03 August, 2016

'Fifty Shades of Grey' නරකම චිත්‍රපටියට හිමි සම්මානයෙන් පිදුම් ලබයි

'Fifty Shades of Grey' චිත්‍රපටය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු ගෝල්ඩන් රාස්ඛෙරි සම්මාන උළලේදී වැඩිම සම්මාන ගණනක් දිනා ගැනීමට සමත් වී තිඛෙනවා.

නරකම චිත්‍රපටය සඳහා වූ සම්මානය  'Fifty Shades of Grey' චිත්‍රපටයට සහ 'ෆැන්ටෑස්ටික් ෆෝ' චිත්‍රපටයට හිමිවුණා.

එසේම 'Fifty Shades of Grey' චිත්‍රපටය නරකම තිර රචනය, නළුවා, නිළිය සහ නළු නිළි යුවළ සඳහා වූ සම්මානද දිනා ගත්තා.

නරකම අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් වූ සම්මානය 'ෆැන්ටෑස්ටික් ෆෝ' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ 'ජෝෂ් ට්‍රෑන්ක්' හට හිමිවූ අතර එම චිත්‍රපටය සඳහා නරකම ප්‍රතිනිෂ්පාදනය සඳහා වූ සම්මානද ඔහු සතු වුණා.




Fifty Shades of Grey - Worst Screenplay

අනුන් වෙනුවෙන් 'අත්හරින' හදවත ලස්සන සොඳුරු ගැහැණිය

ලස්සනට ජීවත් වෙන්න, ලස්සන ඇඳුම් අඳින්න එක එක විලාසිතා කරන්න කවුරුත් කැමතියි.

ඒ ඒ විලාසිතාවලට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විශේෂයෙන්ම නළු නිළියන් හා ගායක ගායිකාවන් හිස මුඩු කරනවා කවුරුත් දැකලා ඇති.

සමහරවෙලාවට පිළිකා රෝග වැළඳුනු අයට දෙන ඛෙහෙත් නිසාත් හිසකෙස් අහිමි වෙනවා.

ඒත් මේ හේතු දෙකම නැතිව හිස මුඩු කළා කිව්වොත් කාටත් ඇතිවෙන්නේ ප්‍රශ්නයක්.

ඒ වගේ සිදුවීමක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.

එංගලන්තයේ ජීවත්වෙන යොවුන් වියේ සුරූපී ආයුර්වේද වෛද්‍යවරියක් ඒ විදිහට තමන්ගේ හිස මුඩු කරලා.

සෑම තරුණියක්ම තමන්ගේ කෙස්වලට දක්වන්නේ ලොකු ආදරයක්.

ඒත් මේ වෛද්‍යවරිය තමන්ගේ ආශාව අත්හැරලා තියෙන්නේ කරුණු දෙකක් නිසා.

ඒ තමයි පිළිකා හේතුවෙන් හිස කෙස් අහිමිවූ කුඩා දරුවන්ට බොරු කොණ්ඩා හදන්න ප්‍රදානය කරන්න.

අනෙක් කරුණ තමයි මිනිසුන්ට උදව් කරන්න අරමුදලක් පිහිටුවන්න.

නිවුන් දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වුණු ඇය එංගලන්තයේ අසීමිතව ලැඛෙන සැප සම්පත්වලින් යම් ප්‍රමාණයක් ලංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් යොදවන්න තීරණය කරලා.

ඒ විදිහට තමන්ගේ දියණියන්ට වඩා මාස 6 ක් වැඩිමහලූ දරුවන් දෙදෙනෙක් සිටින පවුලකට ඇය පිහිට වෙන්න පටන් අරන්.

පළමු වසරේ ඉඳන් සියලුම මාසික වියදම් හා අනෙකුත් දේවල් දෙන්න පියවර අරගත්තු ඇය මේ දරුවන් සරසවියට ගිහින් රැකියාවක් කරන්න පටන්ගන්නකං ඒ විදිහට උදව් කරන්න සූදානම්ලූ.

