28 October, 2016

අවුරුදු පහේදි අම්මා වාහනේකට යට වුණා - මාත් අඬාගෙන ඉස්පිරිතාලෙට පස්සෙන්ම ගියා

- මතක ඇති කාලේ මගේ අම්මා පාරේ හිඟා කෑවා..
- උඹයි කලු අයියව මැරුවේ කිව්වම මට මාව පාලනය කරගන්න බැරුව ගියා..
- පුංචි කාලේ ඉඳලම මම ගත කළේ කාලකන්නි ජීවිතයක්..

ජීවිතේ හදාගන්න ලොකු කාලයක් ගතවුණත් ජීවිතේ වැරදෙන්න ගතවෙන්නේ පුංචි වෙලාවක්.

ඒත් සමහර වෙලාවට ජීවිතේ සිද්ධවෙන එක සිදුවීමක් මුලු ජිවිත කාලෙම වුණත් අඳුරු කරන්න පුළුවන්.

ඒ නිසා ඕනම දෙයක් කරනකොට දෙපාරක් හිතුවනම්, ඒ වගේම තමන් කරන දෙයින් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතුවනම් මිනිස්සුන්ට ජීවිත හරි පාරට ගන්න ඒ තරම් අමාරු වෙන එකක් නැහැ.

මේ මිනිස් ඝාතනයක් සිදුකර ජීවිතය වරදවාගත් එවන් මිනිසෙක් සිදුකළ හදවත් සසල කරවන සංවේදී පාපොච්චාරණයක්.

පුංචි කාලේ මතකද..?

“අපොයි ඔව්.... අපි රෑට නිදිය ගත්තේ බස් හෝල්ට්වල. ඒකට කිසිම බාධාවක් තිබුණේ නැහැ. අව්ව, වැස්ස මට හොඳට හුරුයි. රෑ දහය විතර වෙනකොට ටවුන් එකේ බස් නැවතුම්පොළ හිස් වෙනවා. හිඟන්නෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන කවුරුවත් නැහැ. හිටපු ගමන් පොලිසියේ මහත්තයෙක් දෙන්නෙක් යනවා.”

“අම්මා දවල් තිස්සේ හිඟා කාපු සල්ලිවලින් මට රෑට බඩ පිරෙන්න කන්න අරන් දෙනවා. 

ඊට පස්සේ බස් හෝල්ට් එකේ මුල්ලකට වෙලා නිදාගන්නවා. මට අවුරුදු පහක් හයක් විතර කාලේ තමයි අම්මා වාහනේකට යටවෙලා මැරුණේ. 

අම්මව ඉස්පිරිතාලෙට ගෙනිච්චම මමත් අඬාගෙන ඒ පස්සෙන්ම ගියා. ඒත් අම්මා මැරුණා කියලා මට දැනුණේ නැහැ.

ඉස්පිරිතාලෙන්ම වෙන්නැති අම්මව වළදාන්න ඇත්තේ. මං එදා රෑ බස් හෝල්ට් එකේ මුල්ලකට වෙලා අඬ අඬා හිටියා. 

මට හිතාගන්න බැරිවුණා අම්මා නැතිව ජීවත් වෙන්නේ කොහොමද කියලා. මං එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා. 

අනිත් හිඟන්නෝ මට අනුකම්පා කළා. ඒ නිසා වෙන්න ඇති ඒගොල්ලෝ මට කන්න බොන්න ගෙනැල්ලා දුන්නේ. 

මං දවස් ගණන් ඉබාගාතේ ඇවිද්දා. එහෙම ඉන්න අතරේ තමයි මාව පොලිසියට අහුවුණේ. පොලිසියෙන් මාව ළමා නිවාසයකට බාර දුන්නා.”

ළමා නිවාසේ ජීවිතේ හොඳයිද....?

“මං කැමති වුණේ නැහැ එතැන ඉන්න. පුංචි කාලේ ඉඳලම මං හිටියේ පාරේ. මට පාරේ ජීවිතය පුරුදුවෙලයි තිබුණේ. 

ඒත් ටික දවසක් යද්දී මම ළමා නිවාසේ ජීවිතේට හුරුවුණා. ටික ටික ලොකු වෙද්දී අම්මා නැති පාළුවත් මට හොඳට දැනුණා. මං හිතාගත්තා නිවාසෙන් පැනලා යනවා කියලා. එතැනට ගිහිල්ලා මාස තුනකට පස්සේ තමයි මට පැනගන්න පුළුවන් වුණේ. හැන්දෑවේ නිවාසය වහන්න කලින් මං ගේට්ටුවෙන් එළියට ආවා. පාරේ හැංගිලා ඉඳලා රෑ වුණාම බස් හෝල්ට් එකකට ආවා....”

ඊට පස්සේ මොකද වුණේ.?

“මට බය හිතුණා අයෙත් මාව පොලිසියෙන් අල්ල ගනීවි කියලා. මං හැංගි හැංගි හිටියේ. කළුඅයියා හම්බවුණේ ඒ වෙලාවේ. 

මං කළු අයියව දැක්කේ වීරයෙක් වගේ. එයා හරි උස මහතයි. "කොල්ලෝ උඹ වරෙන් මා එක්ක යන්න...." 

කළු අයියා මාව අතින් අල්ලගෙන එක්කගෙන ගියා. එතකොට වෙලාව රෑ නවයට විතර ඇති. කළු අයියා එයාගේ බිරිඳට කියලා මට හොඳට කන්න දුන්නා. ඊට පස්සේ තමයි කළු අයියා මගේ විස්තර ඇහුවේ. කළු අයියා මොනවා වුණත් කරුණාවන්ත මනුස්සයා.

“උඹ මෙහෙට වෙලා හිටපන්.... හැබැයි කොල්ලෝ උඹ ඉස්කෝලේ යන්න ඕන.....”

“ඒ කාලේ ඉස්කෝලේ නිවාඩු. අලුත් පාසල් වාරෙදි කළු අයියා මාව ඉස්කෝලේ දාන්න අරගෙන ගියා. 

අලුත් පොත් බෑග්, අලුත් ඇඳුම්, සපත්තු මට අරන් දුන්නා. එදා මං මාව දැක්කේ කුමාරයෙක් වගේ.... පද්මිණී අක්කා, ඒ කියන්නේ කළු අයියගේ බිරිඳ එයා මගේ මුහුණ ඉබලා මෙහෙම කිව්වා.....”

“උඹ නම් හිඟන පැටියෙක් කියන්න බෑ කොල්ලෝ.. පද්මිණී අක්කයි, කළු අයියයි දෙන්නම මාත් එක්ක ගියා...”

“කෝ උප්පැන්න....” කෝ පදිංචිය සනාථ කරන ලියුම්.. “කෝ.... කෝ..... අරවා මේවා...... කිය කියා ප්‍රින්සිපල් එක එක සහතික ගැන ඇහුවා.

කළු අයියට කේන්ති ගියා. මේකා අසරණයෙක්.... මුගේ අම්මා තාත්තා කවුද කියන්න අපි දන්නේ නැහැ.... පුළුවන් නම් බාර ගන්නවා. මේ ඉන්නෙත් ළමයෙක්.....”

කළු අයියා විදුහල්පතිතුමා ඉස්සරහ කෑ ගැහුවා. හැමෝම එබිලා බැලුවා. මං කළු අයියගෙ දිහා බැලුවා. මම කළු අයියගේ අතේ එල්ලුණා. පද්මිණී අක්කටයි, කළු අයියටයි මැදිවෙලා මං ආයෙත් ගෙදර ආවා..

කොල්ලෝ මීට පස්සේ උඹේ නම සමන්ත. උඹේ අම්මා පද්මිණී. තාත්තා සිරිසෝම. ඒ කියන්නේ කළු අයියා වන මම. කළු අයියා එහෙම කිව්වේ ආඩම්බරෙන්..

ඊට පස්සේ ඉස්කෝලේ ගියාද....?

අනේ නැහැ.... කළු අයියා කියන්නේ චණ්ඩියෙක්. ඒත් එයා කොහොම හරි ඒ ගොල්ලන්ගෙ නම් දාලා මට උප්පැන්නයක් හදලා දුන්නා. ඒත් මාව ඉස්කෝලේ යැව්වේ නැහැ.

හැමදාම රෑට කළු අයියයි, පද්මිණී අක්කයි මට අකුරු ලියන්න කියලා දුන්නා. මට ටික දවසකින් හොඳට ලියන්න, කියවන්න පුළුවන් වුණා.

