08 November, 2016

ඩෙනිම් අඳින්න ලොකු ආසාවක් තිබුණා - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

01. ඔයා ඒ කාලේ තාරුණ්‍යයයි අද තාරුණ්‍යයි අතර වෙනසක් දකිනවාද?

ලොකු වෙනසක් දකිනවා. දුරකතනය, අන්තර්ජාලය හරහා මේ වෙද්දී තාරුණ්‍යය ලොකු වෙනසකට ලක්වෙලා තියෙනවා. වත්මන් සමාජයේදී තාක්‍ෂණයේ දියුණුවත් එක්ක මුළු විශ්වයම ෆෝන් එකේ එක බට්න් එකකට ගන්න පුළුවන් වෙලා තියෙනවා කිව්වොත් හරියටම හරි. ඒ දේවල් සාර්ථකත්වය වෙනුවෙන් එකතු කරගත්තොත් ඒක හුඟක් වටිනවා.

02. ඔයාගෙ තරුණ කාලේ ජීවත් වෙන්න ලොකු කට්ටක් කන්න වුණාද?

ඔව් ඇත්තටම. ඒක ලොකු දුෂ්කර බවක්. මම සාමාන්‍ය පවුලක කෙනෙක්. මම අවම පහසුකම් යටතේ තමයි හැදුණේ වැඩුණේ. ඒ නිසා මම නම් සෑහෙන්න කට්ටක් කෑවා.

03. අද ඉන්න තාරුණ්‍යයත් ජීවත් වෙන්න ඒ මහන්සියම ගන්නවා කියලා හිතනවාද?

එහෙමම හිතන්නේ නැහැ. අද වෙද්දී තාක්ෂණය දියුණුයි. නමුත් ඔවුන් ස්වභාවධර්මයෙන් අෑත්වෙලා ජීවත් වෙන්නේ. අපේ කාලෙට වඩා ඒ මහන්සිය තරමක් අඩු ඇති කියලා හිතනවා.

04. ඒ කාලෙදී ආදරේ කියන දේ මොන විදියකට හිතට දැනුණේ?

ආදරේ ගැන පොඩි කුතුහලයක් තිබුණේ. ඒත් ආදරේ අපූර්වත්වය හොයන කුතුහලයක් කිව්වත් හරි. මට පාසල් ප්‍රේමයක් ඇති කරගන්න වුවමනාවක් තිබුණා. නමුත් ඒකට ඉඩක් ලැබුණේ නැහැ.

05. මුල්ම පෙම්වතියට ඔයාගේ ආදරේ ප්‍රකාශ කරන්න කොච්චර මහන්සි වුණාද?

ගොඩක් උත්සාහ කළා. ඒත් එයාගේ ඉස්සරහට ගිහින් කියන්න තරම් හයියක් මට තිබුණේ නැහැ. මම වැඩිපුරම කළේ එයාට ලියුම් ලියලා දෙන එක. ඒ කාලේ මගේ අත්අකුරු ලස්සනයි. ඉතින් මම හිතුවා අකුරුවලට ආකර්ෂණය වෙයි කියලා. නමුත් එහෙම වුණෙත් නැහැ. ඊට පස්සේ මම කවි ලියලා දුන්නා. ඒවත් කියවපු පාටක්වත් තිබුණේ නැහැ.

06. ඒ කාලේදී තිබුණු ලව් එකක් ගෙදරට මාට්ටු වෙලා තියෙනවාද?

මට නම් එහෙම අත්දැකීමක් නැහැ. නමුත් පෙම්වතියගෙ නිවෙසට ආරංචි වුණ අවස්ථා තිබුණා.

07. හා හා පුරා කියලා පෙම්වතිය මුණගැහෙන්න ගියපු විදිය මතකද?

මිතුරකුගේ මට්ටමින් තමයි මුණගැහෙන්න ට්‍රයි කළේ. ඒත් ඒක සාර්ථක වුණේ නැහැ. මොකද එයාගේ අයියලා මුරකාවල් දාලා තිබුණා.

08. තරුණ කාලේ ඔයාගේ ජීවිතේ ෆැෂන්වලට මොන වගේ තැනක්ද හිමිවෙලා තිබුණේ?