පසුගිය දවසක ඇය කොණ්ඩය මුඩු කරලා එකතු කරපු පවුම් 1000 ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් පමණ දරුවන් දෙදෙනෙකුගේ ගිණුමකට බැර කරලා.

ඇගේ ආදරණීය සැමියාත් ඇයට ශක්තියක් වෙන්න, උපහාරයක් පිණිස ඔහුගේ හිසද මුඩු කරලා.

ඇය පිහිටවූ දරුවන්ගේ එදා ඡායාරූප සහ අද වනවිට ඔවුන් සිටින අයුරු දැක්වෙන ඡායාරූප පහතින්.

























උපකාර කළ නිවුන් දරුවන්.






Great Women 'Abandon' For Others

මිහිමතින් 'මැමත්' සමුගෙන ගිය හේතුව සොයා ගැනේ

වසර 5,600 ට පෙර මිහිතලය මත විසූ 'මැමත්' නම් වූ අවසන් සද්දන්ත හස්ති විශේෂය විනාශවී යාමට හේතුව සොයා ගැනීමට හැකිවූ බව උතුරු ඇමරිකාවේ විද්‍යාඥයෝ විශ්වාස කරති.

බීමට ජලය නොමැති කමින් මොවුන් වඳවී යන්නට ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ.

ඇලස්කාවේ සාන්ත පෝල් දූපතේ දී හමුවී ඇති 'මැමත් කොලනියකින්' ලබාගත් තොරතුරු අනුව විද්‍යාඥයින් මෙම නිගමනයට එළැඹ තිඛෙනවා.

අයිස් යුගය අවසානවීමත් සමග පෘථීවිය උණුසුම් වී මුහුදේ ජල මට්ටම ඉහළ ගොස් බීමට ජලය ඇති බිම් ප්‍රමාණය කුඩා වූ බවයි විශ්වාස කෙරෙන්නේ.

මිනිස් දඩයම්කරුවන්ගේ ක්‍රියාකලාපයන් ද ඔවුන්ගේ වඳවීයාමට හේතුවක් වූ බවයි විද්‍යාඥයන් පවසන්නේ.

මෙලොව විසූ ලොම් සහිත මැමත්ලාගෙන් විශාල ප්‍රමාණයක් මියගොස් තිඛෙන්නේ මින් වසර 10,500 ට පෙරයි.

එසේ වුවත් මිනිස් දඩයම් කරුවන් අතින් සහමුලින් විනාශ වී ගිය ප්‍රධාන භූමියේ සිටි මැමත් ගහනයට වඩා තවත් වසර දහස් ගණනක කාලයක් සාන්ත පෝල් දූපතේ සද්දන්තයන් ජීවත්වූ බවට සාධක හමුවී තිබේ.



Reason for 'Mammoth' Leaving From Earth

පාදයාත්‍රාවේ ගිය මහින්දපිලේ ෆෙස්බුක් ඇඩ්මින් පහර කයි - වැටී සිටියදීත් පහරදීලා

ජන සටන පාද යාත්‍රාව අතරතුරදී ඔවුන්ගේ ප්‍රධාන ෆෙස්බුක් පිටුවේ ඇඩ්මින්වරයෙකු වන නුවන් නිරෝධ අල්විස්ට පහරදීමක් සිදුව ඇති බව ඔහු සිය ෆෙස්බුක් පිටුවේ සඳහන් කර තිඛෙනවා.

පාද යාත්‍රාවේ සිව් වැනි දිනයේ තමන්ට මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දීමට සිදුවූ බවයි එහි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ කරුණු විමසීමකදී නුවන් නිරෝධ අල්විස් තමන්ට පහරදීමක් සිදුවූ  බව තහවුරු කර තිඛෙනවා.

මෙම සිදුවීම සම්බන්ධෙ ඔහු සිය ෆෙස්බුක් පිටුවේ තැබූ සටහන පහතින් දැක්වෙනවා.