කළු අයියට දරුවෝ හිටියේ නැද්ද....?

මං දන්න තරමින් නැහැ. අඩුම ගාණේ ඒගොල්ලෝ බැඳලද කියන්නවත් මම දන්නේ නැහැ...

කළු අයියගේ රස්සාව මොකක්ද....?

කළු අයියා කප්පම් ගත්තා. කළු අයියට හිටියා පොකට් ගහන කණ්ඩායමක්. කළු අයියගේ ගෙදර ඕන වෙලාවක කොල්ලෝ දෙතුන්දෙනෙක් හිටියා. 

මට නම් කළු අයියා හොඳට සැලකුවා. මට අවුරුදු දාසයක් විතර වෙනකොට කළු අයියට අවුරුදු පනහක් විතර ඇති. පද්මිණී අක්කා නම් එන්න එන්න ලස්සන වුණා.

ඒ දෙන්නා හරි ආදරෙන් හොඳට හිටියා. මට වෙනස්කමක් කළේ නැහැ. මමත් ඒ දෙන්නට ආදරෙන් සැලකුවා.

පුතේ උඹ නම් මං වගේ වෙන්න එපා..... උඹ හොඳට හැදියන්.... උඹ මගේ ගෑනිව උඹේ අම්මා කියලා හිතලා ආදරෙන් බලාගන්න ඕන.

කළු අයියා එහෙම කිව්වේ එයා පිහි ඇනුමක් කාලා මැරෙන්න සතියකට විතර කළින්. 

කොහොමද කළු අයියා මැරුණේ...?

අපි කවුරුත් හිතුවේ නැති වුණාට කළු අයියට තරහකාරයෝ හිටියා. එයාව මැරුවේ එහෙම කෙනෙක්. කවුද ඒක කළේ කියලා අපිට හොයාගන්න බැරිවුණා. 

කළු අයියගේ මරණෙන් පස්සේ පද්මිණී අක්කා හුඟක් ලෙඩවුණා. කළු අයියා මැරිලා අවුරුද්දකට විතර පස්සේ පද්මිණී අක්කත් පපුවේ අමාරුවක් හැදිලා මැරුණා..

ඊට පස්සේ...

මං ආයෙත් ජීවිතේ තනි වුණා.... ඒත් කළු අයියගේ පිරිස මාත් එක්ක හිටියා. “පොඩි මහත්තයා” එක්ක අපි ඉන්නවා... 

ඒ ඔක්කොමලා මට කිව්වා. මං දවස් ගණන් කල්පනා කළා මොකක්ද කරන්නේ කියලා.... අන්තිමට මං කළු අයියා කරගෙන ගිය ටික දිගටම කරගෙන යන්න තීරණය කළා.....”

කළු අයියව මරපු කෙනාව හොයාගත්තේ නැද්ද....?

මගේ හිතේ මොන දේවල් තිබුණත් කළු අයියව මැරුවේ කවුද කියලා හොයාගන්න මට උවමනාව තිබුණා. මම හැම වෙලේම ඉව අල්ල අල්ල හිටියේ ඒක කළේ කවුද කියලා දැනගත්තා.”

විවාහ වුණේ නැද්ද...

මගේ හිත ගිය ගෑනු ළමයෙක් හිටියා. ඒත් ඒ ළමයගේ ගෙදරින් මට කැමති වුණේ නැහැ.

ගෑනු ළමයත් පස්සේ මට අකමැති වුණා. ඊට පස්සේ මම ඒ අදහස හිතෙන් අත්ඇරලා දැම්මා. මං විවාහ වෙන්නේ නැහැ කියලා හිතාගත්තා..

හේතුව තමයි තව ගෑනු ළමයි ගැන හිතුවත් අන්තිමට ඔය ප්‍රශ්නයම මතුවෙන බව මං දන්න නිසා..

එතකොට හිරේ එන්න වුණේ....?

මං කිව්වේ මුල ඉඳලම මම කළු අයියව මැරුවේ කවුද කියලා හොය හොයා හිටියේ කියලා. දවසක් ඒ කියන්නේ, සිංහල අවුරුද්ද දවසක කළු අයියගේ කොල්ලෝ අපේ ගෙදර පැදුරු සාජ්ජයක් දැම්මා. 

එදා උන් හොඳටම බීලා හිටියේ. මේ අතර සංජීව කියලා කොල්ලෙකුයි ජගත් මල්ලියි බීලා වැඩිවෙලා රණ්ඩුවෙන්න ගත්තා. 

මං මේ හැම දෙයක් දිහාම බලාගෙන හිටියේ. ඒ වෙලාවේ තමයි සංජීව ජගත්ට බනින්න ගත්තේ, “උඹ කළු අයියව මැරුවා....” කියලා. ඒක ඇහුවම මට මාවම පාලනය කරගන්න බැරුව ගියා.... මං ඉනේ තිබුණ පිහිය ඇදලා අරන් ජගත්ට පිහියෙන් ඇන්නා..

ඉවසුවා නම් හොඳයි කියලා දැන් හිතෙන්නේ නැද්ද.....?

අපෝ නැහැ.... මං පුංචි කාලේ ඉඳලම ගත කළේ කාලකණ්ණි ජීවිතයක්. වැරදි වැඩ කළත් කළු අයියා මට ජීවිතේ හදලා දුන්නා. 

පද්මිණී අක්කා කළු අයියා මට අම්මා තාත්තා වුණා. ඒ මනුස්සයා මරපු එකාව මරනවා මිසක් මං කොහොමද ඒ මනුස්සයට කළගුණ සලකන්නේ.

begging-child-02

මිය ගිය මිතුරා ගැන වීරවංශ පුතා කියන කතාව

විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසේදී මියගිය ලහිරු දිසානායක නම් තරුණයා පිළිබඳ වීරවංශ මහතාගේ පුත් විභූති වීරවංශ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු සටහන් කර ඇත්තේ,

"අයියේ! උඹ 26 සෙට් වෙමු කියලා උඹ ඉන්නෙ නැතුව අපිව සෙට් කරලා ගියා නේද? ඉන්න තැනක හොදින් ඉදපන් අපහු හම්බවෙමු කවදාහරි! නිවන් සුව අයියේ!!"

ලෙසයි.

එම සටහන පහතින්.

vibhoothi-weeravansha-janith-post-01



vibhoothi-weeravansha-janith-post-03

මුහුණ නිල් වෙලා ~ කලිසමත් තෙත් වෙලා - විමල්ගේ නිවසේදී මියගිය ළහිරු ගැන මිතුරෙකු හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසේදී තරුණයෙකු මියයෑමේ සිද්ධියක් වාර්තා වුණා.

එලෙස මියගිය 24 හැවිරිදි ළහිරු ජනිත් දිසානායක තරුණයා විමල් වීරවංශ මහතාගේ පුතු වන විභූති වීරවංශගේ සමීපතම මිතුරෙක්. 

මෙම තරුණයාගේ මරණයට හේතුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඊයේ (27) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ කරගැනීමට නොහැකිවුණා.

ඒ හේතුවෙන් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දෙමින් නියෝග කළා.

අදාළ තරුණයා පසුගිය 25 වැනිදා රාත්‍රියේ වීරවංශ මහතාගේ නිවසට පැමිණ ඇති අතර රැය පහන් කර ඇත්තේ එම නිවසේ උඩු මහළේ විභූති සහ තවත් මිතුරන් කිහිපදෙනෙක් ද සමඟින්. 

අදාළ මරණය සම්බන්ධයෙන් තලංගම පොලිසිය ශෂී වීරවංශ මහත්මියගෙන්, ඇයගේ පුතුගෙන් සහ තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ මිතුරෙකු වන ඉමාශ් කෝදාගොඩ නැමැති තරුණයකු ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

එහි සඳහන් වන්නේ රාත්‍රියේ ඔවුන් විමල් වීරවංශ මහතාගේ නිවසේ චිත්‍රපටයක් නැරඹීම සඳහා උඩුමහලට ගිය බවත්, එහිදි මියගිය තරුණයාගේ ඇස් රතුවී තිබෙනු දුටු ශෂි වීරවංශ මහත්මිය ඒ ගැන විමසීමේදී පසුගිය දින කිහිපයේ නිදිවැරූ බව ඔහු පැවසූ බවත්ය.

