දැවී ලකුණු 212
(ළහිරු මිලන්ත නොදැවී 100, ජනිත් ලියනගේ නොදැවී 104)
-------------------------------------------------------------------------------------

එන්.සි.සී. ලකුණු 94 ක් ඉදිරියෙන්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එන්.සි.සී සහ සී.සි.සී. කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 187 ක් රැස්කිරීමට එන්.සි.සී. පිල සමත්විය.

ඊයේ (28 වැනිදා) තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 154 ක් රැස්කර ගෙන සිටි සී.සි.සී. පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 293 ක් රැස්කිරීමට සමත්විය.

රොන් චන්ද්‍රගුප්ත පන්දු පන්දු 213 කට මුහුණදෙමින් හතරේ පහර 12 ක් සමගින් ලකුණු 108 ක් රැස්කරමින් සී.සි.සී. පිල පළමු ඉනිමේදී ඉහළින් තැබීමට සමත්විය. තරිඳු කෞශාල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු හතර බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

එන්.සි.සී. - පළමු ඉනිම - ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 200
(හෂාන් උපේන්ද්‍ර 30, ළහිරු උදාර 40, තිමිර ජයසිංහ 34, අනුක් ප්‍රනාන්දු 43, ළහිරු ගමගේ 52/4, වනිඳු හසරංග 33/2, උස්මාන් ඉශාක් 51/2)

සී.සි.සී. - පළමු ඉනිම - ඕවර 78.2 කදී සියලුදෙනා දැවී ලකුණු 293
(මලිඳු මදුරංග 29, රොන් චන්ද්‍රගුප්ත 108, ලසිත් අබේරත්න 21, රොෂාන් අනුරුද්ධ 29, වනිඳු හසරංග 59, රවීන් සේයර් 25, තරිඳු කෞශාල් 71/4, ලසිත් ඇඹුල්දෙණිය 110/4, )

එන්.සි.සී. - දෙවැනි ඉනිම - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 187
(ජෙහාන් මුබාරක් 46, ඇන්ජලෝ පෙරේරා නොදැවී 43, අනුක් ප්‍රනාන්දු 22, තිමිර ජයසිංහ නොදැවී 39, අශාන් ප්‍රියංජන් 42/2)
-------------------------------------------------------------------------------------

යුද හමුදා පිල අසීරු ගමනක

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සුපිරි අට වටයේ එස්.එස්.සී. සහ යුද හමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය නිමාවන විටදී දෙවැනි ඉනිම ඉනිම සදහා පන්දුවට පහරදෙන යුදහමුදා පිල ලකුණු 51 කට කඩුලු පහක් අහිමිකර ගත්තේය.

28 වැනිදා තරගය නිමාවනවිටදී කඩුලු 3 ක් දැවී ලකුණු 58 ක් රැස්කර ගෙන සිටි එස්.එස්.සී. පිල අද දිනයේදී සියලුදෙනා දැවී පළමු ඉනිම සදහා ලකුණු 323 ක් රැස්කිරීමට සමත්විය.

චරිත් අසලංක සහ දසුන් ශානක අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සීක්කුගේ ප්‍රසන්න කඩුලු තුනක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්විය.

යුද හමුදාව - පළමු ඉනිම - ඕවර 67.3 කදී සියලුදෙනා දැවී ලකුණු 228
(දුෂාන් විමුක්ති 31, ඩිල්ශාන් ද සොයිසා 74, සීක්කුගේ ප්‍රසන්න 40, කසුන් ද සිල්වා 20, සචිත්‍ර සේනානායක 43/4, කසුන් මදුෂංක 29/3, දසුන් ශානක 41/2)

එස්.එස්.සී. - පළමු ඉනිම - ඕවර 81.5 කදී සියලුදෙනා දැවී ලකුණු 323
(මිනෝද් භානුක 28, චරිත් අසලංක 50, කවිඳු කුලසේකර 30, දසුන් ශානක 92, රමේෂ් මෙන්ඩිස් 32, සචිත්‍ර සේනානායක නොදැවී 31, සීක්කුගේ ප්‍රසන්න 84/3, දුශාන් විමුක්ති 35/2, එන්. මෙන්ඩිස් 58/2, මදුක ලියනපතිරණගේ 76/2)

යුද හමුදාව - දෙවැනි ඉනිම - ඕවර 21 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 51
(සීක්කුගේ ප්‍රසන්න නොදැවී 31, දසුන් ශානක 16/3, විමුක්ති පෙරේරා 07/2)

(රොෂාන් ගුණරත්න_විස්ඩන්)

දික්කසාදය දුකක් කියලා මම හිතන්නේ නැහැ

roshan-pilapitiya-article

රොෂාන් මේ දවස්වල නිර්මාණ කිහිපයකින්ම පේන්න ඉන්නවනේ..?

ඔව්. මම රඟපාන සල්සපුනා, ආදරේ සුවඳ අරන්, සිඳු කියන ටෙලිනාට්‍ය තුනම මේ දවස්වල විකාශය වෙනවා.

කාලයක් රොෂාන් පේන්නවත් නෑ. හැබැයි කාලෙකට ඕනවටත් වඩා පේන්න ඉන්නවා.මොකක්ද මේ වෙන්නේ..?

මම පේන්න හිටියේ නැත්තේ මම වැඩ නොකරපු නිසා නෙමෙයි. මම ඒ කාලෙත් වැඩ කළා. හැබැයි ඒ නාට්‍ය විකාශය වෙන්න පෝලිමේ තිබ්බා. ඉතිං මේ දවස්වල අලුත් නාට්‍ය වගේම නාට්‍ය කිහිපයක් රිපීට් ටෙලිකාස්ට් වෙන නිසා වැඩිපුර පේන්න ඉන්නවා කියලා හිතෙනවා ඇති.

ක්ෂේත්‍රයට අලුත් අලුත් ශිල්පීන් එකතුවෙලා හිටියත් රොෂාන්ට තාමත් පෙම්වතාගේ තැන ලැබෙනවා නේද..?

ඔව්. හැබැයි මම පෙම්වතාට විතරක් සීමාවෙලා නැහැ. මම විවිධ චරිත නිරූපණය කරනවා. සිඳු නාට්‍යයේ මම නිරූපණය කරන්නේ කළු චරිතයක්. සල්සපුනා නාට්‍යයේ මම කරන පෙම්වතාගේ චරිතය ගැහැනු කෙනාට කීකරු වුණ පෙම්වතෙක්ගේ චරිතයක්. ආදරේ සුවඳ අරන් ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ කළු සුදු ලක්ෂණ තියෙන පෙම්වතෙක්ගේ චරිතයක්. මේ හැම චරිතයක්ම එකකට එකක් වෙනස්.

රොෂාන්ට පුංචි තිරයේ එදා තිබ්බ ඉල්ලුම තාමත් තියෙනවද..?

ක්ෂේත්‍රයට ආපු කාලේ මම ගොඩක් වැඩ කළා. මම 1988දී ගොළු හදවතෙන් තමයි රංගන කටයුතු පටන් ගත්තේ. එදා ඉඳන් අද වෙනකල් මාසයක්වත් මට වැඩ නොකර ඉන්න වෙලා නැහැ.

දැන් තෝරලා බේරලද වැඩ භාරගන්නේ..?

