04 November, 2016

ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රී කෙනෙක් අලුත් පක්ෂයට ගියොත් ඉවරයි..?

මහාචාර්ය ජී.එල් පීරිස්ගේ සභාපතීත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් මැතිවරණ කොමිසම විසින් ඊයේ (02) පිළිගැනුනා. 

මෙහි සභාපති ජී. එල් පීරිස් ඊට පෙර සාමාජිකත්වය දැරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. 

මේවනවිට ඔහු මහජන නියෝජිතයකු නොවන බැවින් නව පක්ෂයක සාමාජිකත්වය හෝ තනතුරක් දැරීම ගැටළුවක් වුවද, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගතහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීධූරය අහිමිවීමේ ඉඩක් ඇතැයි, ඒකාබද්ධ විපක්ෂයම නියෝජනය කරනා මන්ත්‍රීවරයකු www.nethgossip.lk සමග පැවසුවා.

“දැනට ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරු වැඩි පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. 

වෙනත් පක්ෂවල අයට දැනටමත් පක්ෂ තියෙනව. ඒ අයට නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමේ අවශ්‍යතාවයක් කොහොමත් නැහැ. 

මෙතනදි ගැටළුව මතුවෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ඒකාබද්ධ විපක්ෂයේ අයටයි. 

ඇත්තටම නව පක්ෂයක අවශ්‍යතාව තියෙන්නෙත් ඒ අයටම තමයි. 

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරයෙක් හෝ මන්ත්‍රීවරියක් නව පක්ෂයේ සාමාජිකත්වය ගත්තොත් ඔහුගේ හෝ ඇයගේ පක්ෂ සාමාජිකත්වය අහිමිවීමත් සමග මන්ත්‍රීධූරය අහිමිවීමේ අවධානමක් තියෙනව.“

කෙසේ වෙතත් යම් අවස්ථාවක එවැනි තත්වයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන්ද ගතහැකි ක්‍රියාමාර්ගද ඇතැයි ඔහු පැවසුවා.

slfp-joint-opp-4

_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රී කෙනෙක් අලුත් පක්ෂයට ගියොත් ඉවරයි..?"

    Post a Comment