පසුව ඔවුන් නින්දට ගොස් ඇති අතර උදෑසන ඔහුගේ මුහුණ නිල් පැහැ වී තිබූ බවත් ඔහු හැඳ සිටි කලිසමේ මුත්‍රා ස්වල්පයක් පහව තිබූ බව දුටු බවත් එහි සඳහන් 

අනතුරුව ඔහුට කතා කළද ඔහුගෙන් පිළිතුරක් නොවූ බවත් මෙම සිද්ධියේ සැබෑව එය බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

janith-d-fernando-01

janith-d-fernando-09


janith-d-fernando-10

janith-d-fernando-02

janith-d-fernando-03

janith-d-fernando-04

janith-d-fernando-05

janith-d-fernando-06

janith-d-fernando-07

මිනිහෙක් බිමදිගේ ඇදගෙන ගිය පොලිස් නිලධාරියාට Facebook නිසා වැඩ වරදියි (Video)

පොලිස් නිලධාරියකු විසින් රික්ෂෝකරුවකු ජනාකීර්ණ මාවතකදී අති විශාල පිරිසක් බලා සිටියදී මහමග දිගේ ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍ර‍සිද්ධියට පත්වී තිබෙනවා.

සිද්ධිය වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් පොලිස් ප්‍ර‍ධානියා විසින් නියෝග කර තිබෙනවා.

අග්‍රාහි ජනාකීර්ණ මාවතකදී මෙලෙස දෙනෝදාහක් බලා සිටියදී රික්ෂෝකරුවා බිමදිගේ ඇදගෙන යන අයුරු එම ස්ථානයේ සිටි අයෙකු විසින් තම ජංගම දුරකතනයෙන් වීඩියෝ කර එය සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍ර‍සිද්ධ කර තිබෙනවා.

man-dragged-along-ground-indian-police-officer


27 October, 2016

පිරිමින් 5ක් ගෙට ගෙන්වාගත් නරුම අම්මා නිසා දියණිය දූෂණය වූ හැටි

දරුවන් පිළිබඳව, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වඩාත්ම සැළකිලිමත්වන්නේ ඔවුන්ගේ දෙමාපියන්.

දරුවන්ට දෙමාපියන් තුළ ඇති ආදරය හේතුවෙන් එය නිරන්තරයෙන් සිදුවන්නක් වුවත්, දරුවන්ගේ ආරක්ෂාව යනු දෙමාපියන් සතු වගකීමක් ද වෙනවා.

නමුත් වර්තමානයේ දී අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන ඇතැම් පුවත් වාර්තා මගින් එම වගකීම විටින් විට ප්‍රශ්ණ කරනු ලබනවා.

එවන් තවත් පුවතක් මෙසේ වාර්තා වන්නේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන්.

මෙම අනුවේදනීය සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 15ක දැරියක්.

තමා මුහුණදුන් කණගාටුදායක අත්දැකීම පිළිබඳව ඇය විසින්ම පසුගිය දා කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරි හා සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ. කේ. කීර්තිරත්න මහතා වෙත පැමිණිල්ලක් සිදුකොට තිබුණේ තමාගේම මවට විරුද්ධව යි.

අදාළ දැරියගේ පියා මීට කලකට ඉහත දී රිය අනතුරකට ලක්ව මරණයට පත් වී තිබෙනවා.

පියාගේ අභාවයයෙන් පසු සිය මව ඇසුරු කිරීමට රාත්‍රී කාලයේ පුද්ගලයින් පස්දෙනෙකු නිවසට පැමිණෙන බව යි ඇය හෙළිකොට ඇත්තේ.

එමෙන්ම තමා දැණුවත්ව මේවන විට පුද්ගලයින් දස දෙනෙකු පමණ සිය මවගේ ඇසුර පතා නිවසට පැමිණ ඇති බව ද ඇය පවසා තිබෙනවා.

මව සමග රැය පහන් කිරීමට පැමිණෙන මෙම පුද්ගලයින් හේතුවෙන් තමා මහත් මානසික පීඩනයකට ලක්ව සිටින බව ඇය ප්‍රකාශ කරනවා.

දැරිය විසින් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ සිය මව හමුවීමට පැමිණි එක් තැනැත්තෙකු තමන්ව දූෂණය කළ බව යි.

එමෙන්ම එම හේතුවෙන් තමා මේවන විට ගැබිණියක් බවට පත්ව ඇති බව ද ඇය හෙළිදරව් කර තිබෙනවා.

දිනක් පුද්ගලයෙකු කෑගල්ල ප්‍රදේශයේ සිට මව හමුවීමට පැමිණි බවත්, ඔහු පැමිණි පසු මව දිය නෑමට ගිය බවත් ඒ අතරතුර අදාළ පුද්ගලයා විසින් තමාව දූෂණයට ලක් කළ බවත් දැරිය පවසනවා.

එසේ තමාව දූෂණය කළේ රුවන් කපිල නමැත්තෙකු බව යි දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙම සිදුවීම පිළිබඳව හොරොව්පොතාන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.

rape-girl

දෙමටගොඩ චමින්ද බන්ධනාගාරයේ සිට ලබාගත් ‘ඡායාරූප දුටු හිරුණිකා’ එසැණින් කළ දේ

දෙමටගොඩ චමින්ද කොළඹ රක්ෂිත බන්ධනාගාරයේ සිට ලබාගත් ඡායාරූප පෙළක් www.nethgossip.lk වෙබ් අඩවියේ පළ කිරීමත් සමග බොහෝ දෙනෙකුගේ අවදානය ඒ කෙරෙහි යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණීකා ප්‍රේමචන්ද්‍ර ද සිය අවදානය යොමු කරමින් සිහිපත් කර ඇත්තේ තමන් ද මීට පෙර ඔහුගේ ෆේස්බුක් ගිණුම සිර ගෙදර සිට යාවත්කාලීන වන අයුරු හෙළි කළ ආකාරයයි.

ඇගේ ඒ පිළිබඳව වන සටහන පහතින් දැක්වෙනවා.


hirunika-05




දෙමටගොඩ චමින්ද වැලිකඩ දී ඡායාරූපත් අරන් – මෙන්න සියලු ඡායාරූප

දෙමටගොඩ චමින්ද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ලබාගත් ඡායාරූප කිහිපයක් පිළිබඳව මේ වන විට ආන්දෝලනයට ලක්ව තිබෙනවා.

මරණ දඬුවම නියමවීමට පෙර 2013 වසරේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිටිය දී දුරකථනයකින් මෙම ඡායාරූප ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රක්ෂිත බන්ධනාගාරය තුළ ඔහුට දුරකථන පාවිච්චියට ඉඩදීම සම්බන්ධයෙන් මෙම ඡායාරූප නිකුත්වීමත් සමග දැඩි කතාබහක් මතුව තිබෙනවා.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.


chami-akash-dematagoda-chaminda

 


 

 

 

 

 

 

 

බැඳුම්කර සිද්ධියේ කෝප් වාර්තාව හෙට මැතිසබේට - අර්ජුන් මහේන්ද්‍රන් රට

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අද (27) පස්වරු 3.12ට පමණ එමරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඒ මහතා සිංගප්පූරුව බලා පිටත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

arjun-mahendran-04

පියුමි තරඟෙදි පුංචි අම්මා කෙනෙක් වෙලා

පියුමි හංසමාලි පහුගිය දවස්වල හිටියෙ විදෙස්ගත වෙලා. 

ඒ මිසිස් නොබෙල් ක්වීන් 2016 ජාත්‍යන්තර තරඟයට සහභාගි වෙන්න. 

සමහරු ඔය වගේ සමහර තරඟවලට සහභාගි වෙන්නෙ ගොඩක් සල්ලි වියදම් කරල කියලා පියුමිම පසුගිය දවස් වල චෝදනා කළා.

හැබැයි ඉතිං පියුමි කියන විදිහට එයා නම් මේ තරඟයට සහභාගි වෙලා තියෙන්නෙ එහෙම සල්ලි වියදම් කරලා නෙමෙයි. 

මොකද එයාගෙ දක්ෂතා දැකලා එයාව මේ තරඟයට සම්බන්ධ කරලා තියෙන්නෙ නොබෙල් ක්වීන්හි ලංකාවෙ ජාතික සංවිධායක විශ්ව පෙරේරා.

කොහොම වුණත් ඔය කියන මිසිස් නොබෙල් ක්වීන් තරඟය නම් මේ වෙනකොට ඉවරයි. 

