28 October, 2016

මුහුණ නිල් වෙලා ~ කලිසමත් තෙත් වෙලා - විමල්ගේ නිවසේදී මියගිය ළහිරු ගැන මිතුරෙකු හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසේදී තරුණයෙකු මියයෑමේ සිද්ධියක් වාර්තා වුණා.

එලෙස මියගිය 24 හැවිරිදි ළහිරු ජනිත් දිසානායක තරුණයා විමල් වීරවංශ මහතාගේ පුතු වන විභූති වීරවංශගේ සමීපතම මිතුරෙක්. 

මෙම තරුණයාගේ මරණයට හේතුව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඊයේ (27) පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ කරගැනීමට නොහැකිවුණා.

ඒ හේතුවෙන් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දෙමින් නියෝග කළා.

අදාළ තරුණයා පසුගිය 25 වැනිදා රාත්‍රියේ වීරවංශ මහතාගේ නිවසට පැමිණ ඇති අතර රැය පහන් කර ඇත්තේ එම නිවසේ උඩු මහළේ විභූති සහ තවත් මිතුරන් කිහිපදෙනෙක් ද සමඟින්. 

අදාළ මරණය සම්බන්ධයෙන් තලංගම පොලිසිය ශෂී වීරවංශ මහත්මියගෙන්, ඇයගේ පුතුගෙන් සහ තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණයාගේ මිතුරෙකු වන ඉමාශ් කෝදාගොඩ නැමැති තරුණයකු ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබෙනවා.

එහි සඳහන් වන්නේ රාත්‍රියේ ඔවුන් විමල් වීරවංශ මහතාගේ නිවසේ චිත්‍රපටයක් නැරඹීම සඳහා උඩුමහලට ගිය බවත්, එහිදි මියගිය තරුණයාගේ ඇස් රතුවී තිබෙනු දුටු ශෂි වීරවංශ මහත්මිය ඒ ගැන විමසීමේදී පසුගිය දින කිහිපයේ නිදිවැරූ බව ඔහු පැවසූ බවත්ය.

පසුව ඔවුන් නින්දට ගොස් ඇති අතර උදෑසන ඔහුගේ මුහුණ නිල් පැහැ වී තිබූ බවත් ඔහු හැඳ සිටි කලිසමේ මුත්‍රා ස්වල්පයක් පහව තිබූ බව දුටු බවත් එහි සඳහන් 

අනතුරුව ඔහුට කතා කළද ඔහුගෙන් පිළිතුරක් නොවූ බවත් මෙම සිද්ධියේ සැබෑව එය බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

janith-d-fernando-01

janith-d-fernando-09


janith-d-fernando-10

janith-d-fernando-02

janith-d-fernando-03

janith-d-fernando-04

janith-d-fernando-05

janith-d-fernando-06

janith-d-fernando-07

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මුහුණ නිල් වෙලා ~ කලිසමත් තෙත් වෙලා - විමල්ගේ නිවසේදී මියගිය ළහිරු ගැන මිතුරෙකු හෙළි කරයි"

    Post a Comment