කාලෙන් කාලෙට විලාසිතා වෙනස් වුණාට ඒ දේවල් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඇඳලා පරණ වුණු ඩෙනිම් විකුණන තැනකින් ඉතාමත් සුළු මුදලකට අරන් තමයි ඇන්දේ. ඩෙනිම් කලිසම් අඳින්න ඇත්තටම ඒ කාලේ ලොකු ආසාවක් තිබුණා. ඒ වෙනුවෙන් කැප කරන්න ලොකු වත්කමක් මටවත් අපේ පවුලේ අයටවත් තිබුණේ නැහැ.

09. කොහොමද ඒ කාලේ ෆැෂන් කරන්න අමාරුවෙන් හරි සල්ලි සොයා ගත්තේ?

මම සාමාන්‍ය ගොවිතැන් කරන පවුලක කෙනෙක්. විලාසිතාවලට වඩා මුදල් යොදවන්න අවශ්‍යතා ගොඩක් තිබුණා. මමයි මගෙ යාළුවොයි එක එක දේවල් එකතු කරගෙන ඒවා පොළට ගිහින් විකුණලා තමයි සල්ලි සොයා ගත්තේ. දිග කලිසමක් අඳින්න වුණත් මම අනික් අයට වඩා පරක්කු වුණා. කුලී වැඩක් කරලා මොනවා හරි පොළේ විකුණලා ලැබුණු මුදල් වුණත් මම වියදම් කළේ චිත්‍රකතා පත්තරයක් සඟරාවක් ගන්න.

10. ඉස්ඉස්සෙල්ලාම පෙම්වතියගේ අතින් ඇල්ලුවම මොන වගේ හැඟීමක්ද දැනුණේ?

ඒක ලොකු අපූරු අත්දැකීමක්. මම එයාගේ අතින් පළමුවැනි පාරට ඇල්ලුවේ පාර පනින අවස්ථාවකදී. එහෙම අත ඇල්ලුවේ ඇගේ ආරක්‍ෂාවට. නමුත් එහෙම අල්ලගත්ත අත කිසිම වෙලාවකදී අත්හැරියේ නැහැ. නමුත් පස්සේ කාලෙදී වුණු එක එක කරුණු කාරණා නිසා අමාරුවෙන් වුණත් ඒ අත අරින්න වුණා.

11. ඒ කාලේදී perfume පාවිච්චි කළාද?

නැහැ. ඇත්තටම ඒ දේවල්වලට වියදම් කරන්න වත්කමක් තිබුණේ නැහැ.

12. ඒ කාලේ ආදරය කරපු පෙම්වතියගේ perfume එකේ සුවඳ මතකද?

ඇයත් ඒ දේවල් පාවිච්චි කළේ නැහැ. මට ඇයගෙන් ආවේ බේබි සබන්, ඕඩිකොලෝන් සුවඳක්.

13. මහින්ද ප්‍රසාද් මොන විදියට අඳින පලඳිනවටද පෙම්වතිය කැමැති වුණේ?

ඇය මගේ බාහිර පෙනුමට වඩා ආස කළේ මගේ නිර්මාණ කටයුතුවලට. ඒ නිසා ඇය එහෙම විශේෂ දෙයක් කියලා තිබුණේ නැහැ.

14. ගොඩක් දුක්විඳලා, මහන්සි වෙලා ඉගෙන ගත්ත දේවල්වලින් මේ වෙද්දී ප්‍රතිඵල ලැබිලා තියෙනවාද?

අනිවාර්යයෙන්ම ඔව්. මම මේක තනියම ආපු ගමනක්. ආපස්සට හැරිලා බැලුවම ඒ ගමන්මඟ හරිම කටුකයි වගේම දුෂ්කරයි. අද වෙද්දී මම හැම ඉලක්කයක්ම වගේ සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒ ගැන මට ඇත්තටම සතුටුයි.

15. ඔයාගේ යූත් එක වර්තමාන යූත් එකට වඩා සාර්ථකයි කියලා හිතෙනවාද?