පියුමිට නම් හිමි වුනේ අන්තිම ස්ථානය.

කොහොම වුණත් අපට ලැබුණ ආරංචියෙ හැටියට නම් පියුමි තමයිලු ඒ තරඟයට සහභාගි වුණ අඩුම වයසෙ අම්මා. 

තරඟ ප්‍රතිඵලය කොහොම වුණත් ඒ ගැන හිත හිතා පියුමි ආඩම්බර වෙනව කියල තමයි ආරංචි වෙන්නේ.

piyumi-hansamali-05

සමාජයෙන් ගරුත්වය ඉල්ලන සංක්‍රාන්ති ලිංගිකයෝ

ස්ත්‍රී, පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය යනු මාතෘකා දෙකකි. දරුවකු ස්ත්‍රියක හෝ පුරුෂයකු ලෙස හඳුනාගන්නේ ලිංගික අවයව පදනම් කරගෙනය. අවයව අනුව ස්ත්‍රියක ලෙස සමාජය හඳුනාගත් පුද්ගලයාට පුරුෂ සමාජ භාවයක් තිබිය හැකි අතර පුරුෂයෙකුට ස්ත්‍රී සමාජභාවයක් තිබිය හැකිය. එවැනි අය හඳුනාගත හැකිවන්නේ ඔවුනොවුන් සතුවන සමාජ චර්යාවන්ට අනුවය. මෙවැනි පුද්ගලයෝ සංක්‍රාන්ති සමාජභාවයක් ඇති අය ලෙස හඳුන්වති.

මෙවැන්නෝ පුරුෂයන් ලෙස ඉපදී සිටියත් ස්ත්‍රියක් ලෙස ජීවත් වීමට කැමැත්තක් දක්වති. ස්ත්‍රීන්ද එසේමය. වර්තමානය වනවිට වෛද්‍ය විද්‍යාව දියුණු තත්ත්වයකට පත්වී ඇත. ඒ නිසාම ගැහැනියක පිරිමියෙකු කිරීමටත් පිරිමියෙකු ගැහැනියක කිරීමටත් හැකියාව ලැබී ඇත.

හෝමෝන ප්‍රතිකාර හා ශල්‍යකර්ම මගින් එවැනි පරිවර්තනයන්ට ලක්වූ පුද්ගලයෝ බොහෝය. ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂයට අනුව එවන්නන් ඵඞ යන නාමයෙන් හැදින්වේ. ලංකාවට නවක වුවද ලෝකයේ සංක්‍රාන්ති ලිංගිකයෝ සංක්‍රාන්ති ලිංගිකභාවය මෙය පිළිගත් රටවල වැදගත් වෘත්තීන්හි නිරතවෙති.


උදාහරණ ලෙස වෙනුසියුලාවේ දේශපාලන ක්‍රියාකාරිනියක වන තමාරා ඒඩි්‍රයන්, ජපානයේ දේශපාලන ක්‍රියාකාරිනියක වන ආයා කමිකාවා, ඉන්දියාවේ පොලිස් නිලධාරිනියක වන ප්‍රීතිකා යශිනි වැන්නන් පෙන්වා දිය හැකිය. මෙම පිරිසත් සමාජයේම ජීවත්වන එක් කොටසක් බැවින් ඔවුනගේ මානව අයිතීන් ආරක්ෂා කිරීම රාජ්‍ය වගකීම වේ. ඉන්දියාව නේපාලය වැනි රටවල් ඒ පිළිබඳව මානවවාදීව කටයුතු කරයි.

ලංකාවේද එවැනි පිරිස් ජීවත්වන අතර ලාංකීය ප්‍රජාව ඔවුන් අමුතු ජනකොටසක් ලෙස පිළිකුල් කරයි. එම නිසා ඒ පිරිසට සමාජමය වශයෙන් බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. පිරිමියෙකු ලෙස උපත ලබා ගැහැනියක සේ ජීවත්වන සකුණි මායාදුන්නට පසුගිය දිනක අපහසුතා රැසකට මුහුණපාන්නට සිදුවී ඇත. හැඳුනුම්පත් භාවිතය, පොදු වැසිකිළි භාවිතය, රැකියා කටයුතු සහ නීතිය ක්‍රියාත්මක කිරීම් ආදී බොහෝ අවස්ථාවල විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවී ඇතිබව ඇය පවසයි.

-“සිරකරුවෝද මනුෂ්‍යයෝ” ලෙස වැලිකඩ බන්ධනාගාරයේ සටහන්කර ඇත. සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස්වූවක් සංක්‍රාන්ති ලිංගිකයෝද මනුෂ්‍යයෝය. ඔවුන් හටද සමාජයේ ජීවත්වීමට නිදහසක් තිබිය යුතුය. මේ නිසාම සංක්‍රාන්ති ලිංගිකයන්ට ඇති ගැටලු හා සමාජ ප්‍රශ්න පිළිබඳ ඔවුන් හමුවී සාකච්ඡා කළෙමු.


requested-social-dignity-sexual-transgenders

සමාන අයිතිවාසිකම් දෙන්න - ජූඩි ප්‍රනෑන්ඩෝ - විධායක අධ්‍යක්ෂ හාට්ටුහාට්
jude-fernando-heart-to-heart

මෙය හාට්ටුහාට් ඕගනයිස්හේෂන් ආයතනය. මෙහි නිර්මාතෘ වරයා ලලිත් ධර්මවර්ධන. අපි වසර 5ක සිට සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. එකක් මානව අයිතිවාසිකම් පැත්ත. අනික සෞඛ්‍ය පැත්ත. අද සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට එච්.අයි.වී. බෝකරන පිරිස සංක්‍රාන්ති ලිංගිකයෝ කියලා කෙළින්ම අත දිගු කරනවා ඔවුන් දිහාවට. අධි අවදානම් කණඩායමක් ලෙසයි ඔවුන්ව හඳුන්වන්නේ.


ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සහ ගෝලීය අරමුදල යටතේ කරන වැඩසටහන් වලදී මේ අය දැනුම්වත් කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදෙනවා. ඒ වගේම උපදේශනය ලබාදෙනවා. යම් අයෙකුට එච්.අයි.වී. පරීක්ෂණයක් කර ගැනීමට අවශ්‍ය බව හැඟුණොත් ඔවුන්ව ලිංගාශ්‍රිත රෝග මධ්‍යස්ථානයට යොමු කරනවා. මේ රටේ නීති පද්ධතියේ හැටියට 365 වගන්තිය යටතේ සමලිංගික ආශ්‍රය සාපරාධි අපරාධයක්. ඒ නිසා මේ පිරිස ඉදිරියට එන්නේ නෑ. ඒත් අපේ ආයතනය මගින් ඒ අයව දැනුවත් කරලා ඒ ඒ සෞඛ්‍ය වැඩසටහන්වලට යොමු කරනවා.


මෙය සමාජ සේවාවක්. අපි එහෙම නොකළොතින් එච්.අයි.වී. වගේම වෙනත් සමාජ රෝගක්. නිශ්ශබ්දවම සමාජයේ පැතිරී යන්න පුළුවන්. එය අඩු කිරීමයි අපේ පරමාර්ථය. හේතුව ලෝකය එච්.අයි.වී. අඩු කිරීමට කතා කළත් දවසින් දවස එච්.අයි.වී. වැඩිවීමයි සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කරන්නේ. ඒ නිසා අධි අවදානම් කණ්ඩායමක් ලෙස හඳුන්වාදුන් මේ පිරිස අපි දැනුවත් කරනවා ඒ වගේම රජයේ වෛද්‍යවරයෙක් ගෙන්නලා මාස තුනකට සැරයක් දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. එහිදී මේ අය දන්නැති දේවල් දැන ගන්නවා.

මේ අයගේ මානව අයිතිවාසිකම් පැත්ත ගැනත් අපි කතා කරනවා. විශේෂයෙන්ම හැඳුනුම්පත්වල ගැටලු, සමාජයේදී ඇතිවන ගැටලු පිළිබඳ අපි මානව හිමිකම් සංවිධානත් එක්ක කතාකරලා සහනයක් ලබාදීමට කටයුතු කරනවා.