පුළුවන් තරම් තෝරා ගැනීම් කරනවා. හැබැයි දැන් ටෙලි නාට්‍ය ටිකයි හැදෙන්නේ. මොකද කොරියන්, ඉන්දියන් ටෙලි නාට්‍යයනේ ගොඩක් විකාශය වෙන්නේ.

වේදිකාවටත් රොෂාන් එකතු වෙලා ඉන්නවනේ..?

ඔව්. බල්ලොත් එක්ක බෑ. අලුත් හොරෙක් ඕනෑ. සුදු සහ කළු කියන වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙනවා.

සිනමාව පැත්තේ රොෂාන්ව දකින්න ලැබෙන්නේ අඩුවෙන්නේ..?

නෙලා, වෛශ්නාවි, භවතරණ වගේ චිත්‍රපට කිහිපයකම මම රඟපෑවා. ඒවා තාම තිරගත වුණේ නැති ප්‍රශ්නය තමයි තියෙන්නේ.

අධ්‍යක්ෂණයට ආවොත් නරකද..?

තාමත් මම අධ්‍යක්ෂණයට සුදුසු නෑ කියලා හිතනවා.රංගනයට අද ඊයේ ආපු අයත් අධ්‍යක්ෂණයට එකතු වෙනවා.

රංගනයට ඇවිත් දශක තුනකටත් ළංවෙනවා. තාමන් රොෂාන් අධ්‍යක්ෂණයට සුදුසු මදි කියලද හිතන්නේ..?

වෙන රටවල නම් එහෙම ඕන ඕන විදිහට අධ්‍යක්ෂණයට එන්න බෑ. අපේ රටේ ඕන කෙනෙක්ව අධ්‍යක්ෂවරයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. අධ්‍යක්ෂවරු වීමටත් ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඕන ඕන අය අධ්‍යක්ෂවරු වුණාම නිෂ්පාදකවරුන් අමාරුවේ වැටෙනවා. වාහන එළවන්නත් ලයිසන් ඕන. අධ්‍යක්ෂවරු විදිහටත් ලියාපදිංචි කිරීමක් අවශ්‍යයි. කලාවේ හැම දෙයක්ම ප්‍රමිතිගත වෙන්න ඕන.

ඔබ අධ්‍යක්ෂණයට සුදුසු නෑ කියලා හිතන්නේ ඇයි..?

රංගනය, අධ්‍යක්ෂණය කියන්නේ වෙනම කාර්යයන් දෙකක්. රඟපෑවා කියන එක අධ්‍යක්ෂණයට එන්න ප්‍රධාන වෙන දෙයක් නෙමෙයි. අධ්‍යක්ෂණයට එන්න හැදෑරීමක් අවශ්‍යයි. මමත් කවදාහරි අධ්‍යක්ෂණයට එයි. හැබැයි අද හෙට නෙමෙයි. ඒකට සමහරවිට අවුරුදු දහයක් වුණත් ගතවෙයි. අධ්‍යක්ෂණයට එනවා නම් එන්නේ
ඒ ගැන හැදෑරීමක් කරලා.

කාලෙකට පස්සේ රොෂාන්ගෙ ගීතයකුත් ඇහෙනවා..?

ඔව්. "දකින්න ආවේ" කියන ගීතය ෆේස්බුක්, යූ ටියුබ් හරහා යැව්වා. කාලෙකට පස්සේ ගීතයක් කළේ. මේකත් ආසාවට කළේ. ප්‍රතිචාරත් හොඳයි.

නාලිකාවලට ගීතය දෙන්න අදහසක් නැද්ද..?

දැන් ගීත ප්‍රචාරය කරගන්න පැකේජ් ක්‍රම තියෙනවනේ. මම ඉතිං නිහඬව කරන දේ කරලා පාඩුවේ ඉන්නවා. නාලිකාවලට ගීතය දෙන්න ගියේ නැහැ. මට තරගයකට යන්න අවශ්‍ය නැහැ.

පෞද්ගලික ජීවිතේ වෙනසක් වෙන්නේ නැද්ද..?

ඒ දේ කාලයට ඉඩදීලා තියෙනවා.

ජීවිතේ සතුටින්ද ඉන්නේ..?

ඔව්. මම සතුටින්. මම මානසිකව වැටිලා නැහැ. දික්කසාද වීම මහා දුකක් කියලා මම හිතන්නෙත් නැහැ. හැමදේම මට ලැබුණා. මට ලැබුණ සියල්ල අත්දැකීම්. කිසිම පසුතැවීමක් නැතුව ජීවිත කාලේ සතුටින්ම ඉන්න කෙනෙක් තමයි මම.

තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

හිමිකරුගේ සිතැඟි වලින් පාලනය වන ff 91 කාර් රථය මෙන්න

හිමිකරුගේ සිතැඟි වටහා ගත හැකි කාර් රථයක් මේ වනවිට හඳුන්වා දී තිබෙනවා.

faraday future සමාගම විසින් නිෂ්පාදිත මෙය ff 91 නම්වනවා.

මේ අති නවීන ff 91 මෝටර් රථය එහි ධාවකයාගේ රිය පැදවීමේ රුචිකත්වය නිවැරදිව ග්‍රහණය කර ගැනීමට සමත් අතරම පුළුල් පරාසයක් තුළ විහිදුණු රියැදුරාගේ තෝරා ගැනීම්ද වෙන් කොට හඳුනා ගැනීමට සමත් බවයි පැවසෙන්නේ.

එකිනෙකින් වෙන් වූ ඩිජිටල් උපාංග සහ මෘදුකාංග රාශියක එකමුතුවෙන් තැනෙන ff 91මෝටර් රථය එහි ඇති සුවිශේෂ ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදක මගින් ඔබේ අවශ්‍යතා වටහාගෙන තිබිම නිසා මෙම මෝටර් රථය භාවිත කිරීම ජංගම දුරකථනයක් භාවිත කිරීම තරමටම පහසු කාර්යයක් බවට පත් වනු ඇති.

මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ ස්වයංක්‍රිය දොරටු පද්ධතියයි.

ඔබ ඔබේ ජංගම දුරකථනයෙන් මෝටර් රථය සමග සම්බන්ධවීමෙන් පසුව එය ස්වයංක්‍රියව ඔබට දොරගුළු විවර කර දෙනු ඇති.

දොරගුළු හැරෙන විටම මෝටර් රථය තුළ පරිසරය ඔබට අවශ්‍ය පරිදි සකසා තැබිමට එය වගබලා ගනී.

ඒ අනුව ඇතුළත උෂ්ණත්වය, ආසන සැකැස්ම, ඔබේ රසවින්දනය උදෙසා වූ සංගීතය ආදිය සේම ඔබේ ගමන් මාර්ගයද මෝටර් රථය තනිවම සකසා ගනී.

යම් හෙයකින් ඔබ අත ජංගම දුරකථනය නොමැති නම් ඔබේ මුහුණ හඳුනා ගැනීමෙන් ක්‍රියාත්මක වීමේ හැකියාවද ඒ සතුයි.

මගීන්ගේත් රියැදුරාගේත් සුව පහසුව පිණිස ගුරුත්වාකර්ෂණය ශුන්‍ය කරමින් සකසා ඇති ff 91 හි ආසන ඔබේ බර තුලනය කරමින් වඩා සුව පහසු ඉරියව්වක් ලබා දෙනු ඇති.