Mahinda's FB Admin Beaten While 'Jana Satana Paada Yathrawa'

02 August, 2016

වසර ගණනක් සමූහ දූෂණයට ලක් වුන බාල වියේ දැරිය

 දහතුන් හැවිරිදි පාසල් දැරියක දින දෙකක් මුළුල්ලේ ස්ථාන කිහිපයක රඳවාගෙන දූෂණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දොළොස් දෙනකු රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු බව පොලිසිය පවසයි.

හමුදා සොල්දාදුවකු සහ දැරිය දූෂණය කිරීම පිණිස කාමරයක් සපයා දුන් කාන්තාවකද සැකකරුවන් පිරිස අතර සිටිති.

දැරිය දූෂණය කිරීමේ චෝදනා ලත් භික්ෂූන් වහන්සේ නමක් සොයමින් සිටින බවත් පොලිසිය පවසයි.

සැකකාර භික්‍ෂූන් වහන්සේට රටින් පිටවීම අධිකරණය විසින් තහනම් කරනු ලැබ තිබේ.

කිසියම් අපරාධයකට ආධාර සහ අනුබල දීම යනු එම අපරාධය සිදු කළා හා සමානම වරදක් බවයි, මේ වනවිට පොලිස් මූලස්ථානයට අනුබද්ධ කර සිටින දකුණු පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සම`ග අදහස් දක්වමින් කියා සිටියේ.

සිය දියණිය අතුරුදහන්ව ඇති බවට දැරියගේ දෙමාපියන් විසින් පසුගිය ජුලි 10 වැනි දින පිටබැද්දර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මාතර කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මෙහෙයවීමෙන් දැරිය සොයා ගනු ලැබ තිඛෙන්නේ ජුලි 21 වැනිදා.

ජුලි 10 වැනි දින දහවල් යාමයේ පමණක් පුරුෂයන් නම දෙනකු අතින්වත් දූෂණය වූ බවයි, කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත කළ ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා තිඛෙන්නේ.

ඒ අකුරැස්ස සහ පිටබැද්දර ඇතුළු ස්ථාන ගණනාවකදී.

ඉන් අනතුරුව එදින රාත්‍රියේ දැරිය හිනිදුම නිවසකට රැගෙන ගොස් තවත් පුරුෂයන් ගණනාවක් විසින් ඇය සමූහ වශයෙන් දූෂණය (Gang Rape) කර තිඛෙන බවත් බීබීසී සංදේශයට අනාවරණය වේ.

පසු දින උදෑසනම දූෂකයන් තමන් මහ මග අත්හැර දමා ගිය බවත්, එහිදී සිය මව නිරන්තරයෙන් යනෙන මාතර විහාරස්ථානයක් පිළිබඳව සිහි වී එම විහාරස්තානයට ගිය බවත් දැරිය පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන්.

විහාරස්ථානයේදී ඇය සිය කුටියට කැඳවාගෙන ගිය එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක්ද තමන් දූෂණය කළ බවයි දැරිය පොලිසියට පවසා තිඛෙන්නේ.

සිදුවීමෙන් අනතුරුව සැකකාර හිමි නම අතුරුදහන්ව සිටින බවත් පොලිසිය පවසයි.

විහාරස්ථානයෙන් බැහැරව යන දැරිය ගාල්ල, බූස්සේ සංචාරක හෝටල් කිහිපයකටම විකිණීමට ඇය හඳුනන පුද්ගලයකු දැරූ උත්සාහයක් ව්‍යවර්ථ වී තිඛෙන්නේ බාල වියේ දැරියන් භාර ගැනීම හෝටල් ගණනාවක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපනගේ උපදෙස් ප්‍රකාර වැටලීම් සිදුකරනු ලැබුවේ මාතර කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින්.

මුලින්ම හත් වැනි වියේදී සිය සොහොයුරාගේ මිතුරෙකු අතින් ලිංගික අතවරයට ලක් වූ බවත්, ඉන් අනතුරුව දහ වැනි වියේදී ප්‍රදේශයේ තරුණයකු සිය නිවසට පැමිණ තමා දූෂණය කළ බවත් දැරියගේ ප්‍රකාශයේ සඳහන්.

