01 August, 2016

FB එකේ චීවරධාරියෙකු සමග හාදකම් පැවැත්වූ හමුදා සෙබළාට විහාරස්ථානයේදී‍ වුන දේ

ෆෙස්බුක් හරහා හදුනාගත් යුද හමුදා සෙබලෙකු විහාරස්ථානයකට කැඳවා බරපතල ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන චීවරධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

අවුරුදු 25 ක් පමණ වන චීවරධාරියෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි මාදම්පේ පොලිසිය පැවසුවේ.

වව්නියාව - කනගරායන්කුලම් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත සෙබලෙකුයි අපයෝජනයට ලක්ව තිඛෙන්නේ.

හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ඔහු කොත්මලේ පිහිටි භාෂා පුහුණු කඳවුරේ පුහුණුවක් ලබමින් සිට ඇති අතර චීවරධාරියා ලැගුම් ගෙන සිටි විහාරස්ථානයේ නවාතැන් ගෙන තිඛෙනවා.

ඔහු නැවතත් කඳවුර වෙත වාර්තා කර සිටියදී අසනීප වීම නිසා වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී හෙළිවී තිඛෙන්නේ ඔහු අපයෝජනයකට ලක්ව ඇති බවයි.

ගම්පළ රෝහල් පොලිසියෙන් ලද පණිවුඩයකට අනුව මාදම්පේ පොලිසියේ නිලධාරියකු එහි ගොස් අතවරයට ලක්ව ඇති හමුදා සෙබළාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කටයුතු කර තිඛෙනවා.

මෙම චීවරධාරියා සහ තමන් හඳුනා ගත්තේ ෆෙස්බුක් ම`ගින් බවත් ඒ ඔස්සේ කාලයක් දෙදෙනා අදහස් හුවමාරු කරගත් බවත් සෙබළා පොලිසිය හමුවේ පවසා තිඛෙනවා.

එහිදී චීවරධාරියා කළ ඉල්ලීමකට අනුව පසුගිය දා මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයකට පැමිණ 26 වැනිදා දක්වා එහි නවාතැන් ගෙන සිටි බවත් සෙබළා පවසා තිඛෙනවා.

ඒ අවස්ථාවේදී හමුදා සෙබලා අපයෝජනයට ලක්ව ඇති බවයි පොලිස් වාර්තා පැවසුවේ.

චීවරධාරියා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.




Military Solider Abused By Monk

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "FB එකේ චීවරධාරියෙකු සමග හාදකම් පැවැත්වූ හමුදා සෙබළාට විහාරස්ථානයේදී‍ වුන දේ"

    Post a Comment