04 November, 2016

මුදල් පසුපස හඹා යන සමාජයක කාකි ඇඳුම යටින් උතුම් මනුස්සකම ඉස්මතු කළ කොස්තාපල් නිශාන්ත

සල්ලිවලට අද මිනිස්සු නොකරන දෙයක් නැති තත්ත්වෙට මේ සමාජය පත්වෙලා.

ඒත් ඒ සමාජය ඇතුලෙම මනුස්සකම පිරුණු එක රුපියලක දෙයක්වත් වංචනික විදිහට ලබාගන්න උත්සහ නොකරන මිනිස්සුත් ජීවත් වෙනවා.

මනුස්සකම ගැනයි සල්ලි ගැනයි අපි කියන්න හිතුවේ පොලිස් නිල ඇඳුම යට සැඟවිලා තිබුණු උතුම් වැඩක් ගැන අහන්න ලැබුණු නිසයි.

පොලිසිය කිව්වම මේ සමාජය ඇතුලේ තියෙන්නේ හොඳ ප්‍රතිරූපයක් නොවුණත් කාකි ඇඳුමට ඇතුලින් හොඳ මිනිස්සුත් ඉන්නවා කියන එක අපි අවස්ථා කිහිපයකදීම ඔබට කියලා තියෙන්නේ උදාහරණත් සපයමින්.

පොලිස් කොස්තාපල් එන්.එල්. නිශාන්ත. මොහු සේවය කරන්නේ පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ.

කොස්තාපල් නිශාන්ත පසුගිය දවසක වේයන්ගොඩ එයාගේ නිවස බලා ගිය වෙලාවේ දුම්රිය ස්ථානයේ තිබිලා අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් හමුවෙලා.

මොන තරම් වටිනාකමක් තිබ්බත් දෙපාරක් හිතන්නේ නැතිව කොස්තාපල් නිශාන්ත මෙහි හිමිකරුව හොයන්න වෙහෙසෙලා.

පස්සේ ඔහුට දැනගන්න ලැබිලා තියෙන්නේ වියට්නාමයේ ඉඳලා බටලන්ද කෑම්ප් එකේ පුහුණුවකට ආපු කැප්ටන් කෙනෙකුට මේ ජංගම දුරකථනය අයිතියි කියලයි.

මේ ගැන ඔහුට දැනුම්දීමක් කරලා පොලිස් මූලස්ථානයේදී පසුගියදා ජංගම දුරකථනය ඔහුට බාරදීලා තිබුණා.

එතනදි වියට්නාම හමුදා නිලධාරියා කොස්තාපල් නිශාන්තගේ මේ අමිල වැඩේ ගැන ස්තූතිය පලකරලා අපේ රටටත් ජීවත්වෙන මිනිස්සු ගැනත් ලොකු විශ්වාසයක් ඇතිවුණා කියලා සඳහන් කරලා.

කොහොම වුණත් සල්ලිවලට මනුස්සකම් හේදිලා යන සමාජයේ මේ වගේ නිශාන්ත වගේ උතුම් නිලධාරීන් රටටත් පොලිසියටත් ලොකු වටිනාකමක් එකතු කරනවා.

police-news-nl-nishantha

_හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මුදල් පසුපස හඹා යන සමාජයක කාකි ඇඳුම යටින් උතුම් මනුස්සකම ඉස්මතු කළ කොස්තාපල් නිශාන්ත"

    Post a Comment