මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රංගම්මුල්ල ප්‍රදේශයේ උළු කර්මාන්ත ශාලාවක කම්කරුවකු ලෙස සේවය කළ 25 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මරාදමා තිබුණේ 52 හැවිරිදි සෙවුනි සෙංගම්මා නමැති විවාහක කාන්තාවකි.
සැකකරු සේවය කරන උළු කර්මාන්ත ශාලාව වෙත පසුගිය (30දා) රාත්‍රි ගොස් ඇති මියගිය කාන්තාව රාත්‍රි ආහාරයද ගෙන ආපසු නිවෙසට යෑමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු ඇයට ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කර තිබේ.
එයට අකැමැති වූ විට
සැකකරු කාන්තාව තල්ලුකර ඇති අතර එහිදී නිවෙසේ කණුවක හිස ගැටී කාන්තාව සිහි මූර්ඡාවී බිම ඇද වැටී ඇති බවත් පසුව ඇය කැලයකට ඇදගෙන ගොස් දූෂණය කර මුහුණ වසා හුස්ම හිරකර මරා දැමූ බවත් සැකකරු පොලිසියට පවසා ඇත.
සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මියගිය කාන්තාවගේ සිරුර පසුගියදා (1දා) දහවල් එම උළු කර්මාන්ත ශාලාවේ සේවකයකු දැක පොලිසියට දැන්වීමෙන් පසු වැඩිදුර පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වෙන්නප්පුව - ඇම්.ඩී. රවින්ද්‍ර_මව්බිම
Share this
|
|
0 Comment to "බිම වැටී සිහි මූර්ඡා වුණා ~ කැලයකට ඇදගෙන ගොස් දූෂණය කළා ~ 52කේ කත දූෂණය කළ පාපතරයා"
Post a Comment