07 January, 2017

ඉන්දියාවට බැරි නම් විතරක්, ඔයාලා එන්න - දකුණු අප්‍රිකාව ලංකාව කියයි

haroon-lorgat

මෙම වසරේ දෙසැම්බර් යළිත් දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම එම කාලයේදී දකුණු අප්‍රිකාවට නොගෙන්වා ගැනීමට එරට ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා. 

ඒ වෙනුවට ඉන්දියා කණ්‌ඩායම ගෙන්වා ගැනීම කෙරෙහි දකුණු අප්‍රිකානු ප්‍රධාන ක්‍රිකට්‌ විධායක හරුන් ලෝගාට්‌ අවධානය යොමු ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඉන්දියානු කණ්‌ඩායම සමග අවසන් එකඟතාවකට පැමිණ නොමැති හෙයින්, විමසිල්ලෙන් සිටින ලෙසද ඔහු ශ්‍රී ලංකාවට දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

“මම ශ්‍රී ලංකාවට ලැහැස්‌ති වෙලා ඉන්න කියල පණිවුඩයක්‌ දුන්නා. මොකද ඒ කාලයේදී ඉන්දියාව අපේ රටට ගෙන්වා ගන්න තමයි සැලසුම් කරල තියෙන්නෙ. නමුත් තවම ඒ පිළිබඳව සාකච්ඡා ස්‌ථිර වෙලා නැහැ. මොකද මේ දිනවල ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය ඉන්නෙ ව්‍යාකූල තත්ත්වයක. ඔවුන්ගේ සභාපතිවරයා ඉවත් කරලා. ලේකම් වරයා ඉවත් කරලා. ඒ නිසා ඉදිරි සති දෙක ඇතුළත ස්‌ථිර එකඟතාවකට එනවා.” යයි ලෝගාට්‌ ප්‍රකාශකර තිබෙනවා.

කුඩුත් එක්ක අල්ලන් ඇවිල්ලත් සද්ද නැතිව ඉඳලා – බැලින්නම් වෙලේ සුදාගේ අම්මා

samantha-kumara-wele-sudaa-02

කොළඹ නගරයේ සුරාබදු ස්ථානය මගින් ඊයේ (5) වැල්ලවත්ත ප්‍රදේශයේ රාජගුරු ශ්‍රී සුභූති මාවතේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කර තිබෙනවා.

සුරාබදු පරීක්ෂක එච්.එම්. හේරත්ගේ විමර්ශනවලට අනුව එහිදී කාන්තාවක් සහ ඇගේ නෑදෑ හිතවතෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 10 බැගින් දෙදෙනා සතුව තිබියදීයි.

මෙම කාන්තාව රජගල්ගොඩගේ මාලතී නම් වන අතර ඇය සම්බන්ධයෙන් පසුව සිදු කළ විමර්ශනයක දී හෙළිව ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලේ සුදාගේ මව බවයි.

බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස් බී.දයාරත්නගේ අනුදැනුම මත කොළඹ නගර සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රමගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ලක්ෂ්මන් පෙරේරාගේ මුලිකත්වයෙන් මෙම මෙහෙයුම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

තෑග්ගට ලැබූ ගුවන් ටිකට් විකුණා අම්මා සුව කරන්න යන කායවර්ධන ශූරයා මාධවන්



"69 වැනි මිස්ටර් ශී්‍ර ලංකා ජාතික කායවර්ධන ශූරතා තරගාවලියේ කනිෂ්ඨ ශූරයා ලෙස සම්මාන දිනාගනු ලබන්නේ මහනුවර පවර් රික්රේට් කායවර්ධනාගාරයේ මාධවන් රාජකුමාරන්", නිවේදකයා එසේ පවසත්ම රාජකුමාරන්ගේ දෑස කඳුළින් තෙත් විණි. 

"මේ හම්බ වෙන සල්ලිවලින් මාව උස් මහත් කරල හදපු අද ඇඳට වැටිල ඉන්න අම්මගේ ඔපරේෂන් එක කරන්න මට පුළුවන්" ඔහුගේ හිතට යම් සහනයක් දැනිණි.

