06 January, 2017

රු. 50-100 , ටොෆි, චොකලට් දෙමින් 13 වියැති දැරිය වසර 3ක සිට අපයෝජන කළ අසල්වැසියා



හික්කඩුව, නාරිගම ප්‍රදේශයේ 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කරන ලද අයකු පෙරේදා (4දා) සවස හික්කඩුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරිගම, හික්කඩුව පදිංචි 54 වියැති අයෙකි.

දැරියගේ වැඩිමහල් සහෝදරයා හික්කඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියගේ ඇඳුම් අතර තිබූ ඇයගේ බාල සහෝදරියකට හමු වූ පෙම් හසුනක් පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව කරන ලද සොයා බැලීමකදී සිද්ධිය අනාවරණය කරගැනීමට හැකි වී තිබේ.

එම පෙම් හසුනේ අසභ්‍ය රූප සටහන් රැසක් ඇඳ තිබූ බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

දැරියගේ පියා පෙදරේරු කාර්මිකයකු ලෙස කටයුතු කරන බවත් මව ප්‍රදේශයේ නිවෙසක දරුවකු බලා ගැනීම සඳහා යන බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

සැකකරුගේ සහ දැරියගේ නිවෙස් වැටකින් වෙන් වී ඇති බවත් දිවා කාලයේදී සහ රාත්‍රි කාලයේදී දැරිය වැට අසලට ගෙන්වා ගෙන අපයෝජනය කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

දැනට වසර 3ක පමණ කාලයක සිට මෙම ලිංගික අපයෝජනය සිදුව තිබෙන බවත් සැකකරු ටොෆි, චොකලට් ආදිය සහ රුපියල් 50-100 ආදී වශයෙන් මුදල් ලබාදී දැරිය පොලඹවාගෙන තිබෙන බවත් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලදී තහවුරු වී තිබේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර සැකකරු ඊයේ (5දා) ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

බළපිටිය - දම්සරි ලියනගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රු. 50-100 , ටොෆි, චොකලට් දෙමින් 13 වියැති දැරිය වසර 3ක සිට අපයෝජන කළ අසල්වැසියා"

    Post a Comment