06 January, 2017

දික්‌වැල්ල විජිතයේ සිසුවෙක්‌ බස්‌රියකින් ඇද වැටී මියයයි

දික්‌වැල්ල විජිත විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවකු ඊයේ (5 දා) දහවල් දොඩම්පහල ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස්‌ රථයකින් ඇදවැටී මියගොස්‌ ඇත.

බරපතළ ලෙස තුවාල ලැබූ මෙම ශිෂ්‍යයා දික්‌වැල්ල දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස්‌ ඇති බව පැවසේ.

යක්‌දෙහිගේ තරුෂ නිල්මින්ද නම් වූ එම
සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.

බසයේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දික්‌වැල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.


-සිසිල් රුවනාර - වලස්‌ගල අතිරේක

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දික්‌වැල්ල විජිතයේ සිසුවෙක්‌ බස්‌රියකින් ඇද වැටී මියයයි"

    Post a Comment