07 January, 2017

කුඩුත් එක්ක අල්ලන් ඇවිල්ලත් සද්ද නැතිව ඉඳලා – බැලින්නම් වෙලේ සුදාගේ අම්මා

samantha-kumara-wele-sudaa-02

කොළඹ නගරයේ සුරාබදු ස්ථානය මගින් ඊයේ (5) වැල්ලවත්ත ප්‍රදේශයේ රාජගුරු ශ්‍රී සුභූති මාවතේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කර තිබෙනවා.

සුරාබදු පරීක්ෂක එච්.එම්. හේරත්ගේ විමර්ශනවලට අනුව එහිදී කාන්තාවක් සහ ඇගේ නෑදෑ හිතවතෙකු
අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 10 බැගින් දෙදෙනා සතුව තිබියදීයි.

මෙම කාන්තාව රජගල්ගොඩගේ මාලතී නම් වන අතර ඇය සම්බන්ධයෙන් පසුව සිදු කළ විමර්ශනයක දී හෙළිව ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලේ සුදාගේ මව බවයි.

බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස් බී.දයාරත්නගේ අනුදැනුම මත කොළඹ නගර සුරාබදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රමගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ලක්ෂ්මන් පෙරේරාගේ මුලිකත්වයෙන් මෙම මෙහෙයුම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කුඩුත් එක්ක අල්ලන් ඇවිල්ලත් සද්ද නැතිව ඉඳලා – බැලින්නම් වෙලේ සුදාගේ අම්මා"

    Post a Comment