මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයකු බව පොලිසිය කියයි.
මියගොස් ඇති පුද්ගලයා මීට වසර ගණනාවකට ඉහතදී වෙරිමතින් නිවෙසට පැමිණ සිය මවගේ පපුව ප්‍රදේශයට පයින් පහරදී ඇත.
පහරදීමෙන් පසු මවගේ ඉළ ඇට දෙකක් බිඳී පසුව ඇය මියගොස් තිබේ.
පහරදුන් අවස්ථාවේ මව සිය පුත්‍රයාට ප්‍රකාශ කර ඇත්තේ
"උඹ අද මට ඉළ ඇට දෙකක් කැඩෙන්න පහරදුන්නා. කවදා හරි දවසක උඹට උරුම වෙන්නේ මහපාර තමයි. මහපාරේ වැටී කවදා හරි දවසක උඹ මැරිලා යයි" යනුවෙනි.
කාලයක් තිස්සේ කුලීවැඩ කරමින් ජීවත්ව
සිට ඇති මේ නරුම පුතා ඊයේ (6දා) කෑගල්ල රංවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී බිම ඇදවැටී එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
එම ස්ථානයේ සිටි පුද්ගලයන් පිරිසක් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ මෙම පුද්ගලයා එදා සිය මවට පයින් පහරදුන් අවස්ථාවේදී මව ප්‍රකාශ කළ දේ අද සිදුවී ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඊයේ (6දා) දහවල් මරණ පරීක්‍ෂණය සිදු කිරීමටවත් මෘත දේහය භාර ගැනීමටවත් ඥාතීන් නොපැමිණි බවත් පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය කෑගල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඊයේ (6දා) දහවල් මරණ පරීක්‍ෂණය සිදු කිරීමටවත් මෘත දේහය භාර ගැනීමටවත් ඥාතීන් නොපැමිණි බවත් පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ පොලිස් සැරයන් එච්.එම්.එස්.එස්. හේරත් (48782), පොලිස් කොස්තාපල් (27299) යන නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.

දමුණුපොළ - චමින්ද ජයලත් _මව්බිම
Share this
|
|
0 Comment to "මවට ගහලා ඉළ ඇට කඩපු පුතකුගේ මිනිය භාරගන්නවත් කෙනෙක් නැහැ"
Post a Comment