එහෙම හරියටම කියන්න අමාරුයි. යුගයෙන් යුගය වෙනස්. තාක්‍ෂණය අතින් බැලුවම නම් වර්තමාන පරම්පරාව සාර්ථකයි. ආකල්ප, අනෙක් දේවල් බැලුවම මගේ තාරුණ්‍ය සාර්ථකයි කියලා හිතනවා.

mahinda-prasad-masimmbula



සමාධි ඕබඩ ආරච්චි_මව්බිම

07 November, 2016

මුදලට ගත් ගණිකාවත් සමඟින් වාහන උස්සන මට්ටක්කුලියේ ගැන්සිය

වාහනයක් පැහැරගෙන එමින් සිටි විදේශීය කාන්තාවක් ඇතුළු පස්දෙනකුගෙන් යුත් මංකොල්ල කණ්ඩායමක් ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුසියානු කාන්තාවන් ලෙස මෙරට ගණිකා වෘතියේ නියුතු උස්බෙකිස්තානු කාන්තාවක් සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිව් දෙනකි.

අදාල සැකකරුවන් පිරිස විසින් වාහනයක් කුලියට ලබාගෙන වාද්දුව ප්‍රදේශයේදී රියැදුරා එළියට ඇදදමා වාහනය පැහැරගෙන කොළඹ දෙසට එමින් සිට තිබෙනවා. 

එම අවස්ථාවේ ගල්කිස්ස පොලිසියේ නිලධාරීන් එය පසුපස හඹාගොස් අතුරු පාරකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට පත් තරුණයින් විසින් උස්බෙකිස්තානු කාන්තාව මුදලට ලබාගෙන ඇති බවයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ.

prostitute-near-car

_නෙත්ගොසිප්

සල්ලි නැතත් ආදරය ඇති යාචකයා බිරියගේ සිරුර කිලෝ මීටර් 60ක් අත්කරත්තයෙන් ගෙනියයි

තම මියගිය බිරිඳගේ මළ සිරුර තමන් පදිංචි ගම්මානයට රැගෙනයාමට මුදල් අත නොතිබූ යාචකයෙක්, බිරිඳගේ මළ සිරුර අත් කරත්තයක තබාගෙන කිලෝමීටර් 60ක් පමණ දුරක් ගෙනගොස් තිබෙනවා.

දුම්රිය ස්ථානයක් අසල සිඟමන් යැදි මෙම වයෝවෘධ යුවළගේ ගම පිහිටා ඇත්තේ එහි සිට කිලෝමීටර් 140ක් පමණ දුරින්. 

ඒ දුර මළ සිරුර ගෙනයාමට ඉන්දියන් රුපියල් 5000ක් ඉල්ලා ඇති අතර එම මුදල නොතිබූ බැවින් රාමුලු නම් මෙම පුද්ගලයා මෙම පියවර ගෙන තිබෙනවා.

කිලෝමීටර් 60ක් පමණ ගියපසු හමුවූ ප්‍රදේශයේ වැසියන් ඔහුට මුදල් ලබාදී ඇති අතර පොලිසියේද මැදිහත්වීම මත තම ආදරණිය බිරිඳ කවීතාගේ දේහය කුලී රියකින් තම ගම්මානයට ගෙනගොස් තිබෙනවා.

beggar-takes-his-wifes-body-60-kilometers-from-cart

_නෙත්ගොසිප්

FB ප්‍රොෆයිල් එක හොරෙන් බලපු අය මාට්ටු කරගන්න හැටි මෙන්න

ෆේස්බුක් නං අද කාළේ නැති කෙනෙක් නැහැනේ.

ෆේස්බුක් සමාගමත් කලෙන් කාලෙට යාවත්කාලීන කරමින් කාගේත් පහසුවට නොයෙකුත් අළුත්දේ ගෙන එනවා.

ඒත් අපේ  ෆේස්බුක් ගිණුම බලපු අය ගැන දැන ගන්න නම් තාම කිසිම විදියක් නැහැ.