ඉන් අනතුරුව සිය නිවස ඉදිරිපස තිඛෙන සමාගමක සේවය කරන තරුණයන් වරින් වර පැමිණ නිවසේදීත්, ඒ අසල පිහිටි වන ලැහැබකදීත් දිගින් දිගටම ඇය දූෂණය කළ බවයි, පොලිස් පරීක්ෂකවරියගේ ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා තිඛෙන්නේ.

අඩුම තරමින් තරුණයන් නම දෙනකු වසරක් මුළුල්ලේ එලෙස දිගින් දිගටම ඇය දූෂණය කර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් කිසිවෙකුත් බාල වයස්කරුවන්ද නොවේ.

ඒ අතරතුර මව සහ පියා අතර නිවසේ හටගන්නා අ`ඩදබර දරාගත නොහැකිව ජුලි 10 වැනි දින නිවසින් බැහැරව ගිය විටයි, දෙදරු පියකු වන අසල්වැසි බස් රියදුරකු විසින් ඇය අකුරැස්සේ හෝටලයකට රැගෙන ගොස් දූෂණය කර තිඛෙන්නේ.

ඉන් අනතුරුව එම බස් රියදුරා දුරකතනයෙන් අමතා තමන් තවත් පුරුෂයන් කිහිප දෙනකුටම භාර දුන් බවත් දැරිය පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන්.

පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ජයවීර ඇතුළු කණ්ඩායමද වැටලීම්වලට සහාය වූහ.




පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත.

Young girl being gang raped for many years 

අන්තර්ජාල පෙම්වතිය එන තුරු දින දහයක් ගුවන්තොටුපලේ

විරහා වේදනාව නිසා හට ගත් කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කළ ඕලන්ද ජාතිකයකු පිළිබඳ චීනයෙන් වාර්තා වේ.

හතළිස් එක් හැවිරිදි ඇලෙක්සැන්ඩර් පීටර් කර්ක් ඕලන්දයේ සිට චීනයේ හුනන් පළාත වෙත පියාසර කරන්නේ අන්තර්ජාලය හරහා දැන හැඳින ගත් සැන්ග් නමැති සිය පෙම්වතිය හමු වීමේ බලාපොරොත්තුවෙනි.

ඔහු පිළිගැනීමට ඇය ගුවන් තොටුපල වෙත නොපැමිණියත් ඇලෙක්සැන්ඩර් දින දහයක් චැන්ග්ෂා ගුවන් තොටුපලේ රැඳී සිටියේ ඇය කොයි මොහොතක හෝ එහි එතැයි යන විශ්වාසයෙනි.

මීට මාස දෙකකට ඉහතදී අන්තර්ජාල හරහා විසි හය හැවිරිදි සැන්ග් දැන හැඳින ගත් බව සිය ආදර අන්දරය පිළිබඳ අදහස් දක්වමින් ඇලෙක්සැන්ඩර් චීන මාධ්‍යයට පවසා තිබේ.

'මම හිතුවා ඒක විහිළුවක් කියලා' සැන්ග් නමැති තරුණිය හුනන් රූපවාහිනියට පවසා ඇත.

ගුවන් තොටුපල වෙත පැමිණි ඔහුගේ බලාපොරොත්තු සුන් වුවත් ගුවන් තොටුපල හැර යෑම ප්‍රතික්ෂේප කරමින් දින දහයක් එහි රැඳී සිටි ඔහු කායික පීඩාව හේතුවෙන් රෝහල් ගත කෙරුණු බව ~හුනන්~ රූපවාහිනි සේවය වාර්තා කළේය.

ඉහත කී වාර්තාව පළ වී දිනකට පසු සැන්ග් නමැති තරුණිය ~හුනන්~ රූපවාහිනී සේවය අමතා තිබේ.