තම ආදරණීය අම්මා කෙනෙක් ගැන එහෙම හිතපු පුතෙක් ගැන අපට අසන්නට ලැබුණේ පසුගිය දෙසැම්බර් 23වැනිදා කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැති 69 වැනි මිස්ටර් ශී්‍ර ලංකා ජාතික කායවර්ධන ශූරතාවලිය නිමා වීමෙන් අනතුරුවය.

එදා පැවැති එම තරගයේදී ජයගත් රාජකුමාරන්ට ඉන්දියාවේ චෙන්නායි නුවරට යෑම හා ඒම සඳහා (සියලු නවාතැන් පහසුකම් සමඟින්) ගුවන් ටිකට් පතක්ද හිමිවිය. 

එම වරප්‍රසාදය (ගුවන් ටිකට් පත) කීයකට හෝ විකුණා ලැබෙන මුදලින් දීර්ඝකාලීනව තේ දලු නෙළීම නිසාම බෙල්ලේ නහරයක් දුර්වල වීම හේතුවෙන් එක් අතක් අප්‍රාණික වී ඇති තම මවගේ ශල්‍යකර්මය සඳහා මුදල් ලබාගැනීමට හැකි බවද ක්‍ෂ්ණිකව ඔහුට අවබෝධ විය. 

අහම්බෙන් ලැබුණු මෙම අවස්ථාව අහිමිකර ගැනීම පිළිබඳව ඔහුට දුකක් හෝ කනගාටුවක් දැනුණේද නැත.

කායවර්ධන ක්‍රීඩාවෙන් ලැබූ ජයග්‍රහණ මෙන්ම මෙම ගමන්මඟේදී ලැබූ දුෂ්කරතා පිළිබඳවත් "මව්බිම" ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී මඳක් නිහඬව සිට ඔහුගේ කතාව මෙසේ ආවර්ජනය කළේය.

"මගේ අම්මයි, තාත්තයි මාව මේ තත්ත්වයට ගේන්න තවමත් තේ දලු කඩනවා" යැයි පැවැසූ ඔහු මඳක් ගොළු විය. 

ඔහු යළිත් කටහඬ අවදි කරනතෙක් මම නිශ්ශබ්දව සිටියෙමි. 

"අවුරුදු ගණනක් තේ දලු මල්ල කරේ එල්ලන් ඉඳලා දැන් අම්මගේ එක් අතක් පණ නැති වෙලා නිසා තාත්තා විතරයි දැන් තේ දලු කඩන්නේ. එහෙම එක් අතක් පණ නැති වෙලා තියෙන්නේ බෙල්ලෙ නහරයක් අප්‍රාණික වෙච්ච නිසා කියලා වෛද්‍යවරු කියනවා. 

ඒ නිසා අම්මයි, මමයි, මල්ලියි, නංගියි, ආච්චිටයි අපි පස් දෙනාම නඩත්තු කරන්න වෙලා තියෙන්නේ මගේ තාත්තට. මම මේ සේරම නවත්තලා රැකියාවක් හොයාගන්නත් හිතෙන වෙලාවල් තියෙනවා. ඒත් කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් මම මගේ ජීවිතයම කැප කරලා තියෙන්නේ.

රැකියාවක් කළොත් මේ ප්‍රශ්නවලින් යම් සහනයක් වෙනවා නේද? මම අතුරු ප්‍රශ්නයක් නැඟුවෙමි.
ඇත්තටම එහෙම ලැබෙනවා නම් නම් හොඳයි. මම කාගෙන් හෝ ඉල්ලා සිටින්නේ මට රැකියාවක් හොයලා දෙන්න කියලයි. රැකියාව කරන ගමන් කායවර්ධන ක්‍රීඩාවත් කරන්න මට පුළුවන් වේවි. එහෙම වුණොත් මේ ප්‍රශ්නවලින් ටිකක් හරි ගොඩඑන්න පුළුවන්.

පාසල් කාලය කොහොමද?

මම පාසල් ගියේ පුස්සැල්ලාව ජාතික පාසලට. පාසල් ගිහින් ඇවිත් අනෙක් ළමයි වගේ මට සෙල්ලම් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. පාසල් ගිහින් ඇවිත් මමත් අම්මලා එක්ක තේ දලු කැඩුවා. අවුරුදු ගාණක් මම දලු කැඩුවා. 