මේ පහතින් දැක්වෙන්නේ ඒක කරන ලේසි ක්‍රමයක්.

facebook-profile-viewed

තාත්තා අම්මාට වදදෙනවා..! දරුවෙක් පාසල් ඇඳුමෙන්ම පොලිසියට පැමිණෙයි

සිය පියා විසින් නිතර නිතර මවට සිදුකරන මරණීය තර්ජන හා අමානුෂික පහරදීම් නවතා දෙන ලෙස ඉල්ලමින් දරුවකු පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

‍12 හැවිරිදි එම දරුවා පාසල් නිල ඇඳුමෙන්ම පොලිසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ තත්වය නිසා තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇති වී තිබෙන බව එහිදී දරුවා පවසා තිබෙනවා.

තමන්ට නිවෙසේ සිටීමට පවා නොහැකි කලකිරීම් තත්ත්වයක් උදා වී ඇති බවයි දරුවා වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ හේතුවෙන් තම පියාට අවශ්‍ය අවවාද හා උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් එම සිසුවා පැමිණිළිකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වැඩිදුර විමර්ශණ බණ්ඩාරගම පොලිසිය ආරම්භ කර තිබෙනවා.

student-in-police-station

අවසන් ප්‍රදීපාගාරය නිවී ගියේද ? ~ කසුන් කල්හාර අමරදේවයන් වෙනුවෙන් තැබූ සංවේදී සටහන

අවසන් ප්‍රදීපාගාරය නිවී ගියේද ?

අප මල් මිටක් දෝතට ගන්නට පෙර ඔහු විකසිත පෙම් පොකුරු පියුම් නෙළුවේය. රැඩිකල් ප්‍රේමය ගැන ගයන්නට පෙර ඔහු ආදර හැඟුම් ගැන ගැයුවේය. ආදරණීය වස්සානය ගැන ගයන්නට පෙර ඔහු වසන්තයේ මල් පොකුරු නෙළා පැමිණියේය. සඳ සඳ වගේ කියා ගයන්නට පෙර ඔහු සිය ස්වරයෙන් සඳ තරු නිහඬ කළේය. එහෙව් අසිරිමත් හපන්කම් පෑ ඔහු, අප රෑ අහසින් ආදරය හොයද්දී තරු අරුන්දතියට සමු දී නොදන්නා ඉසව්වකට නික්ම ගොසිනි.

වන්නකු වඩුගේ දොන් ඇල්බට් පෙරේරා තරුණයා ඔහුට හිමි නියම නම පසුව ලද්දේය. අමරදේව යන එනම හිමිකර ගැනීමෙන් පසු ඔහු වියපත් වූයේ භෞතික සිරුරෙන් පමණි. ඒ සදාකාලික තාරුණ්‍යය, ලංකා ගීත සාහිත්‍යය නමැති තරු වළල්ලේ සූර්ය තාරකාව වූයේය. මනුෂ්‍ය සන්තානයේ අති ගැඹුරු කලාපයන් කරා කිමිද හෘද තත් එකින් එක සීරුවට සුසර කරමින් ඔහු පෑ ස්වර පෙළහර අප හමුවෙහි වෙසෙස් අභියෝග මවන්නේය, අමරදේව නම් ඒ මහා කන්ද අප ඒ අභියෝග ජයගන්නේදැයි හොරැහින් බලා සිටියේය.


ඔහුගේ සමුගැනීම සවනත වැකෙන විට අප සිටින්නේ මූදු සතෙකින් ඈත දේසේ දුරු රටය. එහෙත් මේ අසමසම ගාන්ධර්වයා සිහින තොටුපළෙන් නික්ම යන මොහොතේ හිස නමන්නට අප ඉක්මනින් ආ යුතුය. මේ කෙටි සටහන ලියන්නේ ඒ එනතෙක්ය. ඔහු ගැන සිතිවිලි විතරක් අවදිව ඇති හෙයින්, මෙසේ ලියමි. සදාතනික කුඹ ගසක් මත කොළොම්තොට සඳ නැවැතී ඇත. අවසන් ප්‍රදීපාගාරය නිවී ගියේද කියා මේ නිමේෂයේ මම සිතමි.