හේතුව පරණ හැඳුනුම්පත සහ දැන් ඉන්න තත්ත්වය දෙකක්. බැංකුවකට ගිහින් මුදල් ගනුදෙනු කරන්න බෑ. රැකියාවකට යන්න බෑ. ඉන්දියාව වගේ රටවල මේ පිරිස වෙනත් කියන කොටස යටතේ හඳුන්වා දෙනවා. (ගැහැනු / පිරිමි / වෙනත්). මේ අයට දේපළ ලබාදීමේදී වුවද ප්‍රශ්න ඇතිවෙනවා. සමහර විට අවසන් කාලයේ මව්පියන්ට සලකන්නෙත් මේ අයමයි. ඒ නිසා අනිත් දරුවන්ට හා සමානව මේ අයටත් අයිතිවාසිකම් ලබාදිය යුතුයි.

නංගිගේ ගවුම් අඳින්න මට ආසා හිතුණා - සකුණි මායාදුන්න

sakuni-mayadunna

මම පොඩිකාලේ ඉඳලම අම්මයි තාත්තයි එක්ක ජීවත් වුණේ. අක්කලා පස්දෙනෙකුයි එක නංගියෙකුයි හිටියා. මම පවුලේ එකම පිරිමි ළමයා විදියටයි පිළිගත්තේ. මගේ ගම කොළඹ. තාත්තා ව්‍යාපාරිකයෙක්. ගෙදර අය ගොඩක් ආදරෙයි.

මම පාසල් ගියේ මිශ්‍ර පාසලකට. අක්කලත් එක්කයි පාසල් ගියේ. ටික කලකින් මට හිතුනා මමත් අක්කලා වගේ වුණොත් හොඳයි කියලා.

අක්කලා වගේ කොණ්ඬේ ගොතන්න, නංගි වගේ ගවුම් අඳින්න ආසා හිතුනා. අම්මට වඩා හොඳට තාත්තා ඒ වෙනස අඳුර ගත්තා. අවුරුදු නවය, දහය වෙද්දි මට තේරෙනවා. මගේ පාසලේ මම වගේම යාළුවෝ දෙන්නෙක් හිටියා. අපි තුන්දෙනාම ගෑනු ළමයි එක්කයි හිටියේ. මම ටිකක් නිහඬ චරිතයක්. පිරිමි ළමයින්ගෙන් හිරිහැර වෙනකොට මගේ අනිත් යාළුවෝ දෙන්නා මාව බේරගත්තා. ගුරුවරුත් මට ගොඩක් ආදරෙයි. මට අවුරුදු එකොළහ දොළහ වෙනකොට මගේ පාසලේම අයියා කෙනෙක් ගැන ආදරයක් ඇති වුණා.

එදා මට තේරුණා මේක මගේ ලෝකය නෙමෙයි කියලා. මම නිසා ගෙදර ප්‍රශ්න ඇති වුණා. අම්මගේ පවුලේ අය යම් යම් බලපෑම් කළා. අම්මා කෑ ගහද්දි තාත්තා මගේ ඇත්ත තත්ත්වය තේරුම් කරලා දුන්නා. කාලයත් එක්ක මගේ තාත්තා නැතිවුණා. මගේ අක්කලත් විවාහවෙන වයසට ආවා. මම හිමීට ගෙදර පරිසරයෙන් ඈත්වෙලා සැලුන් එකක වැඩට ගියා. මම මල් හදන්න උදව් කළා. ඒ වෙද්දි මම පොඩියි. පිරිමි එක එක්කෙනා අතට යන්න වුණා. මම එතනින් අයින් වුණා. පස්සේ මට ජූඞ් අයියව හම්බවුණා. මගේ නියම තත්ත්වය මම වටහාගත්තා. මම තේ ෆැක්ටරියක සේවයට බැඳුණා. ඊට පස්සේ මං පී. එඩුයුකේටර් කෙනෙක් විදියට සේවය කළා. කෙටි කාලයකින්ම ෆීල්ඞ් සුපර්වයිසර්කම ලැබුණා.

මම මෙතනට එනකොට සත්‍යා භාෂී මුණ ගැහුණා. එයා ලස්සන ගෑනු ළමයෙක්. එයා දැක්කම ආසා හිතුණා. එයා ට්‍රාන්ස්ජේන්ඩර් ඕගනයිසේෂන් එකක් පටන්ගත්තා. සත්‍යාට වැඩ වැඩි නිසා එන බොහෝ දෙනෙක් වෛද්‍යවරුන්ව මුණ ගැස්සවීම මට භාරකළා. මම මුලින්ම පිරිමි සිරුරක් තියාගෙන ගෑනු කෙනෙක් විදියටයි ජීවත් වුණේ. ඒත් මට ඕනෑවුණේ ගෑනියෙක් වෙන්න. මම හෝමෝන ප්‍රතිකාර අරගෙන ඒ තත්ත්වයට පත්වුණා. අද මට ගෑණු ළමයෙක් විදියට ජීවත්වෙන්න පුළුවන්. ඒත් ඉන් මට සමාජ ප්‍රශ්න ගොඩක් ආවා. පොලිසියෙන් විවිධ බලපෑම් කළා. ඒ නිසා බෝඩිම් මාරුකරන්න සිද්ධවුණා.
එහෙම ඉද්දි තමයි දවසක් මාව කඬේ යද්දි පොලිසියෙන් ඇල්ලුවේ. උදේ අල්ලලා හවස් වෙනකම්ම පොලිසියේ තියා ගත්තා.

රෑ දහයෙන් පස්සේ තමයි පැමිණිල්ල ලිව්වේ. මාව දැම්මේ පිරිමි මැදිරියකට. මම වැඳලා කිව්වා මාව පිරිමි හිර මැදිරියකට දාන්න එපා. එක්කෝ ගෑනු හිරමැදිරියකට දාන්න, නැතිනම් වෙනම තියන්න කියලා. ඒත් ඒ අය ඇහුවේ නෑ. මම ගෑනු කෙනෙක් වගේ. පිරිමි හිර මැදිරියට දැම්මම ගොඩක් ගැටලු ඇතිවුණා. එතන එච්.අයි.වී. තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. නැත්නම් මට එච්.අයි.වී. තියෙන්න පුළුවන්. තරුණ අය බැඳපු අය ගොඩක් හිටියා. එයාලට මාව අමුතුයි. ඒ දහදෙනාම මාත් එක්ක සෙක්ස් කළොත් ඒ හැමෝටම එච්.අයි.වී. බෝවෙනවා. එච්.අයි.වී. විතරක් නෙවෙයි වෙනත් සමාජ රෝග වුණත් බෝවෙන්න පුළුවන්. මම වැඳලා කිව්වා මට කරදර කරන්න එපා කියලා.

ඊට පහුවෙනිදා මම අනාචාරයේ හැසුරුණා කියලා ලියලා උසාවි දැම්මා. එහෙදිත් මාව පිරිමි ගොඩක් ඉන්න කූඩුවකට දැම්මේ. මම ඒක කරන්න එපා කියලා වැඳලා කිව්වා. ඒත් ඇහුවේ නෑ. එතනදි මට ගොඩක් හිරිහැර වුණා. මම කතා කරපුවාම කොල්ලෝ කෑ ගහන්න ගත්තා. ටික වෙලාවකින් මාව එතනින් එළියට ගත්තා.

අවසානයට මම නොකරපු වැරැද්දකට වැරැදි කාරයා කියලා වැරැද්ද බාර අරගෙන නිදහස් වුණා. දැන් මම ඒ ගමේම ජීවත් වෙනවා. පොලිසියේ බලපෑම් අඩුයි. මම හැමතැනදිම කියන්නේ සංක්‍රාන්ති අවධියේ ඉන්න අය හරි අහිංසකයි. ඒ වගේම අසරණයි. මම අද මෙතන කතා කළාට ඒ වගේ අය ඉදිරියට එන්න බයයි. එයාලා එයාලගේ අනන්‍යතාව හෙළි කළොත් ගෙවල්වලින් එළියට දායි.

