27 October, 2016

පියුමි තරඟෙදි පුංචි අම්මා කෙනෙක් වෙලා

පියුමි හංසමාලි පහුගිය දවස්වල හිටියෙ විදෙස්ගත වෙලා. 

ඒ මිසිස් නොබෙල් ක්වීන් 2016 ජාත්‍යන්තර තරඟයට සහභාගි වෙන්න. 

සමහරු ඔය වගේ සමහර තරඟවලට සහභාගි වෙන්නෙ ගොඩක් සල්ලි වියදම් කරල කියලා පියුමිම පසුගිය දවස් වල චෝදනා කළා.

හැබැයි ඉතිං පියුමි කියන විදිහට එයා නම් මේ තරඟයට සහභාගි වෙලා තියෙන්නෙ එහෙම සල්ලි වියදම් කරලා නෙමෙයි. 

මොකද එයාගෙ දක්ෂතා දැකලා එයාව මේ තරඟයට සම්බන්ධ කරලා තියෙන්නෙ නොබෙල් ක්වීන්හි ලංකාවෙ ජාතික සංවිධායක විශ්ව පෙරේරා.

කොහොම වුණත් ඔය කියන මිසිස් නොබෙල් ක්වීන් තරඟය නම් මේ වෙනකොට ඉවරයි. 

පියුමිට නම් හිමි වුනේ අන්තිම ස්ථානය.

කොහොම වුණත් අපට ලැබුණ ආරංචියෙ හැටියට නම් පියුමි තමයිලු ඒ තරඟයට සහභාගි වුණ අඩුම වයසෙ අම්මා. 

තරඟ ප්‍රතිඵලය කොහොම වුණත් ඒ ගැන හිත හිතා පියුමි ආඩම්බර වෙනව කියල තමයි ආරංචි වෙන්නේ.

piyumi-hansamali-05

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පියුමි තරඟෙදි පුංචි අම්මා කෙනෙක් වෙලා"

    Post a Comment