කසුන් කල්හාර ජයවර්ධන
2016 නොවැම්බර් 03
ඕස්ට්‍ර්ලියාවේ මෙල්බර්න් නුවර සිට


kasun-kalhara-amaradewa



kasun-kalhara-amaradewa-fb-note

බිම වැටී සිහි මූර්ඡා වුණා ~ කැලයකට ඇදගෙන ගොස් දූෂණය කළා ~ 52කේ කත දූෂණය කළ පාපතරයා

වෙන්නප්පුව බෝලවත්ත රංගම්මුල්ල ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලා භූමියකදී 52 හැවිරිදි කම්කරු කාන්තාවක් දූෂණය කර මුහුණ වසා හුස්ම හිරකර මරා දැමූ බව කියන උළු කර්මාන්ත ශාලාවක කම්කරු සේවකයකු සැකපිට පෙරේදා (5දා) වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රංගම්මුල්ල ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක කම්කරුවකු ලෙස සේවය කළ 25 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.


මරාදමා තිබුණේ 52 හැවිරිදි සෙවුනි සෙංගම්මා නමැති විවාහක කාන්තාවකි. 

සැකකරු සේවය කරන උළු කර්මාන්ත ශාලාව වෙත පසුගිය (30දා) රාත්‍රි ගොස් ඇති මියගිය කාන්තාව රාත්‍රි ආහාරයද ගෙන ආපසු නිවෙසට යෑමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු ඇයට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර තිබේ. 

එයට අකැමැති වූ විට සැකකරු කාන්තාව තල්ලුකර ඇති අතර එහිදී නිවෙසේ කණුවක හිස ගැටී කාන්තාව සිහි මූර්ඡාවී බිම ඇද වැටී ඇති බවත් පසුව ඇය කැලයකට ඇදගෙන ගොස් දූෂණය කර මුහුණ වසා හුස්ම හිරකර මරා දැමූ බවත් සැකකරු පොලිසියට පවසා ඇත. 

මියගිය කාන්තාවගේ සිරුර පසුගියදා (1දා) දහවල් එම උළු කර්මාන්ත ශාලාවේ සේවකයකු දැක පොලිසියට දැන්වීමෙන් පසු වැඩිදුර පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

rape-on-floor

වෙන්නප්පුව - ඇම්.ඩී. රවින්ද්‍ර_මව්බිම

මවට ගහලා ඉළ ඇට කඩපු පුතකුගේ මිනිය භාරගන්නවත් කෙනෙක් නැහැ

සිය මවගේ ඉළ ඇට දෙකක් බිඳීයෑමට පයින් පහරදුන් නරුම පුතකු ඊයේ (6දා) කෑගල්ල රංවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයකු බව පොලිසිය කියයි.

මියගොස් ඇති පුද්ගලයා මීට වසර ගණනාවකට ඉහතදී වෙරිමතින් නිවෙසට පැමිණ සිය මවගේ පපුව ප්‍රදේශයට පයින් පහරදී ඇත. 

පහරදීමෙන් පසු මවගේ ඉළ ඇට දෙකක් බිඳී පසුව ඇය මියගොස් තිබේ. 

පහරදුන් අවස්ථාවේ මව සිය පුත්‍රයාට ප්‍රකාශ කර ඇත්තේ 

"උඹ අද මට ඉළ ඇට දෙකක් කැඩෙන්න පහරදුන්නා. කවදා හරි දවසක උඹට උරුම වෙන්නේ මහපාර තමයි. මහපාරේ වැටී කවදා හරි දවසක උඹ මැරිලා යයි" යනුවෙනි. 

කාලයක් තිස්සේ කුලීවැඩ කරමින් ජීවත්ව සිට ඇති මේ නරුම පුතා ඊයේ (6දා) කෑගල්ල රංවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී බිම ඇදවැටී එම ස්ථානයේදීම මිය ගොස් ඇත. 