රියැදුරකු නැතිව ගමන් කිරීමේ හැකියාව ff 91සතු නිසා වාහනය ගාල් කිරීමකින් තොරව වුවද ඔබට ඉන් බැස යා හැකියි.

මෙම කාර් රථය වෙළඳ‍පොළට නිකුත් කරන්නේ 2018 වසරෙදී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.





29 January, 2017

අධිවේගී මාර්ගයේ වැලිපන්නේ ‘මළපහ දුටු ඇමතිට’ මලපැන්න හැටි (Video)

highway-welipenna-entrance

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලිකව පවත්වාගෙන යන වැලිපැන්න සේවා ස්ථානය වෙත පැමිණෙන ජනතාවට එහි සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේදී දැඩි ගැටළු රැසකට මුහුණ පෑමට සිදු වන බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

ඒ අනුව කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව එහි ගිය පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා පළමුව එහි වැසිකිලි පද්ධතිය පරික්ෂා කල අතර එහිදී අනාවරණය වූනේ උපකරණ කිසිදු නඩත්තුවකින් තොරව පවත්වාගෙන යන බවයි.

එහිදී අදාල බලධාරීන් ඇමතු අමාත්‍යවරයා අනතුරුව සේවා ස්ථානයෙහි අපද්‍රවය හා මලප්‍රවාහන පද්ධතියේ ඇති ගැටළුද සොයා බැලුවා.

මේ අතර සේවා ස්ථානයේ ජල සැපයුම පිළිබදවද සොයා බැලු අතර එහිදී අනාවරණ වුනේ මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් දැනට භාවිතයට නුසුදුසු බවට තීරණය කර ඇති ජලය මෙම සේවා ස්ථානයට බවුසර මගින් රැගෙන එන බවයි.

එම ජලය නිකුත් කරනු ලබන්නේ කළුතර කෙත්හෙන ජල පවිත්‍රා ගාරයෙන්.

එමෙන්ම මෙලෙස රැගෙන එනු ලැබූ ජලය තව දුරටත් අපිරිසිදු වන ආකාරයෙන් භූගත කර තිබුන අතර පොලිසිය හා සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත් කිරීමෙන් පසුව එහිදී මුහුදු ජලය මිශ්‍ර ජල බවුසර් 02ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

සේවා ස්ථානය භාර අධ්‍යක්ෂක මණ්ඩලයට නඩු පැවරීමට ද එහිදී තීරණය කෙරුණා.

පැය 12 ට අධික කාලයක් සේවා ස්ථානයේ රැදී සිටි නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේ ගල් තුඩුව ගම්මානයට හරවා තිබු මලප්‍රවාහන පද්ධතිය අළුයම 1ට පමණ විධිමත්ව ස්ථාපිත කිරීමෙන් අනතුරුවයි.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.



_නෙත්ගොසිප්

“එපා එන්න කියලා - මොකෝ මැණිකෙ කීවේ”

bandage-wakkiya

නිමලෙ ජෝතිපාල උන්නැහේගේ සින්දුවක් ගායනා කොරමින් අබිලිංගෙ කඩේට ගොඩ උනා. අබිලිංගෙ මායියා ගස්සගෙන කඩේ ඇතුළට ගියා.

අබිලිං කට ඇරගෙන ටීවී පෙට්ටියේ වාදයක් දිහා බලාගෙන. කඩේට බඩු ගන්ඩ ආපු උදවිය බක්කිඔල මොනවක්කත් ම නැති හින්දා හැරිලා යද්දි නිමලෙගෙ කොලුවා ලූණු සිවිඔලට පිඹිනවා.

“හැබැහැට නිමලෙ මොන හේතුවකට ද නුගේගොඩට එන්ඩ එපා කියන්ඩ ඇත්තෙ?

“එතුම ද?”

“ඔව් ඔව් එතුමා තමයි”

“පහුගිය දවස්ඔල නියඟය දුරුවෙලා වහින්ඩ කියලා ජයපිරිත් එහෙම සජ්ජායනා කොළානෙ. ඉතිං ඒකෙ පොරතිපල විදියට වහියි කියලා හිතලා. මැති ඇමතිවරුන්ට හෙම්බිරිස්සා හැදු‍ණොත් පෙරළිය කොරන්ඩ කෙනෙක් නැතුව යන හින්දා වෙන්ඩැති”

“හද්දෙයියනේ! එතකොට මහජනයා තෙමෙන්නැද්ද”

“ඔව්වට එන්නෙ වැහි පිට වැහි දාහක් වැස්සත් මී හරක් වාගෙ පදං වෙලා ඉන්න දේසප්‍රේමියො නෙවැ. ඒ හින්දා පුරස්නයක් නෑ”

“ඒක නං පිළිගන්ඩ බෑ. ඕකෙ වෙන මොකක් හරි හොරයක් තියෙනවා”

“ජනතා පීඩනේට මැදිවෙලා උන්නැහෙලගෙ වාහන එහාට මෙහාට කර ගන්ඩ බැරිවෙයි කියන බයට වෙන්ඩ බැරි ද?”

“ඒකට ඉතිං පොලිස්සියෙ මහත්තුරු ඉන්නවනෙ. එහාට මෙහාට කරලා දෙයි”

“මැති ඇමතිවරු ඔක්කොම ආවොත් ආණ්ඩුව පෙරළෙයි කියලා බයට අනුකම්පාවට වෙන්ඩ බැරි ද? එතුමා පොරොජාතන්තරේ ගරු කරන උත්තමයෙක් නෙවැ.”

“ඒක නං කොහොමවත් වෙන්ඩ බෑ. පෙරළෙනකං නින්දක් නැතිව නෙ ඉන්නෙ”

“ආණ්ඩුවෙ ඇමතිකං ගත්තා කියලා මහජනතාව පහර දෙයි කියන බයට වෙන්ඩ බැරි ද?”

“මේ සිරිලංකාවෙ කවද්ද ඇමතිවරුන්ට ගැහුවෙ. ඇමතිවරු ගැහුවා මිසක්. ලණුඔලින් බැන්දා මිසක්.”

“මම දන්නවා එපා එන්න කියපු කාරණේ”

අබිලිං මැද්දට පැන්නා.

“කොහොමද දන්නෙ? හැබෑට ම මොකද්ද හේතුව?”

“මේ දවස්සොල උන්නැහේට රටපුරා පංසල්ඔල සංගාවාස විවුර්ත කොරන්න ආරාදනා ලැබෙනවා”

“ඉතිං?”

“බුද්දාගමට යි රට ජාතියට යි තියන ආදරේ හින්දා එව්වට නොයා ඉන්නෙ නෑ”

“ඉතිං?”

“නුගේගොඩ රැස්සීම දවසෙත් සංගාවාස විවුර්ත කෙරිල්ලක්”

“ඉතිං?”