අ.පො.ස. සා.පෙළින් පස්සේ තේ දලු කඩලා ලබාගත් මුදල්වලින් මම කායවර්ධන පුහුණුවීම්වලට ගියා. එහෙම ගිහිල්ලා 2013 වසරේදී මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙලේදී පළමු තැනත්, 2014 ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ පාසල් කායවර්ධන ශූරයාත් වුණා. ඒ වගේම ජාතික ආධුනික කායවර්ධන ශූරතාවලියේදී තෙවැනි තැනත් දිනාගත්තා.

සමහර දිනවල පුහුණුවීම් පවා නවත්වා පවුලේ බර දරා ගැනීමට වෙහෙස වූ ආකාරය සිහිපත් කරමින් කතා කළ මාධවන්, 

"අවුරුදු ගණනක් බෙල්ලේ තේ මල්ල ඔසවාගෙන හිටිය නිසා දැන් අම්මගේ බෙල්ලේ නහරයක් අප්‍රාණික වී අත පණ නැති වෙලා. ඒ නිසා ඒකට ඔපරේෂන් (ශල්‍යකර්මයක්) කරන්න ඕන කියලා වෛද්‍යවරු කිව්වා. මගේ නංගි ඉන්නේ 6 වසරේ, මල්ලි ඉන්නේ 11 වසරේ. ඒ අයත් සමහර දවස්වල තාත්තට උදව් කරනවා. ඒ දෙන්නා තේ දලු කඩනවා මට බලන් ඉන්න බැහැ. 

ඒ වෙලාවට මම පුහුණුවීම් යෑම නවත්තලා ලොරිවලට දලු පටවනවා. කොහොම වුණත් අම්ම සුව කරගන්න මම මොනවා හරි කරන්න ඕන. ඒ නිසා 69 වැනි ජාතික කායවර්ධන ශූරතාවලියේදී මට චෙන්නායි යන්න ලැබුණු ටිකට් එක විකුණලා දෙන්න කියලා කායවර්ධන සම්මේලනයෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ලැබෙන මුදලයි තවත් මුදලකුයි හොයාගෙන අම්මගේ ඔපරේෂන් එක ඉක්මනින්ම කරන්න ඕන. ඒ සඳහා කවුරු හරි උදව් කරනවා නම් ඒක ලොකු පිනක් යනුවෙන්ද කියා සිටියේය.

කවුරුවත් උදව් කරන්නේ නැද්ද?

ලාල් පෙරේරා මහත්මය මට ගොඩක් උදව් කරනවා. ඒ මහත්මයා තමයි අයැදුම්පත් දාලා මාව කායවර්ධන තරගාවලි සඳහා යොමුකරන්නේ. ඒ වගේම ජනතා ස්ටීල් හා ටියාම් ස්ටීල් හාඩ්වෙයාර් යන ආයතන දෙක මට තරගවලට ඉදිරිපත්වීම සඳහා අතිරේක පෝෂණයන් (ඉභනනතඥථඥදබ) ලබා ගැනීමට සහාය දක්වනවා.
මේ ගැටලු නිසා ඉදිරියේදී කායවර්ධන ක්‍රීඩාව නවත්වන්න බලාපොරොත්තුවක් තියෙනවද?

දැනට නම් එහෙම අදහසක් මගේ නැහැ. කොපමණ අපහසුතා මැද්දෙ වුණත් ලංකාව වෙනුවෙන් යමක් කරන්න මම කැමැතියි. ඉදිරියේදී එන ආසියානු කනිෂ්ඨ කායවර්ධන තරගාවලියකදී ලංකාවට පදක්කමක් දිනාදීම සඳහා මම උපරිම උත්සාහ ගන්නවා. මොන තරම් දුෂ්කරතා ආවත් හොඳින් පුහුණුවීම් කරලා ලබන වසරේත් ජාතික කනිෂ්ඨ ශූරයා වෙන්නෙත් මම තමයි.

අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

ඇත්තටම මේ ගමන ආවේ කොහොමද කියන එක මට හිතාගන්නවත් බැහැ. ඒ හැම දේකම මුලට ඉන්නේ මගේ අම්මයි, තාත්තයි. ඒ දෙන්නා රැකබලා ගෙන රටට යමක් කිරීමට නම් මම කුමන හෝ රැකියාවක් කළ යුතුයි. ඒ සඳහා කවුරු හෝ දුක හඳුනන කෙනෙක් මට උදව් කරනවා නම් ඒක මගේ ජීවිතයට ලොකු රුකුලක් වේවි. ඒ වගේම කායවර්ධන සම්මේලනයේ මහත්වරුත් මට නොයෙක් ආකාරයෙන් උදව් කරනවා. ඒ ගැනත් විශේෂ ස්තුතියක් කරන්න ඕන.

ක්‍රීඩාවන් ඉවතලා සමාජයට පිළිලයක් වන ක්‍රියාවල නියැළෙන තරුණයන් අතරින් ක්‍රීඩාව වෙනුවෙන් තම ජීවිතය කැප කර ජාත්‍යන්තර වශයෙන් ලංකාවට පදක්කමක් දිනාදීමේ එකම අරමුණ ඇතිව ඉතාමත් දුෂ්කර ක්‍රියාදාමයක නිරත වී සිටින මාධවන් රාජකුමාරන් වැනි තරුණයන්ගේ අනාගතය සාර්ථක කරලීමට අත හිත දීම ජාතියට හිතැති සැවොමගේම වගකීමක් හා යුතුකමක් වන්නේය.

තවද මෙය සටහන් කරන මොහොත වන විට (බදාදා (04දා) ඔහුගේ මව රෝහල් ගත කර ඇති බවද වාර්තා වූ අතර, දැඩි ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන හෙයින් ඔහුගේ හෝ ඔහුගේ නිවෙසේ සිටින අනෙක් සාමාජික සාමාජිකාවන්ගේ හෝ ඡායාරූපයක්වත් අපට ලබා ගැනීමට නොහැකි විය.

-විචිත්‍ර වීරසිංහ

ඉන්දියානු කාර් වෙළඳාමට අභියෝගයක්..! අඩුම මිලට HYBRID කාරයක් TOYOTA නිපදවයි..!

toyota-car

ටොයෝටා මෝටර් කෝපරේෂන් හි ඉන්දියානු අනුබද්ධ සමාගම වන Toyota Kirloskar සමාගම ඉන්දියාවේ ආරක්ෂිතම කුඩා මෝටර් රථය නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

සුසුකි, රෙනෝල්ට් හා හුන්ඩායි වැනි මේ වන විට ඉන්දියානු කුඩා මෝටර් රථ ආධිපත්‍යට අභියෝග කරමින් ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයකින් හා ගෙවන මුදලට ඉහළ වටිනාකමක් ලබා දෙන කුඩා මෝටර් රථයක් නුදුරේ දීම මේ අනුව ටොයෝටා නාමය යටතේ එළිදකිනු ඇති.

Toyota Kirloskar හි කළමනාකාර අධ්‍යක්ෂ අකිටෝ ටචිබානා පවසන්නේ මෙම කටයුත්ත ටොයෝටා හා ඩයිහට්සු සමාගම්වල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාවට නැංවෙන බවයි.

අඩු වියදම්තා ක්ෂණයෙන් එළි දැකීමට නියමිත මෙම නව මෝටර් රථ මාදිලිය මුළුමනින්ම හයිබ්‍රිඩ් තාක්ෂණයෙන් සන්නද්ධ බවත් 2020 වසරේ අප්‍රේල් මාසයේ දී වෙළෙඳපොළට එක්වනු ඇති බවත් සමාගම පවසනවා.

ගුවන් මගීන්ගේ අසූචි නිවෙස්වල වහල උඩ සහ මිනිස් හිස් මතට



ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටු‍පොළ අවට නිවැසියන්ගේ වහල මතට සහ හිස මතට ගුවන් මගීන්ගේ අසූචි පිරවූ මලු මුදාහරින බවට වාර්තා වනවා.