එම ස්ථානයේ සිටි පුද්ගලයන් පිරිසක් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයා එදා සිය මවට පයින් පහරදුන් අවස්ථාවේදී මව ප්‍රකාශ කළ දේ අද සිදුවී ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ මෘත දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඊයේ (6දා) දහවල් මරණ පරීක්‍ෂණය සිදු කිරීමටවත් මෘත දේහය භාර ගැනීමටවත් ඥාතීන් නොපැමිණි බවත් පොලිසිය කියයි. 

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන් එච්.එම්.එස්.එස්. හේරත් (48782), පොලිස් කොස්තාපල් (27299) යන නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

beaten-man-women

දමුණුපොළ - චමින්ද ජයලත් _මව්බිම

06 November, 2016

ටෙලි නිළියගේ සාදය ජා ඇල වෙරළේ ජයටම – එළිපිටම සිප ගැනීම්..ලිංගික ක්‍රියාකාරකම්

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පදිංචි මෙම ටෙලිනාට්‍ය නිළිය මැදිවිය පසුකරමින් සිටින, ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී ඇති තැනැත්තියකි.

ඇය මුදල්වලට දැඩි කෑදරකමක්‌ දැක්‌වූ අතර හොඳින් බැරිනම් නරකින් හෝ මුදල් සෙවීමට ඇය ඉතා දක්‍ෂ තැනැත්තියක්‌ බවයි පැවසෙන්නේ.

වර්තමානයේ වෙරළ සාද පැවැත්වීම ඉතාම ලාභදායී ව්‍යාපාරයක්‌ බව ඇය දැන ගත්තේ යහළුවකු මාර්ගයෙනි.

ඉන්පසු ඇය වෙරළ සාද ගැන දැඩි අධ්‍යයනයක්‌ කළාය. අවසානයේ ටෙලි නිළිය මේ පිළිබඳ මුලසිට අගට තොරතුරු ඉගෙන ගත්තාය. සල්ලිවලට කෑදර ඇය වෙරළ සාදයක්‌ සංවිධානය කිරීමට තීරණය කරනු ලැබුවා.

වෙරළ සාදයේ ප්‍රධාන සංවිධායිකාව ඇයවූ අතර උප සංවිධායිකාව වූයේ ඇගේ දියණියක්.

සාදය පැවැත්වීම සඳහා තෝරා ගත්තේ ජාඇල ප්‍රදේශයයි. එය පැවැත්වීමේ දිනය ලෙස දීපවාලි උත්සවය පැවැති විසිනම වැනිදා තෝරා ගනු ලැබුවා.
වෙරළ සාදය සඳහා සහභාගි වන්නන් ප්‍රවේශ පත්‍රයක්‌ මිලදී ගත යුතුයි.

එය අවම වශයෙන් රුපියල් දාහක්‌ පමණ වන අතර එක ප්‍රවේශ පත්‍රයකින් ඇතුළු විය හැක්‌කේ එක්‌ අයකුට පමනයි.

විදේශිකයන්ගේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් පන්දාහක්‌ පමණ වන අතර සාදය පැවැත්වෙන භූමියේ නොයෙක්‌ වර්ගයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය විකිණීමට තිබෙනවා.

එම සියලු මත්ද්‍රව්‍ය විකුණන්නේ වෙළෙඳ පොළේ මිලට වඩා අධික මිලකටයි.

මෙහි භයානකම පැත්ත වන්නේ විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිහිය විකල්වූ තරුණ තරුණියෝ එළිපිටම සිප ගැනීම්වල නිරත වීමයි. මඳ වේලාවක්‌ එලෙස සිප ගන්නා ඔවුන් එයින් නවතින්නේ නැත. ලිංගික කටයුතුවල නිරත වීමටද පටන් ගැනීම සුලබ කරුණක්.

සමහර විදෙස්‌ තරුණ තරුණියෝද මෙම වෙරළ සාදවලට සහභාගි වන්නේ මෙරට තරුණ තරුණියන් සමඟ ලිංගික කටයුතුවල නිරත වීමේ බලාපොරොත්තු ඇතිවයි.

වෙරළ සාද පිළිබඳ තොරතුරු සුරාබදු නිලධාරීන්ට දැන ගන්නට ලැබෙන්නේ ඔය අතරතුරේදීයි.