හොඳට ඉගෙන ගත්ත පිරිස් ඉන්නවා එයාලට රැකියාවක් නෑ. රැකියාවකට අයදුම්පත් දැම්මාම සහතිකවල තියෙන්නේ එක නමක් දැන් ඉන්න තත්ත්වය තව එකක්. ඉතින් අයදුම්පත බලලා, මූණ බලලා දන්වන්නම් කියනවා. එච්චර තමයි. මම ශ්‍රී ලංකා පවුල් සංවිධාන ආයතනයට ස්තූති කරනවා. මම ඒ ආයතනය මගින් ලංකාව පුරාම ගියා. දැනුම ලබා ගත්තා. හාට් ටු හාට් ආයතනයෙන් තමයි මාව එතනට යොමු කළේ. මම හාට් ටු හාට් ආයතනයේත්, සවිය ආයතනයේත් ෆීල්ට් සුපර්වයිසර් කෙනෙක් විදියට වැඩ කරනවා. අපිට හැඳුනුම්පත් ගැනීමේ ගැටලුවක් තිබුණා. දැන් එයත් හොඳ තත්ත්වයට හැරිලා තියෙනවා. ලිංගික සංක්‍රාන්තිකයොත් මිනිස්සු. එයාලගේ ඡන්දයත් ඔබලා භාවිත කරනවා. පොලිසියෙන් වගේම සමාජයෙනුත් ඉල්ලනවා ඒ අයට හිරිහැර කරන්න එපා කියලා.

සංක්‍රාන්ති ලිංගික අය අපයෝජනයට ලක්වෙනවා - භූමි හරේන්ද්‍රන් (කුමුදු දර්ශන කුමාර)

bhoomi-harendran-kumudu-darshana-kumara

මම පවුලේ එකම දරුවා. දන්න කාලේ ඉඳලම මම අනිත් අයට වඩා වෙනස් කියලා දැනුණා. උසස්පෙළ දක්වාම අධ්‍යාපනය හැදෑරුවා.

පාසල් කාලය තුළ ගැටලු නොතිබුණාම කියලා කියන්න බෑ. හේතුව ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවිට අනිත් අයට වඩා වෙනස් කියලා තේරෙනවා. මම පිරිමි ළමයි විතරක් ඉන්න පාසලක ඉගෙන ගත් නිසා ඒ අයත් එක්ක මාව සන්සන්දනය කරද්දි වෙනස් කියලා දැනුණා. හිතන පතන විදිය, ඇවිදින විදිය, හැසිරෙන විදිය හැමදේම වෙනස්. එතනදී ප්‍රශ්නයක් ඇති වුණා. එතනදී අභ්‍යන්තර ගැටලු ඇතිවුණා. කණ්ඩායම් ක්‍රියාවලදී කලකිරීමට පත්වුණ අවස්ථා තිබුණා.

මම මගේ පෞද්ගලික ජීවිතයට වඩා පොදුවේ කතා කරනවා. සංක්‍රාන්ති ලිංගික අවධියේ ඉන්න අය අපයෝජනයට ලක්වන අවස්ථා වැඩියි.

පාසල් කාලයේ තියෙන ලොකුම ගැටලුව සම වයස් හෝ වැඩිමල් සොයුරන් අතින් අපයෝජනය වීම. ඒ වගේම ගුරුවරුන්ගෙන් වාචික හිංසනයට ලක්වීමේ අවස්ථාත් තිබෙනවා. ඒ වගේම ළමයාගේ බාහිර ලක්ෂණ නිසා සමාජයේ කොන් වීමකටද ලක්වෙනවා. ඒ නිසා මෙවැනි අයගේ අධ්‍යාපනය කඩා වැටෙනවා. මම වගේ කටින් බේරිලා වැඩකළොත් උසස් පෙළ දක්වා යයි. නැත්නම් සාමාන්‍යපෙළදීම ඔවුන්ව හැලෙනවා. හේතුව ළමයා පාසලට යන්නේ මානසික ගැටලු රාශියක් මධ්‍යයේ.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ නිවස ගත්තොත්, එතනදීත් ඇතිවන්නෙත් ප්‍රශ්න. මට ඇතිවුණ ප්‍රශ්නය තමයි පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවකට යාම. අනිත් අය රැකියාවලට යනකොට මමත් ඒ හා හරි සමාන රැකියාවකට යන්න ඕනෑ. ඒ අයට පෙම්වතියක් ඉන්නවානම් මටත් පෙම්වතියක් ඉන්න ඕනෑ. පවුල් අතරත් පිරිමි ළමියින්ගේ පෞරුෂත්වය සන්සන්දනය කරලා බලනවා. එතනදී පවුල තුළිනුත් එවැනි තත්ත්වයකදී කොන්වීමකට ලක්වෙනවා.

මොනයම් හේතුවක් නිසා දරුවා පවුලට විවෘත වෙලා කිව්වොත් මම සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් කියලා පවුලෙනුත් දරුවා නෙරපා හරිනවා. එය දකුණු ආසියාවට පොදු ලක්ෂණයක්. එහෙම අයට පාසල් අධ්‍යාපනයක් නැති වෙනවා වගේම පවුලේ රැකවරණයත් නැති වෙනවා. ලංකාව වගේ රටක බලය තියෙනවා නම් බාහිර පෙනුම හොඳයි නම් ඕනෑතරම් රැකියා තිබෙනවා. එහිදී තිබෙන සුදුසුකම් නෙවෙයි ප්‍රධාන වෙන්නේ.

සංක්‍රාන්ති ලිංගික අය තමන්ගේ හිතට දැනෙන ආකාරයටයි ජීවත්වෙන්නේ. ඒ නිසා ඒ අය සමාජයේදී කැපී පෙනෙනවා. එහෙම කෙනෙකුට කොතරම් සුදුසුකම් තිබුණත් රැකියාවක් කිරීමේ ඉඩ ප්‍රස්තා නැතිවෙනවා. මමත් එන්.ජී.ඕ. වලින් හැර සම්මුඛ පරීක්ෂණ ගණනාවකින් අසමත් වුණා මේ හේතුව නිසා.
ඒ වගේම සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තිබෙන චෝදනාවක් තමයි ලිංගික කටයුතු සඳහාම ඉපදිලා ඉන්න කොට්ඨාසයක් කියන එක. ඒ අය ලිංගික කටයුතුවල නිරතවෙනවා. ඒක නෑ කියන්නේ නෑ. ඒත් ඒ අය එතනට වැටෙන තැන කොතැනද කියන එක ගැන කවුරුවත් කතා කරන්නේ නෑ.

ඒ අයට කන්න බොන්න ඕනෑ. ඇඳුමක් පැළඳුමක් ගන්න ඕනෑ. කුලී කාමරවල ඉන්න අය කුලී ගෙවන්න ඕනෑ. ඒ හැමදේටම සල්ලි ඕනෑ. ඉගෙන ගත්තට රැකියා නැත්නම් සමාජය ඒ අයව ප්‍රතික්ෂේප කරනවා නම් අන්තිමට ඉතිරිවන්නේ මහපාර විතරයි. අපි අවංකව කතාකරලා ඒ අයගෙන් ඇහුවොත් ගණිකා වෘත්තියේ නිරත වෙන්නේ කැමැත්තෙන්මද කියලා සීයට අනූවකට වැඩි පිරිසක් කියයි නෑ කියලා. ඒක තමයි ඇත්ත.

මේ සමාජය ගැහැනිය සහ පිරිමියා පිළිබඳ යම් යම් රාමු හදලා තිබෙනවා. සංක්‍රාන්ති ලිංගික කාන්තාව මේ රාමු දෙක මධ්‍යයේ ඉන්නේ. ඔවුන්ට උපතින් ලැබුණු ශරීරයට හාත්පසින්ම වෙනස් මානසික ශරීරයක් තියෙන්නේ.

හැම තිස්සෙම ඒ ගොල්ලන් මනසට ගැළපෙන ආකාරයටයි හැසිරෙන්නේ. එතනදී සමාජය සම්මතයි කියලා පිළිගත්ත දේට පිටින් යනවා. ඇහැට දකින දේ හරි කියලා සිතීම සමාජය කියලා හිතන්නයි මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ. මිනිස්සු බාහිර ස්වරූපය දිහා බලලා විවේචනය කරනවා. එය රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවාව ලබාගැනීමට යාමේ සිටම සිදුවෙනවා. ඒ හැම අවස්ථාවකදීම ද්විත්ව ලිංගික කාන්තාවෝ හිංසනයට ලක්වෙනවා.
සමාජය පිළිගන්න විදියට කාන්තාවක් වෙලා ඉපදෙන්න පව්කරන්න ඕන. එහෙම නම් සංක්‍රාන්ති අවධියේ අය ගොඩක් පව්කරලා තියෙනවා. පිරිමියෙක් වෙලා ඉපදිලා ලැබිච්ච ශරීරය තියාගන්නේ නැතිව ගෑනියෙක් වෙනවා. කවුරුවත් කැමැත්තෙන් එහෙම වෙන්නේ නෑ. ඒත් කවුරුත් කැමති නෑ සමාජ අපවාදයට. ඒ නිසා තමන්ගේ හෘද සාක්ෂියට අනුව ජීවත්වීමට කැමති ආකාරයට වෙනස්වෙනවා.

