06 November, 2016

කිහිප වරක්‌ම කළානේ ඇඟටත් අමාරුයි – ගුවන් සේවිකාව දුෂණය කළ සෙබළා කොටුවූ හැටි

මෙරට ප්‍රධාන පෙළේ ගුවන් සමාගමක සේවයේ නිරත ගුවන් සේවිකාවක් අතවරයට ලක් කර ඇති පුවතක් වැලිකඩ පොලිස් වසමෙන් වාර්තා වනවා.

විවාහක දෙදරු පියෙක් වන අදාළ පුද්ගලයා යුද හමුදා සේවය අතහැර දමා පලාගිය සෙබළෙකු බවයි වාර්තා වන්නේ.

අසළ නිවසක පෙදරේරුවකු ලෙස මෙම පුද්ගලයා සේවය කරමින් සිටියදී, 
තනිකඩව ජීවත් වූ මෙම ගුවන් සේවිකාවට අතවර කර ඇති බවයි පැවසෙන්නේ.

ඇගේ කාමරයේ සැඟවී සිට මරන බවට තර්ජනය කරමින් පැය දෙකක්‌ ඇතුළත කිහිප වරක්‌ම සැකකරු තරුණියව දූෂණය කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුරුව ඇයට තර්ජනය කරමින් ඔහු රන් ආභරණ සහ මුදල්ද කොල්ලකෑමට සැරසෙද්දී අැය දූෂකයා රවටා පොලිසියට දැනුම්දී තිබෙනවා.

“ඔයා මාව කිහිප වරක්‌ම දූෂණය කළානේ… ඇඟටත් අමාරුයි. මට නාන කාමරයට යන්නත් ඕනෑ. විනාඩියෙන් ගිහින් එන්නම්” 

ලෙස දූෂකයා රවටා ඇති ඇය ජංගම දුරකථනය සඟවා ගෙන නාන කාමරයට ගොස් පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට තොරතුරු දැනුම් දී තිබෙනවා.

විනාඩි කිහිපයක්‌ ඇතුළත වැලිකඩ පොලිසියේ නිලධාරීහු පැමිණ අයෝමිගේ නිවස වැටලා තිබෙනවා. 

පොලිසිය පැමිණ ඇති බව දැනගත් දූෂකයා ඇඳුම් නැතිවම පැන යැමට උත්සාහ කළද පොලිස්‌ නිලධාරීන් ක්‍රියාත්මක වීමෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකකරු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

rape-case-meerigam

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කිහිප වරක්‌ම කළානේ ඇඟටත් අමාරුයි – ගුවන් සේවිකාව දුෂණය කළ සෙබළා කොටුවූ හැටි"

    Post a Comment