එලෙස දැනගත් පසු වහාම ක්‍රියාත්මක වූ එම නිලධාරීහු වෙරළ සාදය වැටලු අතර එවිට විවිධ වර්ගයේ මත්පැන් බෝතල් හාරසීයක්‌ පමණ සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

ජාඇල වෙරළ සාදයේ නීති විරෝධී අයුරින් මත්පැන් විකූණා තිබුණේ එය සංවිධානය කළ ටෙලි නිළියගේ දියණියයි. අවසානයේ නීති විරෝධී ක්‍රියා සිදුකළ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට සුරා බදු විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්.හේමන්ත ඇතුළු නිලධාරීහු කටයුතු කර තිබෙනවා.

beach-party

_නෙත්ගොසිප්

කිහිප වරක්‌ම කළානේ ඇඟටත් අමාරුයි – ගුවන් සේවිකාව දුෂණය කළ සෙබළා කොටුවූ හැටි

මෙරට ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සේවයේ නිරත ගුවන් සේවිකාවක් අතවරයට ලක් කර ඇති පුවතක් වැලිකඩ පොලිස් වසමෙන් වාර්තා වනවා.

විවාහක දෙදරු පියෙක් වන අදාළ පුද්ගලයා යුද හමුදා සේවය අතහැර දමා පලාගිය සෙබළෙකු බවයි වාර්තා වන්නේ.

අසළ නිවසක පෙදරේරුවකු ලෙස මෙම පුද්ගලයා සේවය කරමින් සිටියදී, 
තනිකඩව ජීවත් වූ මෙම ගුවන් සේවිකාවට අතවර කර ඇති බවයි පැවසෙන්නේ.

ඇගේ කාමරයේ සැඟවී සිට මරන බවට තර්ජනය කරමින් පැය දෙකක්‌ ඇතුළත කිහිප වරක්‌ම සැකකරු තරුණියව දූෂණය කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුරුව ඇයට තර්ජනය කරමින් ඔහු රන් ආභරණ සහ මුදල්ද කොල්ලකෑමට සැරසෙද්දී අැය දූෂකයා රවටා පොලිසියට දැනුම්දී තිබෙනවා.

“ඔයා මාව කිහිප වරක්‌ම දූෂණය කළානේ… ඇඟටත් අමාරුයි. මට නාන කාමරයට යන්නත් ඕනෑ. විනාඩියෙන් ගිහින් එන්නම්” 

ලෙස දූෂකයා රවටා ඇති ඇය ජංගම දුරකථනය සඟවා ගෙන නාන කාමරයට ගොස් පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට තොරතුරු දැනුම් දී තිබෙනවා.

විනාඩි කිහිපයක්‌ ඇතුළත වැලිකඩ පොලිසියේ නිලධාරීහු පැමිණ අයෝමිගේ නිවස වැටලා තිබෙනවා. 

පොලිසිය පැමිණ ඇති බව දැනගත් දූෂකයා ඇඳුම් නැතිවම පැන යැමට උත්සාහ කළද පොලිස්‌ නිලධාරීන් ක්‍රියාත්මක වීමෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකකරු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

rape-case-meerigam

04 November, 2016

මුදල් පසුපස හඹා යන සමාජයක කාකි ඇඳුම යටින් උතුම් මනුස්සකම ඉස්මතු කළ කොස්තාපල් නිශාන්ත

සල්ලිවලට අද මිනිස්සු නොකරන දෙයක් නැති තත්ත්වෙට මේ සමාජය පත්වෙලා.

ඒත් ඒ සමාජය ඇතුලෙම මනුස්සකම පිරුණු එක රුපියලක දෙයක්වත් වංචනික විදිහට ලබාගන්න උත්සහ නොකරන මිනිස්සුත් ජීවත් වෙනවා.

මනුස්සකම ගැනයි සල්ලි ගැනයි අපි කියන්න හිතුවේ පොලිස් නිල ඇඳුම යට සැඟවිලා තිබුණු උතුම් වැඩක් ගැන අහන්න ලැබුණු නිසයි.