කිසිම තැනක මේ පිළිබඳව විද්‍යාත්මක පදනම කතාකරන්නේ නෑ. ලෝක මනෝ විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමය මේක මානසික රෝගයක් නෙමෙයි කියලා පිළි අරගෙන තියෙනවා. අපි ඉපදෙන කොට අපිට ශරීර දෙකක් ලැබෙනවා. එකක් කායික ශරීරය. අනික මානසික ශරීරය. බහුතරයකට කායික ශරීරයට ගැළපෙන මානසික ශරීරයක් ලැබෙනවා. ඒත් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට කායික ශරීරයට ගැළපෙන මානසික ශරීරයක් පිහිටන්නේ නෑ. මෙවැන්නන්ගෙන් බහුතරයක් තමන්ගේ මනසට ගැළපෙන ආකාරයට ජීවත්වෙනවා. තවත් කොටසක් සමාජයෙන් කොන්වෙන්නට කැමති නැති නිසා එය වසන් කරගෙන ජීවත් වෙනවා. මේ පිළිබඳව සංස්කෘතියට අභියෝගයක් කියලා කතා කරන්නේ නෑ. අපිට ගෑනියෙක් බලෙන් මිනිහෙක් කරන්න බෑ. 

එය පුද්ගලයන්ගේ ඇතුළාන්තයෙන් ඇතිවෙන දෙයක්. පුද්ගයෙකුගේ අනන්‍යතාව මත සංස්කෘතියට හානි වෙන්නේ නෑ. ඔහු කරන පහත් ක්‍රියාකාරකම් වලිනුයි සංස්කෘතියට හානි සිදුවන්නේ. මේ පුද්ගලයන්ට හරියාකාරව සිය අනන්‍යතාව ඔප්පු කරන්න අවශ්‍ය ලියකියවිලි හදලා දුන්නානම්, සිය පවුල එක්ක එකට ජීවත්වෙන්න අවස්ථාව ලබලා දුන්නා නම්, සුදුසුකම්වලට රැකියා අවස්ථා ලබලා දුන්නානම්, නීතියෙන් සමානාත්මතා ලැබෙනවා නම්, අනිත් සාමාන්‍යයි කියන පුද්ගලයන්ට වගේම ආදරය, රැකවරණය ලැබෙනවා නම් මේ සමාජය මීට වැඩිය ලස්සන වෙයි.

ප්‍රශ්න පිට ප්‍රශ්න ආවා - රොෂාන් විජේකුමාරණ - යාපනයේ ගුරු නගර්

roshan-wijekumarana

-මගේ පවුලේ අම්මයි අක්කයි තාත්තයි හිටියේ. අක්කට ගෙදර අය ගොඩක් ආදරෙයි. මටත් ඒ වගේ ආදරය ලබාගන්න ආශාවක් ඇති වුණා. මා ළඟ ගෑනු ලක්ෂණ ඇතිබව දැනගත්තම පවුලේ අය මාව අතෑරලා දැම්මා. මම ඉගෙන ගත්තේ පිරිමි පාසලක. ජීවත් වුණේ යාපනයේ ගුරු නගර්වල.

දවසක් පූජා කියලා යාළුවෙක් මුණ ගැහුණා. එයා මට ගොඩක් උදව් කළා. මම ගැන ඩොක්ට් නිකීරන් දැනගත්තා. එයා මට හාට් ටු හාට් ආයතනය ගැන කිව්වා. මම එතනට යොමු වුණා. මට අවශ්‍ය වුණේ කාන්තාවක් වෙන්න. මම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන කාන්තාවක් බවට පත්වුණා.

මීට පෙර මට ගොඩක් ප්‍රශ්න ඇති වුණා. පොලිසියෙන් ගැටලු ආවා. ගෙදරින් තමයි ගොඩක්ම ප්‍රශ්න ආවේ. දැන් අවුරුදු දහයක ඉඳලා ගෙදරත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මට සහකරුවෙක් ඉන්නවා. ඔහුත් එක්ක මන්නාරමේ ජීවත් වෙනවා. අපිට නිදහසේ ජීවත්වෙන්න ඉඩ දෙන්න කියලයි ඉල්ලා සිටින්නේ.

කායික ශරීරයේ හා මානසික ශරීරයේ නොගැලපීම - ප්‍රජනන සෞඛ්‍ය හා ලිංගික කටයුතු සම්බන්ධ වෛද්‍ය දයානාත් රණතුංග

dayanath-ranatunga-dr


සමස්ත සමාජය කාන්තාවන් සහ පුරුෂයන් දෙස බලන්නේ සමාජය ගොඩනගාගෙන තියෙන කෝණයෙන්. ඉතිහාසය දිහා බැලුවොත් බුදු දහමේ පවා ස්ත්‍රී, පුරුෂ සහ ස්ත්‍රී පුරුෂ නොවන වෙනත් කොටසක් ලෙස හඳුනාගෙන තිබුණා. ඒ ඉතිහාසයේ සිටම බැලුවොත් හඳුනා නොගත් පිරිස යටතට සංක්‍රාන්ති ලිංගිකයෝ වැටෙන බව පේනවා.

මෙහිදී සංක්‍රාන්ති ලිංගිකයෝ ලෙස හඳුන්වා දෙන්නේ කාන්තාවක් හෝ පුරුෂයෙක් විදියට ඉපදිලා උපතේදී ලද ස්ත්‍රී, පුරුෂ භාවය වෙනස් කර ගැනීමට උත්සාහ දරන පිරිසයි. වෛද්‍ය විද්‍යාත්මක පැත්ත පිළිබඳ කතා කළොත් 1990 දී පමණ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සම ලිංගිකත්වය කියන මාතෘකාව පිළිගත්තා. ඒ නිසා ලෝකයේ අවධානය ඊට යොමුවුණා. ඇමෙරිකන් කොලිජි සයිකැටිටි්‍රක් කියන ආයතනයක් මෙය මානසික ව්‍යාධියක් නොවන බව හඳුනාගත්තා.

අපි හැමෝටම උපතින් කායික ශරීරයක් හිමිවෙනවා. එය ඉන්ද්‍රීය පිහිටීම අනුව ස්ත්‍රී පුරුෂ ලෙස වර්ගීකරණය වෙනවා. මීට අමතරව පුද්ගලයන්ට මානසික ශරීරයකුත් තියෙනවා. මානසික ශරීරය හරහා මිනිසුන්ගේ පෞරුෂත්වය, ගති ගුණ, රුචි අරුචිකම් ආදී බොහෝ දේ ගම්‍ය වෙනවා. සීයට අනූපහකටම මේ කායික හා මානසික ශරීරය සමපාත වෙනවා. පුරුෂයෙකුට පුරුෂ මානසික ශරීරයක් ලැබීමත්, ස්ත්‍රියකට ස්ත්‍රී මානසික ශරීරයක් ලැබීම්ත් උදාහරණ. ඒත් අවාසනාවකට සීයකට පහක් වැනි පිරිසකගේ කායික ශරීරය හා මානසික ශරීරය ගැළපෙන්නේ නෑ. උදාහරණ පිරිමි කායික ශරීරයක් තියෙන අයෙකු ගැහැනියක සේ සිතන්න ක්‍රියා කරන්න පුළුවන්.

කාන්තාවටකත් එය පොදුයි. එතනදී මෙවැනි අය වැරැදි ශරීරයකින් අපි ඉපදිලා කියලා හිතනවා. තමන්ට ලැබිලා තිබෙන ශරීරයට වෛරකරන්න පටන් ගන්නවා. මට හම්බවෙලා තියෙන එවැනි බොහෝ දෙනෙක් මානසික අවපීඩනයට පත්වූ අය. හේතුව එයාලගේ හැසිරීම සාමාන්‍ය සමාජයට වඩා වෙනස්වීම. එතනදී ඔවුන් සමාජයෙන් කොන්වෙනවා. සමහරුන්ගේ අධ්‍යාපනය කඩාවැටෙනවා. සමහරුන්ට ගෙවල් වලින් යන්න වෙනවා. තවත් අයෙකුගේ රැකියා අවස්ථා අහිමි වෙනවා. සමහරුන්ට සමාජ ආශ්‍රයක් නැතිවෙනවා. මෙවැනි තත්ත්වයන් නිසා ඔවුන්ට දරුණු මානසික ආතතියක් හටගන්නවා.