“ඉතිං එතුමා ඒ වැඩේට යනවා. නුගේගොඩට පුතා එවනවා. මැති ඇමතිවරුන්ට එන්ඩ එපා කිව්වෙ ඒකයි. තමුන්නැහෙ නැති රැස්සීමට අපට එන්ඩ කීවෙ මොකද කියලා ප්‍රස්න කරයි කියන බයට”

නිමලෙ ආයෙ වතාවක් එපා එන්න කියලා සින්දුව ගායනා කොළා. ඒක තමුන්ට නෙමේ අනුන්ට කියපු එකක් බව තේරිල ද කොහෙද අබිලිංගෙ මායියා මල් හිනාවක් දාගෙන එළියට ආවා.

_සිළුමිණ

හිතුමනාපෙට පෙම් කරපු මිලින්ද මෙදා සැරේ කළ වැඩේ

milinda-sandaruwan-article

හිතුමනාපෙට පෙම් කළාට පස්සේ මොකක්ද මේ කරලා තියෙන අලුත් වැඩේ?

'හිතුමනාපෙට පෙම් කළාට' කියන ගීතය කළාට පස්සේ මම කරපු අලුත්ම ගීතය තමයි 'හැමටත් වඩා' කියන්නේ. අවුරුද්දකට විතර පස්සේ ගීතයක් රිලීස් කළේ. මේ ගීතය ලිව්වේ සජිත් වී. චතුරංග. මියුසික් කළේ චන්දන වල්පොළ. මියුසික් වීඩියෝව කළේ හරි ක්‍රියේෂන් එක. වැඩේ ලස්සනට කෙරුණා.

ගීතයක් රසිකයන් අතරට ගේන්න ලොකු කාලයක් ගන්නවා වගේ?

ඔව්. මම ළඟ ළඟම ගීත එළියට දැම්මේ නෑ. එක ගීතයක් රසිකයන්ට ටික කාලයක් අහන්න දීල තමයි අලුත් ගීතය රිලීස් කළේ. 'හිතුමනාපෙට පෙම් කළාට' ගීතයත් තාමත් රසිකයෝ අහනවා.

හැමටත් වඩා ගීතයත් රසිකයන්ට ළංවෙලා තියෙනවද?

ඔව්. යූ ටියුබ් මඪඥඹඵ වැඩි ප්‍රමාණයක් දැනටමත් තියෙනවා. ෂෝවලට ගියාමත් ඒ ගීතය සෑහෙන පිරිසක් ඉල්ලනවා. ගීතයට ලැබෙන ප්‍රතිචාර හොඳයි.

ගීතය ප්‍රචාරය කරගන්න මිලින්දට නාළිකාවලින් සහයක් ලැබෙනවද?

සමහර නාළිකාවල මගේ ගීතය ප්‍රචාරය වෙනවා. කොහොම වුණත් චැනල්වලට වඩා ප්‍රසංග වේදිකාවෙන් මේ ගීතය රසිකයන් අතරට ගිහින් තියෙනවා. වීඩියෝ එක කරන්න කලින්ම ගීතය රසිකයෝ වැලඳගත්තා.

බූට් සින්දු කරන්නේ මාකට් වෙන නිසාද?

මෙහෙමයි. විරහ ගීත හිට් වෙන්නේ කාගේ ජීවිතවලත් එවැනි අත්දැකීම් වැඩි නිසා. එහෙම වුණාම ඒ ගීතය අහන අයට ගීතය ජීවිතේ කොටසක් වගේ දැනෙනවා. ඉතින් ආදර ගීත, විරහ ගීත කළාට ප්‍රශ්නයක් නැහැ. ඒවා මාකට් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල එවැනි කොටසකුත් තියෙන නිසානේ.

දැන් ඔය ගීතයේ මිලින්දගේ ජීවිතේ කොටසකුත් තියෙනවද?

මේක මගේ ජීවිතේට කිසිම සම්බන්ධයක් නැහැ. මම අනෙක් අයගේ ජීවිත ගැන කියලා සින්දු හදන්නෙත් නෑ. හැබැයි කරන ගීත අනෙක් අයගේ ජීවිතවල අත්දැකීම් වෙලා තියෙනවා. මම මේ ගීතය ගැයුවේ මම ඒ ගීතයට ආස නිසා.

මිලින්ද මේ දවස්වල Feed Back එක්කත් කාර්යබහුල වෙලා වගේ?

ඔව්. මම Feed back බෑන්ඩ් එකට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. බෑන්ඩ් එකත් එක්ක වැඩ කරගෙන යනවා. 24 වැනිදා අපි ප්‍රසංගයකට කොරියාත් යනවා. බෑන්ඩ් එකට එකතු වුණාට පස්සේ මට ලොකු රසික පිරිසක් හැදුණා. මගේ වැඩවලටත් බෑන්ඩ් එකේ පිරිසගෙන් ලොකු සහායක් ලැබෙනවා.

බෑන්ඩ් ලීඩර්ස්ලා, කණ්ඩායමේ අනෙක් ශිල්පීන්ට මතු වෙන්න දෙන්නෙ අඩුවෙන්ලු. මිලින්දට එහෙම ප්‍රශ්න නැද්ද?

එහෙම ලීඩර්ස්ලා ඇති. හැබැයි අපේ බෑන්ඩ් එකේ ලීඩර් චමල් වර්ණකුල අයියා ඒ වගේ චරිතයක් නෙවෙයි. එයා ගායනය, වාදනය පැත්තෙන් චරිතයක් වුණු කෙනෙක්. එයා අනෙක් අයට කපන්නේ නැහැ. චමල් අයියා කියන්නේ හොඳ මනුස්සයෙක්. අපි ඉස්සරහට යන එක එයාට ප්‍රශ්නයක් නෙවෙයි. ඔහුගෙන් වගේම කණ්ඩායමේ අනෙක් අයගෙනුත් මට සහයෝගයක් ලැබෙනවා.

මිලින්දව විතරක් සහභාගි කරගන්න ප්‍රසංගවලට යන්නේ නෑ කියන්නේ ඇත්තද?

බෑන්ඩ් එකට ෂෝ නැති දවස්වලට මම අනෙක් ප්‍රසංගවලට යනවා. මම බෑන්ඩ් එකට ගිය දවසේ ඉඳන් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා ෂෝ නැතිව ගෙදර ඉඳලා නෑ. ඒ තරම් අපිට වැඩ ලැබෙනවා. බෑන්ඩ් එක, එක තැනක නතචර කරද්දි මට දුර තැනක ෂෝ එකකට ගිහින් එන්න බෑනේ. මම කැමැති නැහැ කාටවත් අසාධාරණයක් කරන්න. මට පුළුවන් වෙලාවක් තිබ්බොත් මම ලැබෙන ආරාධනාවලට නොගිහින් ඉඳලා නෑ.

පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු. දැන් මිලින්ද දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්නේ?

ඔව්. දුවට දැන් අවුරුදු තුනහමාරයි. පුතාට අවුරුදු එකහමාරයි. බිරියයි මමයි දරුවෝ දෙන්නයි සුපුරුදු විදියට සතුටින් ඉන්නවා.

බිරියගෙන් මිලින්දගේ වැඩවලට හොඳ සහයෝගයක් ලැබෙනවද?

ඔව්. එයා මාව තේරුම් අරගෙන මගේ වැඩවලට උපරිම සහයෝගය දෙනවා.

(තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම)

එළිසබත් මහ රැජිනට නිල් මැණිකක් තෑගි දී අතුරුදන් වූ කොටිපති ව්‍යාපාරික නිමල් පතිරණ

nimal-pathirana-blue-sapphire-queen-elizabeth-1

හිටපු ගමන් සාලේ මැද්දෙන් සුදු ඇඳුමක්‌ ඇඳපු රූපයක්‌ මතුවුණා..

ආයුධයක් ගන්න කාමරේට යන්න නැගිට්ටත් මට නැගිටගන්න බැරිවුණා...

1980 අවුරුද්දේ ජනවාරි 17 වැනිදා රත්නපුරේ මැණික්‌ ව්‍යාපාරික නිමල් පතිරණට හදිසි වාසනාවක්‌ උදා කළ දවසකි.

එදා උදේ 10 ට පමණ පැරැණි මිතුරෙක්‌ තවත් හතර දෙනකු සමඟ ඔහු හමුවීමට ආවේය.

බේබි සිංඤො නමැති මේ මිතුරා නිමල් පතිරණට මැණික්‌ ගල් ගෙනා ගල් බ්‍රෝකර් කෙනෙකි.

1979 තෙක්‌ නිතර නිතර පතිරණ හමුවී මැණික්‌ සැපයුව ද ඉන්පසු බේබි සිංඤො අතුරුදන් වෙයි.

පසුව ඔහු රක්‌වානේ පොතුපිටියේ පතලක්‌ බැස ඇති බවට පතිරණට පණිවුඩයක්‌ එන්නේය. බේබි සිංඤො අතට හොඳ ගලක්‌ හමුවුණොත් ඔහු අනිවාර්යයෙන් තමා වෙත එන බව නිමල් පතිරණ දන්නේය

එය එසේම සිදුවිය. බේබි සිංඤො එදා පැමිණ සිටියේ රාත්තල් එකහමාරක්‌ බර ගලක්‌ රැගෙනය.

"මොකක්‌ද මේක.......?" නිමල් පතිරණ ඇසුවේය.

"නිලක්‌" බෙබි සිංඤො කීවේය. මෙච්චර හොඳ ගලක්‌ ආයි මේ ආත්මෙදී හම්බ වෙන්නෙ නැහැ."

නිමල් පතිරණ ගල පිරික්‌සුවේය. මේ ආත්මයේ නොව ලබන ආත්මයේදීවත් මෙවැනි ගලක්‌ නොලැබෙන බව ඔහු සිතින් තක්‌සේරු කර ගත්තේය. "ගලට කීයක්‌ බලාපොරොත්තු වෙනවද?" ඔහු ඇසුවේය.

"අඩුම ගණනේ ලක්‍ෂ සීයක්‌වත් ඕනෑ. හරියට කපා ගත්තොත් ලක්‍ෂ පන්දාහකට එහා ඔය ගලෙන් හම්බ කරන්න පුළුවන්" ඒ බේබි සිංඤො ගේ උත්තරය ය.

නිමල් පතිරණ ගල කිරා බැලුවේය. කැරට්‌ බරෙන් නම් කැට්‌ 3250 ක්‌ එතැන විය. ගල නැවතත් පෙරළා බැලූ පතිරණ එයට යටින් ටෝච් එක ගසා මෙසේ කීවේය. "මැද පැල්මක්‌ තියෙනවා නේද?"

"මේකනෙ නිමල් මහත්තයා වැඩේ. කැරට්‌ 3250 ක ගලක්‌ ඒ බර තියාගන්නට කපන රටක්‌ නැහැනෙ. මේ ගලත් එහෙමයි.

පැල්ම තියෙන තැනින් ගල ඉරා ගන්න හැකි. ඊට පස්‌සෙ තව කෑලි කීයකට නම් මේක වෙන් කර ගත හැකිද? එක කෑල්ලකින් කෝටි කීයක්‌ නම් හොයන්න හැකිද?

"කීයක්‌ ඉරුවත් ලක්‍ෂ 100 ක්‌ නම් දෙන්න බැහැ. එහෙම දෙන්න සල්ලි මා ළඟ තියා කා ළඟවත් ඇත්තෙත් නැහැ...... නිමල් පතිරණ කීවේය. ලක්‍ෂ 30 ක්‌ දෙන්නම්..."
"හැත්තෑපහක්‌ දෙන්න." බේබි සිංඤො කීවේය.

"තිස්‌පහක්‌ දෙන්නම්."

"කෙරෙන්නම කතා කරමු නිමල් මහත්තයා..." බේබි සිංඤො ස්‌ථිර හඬින් කීවේය. පනහක්‌ දෙන්න...."

"හොඳයි හතළිහක්‌ දෙන්නම්....." නිමල් පතිරණ තම දැතේ තිබූ ගල බේබි සිංඤො අතට දෙමින් හිඳ සිටි තැනින් නැඟී සිටියේය. කතා නොකළ බේබි සිංඤො එකඟත්වය පළ කරමින් හිස සැලුවේය.

රුපියල් ලක්‍ෂ 40 කට සීයේ නෝට්‌ටු හතළිස්‌ දහසක්‌ තිබේ. පනහේ නෝට්‌ටු අසූදාහක්‌ තිබේ. නිමල් පතිරණගේ සල්ලි සේප්පුවල ලක්‍ෂ 90 කට වඩා තබිණ. ඔහු කල්පනා කළේ මේ තරම් විශාල මුදල් තොගයක්‌ බේබි සිංඤො ගෙදර ගෙන යන්නේ කොහොමද යනුවෙනි.

අන්තිමේදී බේබි සිංඤො සමඟ සාකච්ඡා කළ ඔහු බේබි අතට සත 25 ක්‌ දී ළඟම පිහිටි සිල්ලර කඩෙන් හිස්‌ හාල් ගෝනි 2 ක්‌ රැගෙන එන ලෙස කීවේය.

"ඒ මොකටද...?" බේබි ඇසුවේය. මැණික්‌ ගල් බ්‍රොකර් කෙනෙකු වූ බේබි සල්ලි විශාල ප්‍රමාණවලින් ගනුදෙනු කර තිබුණේනැත.

ඒ බැවින් විශාල මුදල් තොගයක පරිමාව හෝ විභවය ඔහුට නොතේරෙන බව නිමල් පතිරණට වැටහින.

තමා ලක්‍ෂ 40 ගෙවීමට යන්නේ රුපියල් සියයේ නෝට්‌ටු සහ පනහේ මුදල් නෝට්‌ටුවලින් කලවමේ බැවින් එතැන නෝට්‌ටු හැටදහසක්‌ පමණ විය හැකිබව ඔහු බේබි සිංඤොට පෙන්වා දුන්නේය.

අන්තිමේදී මුදල් තොගය එකක්‌ සත 10ක්‌වූ ගෝනි දෙකක බහා ඒවා උඩින් එළවළු අතුරා කටවල් හොඳින් බඳින ලදී. බේබි සිංඤො ඇතුළු පිරිස ඒවා කර තබාගෙන නික්‌ම ගියහ.

නිමල් පතිරණ එදා මැදියම් රෑ ඉක්‌මවන තුරුත් අවදිව සිට කල්පනා කළේ මැණික්‌ ගලට කුමක්‌ කරන්නේ ද යන්නය. එය එහෙමම තායි මැණික්‌ වෙළෙන්දෙකුට විකුණනවාද?, එහෙමත් නැත්නම් කැබලිවලට ඉරා කපා ඔප දමා විකුණනවාද යන්න තේරුම් බේරුම් කර ගැනීමට ඔහුට බැරි විය.

