07 January, 2017

ඉන්දියාවට බැරි නම් විතරක්, ඔයාලා එන්න - දකුණු අප්‍රිකාව ලංකාව කියයි

haroon-lorgat

මෙම වසරේ දෙසැම්බර් යළිත් දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතව සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම එම කාලයේදී දකුණු අප්‍රිකාවට නොගෙන්වා ගැනීමට එරට ක්‍රිකට් බළධාරීන් තීරණය කර තිබෙනවා. 

ඒ වෙනුවට ඉන්දියා කණ්‌ඩායම ගෙන්වා ගැනීම කෙරෙහි දකුණු අප්‍රිකානු ප්‍රධාන ක්‍රිකට්‌ විධායක හරුන් ලෝගාට්‌ අවධානය යොමු ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඉන්දියානු කණ්‌ඩායම සමග අවසන් එකඟතාවකට පැමිණ නොමැති හෙයින්, විමසිල්ලෙන් සිටින ලෙසද ඔහු ශ්‍රී ලංකාවට දන්වා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

“මම ශ්‍රී ලංකාවට ලැහැස්‌ති වෙලා ඉන්න කියල පණිවුඩයක්‌ දුන්නා. මොකද ඒ කාලයේදී ඉන්දියාව අපේ රටට ගෙන්වා ගන්න තමයි සැලසුම් කරල තියෙන්නෙ. නමුත් තවම ඒ පිළිබඳව සාකච්ඡා ස්‌ථිර වෙලා නැහැ. මොකද මේ දිනවල ඉන්දියානු ක්‍රිකට්‌ ආයතනය ඉන්නෙ ව්‍යාකූල තත්ත්වයක. ඔවුන්ගේ සභාපතිවරයා ඉවත් කරලා. ලේකම් වරයා ඉවත් කරලා. ඒ නිසා ඉදිරි සති දෙක ඇතුළත ස්‌ථිර එකඟතාවකට එනවා.” යයි ලෝගාට්‌ ප්‍රකාශකර තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාවට බැරි නම් විතරක්, ඔයාලා එන්න - දකුණු අප්‍රිකාව ලංකාව කියයි"

    Post a Comment