ඔහු සැබෑ ලෙස චීනයට පැමිණෙතැයි තමා විශ්වාස නොකළ බව ඇය එහිදී පවසා ඇත.

'එක දවසක් ඔහු එකපාරටම ගුවන් ටිකට් පතක ඡායාරූපයක් එව්වා. ඉන් පසු ඔහු මට කතා කළේ නැහැ'.

ඔහු ගුවන් තොටුපල වෙත ළගා වන අවස්ථාවේ ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීම සඳහා තමා වෙනත් පළාතකට ගොස් සිටි බවත් එම අවස්ථාවේ සිය දුරකථනය ක්‍රියා විරහිත කොට තිබූ බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.






10 Days At Airport Until Internet Girlfriend Comes

පුතු සමග රමණය කළ මව මස්සිනාට බලන්න වීඩියෝවකුත් හදලා

තම 13 හැවිරිදි වියේ පසුවූ පුතු සමග අසභ්‍ය ක්‍රියාවන්හි යෙදෙමින් එම දර්ශන රූගත කළ කාන්තාවකට අවුරුදු 5ක සිරදඬුවමක් නියමකර තිඛෙනවා.

36 හැවිරිදි අදාළ කාන්තාව විසින් කිහිප අවස්ථාවකදීම මෙසේ තම පුතු සමඟ අසභ්‍ය ක්‍රියා සිදු කර ඇති බවටයි අධිකරණයේදී හෙළි වී ඇත්තේ.

බි්‍රතාන්‍යයේ වෙසෙන අදාල  කාන්තාව අධිකරණයට පවසා ඇත්තේ පකිස්ථානයේ සිටින තම ඥාතියෙකු සතුටු කිරීම සඳහා තමා මෙලෙස පුතු සමඟ එක් වී ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන වීඩියෝ කර යැවූ බවයි.

දැනට 14වැනි වියේ පසුවන දරුවා අධිකරණය වෙත පවසා කර ඇත්තේ අදාළ දර්ශන පිළිබඳව තමන් දැඩි ලෙස කම්පා වන බව සහ තමන් දැඩි ලැජ්ජාවකින් පසු වන බවය.

තම තුන් හැවිරිදි දියනියගේද නිරුවත් ඡායාරූප ඇය මෙලෙසම තම ඥාතියාට යවා ඇති බවයි විමර්ශන වලදී හෙලිවී ඇත්තේ.

මෙම මව සම්බන්ධයෙන්ක කළ විමර්ශනයන්හිදී හෙළි වී ඇත්තේ ඇගේ දෙමව්පියන් විසින් ඇය 13 හැවිරිදි වියේදී විවාහ කරදී ඇති බවය.

පසුව අමානුෂික අන්දමින් ඇය කිහිප විටක් දුෂණය වී ඇති බවත්ය.

දඬුවම නියම කරමින් විනිසුරුවරිය වන එලරි රීස් එම කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ කුඩා කාලයේදීම ඇය හිංසනයට ලක් වී ඇති බැවින් ඇයගේ වගකීම වී තිබුනේ තම දරුවන් ආරක්ෂා කිරීම බවයි.

ඩේලි මේල් ඇසුරෙනි.


The mother and son attractions 

අම්මාගේ දේහය ළඟ තනිරකින පුංචි පුතා

ඉපදෙන අපි කාටත් මියයෑම කියන ලෝක ධර්මතාවයට මුහුණ දෙන්න වෙනව.

හැබැයි මරණයේ වේදනාව දරාගැනීම එක එක්කෙනාට වෙනස්.

වැඩිහිටියෙකුට තම සමීපතමයෙක් මිය ගියාම දුක දැනෙන විදියට නෙවෙයි පොඩි දරුවෙකුට ඒ දේ දැනෙන්නෙ.

අවුරුදු තුන හතරෙ වයසෙ දරුවෙකුට ඒ දේ කොහොම දැනෙනව ඇත්ද? විශේෂයෙන්ම ඒ වගේ වයසක ඉන්න දරුවෙකුට තමන්ගෙ අම්ම මිය ගියාම මොනවගේ පාළුවක් දැනෙනව ඇත්ද?

