01 August, 2016

ගෙදරගිය එංගලන්ත අගමැතිගෙන් අපේ දේශපාලඥයින්ට Online ටියුෂන්

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වනවාද නැද්ද? යන්න සම්බන්ධයෙන් පැවති ජනමත විචාරණයෙන් 'ඉවත්විය යුතුය' අදහස දැරූ පාර්ශවය ජය ලැබීය.

ඊට ප්‍ර‍තිවිරුද්ධ මතයේ සිටි එවකට අගමැති ඩේවිඩ් කැමරන්, තමන් දැරූ මතය පරාජය වීම හේතුකොටගෙන, අගමැති ධූරයේ රැඳී සිටීමට එම ප්‍ර‍තිඵලයෙන් බාධාවක් නැතත්, අගමැති පුටුවෙන් නැගිට ගෙදර ගියේය.

ගෙදර ගියා විතරක් නොවේ, ගෙදර ගිය කැමරන් සාමාන්‍ය මිනිසෙක් විදියට තම පවුලේ උදවිය සමග ජීවත්වන ආකාරය ලෝකයම කතා කරන්නේය.

තමන් ඉදිරිපත්වන මැතිවරණයෙන් පැරදුනද මහජන මතයට හිසනමා ගෙදර යන්නට අකමැති අපේ දේශපාලඥයින්ට කැමරන්ගෙන් ටියුෂන් ගැනීම වටී.

අඩුතරමින් අන්තර්ජාලය ඔස්සේ හෝ කැමරන්ගේ මේ හැසිරීමෙන් පාඩම් ඉගෙනීම වටී.




Lessons of retired prime minister David Cameron

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගෙදරගිය එංගලන්ත අගමැතිගෙන් අපේ දේශපාලඥයින්ට Online ටියුෂන්"

    Post a Comment