ඒක තමයි දැනට සමාජයේ ඇතිවෙලා තිබෙන ගැටලුව. මෙය තේරුම්ගත් වෛද්‍යවරු එයාලට අවශ්‍ය බාහිර ස්වරූපය කෘතිමව හෝ ඇති කරදෙන්න උත්සාහ කරනවා. කෘතිම ශරීරයේ ඇති අපහසුකම් දැනගෙනත් ඔවුන් ඒ තත්ත්වයට පත්වෙන්න කැමති වෙනවා. අවයව වෙනස්කර ඒ තත්ත්වයට පත්වෙනවා කියන එක සංකීර්ණ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රියාවලියක්.

ඒ වගේම මේ සංක්‍රාන්ති ලිංගික අවධියේ පසුවන ඇතැම් පිරිසක් ඔවුනට ඇතිවන අවපීඩන දරා ගැනීමට නොහැකිව සියදිවි හානිකර ගන්නා අවස්ථා තිබෙනවා.

මානව හිමිකම් අගයකරන සමාජයක එවැනි අය පිළිබඳව සාධාරණව බැලිය යුතුයි. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රතිකාරවලින් මෙය සුව කළ හැකිද කියන එක. එය තාවකාලික දෙයක් හැටියටයි මම දකින්නේ. මෙයාලට හිත ඇතුළෙන්ම එන අවශ්‍යතාවක් ඒක. ඒ වගේම එවැනි අය සමග හිටියා කියලා තව කෙනෙක් ඒ තත්ත්යට ඇද වැටෙන්නේ නෑ.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ ඔබගේ රුචි අරුචිකම් ගැන තව කෙනෙක් බලපෑම් කරනවිට, ප්‍රශ්නකරන විට ඔබ කැමති නෑ. ඒ වගේම තමා මේ අයටත් දැනෙන දේ. සාමාන්‍ය සමාජය ටිකක් පුළුල්ව මේ පිළිබඳව කටයුතු කළ යුතුයි.

26 October, 2016

ලංකාවෙන් හමුවූ ‘පැහැදිලිම හා භයංකරම‘ උමං ගංගා පද්ධතිය ශ්‍රීපාද අඩවියෙන් මතුවෙයි

රත්නපුර ශ්‍රීපාද අඩවිය ආශ්‍රිත ගිලීමලේ ප්‍රදේශයෙන් සොයා ගැනුණ උමං ගංගාව පිළිබඳ සබරගමුව සහ කොළඹ විශ්වවිද්‍යාල දෙක ඒකාබද්ධව කළ පර්යේෂණවලදී තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

මෙම පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සංචාරක කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ඉරාඡ් රත්නායක මහතා පෙන්වා දුන්නේ මෙතෙක්‌ ලංකාවෙන් හමුවූ පැහැදිලිම හා භයංකාරම උමං ගංගා පද්ධතිය ලෙස මෙය හැඳින්විය හැකි බවය.

කළු ගඟේ අතු ගංගාවක්‌ වන ඉඳුරුව ගඟේ මෙම උමං ගඟ පිහිටියේය.

කුරුවිට එරත්න ගිලීමලේ යෝජිත රක්‌ෂිතය හෙක්‌ටයාර් 7500 ක්‌ පුරා පැතිර පවතී.

ඉඳුරුව රක්‍ෂිතය යනුවෙන් විරුදාවලිය ලබා ඇති මෙම රක්‍ෂිතය තුළ මෙම ගඟ පිහිටා ඇත.

දුම්පුස්‌ ඇල්ල සොබාවික පිහිනුම් තටාකයත්, ප්‍රාග් ඓතිහාසික ගල් ලෙන් දිවිමකුළුවා, දියකාවා, බුලත් හපයා වැනි මත්ස්‍යයන් හා සත්ත්ව ප්‍රජාවන්ගෙන් ද සමන්විතය.

මෙම ගඟ යම් ස්‌ථානයකදී ගල් තලාවක්‌ යටින් අතුරුදන්ව මීටර් 250 කට තරමක දුරින් නැවත මතුවී ගඟ නිර්මාණය වේ. ගඟ අතුරුදන් වන ස්‌ථානය කොළරොඩු හා වැලි තට්‌ටුවකින් නිර්මාණය වී ඇති අතර ගිලාබැසීම්වලට ලක්‌වීමේ අවදානමක්‌ද පවතී. වැසි දිනවලදී මේ ආශ්‍රිතව ගවේෂණ ආදිය සිදුකිරීම වැළකිය යුතුය. ගල් තලාවක්‌ මතින් ගඟ අතුරුදන් වුවද ඒ ආශ්‍රිතව පිහිටි කඳු තලාවක්‌ යටින් මෙම ගඟ ගලා යන බවට ප්‍රථම වරට මෙම ගවේෂණයේදී සොයාගැනුණ බව ආචාර්ය ඉරාඡ් රත්නායක මහතා පැවසීය.

මීට අමතරව මෙ කඳු වැටිය තුළ ස්‌ථාන කිහිපයක ගිලාබැස තිබෙන බවට ද අනාවරණය කර ගත හැකි විය.

ලංකාවේ වැඩිම උමං ගංගා පද්ධතීන් රැසක්‌ පවතින බවට ප්‍රථම වරට සමනල අඩවිය ආශ්‍රිතයෙන් සොයා ගැනීමට හැකි වූ බව ඉරාඡ් රත්නායක මහතා පැවසීය.

ඉදිරියේදී විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධ කර ගනිමින් ඉතා වැදගත්ම පර්යේෂණ කටයුතු ආරම්භ කරන බව ඉරාඡ් රත්නායක මහතා වැඩිදුරත් පෙන්වා දුන්නේය.

subway-river

ශ්‍රී පාදයට ආ හෙලිකොප්ටරයේ ඇත්ත නැත්ත මෙන්න

ශ්‍රී පාද අඩවියට හෙලිකොප්ටරයක් ගොඩබස්සවා ඇති බව දැක්වෙන ඡයාරූප පෙළක් මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වල සීග්‍රයෙන් හුවමාරු වෙමින් තිබෙනවා.

එම ඡයාරූප වල දැක්වෙන අන්දමට අවට තේ වගා කළ ඉඩමක හෙලිකොප්ටරයක් නවත්වා ඇති අතර යම් පිරිසක් එතැන සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු දැකගන්නට තිබෙනවා.

දැනගන්නට ලැබෙන පරිදි මෙම ප්‍රදේශය ශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන ප්‍රදේශයයි.

මෙය නල්ලතන්නි පොලිස් වසමට අයත් ප්‍රදේශයකි.

හෙලිකොප්ටර් යානයකින් මෙම පිරිස ගොඩබැස සිටින මෙම ඉඩම හිටපු ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත්ව තිබූ බව පැවසෙනවා.

අනතුරුව ඔහු අරාබි ව්‍යාපාරිකයින් පිරිසකට මෙම ඉඩම විකුණා ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ ප්‍රබල අමාත්‍යවරයා මෙම ඉඩම මිලට ගෙන තිබුණේ දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීමේ අටියෙන් බවත්,මේ වන මෙම ඉඩම මිලට ගත් අරාබි ව්‍යාපාරිකයින් පිරිස මෙහි සංචාරක හෝටලයක් සෑදිමේ පිඹුරුපත් සකසමින් සිටින බවට සඳහන් වෙයි.

මෙම ව්‍යාපාරිකයන් පිරිස මෙහි පැමැණි පළමු වතාව මෙය නොවන බවත් කිහිප වතාවක් පැමිණ තිබෙන බවත් සඳහන්.

කෙසේ වෙතත් මවුසාකැලේ ජල පෝෂක කලාපය විනාශ කරමින් තැනෙන මෙම සංචාරක හෝටලයට එකළ සිටම ප්‍රදේශවාසීන් විරෝධය පලකර තිබෙන බවත්,ඊට විරෝධය පළකරමින් නල්ලතන්නි පොලීසියට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් වාර්තා වනවා.

sri-padha-helecopter

sri-padha-helecopter-02

_නෙත්ගොසිප්