මේ පිලිපීනයේ කුඩා දරුවෙක් තමන්ගෙ අම්මා මියයාමේ සොවින්, ඇයගේ දේහය ලඟටම වෙලා ඉන්න දුක්බර ඡායාරූප ටිකක්.

ඒත් මේ අම්මව මෙහෙම හැමදාම තියාගන්නත් බැහැනෙ. එතකොට ඔහු මෙහෙම තනිරකින්නෙ කාටද?
















Son cannot leave his Died Mother

01 August, 2016

.එදා වෙඩි හඬට රතුපස්වල අපෙන් ජල බිඳක්' - පාද යාත්‍රාවට රතුපස්වලින් ලැබුණු දේ

බැලුම්මහර ප්‍රදේශයට ඊයේ පාද යාත්‍රාව ළගා වීමට ප්‍රථම රතුපස්වල ජල ගැටලුවේදී මුලිකත්වය ගෙන ක්‍රියා කළ පුජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් තවත් හිමිනමක් සමග බැලුම්මහර - ඔරුතොට මංසන්ධියේ පිහිටි බෝධිය අසලට වැඩම කර රතුපස්වල පානීය ජල ගැටලුවෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට කටයුතු කළා.

ඒ රතුපස්වල සිද්ධියේදී ජීවිතක්ෂයට පත්වූ තරුණයින් තිදෙනා සිහිපත් කරමින් බැලුම්මහර බෝධියට පහන් දල්වමින්.

අනතුරුව බෝධිය ඉදිරිපිට ජල බෝතල් කිහිපයක් තැබීමට ද පුජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් කටයුතු කළේ 'එදා වෙඩි හඩට රතුපස්වල අපෙන් ජල බිඳක්' යනුවෙන් පුවරුවක් ද එම ස්ථානයේ ප්‍රදර්ශනය කරමින්.



Rathupaswala Response To 'Padha Yathra'

FB එකේ චීවරධාරියෙකු සමග හාදකම් පැවැත්වූ හමුදා සෙබළාට විහාරස්ථානයේදී‍ වුන දේ

ෆෙස්බුක් හරහා හදුනාගත් යුද හමුදා සෙබලෙකු විහාරස්ථානයකට කැඳවා බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන චීවරධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අවුරුදු 25 ක් පමණ වන චීවරධාරියෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි මාදම්පේ පොලිසිය පැවසුවේ.

වව්නියාව - කනගරායන්කුලම් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත සෙබලෙකුයි අපයෝජනයට ලක්ව තිඛෙන්නේ.

හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ඔහු කොත්මලේ පිහිටි භාෂා පුහුණු කඳවුරේ පුහුණුවක් ලබමින් සිට ඇති අතර චීවරධාරියා ලැගුම් ගෙන සිටි විහාරස්ථානයේ නවාතැන් ගෙන තිඛෙනවා.

ඔහු නැවතත් කඳවුර වෙත වාර්තා කර සිටියදී අසනීප වීම නිසා වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී හෙළිවී තිඛෙන්නේ ඔහු අපයෝජනයකට ලක්ව ඇති බවයි.

ගම්පළ රෝහල් පොලිසියෙන් ලද පණිවුඩයකට අනුව මාදම්පේ පොලිසියේ නිලධාරියකු එහි ගොස් අතවරයට ලක්ව ඇති හමුදා සෙබළාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කර තිඛෙනවා.

මෙම චීවරධාරියා සහ තමන් හඳුනා ගත්තේ ෆෙස්බුක් ම`ගින් බවත් ඒ ඔස්සේ කාලයක් දෙදෙනා අදහස් හුවමාරු කරගත් බවත් සෙබළා පොලිසිය හමුවේ පවසා තිඛෙනවා.