මේ ඔහු 1980 ජනවාරි 17 වැනිදා මධ්‍යම රාත්‍රියේදී තමා අත්විඳි දේ ගැන නිමල් පතිරණ තම වචනවලින් පැහැදිලි කරන කතාවය.

"එතකොට මට වයස තිහකට වඩා නැහැ. සල්ලි - මැණික්‌ ගෙදර තියෙන නිසා මම හැම තිස්‌සෙම සූදානමින් හිටපු කෙනෙක්‌. ඔන්න එදා රෑ 12ට විතර මම සාලේ පුටුවකට වෙලා කල්පනා කළා ගලට මොකද කරන්නේ කියලා. ගෙදර ඔක්‌කොමලා නිදි. හිටපු ගමන් සාලේ මැද්දෙන් සුදු ඇඳුමක්‌ ඇඳපු රූපයක්‌ මතුවුණා. ආයුධයක්‌ ගන්න කාමරේට යන්න නැගිට්‌ටත් මට නැගිට ගන්න බැහැ. පුටුවට බැඳලා වගේ. සුදුපාට රූපෙ කතා කරන්න පටන් ගත්තා. ඕක හරි වටින මැණිකක්‌. දැන් උඹ ලංකාවේ ලොකුම කෝටිපතියා වෙලා ඉවරයි. හැබැයි ඔය මැණික හිතු මතයට කපන්න එපා. ඊට කලින් උඹ රත්නපුරේ මහ සමන් දේවාලෙට ගිහින් පූජාවක්‌ කරන්න ඕනෑ. එහෙම කියලා රූපය අතුරුදන් වුණා.."

ලැබුණු උපදෙස්‌ ඒ හැටියටම අනුගමනය කරමින් නිමල් පතිරණ සමන් දෙවි හාමුදුරුවන්ට පූජාවක්‌ පවත්වා ගල කැබලිවලට ඉරුවේය.

මේ ගලෙන් කැරට්‌ 22 ක්‌ බර කොටසක්‌ කපා ඔප දමා ළඟ තබා ගත් ඔහු ඉතිරිය එසේම කපා ඔප කර ලොව පුරා වික්‌කේය.

ඒ කාලයේ හැටියට ඔහු එයින් රුපියල් කෝටි 100 කට එහා ඉපැයිය යුතුය. එහෙත් ඔහු කීයක්‌ උපයන ලද්දේ දැයි අප දන්නේ නැත.

1981 දී බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජන ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණියාය.
යටත් විජිත රසික සමාජයේ සභාපති ලෙස හැසිරුණ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ඇය වෙනුවෙන් බොහෝ උත්සව පවත්වා කොළඹ ජනාධිපති මැඳුරේදී මැණික්‌ ප්‍රදර්ශනයක්‌ ද සංවිධානය කළේය.

විශාල සිප්පි කටුවක්‌ මැද තැබූ නිමල් පතිරණයට අයත් කැරට්‌ 22 නිල් මැණික ඔහු ඒ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේය. තියුණු ආලෝක ධාරාවක්‌ මැණික මතට එල්ලකර එය කැපී පෙනීමට සැලැස්‌වීමට සංවිධායකයෝ කටයුතු කර තිබිණි.

හරියටම එදා උදේ 10.30 ට මහ රැජන ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති මන්දිරයට ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස සෑහෙන වේලාවක්‌ බලා සිටි ඇය ප්‍රදර්ශනය නැවත වරක්‌ නැරඹීමට හවස්‌ වරුවේ එන බව කියා නික්‌ම ගියාය.

හවස හතරයි පහට ඡේ. ආර්. සමඟ මහරැජන නැවත එහි ආවාය. නිමල් පතිරණගේ මැණික දෙස බොහෝ වේලාවක්‌ බලා සිට ඇය ජනාධිපති ඡේ. ආර්.ගෙන් කිසිවක්‌ ඇසුවාය.

ඊළඟ මොහොතේදී නිමල් පතිරණ දෙසට හැරුණු ඡේ. ආර්. මෙසේ විමසීය.

"නිමල් කැමතිද මහ රැජනට මේ මැණික තෑගි දෙන්න..?"
නිමල් පතිරණ දැන් කිව යුත්තේ කුමක්‌ද? මෙතැන නිමල් පතිරණ වෙනුවට ඔබ සිටියේ නම්, ඔබ කරන්නේ කුමක්‌ද?

"හොඳයි සර් අතින්ම මේක එතුමියට තෑගි දෙන්න......" නිමල් පතිරණ කීවේය.

ඡේ. ආර්. වහාම මැණික ගෙන දෝතින්ම මහ රැජනට දුන්නාය. ඇයද වෙන මිනිහකුට අයත් නිල් මැණික ඡේ. ආර්. අතින් ලබාගෙන නිමල් පතිරණට ස්‌තුති කර නික්‌ම ගියාය.

1947 දී රත්නපුරයේදී උපන් නිමල් පතිරණ මැණික්‌ පරම්පරාවකට අයත් කෙනෙකි. ඔහුගේ පියා සහ බාප්පලා මෙරට සිංහල - බෞද්ධ මැණික්‌ ව්‍යාපාරික ප්‍රජාවගේ සමාරම්භක සාමාජිකයෝ ය. අවුරුදු 22 දී මැණික්‌ ව්‍යාපාරයට ඔහු එන විට ඔහු වැනිම තවත් තරුණ සිංහලයන් පිරිසක්‌ එම ව්‍යාපාරයට අවතීර්ණ වූහ. ජිනදාස ගුරුගේ, රත්නාලෝක මුදලාලි, විජය නිල්මිණි මුදලාලි ඒ අතර වූහ.

ඇහැලියගොඩ බුලත් මුදලාලි ඔවුන් අතර යෝධයා විය. නලීම් හඡ්ජියාර් මැණික්‌ ව්‍යාපාරික මුස්‌ලිම් ප්‍රජාවගේ ප්‍රමුඛයා ය.

රත්නපුරේ ඇලෝසියස්‌ විදුහලේ උගත් නිමල් පතිරණ වයස 40 වන විට රත්නපුරේ ධනවත්ම මැණික්‌ ව්‍යාපාරිකයාව සිටියේය. ඔහුට අයත් සංචාරක හෝටලයක්‌ රත්නපුරයේ විය.

රටේ හැම තැනකම ඉඩම්ද, කොළඹ බාන්ස්‌ පෙදෙසේ ගෙයක්‌ ද ඔහුට විය. ඔහු ඒ නිවස මිලට ගත්තේ තම දරුවන් එහි පදිංචි කරවා, කොළඹ ඉස්‌කෝලවලට යෑවීමටය.

දරුවන්ගේ තනියට බිරිය ද එහි පදිංචි කළ ඔහු රත්නපුරයට වී සිය ව්‍යාපාර කටයුතු බලා ගත්තේය. සේවකයන් සමඟ මහා මන්දිරයක තනිව ජීවත් වූ ඔහු සතුව වසර සිය ගණනක්‌ පරණ මෝටර් රථ කිහිපයක්‌ සහ පුරාවස්‌තු රැසක්‌ තිබිණ.

