07 January, 2017

ගුවන් මගීන්ගේ අසූචි නිවෙස්වල වහල උඩ සහ මිනිස් හිස් මතට



ඉන්දියාවේ නවදිල්ලි ගුවන් තොටු‍පොළ අවට නිවැසියන්ගේ වහල මතට සහ හිස මතට ගුවන් මගීන්ගේ අසූචි පිරවූ මලු මුදාහරින බවට වාර්තා වනවා.

ඊට එරෙහිව ඉන්දීය අධිකරණයේ පෙත්සමක් ගොනු කෙරුණා අතර එම පෙත්සම සළකාබැලූ අධිකරණය එහි සත්‍යතාව තහවුරු කරගෙන තිබෙනවා.‍

අනතුරුව මිනිස් අසුචි ගුවනේ දී පිටතට මුදා හරින ගුවන් යානාවලට ඉන්දීය රුපියල් 50,000 බැගින් වූ දඩයක් නියම කිරීමට ඉන්දීය අධිකරණය නියෝග කළා

ගුවන් යානා තුළ ඇති වැසිකිළිවලට අසූචි ඒ සඳහාම ඇති විශේෂ ටැංකියක තාවකාලිකව ගබඩා කිරන අතර ගුවන් යානා ගොඩබෑමෙන් පසු ඒවා ගුවන්තොටු‍පොළේ වෙනත් ටැංකියකට බැහැර කිරීම සාමාන්‍ය ක්‍රියා පටිපාටියයි.

කෙසේ වෙතත් උඩු ගුවනේ දී මෙලස නිවාස මතට අසූචි මලු මුදාහැරීම සුලබ ලෙස වාර්තාවන්නේ ඉන්දියාවෙන් පමණයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගුවන් මගීන්ගේ අසූචි නිවෙස්වල වහල උඩ සහ මිනිස් හිස් මතට"

    Post a Comment