එහිදී චීවරධාරියා කළ ඉල්ලීමකට අනුව පසුගිය දා මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ 26 වැනිදා දක්වා එහි නවාතැන් ගෙන සිටි බවත් සෙබළා පවසා තිඛෙනවා.

ඒ අවස්ථාවේදී හමුදා සෙබලා අපයෝජනයට ලක්ව ඇති බවයි පොලිස් වාර්තා පැවසුවේ.

චීවරධාරියා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.




Military Solider Abused By Monk

ගෙදරගිය එංගලන්ත අගමැතිගෙන් අපේ දේශපාලඥයින්ට Online ටියුෂන්

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වනවාද නැද්ද? යන්න සම්බන්ධයෙන් පැවති ජනමත විචාරණයෙන් 'ඉවත්විය යුතුය' අදහස දැරූ පාර්ශවය ජය ලැබීය.

ඊට ප්‍ර‍තිවිරුද්ධ මතයේ සිටි එවකට අගමැති ඩේවිඩ් කැමරන්, තමන් දැරූ මතය පරාජය වීම හේතුකොටගෙන, අගමැති ධූරයේ රැඳී සිටීමට එම ප්‍ර‍තිඵලයෙන් බාධාවක් නැතත්, අගමැති පුටුවෙන් නැගිට ගෙදර ගියේය.

ගෙදර ගියා විතරක් නොවේ, ගෙදර ගිය කැමරන් සාමාන්‍ය මිනිසෙක් විදියට තම පවුලේ උදවිය සමග ජීවත්වන ආකාරය ලෝකයම කතා කරන්නේය.

තමන් ඉදිරිපත්වන මැතිවරණයෙන් පැරදුනද මහජන මතයට හිසනමා ගෙදර යන්නට අකමැති අපේ දේශපාලඥයින්ට කැමරන්ගෙන් ටියුෂන් ගැනීම වටී.

අඩුතරමින් අන්තර්ජාලය ඔස්සේ හෝ කැමරන්ගේ මේ හැසිරීමෙන් පාඩම් ඉගෙනීම වටී.




Lessons of retired prime minister David Cameron

බියර් බී සූර් වූ පාසල් පෙම්වතියට රේල්පාර උඩදී පෙම්වතා කියාදුන් පාඩම

අනුරාධපුර මුලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංශයට තරුණියක් බීමත්ව සිහිසුන්වී සිටින බවට ලැබුණු තොරතුරක්මත පොලිස් නිලධාරින් අනුරාධපුර විද්‍යාල මාවතට ගොස් ඇයව පොලිස්භාරයට ගෙන රෝහල් ගතකර තිඛෙනවා.

පොලිස් නිලධාරින් එහි යනවිටත් ඇයගේ මිතුරන් බව කියන තරුණයන් තිදෙනෙකු හා තරුණියක ඇය වත්තම්කර ගෙන සිටි බවත් ඔවුන් විසින් ඇය අනුරාධපුර නගරය් පිහිටි ප්‍රධාන පෙලේ මිශ්‍ර පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනු ලබන බවත් පවසා ඇත.

අදාල තරුණිය ඊයේ (31) අමතර පන්තියක් තිඛෙන බවට නිවසට බොරු පවසා පෙම්වතා සමග පෙම්සුව විදීමට පැමිණ ඇත.

තරුණිය හා මේවනවිට පලාගොස් ඇති පෙම්වතා පාලමක් යටටවී පෙම්සුව විදිමින් බීර ටින් තුනක් පානයකර තිබේ.

සැකකාර පෙම්වතා තරුණියට සිහිසුන්වන කිසියම් ද්‍රව්‍යක් යොදා බීර පානය කීරිමට සලස්වා ලිංගික අතවරයක් සිදුකර පලා ගියේද යන්න සම්බන්ධයෙන් සැක මතුවී ඇති අතර ඇය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරමට තරම් යහපත් සෞඛ්‍ය මට්ටමක අද (01) උදෑසන වන තුරුත් නොසිටි බව පොලිසිය පවසනවා.


Drunk school girl found from railway track at Anuradhapura