ඊට එරෙහිව ඉන්දීය අධිකරණයේ පෙත්සමක් ගොනු කෙරුණා අතර එම පෙත්සම සළකාබැලූ අධිකරණය එහි සත්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා.‍

අනතුරුව මිනිස් අසුචි ගුවනේ දී පිටතට මුදා හරින ගුවන් යානාවලට ඉන්දීය රුපියල් 50,000 බැගින් වූ දඩයක් නියම කිරීමට ඉන්දීය අධිකරණය නියෝග කළා

ගුවන් යානා තුළ ඇති වැසිකිළිවලට අසූචි ඒ සඳහාම ඇති විශේෂ ටැංකියක තාවකාලිකව ගබඩා කිරන අතර ගුවන් යානා ගොඩබෑමෙන් පසු ඒවා ගුවන්තොටු‍පොළේ වෙනත් ටැංකියකට බැහැර කිරීම සාමාන්‍ය ක්‍රියා පටිපාටියයි.

කෙසේ වෙතත් උඩු ගුවනේ දී මෙලස නිවාස මතට අසූචි මලු මුදාහැරීම සුලබ ලෙස වාර්තාවන්නේ ඉන්දියාවෙන් පමණයි.

06 January, 2017

දික්‌වැල්ල විජිතයේ සිසුවෙක්‌ බස්‌රියකින් ඇද වැටී මියයයි

දික්‌වැල්ල විජිත විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවකු ඊයේ (5 දා) දහවල් දොඩම්පහල ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස්‌ රථයකින් ඇදවැටී මියගොස්‌ ඇත.

බරපතළ ලෙස තුවාල ලැබූ මෙම ශිෂ්‍යයා දික්‌වැල්ල දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ ඇති බව පැවසේ.

යක්‌දෙහිගේ තරුෂ නිල්මින්ද නම් වූ එම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.

බසයේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දික්‌වැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.


-සිසිල් රුවනාර - වලස්‌ගල අතිරේක

එළිසබෙත් රැජින වෙඩි නොකා අනූනවයෙන් බේරෙයි

queen-elizabeth

බකිංහැම් මාළිගයට අයත් උද්‍යානයේ අළුයම සැරිසරමින් සිටි එළිසබෙත් රැජින ආරක්‍ෂක භටයකුගේ වෙඩි තැබීමට දැරූ උත්සාහයෙන් ගැලවී ඇත්තේ අනූනවයෙනි.

අළුයම 3 ට පමණ උද්‍යානයේ සැරිසරමින් සිටි අයකුට වෙඩි තැබීමට තමා සූදානම් වූ බව ආරක්‍ෂක භටයෙක්‌ පවසා ඇත.

මෙම ආරක්‍ෂක භටයා රැජිනගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ අයෙකි. අඳුරේ සැරිසැරූ පුද්ගලයකු වෙත කෑගැසූ ආරක්‍ෂක භටයා තමා කෑ ගසා ඇත්තේ රැජිනට බව හඳුනාගෙන නැත.

තමාගේ කෑගැසීමට ප්‍රතිචාරයක්‌ නොලැබුණු නිසා වෙඩි තැබීමට සූදානම් වූ බව ද ඔහු රැජින හමුවේ පවසා තිබේ.

මේ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය හෙළි කර ඇත.

-කීර්ති වර්ණකුලසූරිය

රු. 50-100 , ටොෆි, චොකලට් දෙමින් 13 වියැති දැරිය වසර 3ක සිට අපයෝජන කළ අසල්වැසියා



හික්කඩුව, නාරිගම ප්‍රදේශයේ 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කරන ලද අයකු පෙරේදා (4දා) සවස හික්කඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරිගම, හික්කඩුව පදිංචි 54 වියැති අයෙකි.

දැරියගේ වැඩිමහල් සහෝදරයා හික්කඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ ඇඳුම් අතර තිබූ ඇයගේ බාල සහෝදරියකට හමු වූ පෙම් හසුනක් පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව කරන ලද සොයා බැලීමකදී සිද්ධිය අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

එම පෙම් හසුනේ අසභ්‍ය රූප සටහන් රැසක් ඇඳ තිබූ බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

දැරියගේ පියා පෙදරේරු කාර්මිකයකු ලෙස කටයුතු කරන බවත් මව ප්‍රදේශයේ නිවෙසක දරුවකු බලා ගැනීම සඳහා යන බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

සැකකරුගේ සහ දැරියගේ නිවෙස් වැටකින් වෙන් වී ඇති බවත් දිවා කාලයේදී සහ රාත්‍රි කාලයේදී දැරිය වැට අසලට ගෙන්වා ගෙන අපයෝජනය කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

