02 August, 2016

වසර ගණනක් සමූහ දූෂණයට ලක් වුන බාල වියේ දැරිය

 දහතුන් හැවිරිදි පාසල් දැරියක දින දෙකක් මුළුල්ලේ ස්ථාන කිහිපයක රඳවාගෙන දූෂණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දොළොස් දෙනකු රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු බව පොලිසිය පවසයි.

හමුදා සොල්දාදුවකු සහ දැරිය දූෂණය කිරීම පිණිස කාමරයක් සපයා දුන් කාන්තාවකද සැකකරුවන් පිරිස අතර සිටිති.

දැරිය දූෂණය කිරීමේ චෝදනා ලත් භික්ෂූන් වහන්සේ නමක් සොයමින් සිටින බවත් පොලිසිය පවසයි.

සැකකාර භික්‍ෂූන් වහන්සේට රටින් පිටවීම අධිකරණය විසින් තහනම් කරනු ලැබ තිබේ.

කිසියම් අපරාධයකට ආධාර සහ අනුබල දීම යනු එම අපරාධය සිදු කළා හා සමානම වරදක් බවයි, මේ වනවිට පොලිස් මූලස්ථානයට අනුබද්ධ කර සිටින දකුණු පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සම`ග අදහස් දක්වමින් කියා සිටියේ.

සිය දියණිය අතුරුදහන්ව ඇති බවට දැරියගේ දෙමාපියන් විසින් පසුගිය ජුලි 10 වැනි දින පිටබැද්දර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මාතර කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ මෙහෙයවීමෙන් දැරිය සොයා ගනු ලැබ තිඛෙන්නේ ජුලි 21 වැනිදා.

ජුලි 10 වැනි දින දහවල් යාමයේ පමණක් පුරුෂයන් නම දෙනකු අතින්වත් දූෂණය වූ බවයි, කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත කළ ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා තිඛෙන්නේ.

ඒ අකුරැස්ස සහ පිටබැද්දර ඇතුළු ස්ථාන ගණනාවකදී.

ඉන් අනතුරුව එදින රාත්‍රියේ දැරිය හිනිදුම නිවසකට රැගෙන ගොස් තවත් පුරුෂයන් ගණනාවක් විසින් ඇය සමූහ වශයෙන් දූෂණය (Gang Rape) කර තිඛෙන බවත් බීබීසී සංදේශයට අනාවරණය වේ.

පසු දින උදෑසනම දූෂකයන් තමන් මහ මග අත්හැර දමා ගිය බවත්, එහිදී සිය මව නිරන්තරයෙන් යනෙන මාතර විහාරස්ථානයක් පිළිබඳව සිහි වී එම විහාරස්තානයට ගිය බවත් දැරිය පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන්.

විහාරස්ථානයේදී ඇය සිය කුටියට කැඳවාගෙන ගිය එහි වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක්ද තමන් දූෂණය කළ බවයි දැරිය පොලිසියට පවසා තිඛෙන්නේ.

සිදුවීමෙන් අනතුරුව සැකකාර හිමි නම අතුරුදහන්ව සිටින බවත් පොලිසිය පවසයි.

විහාරස්ථානයෙන් බැහැරව යන දැරිය ගාල්ල, බූස්සේ සංචාරක හෝටල් කිහිපයකටම විකිණීමට ඇය හඳුනන පුද්ගලයකු දැරූ උත්සාහයක් ව්‍යවර්ථ වී තිඛෙන්නේ බාල වියේ දැරියන් භාර ගැනීම හෝටල් ගණනාවක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපනගේ උපදෙස් ප්‍රකාර වැටලීම් සිදුකරනු ලැබුවේ මාතර කොට්ඨාශ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත ගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින්.

මුලින්ම හත් වැනි වියේදී සිය සොහොයුරාගේ මිතුරෙකු අතින් ලිංගික අතවරයට ලක් වූ බවත්, ඉන් අනතුරුව දහ වැනි වියේදී ප්‍රදේශයේ තරුණයකු සිය නිවසට පැමිණ තමා දූෂණය කළ බවත් දැරියගේ ප්‍රකාශයේ සඳහන්.

ඉන් අනතුරුව සිය නිවස ඉදිරිපස තිඛෙන සමාගමක සේවය කරන තරුණයන් වරින් වර පැමිණ නිවසේදීත්, ඒ අසල පිහිටි වන ලැහැබකදීත් දිගින් දිගටම ඇය දූෂණය කළ බවයි, පොලිස් පරීක්ෂකවරියගේ ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා තිඛෙන්නේ.

අඩුම තරමින් තරුණයන් නම දෙනකු වසරක් මුළුල්ලේ එලෙස දිගින් දිගටම ඇය දූෂණය කර ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් කිසිවෙකුත් බාල වයස්කරුවන්ද නොවේ.

ඒ අතරතුර මව සහ පියා අතර නිවසේ හටගන්නා අ`ඩදබර දරාගත නොහැකිව ජුලි 10 වැනි දින නිවසින් බැහැරව ගිය විටයි, දෙදරු පියකු වන අසල්වැසි බස් රියදුරකු විසින් ඇය අකුරැස්සේ හෝටලයකට රැගෙන ගොස් දූෂණය කර තිඛෙන්නේ.

ඉන් අනතුරුව එම බස් රියදුරා දුරකතනයෙන් අමතා තමන් තවත් පුරුෂයන් කිහිප දෙනකුටම භාර දුන් බවත් දැරිය පොලිසියට දුන් කටඋත්තරයේ සඳහන්.

පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ජයවීර ඇතුළු කණ්ඩායමද වැටලීම්වලට සහාය වූහ.




පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක වරුණි කේෂලා බෝගහවත්ත.

Young girl being gang raped for many years 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වසර ගණනක් සමූහ දූෂණයට ලක් වුන බාල වියේ දැරිය"

    Post a Comment