ඔහු ජීවත් වූ මහා මන්දිරය මැද තෙත් වන ගහනයක්‌ වැනි කුඩා උයනක්‌ වූ බවත් එහි ජලජ ජීවීන් මෙන්ම දිය ගොඩ දෙකෙහිම වසන උභය ජීවීන් ද ජීවත් වූ බව මේ ලියුම්කරුට මතකය.

පසු කාලයේදී නිමල් පතිරණගේ ආර්ථිකය පරිහානියට පත් විය. ඉන් පසු ඔහු ගැන කිසිදු ආරංචියක්‌ නොලැබිණ. ඔහු සමඟ කිට්‌ටු ඇසුරක්‌ ද තිබිණි. අවසානයේදී ඔහු ගැන ලැබෙන අලුත්ම ආරංචිය වන්නේ ඔහු අතුරුදන් වූ බවය.

නිමල් පතිරණ හොඳ සිහියෙන් සිටියේ නම් කවදාවත් මඟ වැරදීමකට ලක්‌වීමට හෝ ඉබාගාතේ ගොස්‌ අතුරුදන් වීමකට පත්වන කෙනෙකු නොවේ. ඔහු තරම් පිටරටවල සංචාරය කළ වෙනත් ව්‍යාපාරිකයකු සොයා ගැනීමට අපහසුය.

වරක්‌ ඔහු තමා සතු පාස්‌පෝට්‌ 87 ක්‌ මේ ලියුම්කරුට පෙන්විය.ඇතැම් විට ඔහුගේ පාස්‌පෝට්‌ මාස තුනකින් පිරී ගිය අතර ඔහු අවුරුද්දකට පාස්‌පෝට්‌ 3 ක්‌ පමණ ලබාගෙන තිබිණි.

නිමල් පතිරණගෙන් තෑගි වශයෙන් ඉල්ලාගත් කැරට්‌ 22 නිල් මැණික මාලිගයට ගෙන ගිය මහ රැජන එය චාල්ස්‌ - ඩයනා විවාහ ගිවිස ගන්නා විට ඩයනාගේ මුදුවට එබ්බවීම සඳහා තෑගි කළාය.

සුදු රත්තරනින් තැනූ එම මුදුවට ගල එබ්බවූ රන් කරුවෝ, හොඳම වර්ගයේ දියමන්ති රවුමක්‌ ගල වටා ඇල්ලූහ. මීට වසර කිහිපයකට ඔටුන්න හිමි විලියම් කුමාරයා සමඟ කේට්‌ කුමරිය විවාහ වන විට ඇයට පළඳවන ලද්දේද ඩයනා දැමූ එම මුදුවය.

එය පරම්පරාවෙන් පරම්පරාවට රාජකීය තරුණියන්ගේ අත්වල විවාහ ගිවිස ගැනීමේ මුදුවක්‌ ලෙස දිලෙනවා ඇත.

ඒ අගනා මැණික තිබෙන තැන සහ එහි නූතන හිමිකරුවන් ගැන ලොවම දනිති. එහෙත් එහි අයිතිකරු වූ නිමල් පතිරණ සිටින තැන කවුරුවත් දැන සිටියේ නැත.

nimal-pathirana-blue-sapphire-queen-elizabeth-2

nimal-pathirana-blue-sapphire-queen-elizabeth-3-diana-kate

_හිරුගොසිප්

ටොයොටා සමාගම ‘පළමු වරට ලංකාවට දෙන’ 1000cc කාරයේ මිළ ගණන් මෙන්න

ශ්‍රී ලංකාව තුළ පළමු වරට 1000cc කාණ්ඩයේ ටොයොටා රථයක් වන 'wigo' කාරය ටොයොටා සමාගම විසින් හඳුන්වා දුන්නා.

ඉතා පහසු මිලකට මෙය වෙළඳපොළට නිකුත් කර ඇති අතර සුවපහසු මෙන්ම පහසු මිළට ලබාගත හැකියි.

මෙම කාණ්ඩයේ රථ පිළිබඳව වත්තල, රත්මලාන, කුරුණෑගල, මීගමුව සහ රත්මලාන ප්‍රදර්ශනාගාරවලින් තොරතුරු ලබාගත හැකි වනවා.

වර්ණ හයකින් 'wigo' කාරය ලබා ගත හැකි බව සහ එකක මිළ රුපියල් 3,495,000/- ක් පමණ වනු ඇති බවයි වාර්තා වන්නේ.

'wigo' රථයේ ඇති විශේෂතා පහතින් කියවන්න.




toyota-wigo-1000cc-spec-2

toyota-wigo-1000cc-colors-2











විශ්ව රූ රැජණ සඳහා හෙට තරග වදින ලාංකික තරුණිය

jayathi-de-silva-03

විශ්ව රූ රැජණ තරඟය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජයති ද සිල්වායි.

විසිහය හැවිරිදි උගත් තරුණියක වන ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිවන අතර මේ වනවිට විශ්ව රූ රැජණ තරඟයට සහභාගී වීමට පිලිපීනයේ රැඳී සිටිනවා.

මෙම තරගයේ අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට( 30 ) දිනයි.

තරඟයේ අවසන් 12 අතරට ඇයව ඇතුළත් කිරීම සඳහා http://vote.missuniverse.com වෙබ් අඩවියට ගොස් මනාපය පළ කිරීමට හැකි අතර නැතහොත් ට්විටර් අඩවියේ Miss Universe හෑෂ් ටැගය භාවිතා කිරීමට හැකිවනවා.

ඒ සම්බන්ධයෙන් ජයති ද සිල්වා කරන කරුණු පැහැදිලි කිරීම පහතින් නැරඹිය හැකියි.



-නෙත්

ඕෂධීව හසුරුවාගන්න මට හරි ‍ලේසියි – රිචී ෆර්නැන්ඩස්

richie-fernandez-article

ආන්දෝලනාත්මක ආශාවරී ගීත වීඩියෝවේ ප්‍රධාන චරිතයට පෙනී ඉන්න රිචී ෆර්නැන්ඩස් ලංකාවේ අපට අලුත් මුහුණක්. අභියෝගයක් හැටියට භාරගත්ත චරිතය ගැන කතා කරන්න රිචී හඬ අවදි කළේ මෙහෙමයි.

රිචී අපි අතීතයෙන් කතාව අරඹමුද?
හරි. මම ඉගෙන ගත්තේ වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙන්. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ රැකියා කිහිපයක්ම කළා. ඊට පස්සේ 2013 අවුරුද්දෙදි අහම්බෙන් වගේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

මොකක්ද ඒ අහම්බය?
මොඩ්ලින් කරන්න කැමැත්තෙන් හිටපු යාළුවෙක්ව මොඩ්ලින් පන්තියකට අරලන්න මම ගියා. එතකොට එතැන ඉඳපු ගුරුවරයා මගෙන් ඇහුවා ඇයි මම මොඩ්ලින් කරන්න කැමති නැත්තේ කියලා. ඇත්තටම ඒ කීමට තමයි මම නිරූපණය ඉගෙන ගන්න පටන් ගත්තේ.

