27 October, 2016

පිරිමින් 5ක් ගෙට ගෙන්වාගත් නරුම අම්මා නිසා දියණිය දූෂණය වූ හැටි

දරුවන් පිළිබඳව, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව වඩාත්ම සැළකිලිමත්වන්නේ ඔවුන්ගේ දෙමාපියන්.

දරුවන්ට දෙමාපියන් තුළ ඇති ආදරය හේතුවෙන් එය නිරන්තරයෙන් සිදුවන්නක් වුවත්, දරුවන්ගේ ආරක්ෂාව යනු දෙමාපියන් සතු වගකීමක් ද වෙනවා.

නමුත් වර්තමානයේ දී අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන ඇතැම් පුවත් වාර්තා මගින් එම වගකීම විටින් විට ප්‍රශ්ණ කරනු ලබනවා.

එවන් තවත් පුවතක් මෙසේ වාර්තා වන්නේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන්.

මෙම අනුවේදනීය සිදුවීමට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 15ක දැරියක්.

තමා මුහුණදුන් කණගාටුදායක අත්දැකීම පිළිබඳව ඇය විසින්ම පසුගිය දා කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරි හා සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ. කේ. කීර්තිරත්න මහතා වෙත පැමිණිල්ලක් සිදුකොට තිබුණේ තමාගේම මවට විරුද්ධව යි.

අදාළ දැරියගේ පියා මීට කලකට ඉහත දී රිය අනතුරකට ලක්ව මරණයට පත් වී තිබෙනවා.

පියාගේ අභාවයයෙන් පසු සිය මව ඇසුරු කිරීමට රාත්‍රී කාලයේ පුද්ගලයින් පස්දෙනෙකු නිවසට පැමිණෙන බව යි ඇය හෙළිකොට ඇත්තේ.

එමෙන්ම තමා දැණුවත්ව මේවන විට පුද්ගලයින් දස දෙනෙකු පමණ සිය මවගේ ඇසුර පතා නිවසට පැමිණ ඇති බව ද ඇය පවසා තිබෙනවා.

මව සමග රැය පහන් කිරීමට පැමිණෙන මෙම පුද්ගලයින් හේතුවෙන් තමා මහත් මානසික පීඩනයකට ලක්ව සිටින බව ඇය ප්‍රකාශ කරනවා.

දැරිය විසින් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ සිය මව හමුවීමට පැමිණි එක් තැනැත්තෙකු තමන්ව දූෂණය කළ බව යි.

එමෙන්ම එම හේතුවෙන් තමා මේවන විට ගැබිණියක් බවට පත්ව ඇති බව ද ඇය හෙළිදරව් කර තිබෙනවා.

දිනක් පුද්ගලයෙකු කෑගල්ල ප්‍රදේශයේ සිට මව හමුවීමට පැමිණි බවත්, ඔහු පැමිණි පසු මව දිය නෑමට ගිය බවත් ඒ අතරතුර අදාළ පුද්ගලයා විසින් තමාව දූෂණයට ලක් කළ බවත් දැරිය පවසනවා.

එසේ තමාව දූෂණය කළේ රුවන් කපිල නමැත්තෙකු බව යි දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙම සිදුවීම පිළිබඳව හොරොව්පොතාන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙනවා.

rape-girl

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිරිමින් 5ක් ගෙට ගෙන්වාගත් නරුම අම්මා නිසා දියණිය දූෂණය වූ හැටි"

    Post a Comment