06 January, 2017

එළිසබෙත් රැජින වෙඩි නොකා අනූනවයෙන් බේරෙයි

queen-elizabeth

බකිංහැම් මාළිගයට අයත් උද්‍යානයේ අළුයම සැරිසරමින් සිටි එළිසබෙත් රැජින ආරක්‍ෂක භටයකුගේ වෙඩි තැබීමට දැරූ උත්සාහයෙන් ගැලවී ඇත්තේ අනූනවයෙනි.

අළුයම 3 ට පමණ උද්‍යානයේ සැරිසරමින් සිටි අයකුට වෙඩි තැබීමට තමා සූදානම් වූ බව ආරක්‍ෂක භටයෙක්‌ පවසා ඇත.

මෙම ආරක්‍ෂක භටයා රැජිනගේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ අයෙකි. අඳුරේ සැරිසැරූ පුද්ගලයකු වෙත කෑගැසූ ආරක්‍ෂක භටයා තමා කෑ ගසා ඇත්තේ රැජිනට බව හඳුනාගෙන නැත.

තමාගේ කෑගැසීමට ප්‍රතිචාරයක්‌ නොලැබුණු නිසා වෙඩි තැබීමට සූදානම් වූ බව ද ඔහු රැජින හමුවේ පවසා තිබේ.

මේ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය හෙළි කර ඇත.

-කීර්ති වර්ණකුලසූරිය

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එළිසබෙත් රැජින වෙඩි නොකා අනූනවයෙන් බේරෙයි"

    Post a Comment