පොලිසිය කිව්වම මේ සමාජය ඇතුලේ තියෙන්නේ හොඳ ප්‍රතිරූපයක් නොවුණත් කාකි ඇඳුමට ඇතුලින් හොඳ මිනිස්සුත් ඉන්නවා කියන එක අපි අවස්ථා කිහිපයකදීම ඔබට කියලා තියෙන්නේ උදාහරණත් සපයමින්.

පොලිස් කොස්තාපල් එන්.එල්. නිශාන්ත. මොහු සේවය කරන්නේ පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ.

කොස්තාපල් නිශාන්ත පසුගිය දවසක වේයන්ගොඩ එයාගේ නිවස බලා ගිය වෙලාවේ දුම්රිය ස්ථානයේ තිබිලා අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් හමුවෙලා.

මොන තරම් වටිනාකමක් තිබ්බත් දෙපාරක් හිතන්නේ නැතිව කොස්තාපල් නිශාන්ත මෙහි හිමිකරුව හොයන්න වෙහෙසෙලා.

පස්සේ ඔහුට දැනගන්න ලැබිලා තියෙන්නේ වියට්නාමයේ ඉඳලා බටලන්ද කෑම්ප් එකේ පුහුණුවකට ආපු කැප්ටන් කෙනෙකුට මේ ජංගම දුරකථනය අයිතියි කියලයි.

මේ ගැන ඔහුට දැනුම්දීමක් කරලා පොලිස් මූලස්ථානයේදී පසුගියදා ජංගම දුරකථනය ඔහුට බාරදීලා තිබුණා.

එතනදි වියට්නාම හමුදා නිලධාරියා කොස්තාපල් නිශාන්තගේ මේ අමිල වැඩේ ගැන ස්තූතිය පලකරලා අපේ රටටත් ජීවත්වෙන මිනිස්සු ගැනත් ලොකු විශ්වාසයක් ඇතිවුණා කියලා සඳහන් කරලා.

කොහොම වුණත් සල්ලිවලට මනුස්සකම් හේදිලා යන සමාජයේ මේ වගේ නිශාන්ත වගේ උතුම් නිලධාරීන් රටටත් පොලිසියටත් ලොකු වටිනාකමක් එකතු කරනවා.

police-news-nl-nishantha

_හිරුගොසිප්

ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රී කෙනෙක් අලුත් පක්ෂයට ගියොත් ඉවරයි..?

මහාචාර්ය ජී.එල් පීරිස්ගේ සභාපතීත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසම විසින් ඊයේ (02) පිළිගැනුනා. 

මෙහි සභාපති ජී. එල් පීරිස් ඊට පෙර සාමාජිකත්වය දැරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. 

මේවනවිට ඔහු මහජන නියෝජිතයකු නොවන බැවින් නව පක්ෂයක සාමාජිකත්වය හෝ තනතුරක් දැරීම ගැටළුවක් වුවද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගතහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීධූරය අහිමිවීමේ ඉඩක් ඇතැයි, ඒකාබද්ධ විපක්ෂයම නියෝජනය කරනා මන්ත්‍රීවරයකු www.nethgossip.lk සමග පැවසුවා.

“දැනට ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු වැඩි පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. 

වෙනත් පක්ෂවල අයට දැනටමත් පක්ෂ තියෙනව. ඒ අයට නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමේ අවශ්‍යතාවයක් කොහොමත් නැහැ. 

මෙතනදි ගැටළුව මතුවෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ඒකාබද්ධ විපක්ෂයේ අයටයි. 

ඇත්තටම නව පක්ෂයක අවශ්‍යතාව තියෙන්නෙත් ඒ අයටම තමයි. 

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් නව පක්ෂයේ සාමාජිකත්වය ගත්තොත් ඔහුගේ හෝ ඇයගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවීමත් සමග මන්ත්‍රීධූරය අහිමිවීමේ අවධානමක් තියෙනව.“

කෙසේ වෙතත් යම් අවස්ථාවක එවැනි තත්වයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන්ද ගතහැකි ක්‍රියාමාර්ගද ඇතැයි ඔහු පැවසුවා.

slfp-joint-opp-4

_නෙත්ගොසිප්