රිචී නිරූපණ තරග කිහිපයකම ජයග්‍රහණය ලබා තිබෙන කෙනෙක් නේද?
ඔව්. මම මිස්ටර් ශ්‍රී ලංකා තරගයේ අවසාන වටයේ ජයග්‍රාහකයන් 10 දෙනා අතරට ආපු කෙනෙක්. ඒවගේම ර්චද ඩ්භදබ දබඥපදචබඪධදචත කියන ජාත්‍යන්තර තරගයේ හොඳම පස්දෙනා අතරට ආවා.

මියුසික් වීඩියෝ කලාවට අතගැහුවේ කොහොමද?
නිරූපණ ශිල්පියෙක් විදියට මියුසික් වීඩියෝ කලාවට එකතුවුණා. දැනට සිංදු 17ක විතර රූප රචනාවලට දායක වෙලා තියෙනවා. වැඩිපුරම ප්‍රතිචාර ලබපු සිංදුව “බලා ඉන්නම්” ගීතය. ඒවගේම නිරෝෂා විරාජිණි, දුමාල් වර්ණකුලසූරිය වගේ ඉතාම ජනප්‍රිය අයගේ රූප රචනා ලස්සන කරන්න මට පුළුවන් වුණා.

මේ අතර “ආශාවරී” ගීතයේ රූප රචනාව ටිකක් විශේෂ එකක්”?
ඔව්. ඒක හොඳට හිට්වුණා. පාරේ බැහැලා යන්න බැරි තරමට ප්‍රතිචාර ලැබෙනවා.

මොනවද යාළුවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර?
අ‍පෝ… යාළුවො කියපු ප්‍රතිචාර පත්තරේ දාන්න සුදුසු මට්ටමක නෑ.

ආශාවරී ගීතයේ ඕෂධී එක්ක රඟපෑ සමහර සිද්ධි හරි ආන්දෝලනාත්මකයි?
ඔව්. ඒවා රඟපෑම්. කොහොමත් මම මීට කලිනුත් ඕෂධී එක්ක ගොඩක් වැඩ කරලා තියෙනවා. ඕෂධි මට යාළුවෙක් වගේ හරි සමීපයි. ඒ නිසා මට ඕෂධීව හසුරුවා ගන්න හරි ‍ලේසියි.

ඕෂධී ගැන ඇයි ඒ තරම් කැමැත්තක්?
අපි දෙන්නා ගැන පැතිරෙන කතාව පත්තරේත් පළවෙන්නයි හදන්නේ.. ඕෂධී ගැන විශේෂයක් නැහැ. අනික එයා කසාද බැඳපු කෙනෙක්.

කටකතාවලට බයද?
නැහැ. කතා හැදෙන්නේ නැතුව මේ ක්ෂේත්‍රයේ පවතින්න බැහැ. ඒත් මම එකක් කියන්න ඕන නම කැත වෙන විදියේ කතාවක් තවම මට නම් හැදිලා නැහැ.

මේ ආන්දෝලනාත්මක රඟපෑම ගැන පෙම්වතියගෙන් විරෝධතා ආවේ නැද්ද?
එයාගෙ විරුද්ධත්වයක් නම් තිබුණේ නැහැ. වීඩියෝව දැකපු ගමන් මම ඊළඟට ඒක බලන්න යැව්වෙත් එයාටම තමයි. එයා තවම ‍පොඩි ගෑනු ළමයෙක්. නිරූපිකාවක් නමෛයි. හැබැයි මාත් එක්ක නිතරම තරහා වෙනවා. ඒ නිසා මට රඟපානකොටත් දුක මූඩ්වලට යන්න පහසුයි. අත්දැකීම් තියෙන නිසා.

රිචීගේ කලා ජීවිතයට වෙන කවුද උදව් කරන්නේ”?
මගේ ගෙදර අම්මයි මමයි විතරයි ඉන්නේ. මගේ තාත්තා නැතිවෙලා අවුරුදු 16ක් වෙනවා. මම මොඩ්ල් කරන්න යනවට මුලදී නම් අම්මා කැමති වුණේ නෑ. දැන් නම් අම්මා උදව් කරනවා. ඒවගේම යාළුවො නෑදෑයෝ උදව් කරනවා. ඒ නිසා දැනට මම ව්‍යාපාර කටයුතුත් කරගෙන නිරූපණ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා.

මේ ආන්දෝලනාත්මක රංගනයට කලින් ඕෂධි මුදල් ගැන හිතුවලු. රිචීත් මේ දේවල් කරන්නේ මුදල් නිසාද?
මුදලට වඩා මම තවම බලන්නේ වැඩේ මොකක්ද කියන එකයි. වැඩේ හොඳනම් ඊළඟට මුදල් ගැන කතා කරනවා. මේ වීඩියෝවත් භාරගත්තෙ එහෙමයි.

සිනමාවට හෝ පුංචි තිරයට එන්න කැමති නැද්ද?
කැමතියි. හැබැයි මම ටෙලි නාට්‍ය රංගනයට අවොත් හැමදාම ටී.වී. එකේ මූණ පෙනේවි. ඒ නිසා මම කැමතියි සිනමාවට එන්න. රඟපෑම පුංචිකා‍ලේ පටන් මට තිබුණු ආසාවක්.

සඳමාලි වර්ණසූරිය_රිවිර
ඡායාරූප- චමිල කරුණාරත්න

ලිංගිකව එක්වීම වේදනාකාරී ද?

sex-couple

සෑම කාන්තාවන් දසදෙනෙකුගෙන් එක් අයෙකුට ලිංගිකව එක්වීම වේදනාකාරී අත්දැකීමක් බව බ්‍රිතාන්‍ය කාන්තාවන් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළිවෙයි.

මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 16ත් 74ත් අතර ලිංගිකව සක්‍රිය කාන්තාවන් හත්දහසක් යොදා ගෙන තිබේ.

එහිදී හෙළිවූ කරුණු අනුව ලිංගිකව එක්වීම වේදනාකාරී අත්දැකීමක් බවට පත්වී ඇති වැඩිම පිරිස හමුවී ඇත්තේ වයස අවුරුදු 55ත් 65ත් අතර කාන්තාවන් අතරිනි.

එම ලැයිස්තුවේ දෙවැනි තැන හිමිවී ඇත්තේ වයස අවුරුදු 16ත් 24ත් අතර කාන්තාවන්ට ය.

shy-girl

ලැජ්ජාව

මේ තත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර පවතින නමුත් බොහෝ කාන්තාවන් ලැජ්ජාව නිසා එය සඟවාගෙන සිටින බව ද එම සමීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ.

ලිංගිකව එක්වීම වේදනාකාරීවීමට බලපාන සෞඛ්‍යමය නොවන වෙනත් කරුණු කිහිපයක් ද පවතින බව වෛද්‍යවරු පවසති.

යෝනි මගෙහි වියලි බව, වින්දනීයත්වය නොමැතිවීම සහ සිතේ නොසන්සුන් බව ඉන් කිහිපයක්වන අතර මානසික හා කායික හේතු ද මීට බලපෑ හැකිය.

ලිංගිකව එක්වීමේදී ඇතිවන වේදනාව හේතුවෙන් ඇතැම් කාන්තාවන් සම්පුර්ණයෙන්ම ලිංගික එක්වීම් ප්‍රතික්‍ෂේපකර ජීවත්වන බව මෙම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

_බීබීසී