දැනට වසර 3ක පමණ කාලයක සිට මෙම ලිංගික අපයෝජනය සිදුව තිබෙන බවත් සැකකරු ටොෆි, චොකලට් ආදිය සහ රුපියල් 50-100 ආදී වශයෙන් මුදල් ලබාදී දැරිය පොලඹවාගෙන තිබෙන බවත් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වී තිබේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරු ඊයේ (5දා) ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බළපිටිය - දම්සරි ලියනගේ

31 රෑ ඉන්දියාවේ තරුණියකට අතවර කළ සිද්ධියේ CCTV වීඩියෝව

31 රෑ ඉන්දියාවේ තරුණියකට අතවර කළ සිද්ධියේ CCTV වීඩියෝව අන්තර්ජාලයට එක්කොට තිබුණා.

අදාළ වීඩියෝව පහතින්.


cctv-video-31-night-molesting-girl-in-india-rape

ලැජ්ජාවේ සීමා ප්‍රසිද්ධියේ බිඳ දමන පෙම්වතුන්

couple-sex-publicly

පොදු ප්‍රවාහන සේවය කියන්නේ මඟී ජනතාවට හිරිකිතක් නැතුව යන්න තියෙන පහසු ක්‍රමයක්.

ලංකාවේ සහ ඉන්දියාවේ දුම්රියවල ඉන්න සෙනග නිසා තෙරෙපෙන එක හැරෙන්න වෙනත් සිතුවිලි එන්නේ නැහැ. එහෙම එනවා නම් එම සිතුවිලිවලට අසහනකාරී හැඟීම් කීවාට වැරදි නැත.

ඉන්දියාවේ දුම්රියක ගමන් කළ තරුණියක් සහ තරුණයෙක් අසික්කිත ලෙස හැසිරිලා තියෙනවා. මෙයාලා ඉන්නේ පොදු ප්‍රවාහන සේවයක කියලවත් මතකයක් නැහැ. මේගොල්ලෝ කළ නරක වැඩේ ඒ අසල හිටිය තරුණයෙක් සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරලා.

පස්සේ ඔහු එක YouTube එකට මුදාහැරලා. දැන් ඒ දෙන්නා ලෝකයක් ඉස්සරහා ලැජ්ජා වෙනවා නොඅනුමානයි. පිළිවෙලකට ආදරේ කළා නම් අද ඔහොම දෙයක් වෙන්නේ නැහැ නේ.

අපේ Train වලත් කට්ටිය ඔහොම යනවා නම් හැඟීම් යටපත් කරලා මේ වීඩියෝ එක මතක තියාගන්න….


05 January, 2017

මම ආශ්‍රය කරන්නේ අතේ දුරින් - පියුමි ශ්‍රීනායක

piyumi-shrinayaka

මම හැමෝම ආශ්‍රය කරන්නේ අතේ දුරින්

නිරූපණ ශිල්පිනි පියුමි ශ්‍රීනායක

හා හා පුරා කියලා මේ අවුරුද්දේ රසඳුනෙහි කවරය හැඩ කරන්නේ ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයට පෑයු සුන්දර දඟකාර පෙනුමක් තියෙන නිරුපිකාවක් වූ පියුමි ශ්‍රීනායක ගේ රුවිනි.ඉතිං ඇයව අපේ සංවාදයට එකතු කර ගන්න අදහස් කළා. ඇයත් බොහොම කැමැත්තෙන් සංවාදයට එකතු වුණේ මෙහෙමයි.

  • නම: පියුමි ශ්‍රීනායක 
  • උපන් දිනය : ජූලි 18 
  • පාසල : කරුණාරත්න බෞද්ධ විද්‍යාලය 
  • ගම : කඳාන 
  • ක්ෂේත්‍රයට ඔබ එන්නේ ? නිරූපිකාවක් විදියට. 
  • කොච්චර කාලයක් වෙනවද මේ ක්ෂේත්‍රයට ඇවිත්? දැනට අවුරුදු 4 යි

  • කොහොමද නිරුපණයට සම්බන්ධ වෙන්නේ

‘2014 Ran Way Super Model’ කියන පැජෙන්ට් එකෙන් මට මිනි ටයිට්ලස් 02 ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව උදා වුණා. ඒ Miss fitness Model සහ Most popular Model. ඒ පැජෙන්ට් එකෙන් පස්සේ තමයි Top Model කෙනෙක් වෙන්න ලැබුණේ. එදා ඉඳන් මේ වෙනතුරුත් නිරූපණ ක්ෂේත්‍රයේ රැඳී සිටිනවා.

  • රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ?

මම නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න අතර තුරෙදී ෆේස් බුක් එකෙන් සුසිල ප්‍රඩක්ෂන් එකේ වැඩ කරන සුදාර ඩි සිල්වා මට කතා කළා, අලුතින් පටන් ගන්න ටෙලි නාට්‍යකට audition එකක් තියෙනවා කියලා. එදා මම එකට ගියා,එතැනදී සන්ද්‍යා මෙන්ඩිස් මිස් මාව දැකලා එයාගේ නාට්‍යයේ තියෙන ප්‍රධාන චරිතයකට මාව ගත්තා.ඒ ‘අරුමවන්ති’ කියන ටෙලි නාට්‍යයේ ‘සාරා’ කියන චරිතය.

  • ‘සාරා’ කියන්නේ ඔබේ ජිවිතේ වෙනස් කළ කෙනෙක්

අනිවාර්යෙන්ම.මගේ ජීවිතේට ගොඩක් ළංවුණු චරිතයක්. ඒ චරිතෙට ගොඩක් හොඳ සාධාරණයක් කරන්න හැකියාව ලැබුණා.

  • මුලින්ම රංගනයේ යෙදෙද් දී අභියෝගයක් දැනුණේ නැද්ද?

Location එකට ගිය පළමුවැනි දවසේ ප්‍රවීණ රංගන ශිල්පීන් දකිද්දී බය හිතුණා. ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක එක පාරටම මේ වගේ චරිතයක් කොහොමද රඟපාන්නේ කියන එක මට දැනුණා.

  • පියුමි නිරුපිකාවක් හෝ නිළියක් නොවුන නම් කවුරු වෙයිද ?

මම වෙන ජොබ්ස් කරන්න කැමැති නැහැ.වෙන දේවල් වලට කිසිම ආසාවක් නැහැ. නිරුපිකාවක් හරි නිළියක් හරි නොවුන නම මම House wife කෙනෙක් විදියට ගෙදර ඉඳීවී.

  • ඔබ වැඩිපුර කැමැති ඔබව කවුරු විදියට හඳුන්වනවටද ?

ඇත්තටම මම තාමත් කැමැති නිරුපිකාවක් විදියට හඳුන්වනවට.

  • ගෙදරින් නිළියක් වෙනවට අකැමැති වුණේ නැද්ද ?

නැහැ.අම්මයි, තාත්තයි ගොඩක්ම කැමැතියි නිළියක් වෙනවට.

  • මොකද්ද මේ බොලිවුඩයේ සුපිරි තරුවක් සමඟ රඟපාන්න ආසයි කියන කතාව

ඇත්තටම මම ශාරුක් ඛාන් එක්ක රඟපාන්න ගොඩක්ම ආසයි. බොලිවුඩ් සිනමාවට යන්න අවස්ථාව ලැබුණොත් අනිවාර්යෙන්ම යනවා. ඒක මට හීනයක් වගේ.

  • කලා ක්ෂේත්‍රයේ යාළුවෝ ගොඩක් ඇති නේද ?

ගොඩක් කියලා යාළුවෝ නැහැ. මම අතේ දුරින් හැමෝම ආශ්‍රය කරන්නේ.පාසලේදී හිටිය යාළුවෝ තමයි දැනටත් මගේ හොඳම යාළුවෝ.

  • මේ ක්ෂේත්‍රය ඇතුළේ පියුමිටත් කැපිලි දාන්න අය ඉන්නවද ?

කැපිලි කෙටිලි ගොඩක්ම එන්නේ යාළුවන්ගෙන්.තමන්ට වඩා තව කෙනෙක් ඉදිරියට යනවට ඒ අය කැමැති නැහැ. මටත් ඒ වගේ කැපිලි කෙටිලි නම් ගොඩක් ඇවිත් තියෙනවා. ඒ නිසා මම හැමෝම ආශ්‍රය කරන්නේ අතේ දුරින්.

  • රංගනයේ දී මොනවගේ චරිත ද වැඩිපුර රඟපාන්න කැමති?

මම,ඇත්තටම සාමාන්‍ය ජීවිතයේදී බටහිර පෙනුම තියෙන කෙනෙක්. ඒ විදියට අදින පළදින කෙනෙක්.නමුත් මම ගොඩක් කැමති මල් මල් ගවුම් ඇදලා, ගැමි චරිත රඟපාන්න.

  • විවාහ ජීවිතයත් එක්ක මේ සියලු දේ කරන්නේ කොහොමද ?

ඇත්තටම මම අද මෙතන ඉන්නවා නම් ඒ ඔහු නිසා.සැමියා ගොඩක් කැමති මම මොඩ්ල් කෙනෙක් හෝ නිළියක් වෙනවට. විශේෂයෙන් කියන්න ඕන සැමියා මම යන හැම තැනකම එනවා,මාව ආරක්ෂා කරනවා. මම පවුල් ජීවිතයත්, නිරුපිකාවක්, රංගන ශිල්පිනියක් කියන දේ පටලවාගෙන නැහැ. ඒක මට එහෙම පැටලෙනවා කියන්නත් බැහැ. මේ සියලු දේත් එක්ක ජිවිතේ ලස්සනට ගෙවෙනවා.

  • වැඩිපුරම කැමැති මොනවගේ fashion කරන්නද ?

මම ජාත්‍යන්තර තලයේ හොලිවුඩ්, බොලිවුඩ් එකේ ඉන්න හැම නිළියක්ම, නිරූපණ ශිල්පිනියක්ම අඳින විදියට ගොඩක් කැමැතියි. මමත් ඒ දේවල් තුළින් ගන්න පුළුවන දේ අරගෙන මගේම කියලා ඇඳුම් නිර්මාණය කරගෙන අඳින්න ආසයි. ඒ වගේම මම තැනට සුදුසු විදියට වෙනස්ම විදියකට fashion කරන්න කැමැති කෙනෙක්

  • ලොකුම බලාපොරොත්තුව කිව්වොත්

මම බලාපොරොත්තු වෙනවා රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඇත්තටම මම ගොඩක් කැමැති කවදාහරි දවසක ලංකාවේ ජනප්‍රියම නිළිය සම්මානය ගන්න.

  • පියුමි, සත්තුන්ට ගොඩක් ආදරේ කරනවා කියලා ආරංචියි

ඔව්. ඇත්තටම මම සත්තුන්ට ගොඩක් ආදරේ කරනවා. සතුන් වෙනුවෙන් මොනවහරි දෙයක් කරන්න තියෙනවා නම් මුලින්ම ඉදිරිපත් වෙන්නේ මම වෙන්න ඇති කියලා හිතෙනවා. පාරේ ඉන්න අසරණ වුණු සත්තු ගෙදර අරගෙන ඇවිත් කන්න දීලා,බෙහෙත් දීලා සනීප කරනවා. ඇත්තටම මම සත්ත්ව හිංසනයට පොඩ්ඩක්වත් කැමැති නැහැ.විශේෂයෙන් කවුරු හරි මට වරයක් දෙනවා නම් කැමති දෙයක් ඉල්ලන්න කියලා, මම ඉල්ලන එකම දේ මුළු ලෝකයම නිර්මාංශ විය යුතුයි කියන එක.

නිලු­පුලි නිසං­සලා සඳ­කැ­ලුම්
ඡායා­රූප - ශාන් රූප­ස්සර

ක්‍රිස්ගේල් දෙනෝදාහක් මැද කෙල්ලට කරපු දේ (Video)

chris-gayle-and-his-girl-natasha-berridge-doing-thing-twerking-carnival

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ක්‍රිස් ගේල් එරට පැවති සංදර්ශණයක් අතරතුර සිය පෙම්වතිය සමඟ ලිංගිකව එකතුවන ආකාරයේ නර්තනයක් ඉදිරිපත් කලා.

එම වීඩියෝපටය ඔබට පහතින් නැරඹිය හැක.