30 September, 2017

පොල් මිල ඉහළ යෑමත් සමඟ බාල පොල්තෙල් වෙළෙඳපොළේ

cooking-oil

පොල් මිල ඉහළ යෑමත් සමඟ වෙළෙඳපොළේ බාල පොල්තෙල් අලෙවි වන බැවින් පාරිභෝගික අධිකාරියේ විධිවිධාන අංක 62 (අංක 1987/50 දරන ගැසට් පත්‍රය) වහාම ක්‍රියාවට නංවන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

පොල් මිල සීග්‍රයෙන් ඉහළයෑම හේතුවෙන් මේ වන විට වෙළෙඳපොළේ ෆාම් ඔයිල් කලවම් කරන ලද බාල පොල්තෙල් අලෙවි කිරීමට ව්‍යාපාරිකයන් කටයුතු කරන බවට අනාවරණය වී ඇති බව දැනුම් දෙමින් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාට ලිපියක් යොමුකොට තිබේ.

එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ සෞඛ්‍යට අහිතකර මෙන්ම පාරිභෝගිකයා රවටන මෙවැනි ක්‍රියාවලට එරෙහිව පාරිභෝගික අධිකාරි පනතේ 10 (1) (ආ) වගන්තිය යටතේ 2016/10/1 සකසන ලද 1987/50 දරන තවමත් ක්‍රියාත්මක නොකරන එකී ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක කළ යුතු බවය. (අනුරාධා හේරත්)

ටෙලි කලාවට ප්‍රමිතියක් දෙමු

TITLE

වර්තමානයේ ටෙලි නාට්‍ය කලාව ජනතාවගේ ප්‍රධානම රස වින්දන මාධ්‍යක් බවට පත් වී තිබේ. විවිධ නාළිකාවල දිනකට අති විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයක් විකාශය වන අතර නැරඹිය යුත්තේ කුමන නාට්‍යද යන්න කියා සිතා ගැනීමට නොහැකි තරමට රැල්ලක් බිහි වී ඇත.

මීට දශක කීපයකට පෙර මේ තත්ත්වය එසේ නොවේ. එකල ටෙලි නාට්‍යක් යනු ජනතාව අතිශයින්ම හද බැඳගත් නිර්මාණශීලී කටයුත්තක් විය. එවකට නිෂ්පාදනය වූ ටෙලි නාට්‍ය ප්‍රමාණයද අතිශය සීමා සහිත වූ අතර බිහිවූ ටෙලි නාට්‍යයද ගුණාත්මකභාවයෙන් ඉහළ අගයක් ගත් හ. එසේම එවකට මෙම ටෙලි නාට්‍ය සඳහා දායක වූ කලාකරුවන් ස්වකීය නිර්මාණය සඳහා මහා කැපවීමක් දැක් වූ අතර එම කලා ශිල්පීන්ගේ වාසනාවට දෝ මන්ද නිර්මාණශීලී අධ්‍යක්ෂවරුද ඔවුනට මුණගැහුණහ.

වර්තමානයේ ටෙලි නාට්‍ය කලාව පිරිහීගෙන යන කලාවක් බවට පත් වූ අතර එය වේගවත් කිරීම සඳහා හතු පිපෙන්නා සේ මෙගා නාට්‍ය රැල්ලක් බිහි වී ඇත. අද කලාකරුවන්ද යාන්ත්‍රික වී ඇති අතර ඔවුනට ගුණාත්මක හෝ ප්‍රමාණාත්මකව නිර්මාණ තේරීමට වඩා කලාව ජීවත්වීම සඳහාම පමණක් වන දෙයක් බවට පත් වී ඇත.

සිනමාවද අද ගොඩනැඟීමට නොහැකි තත්ත්වයකට ලක් වී ඇති අතර ටෙලි නාට්‍ය කලාවටද එම ඉරණම අත්වන ලකුණු පහළ වී තිබේ. අප සුවහසක් ජනතාව විදියට ඉල්ලා සිටිනුයේ කලාව යනු දෙවියන්ගෙන් ලද සුවිශේෂී වරප්‍රසාදයක් බැවින් එය විනාශ කිරීමේ පාපකර්මයට කලාකරුවන් වශයෙන් ඔබගේ දායකත්වය කර නොගන්න ලෙසය.

ඩබ්ලිව් කේ‍.මොහාන් - මහවැලි සී කලාපය (දිනමිණ)

වේදනාව හඳුනන පරිගණකය

computer-system-detects-faces

පුද්ගලයා කොතරම් වේදනාවකින් පෙළෙන්නේදැයි ඔහුගේ හෝ ඇයගේ මුහුණු නිරීක්ෂණය කර වෛද්‍යවරයාට වාර්තා කිරීමට සමත් පරිගණක ක්‍රමවේදයක් නිර්මාණය කර තිබේ. රෝගියාට කළ යුතු ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරයාට විශාල සහයක් මෙමගින් ලැබේ. එක් එක් පුද්ගලයාට අදාල මුහුණේ සියුම් ඉරියව් හඳුනාගැනීමෙන් හා ක්‍රමාංකනය කිරීමෙන් සකස් කර ඇති නව පරිගණක ක්‍රමවේදය මගින් සාමාන්‍යෙයන් මිනිස් ඇසට තිබෙන සියුම් ඉරියව් හඳුනාගැනීමේ අපහසුතා මගහැරී ඇත. එනම් ව්‍යාජ නිරිභීත භාවයක් පෙන්වා නව ක්‍රමවේදය රැවටිය නොහැකි බව වාර්තා වේ.

මෙම ප්‍රමිතිය මගින් සත්‍ය හා ව්‍යාජ වේදනාව වෙන්කර හඳුනාගත හැකි බව එක්සත් ජනපදයේ Pittsbburgh විශ්ව විද්‍යාලයේ Jeffrey Cohn පවසයි. ඇබ්බැහිවීමේ ප්‍රවනතාවයන් සහිත වේදනා නාශක සාවද්‍ය වේදනා සඳහා නිර්දේශ නොකිරීමටද මෙය උපකාරී වේ.

වේදනාවේ ප්‍රමාණය මැනීම දුෂ්කර කාර්යයක් බව නව ක්‍රමයේ නිර්මාතෘ මැෂචුසේට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) Dianbo Liu සදහන් කර තිබේ. මිනිසුන් අත්දකින සහ ඔවුන්ගෙන් ප්‍රකාශ වෙන වේදනාව විවිධාකාර වන නිසා රෝගියාගේ වේදනාව පිළිබද වෛද්‍යවරයාගේ නිරීක්ෂණය සමහරවිට රෝගියාගේ ස්වයං වාර්තාවට වඩා වෙනස් වේ.

පර්යේෂණයේදී Liu සහ ඔහුගේ කණ්ඩායම මිනිසුන් වේදනාවෙන් පිඩා විදින විට ඔවුන්ගේ මුහුණු පුලුටුවිම වැනි වෙනස් වීම් අවස්ථා වීඩියෝගත කර පර්යේෂණය සදහා විවිධාකාරයෙන් භාවිතා කර තිබේ. උරහිස් වේදනාව සහිත රෝගීන් විශාල පිරිසක් සහභාගී කර ගනිමින් ඔවුන්ට වේදනාව දැනීමට හේතුවන විවිධ ශාරීරක චලනයන් සිදුකිරිමට යොමු කර ඔවුන්ගේ මුහුණේ ඉරියව් මගින් ප්‍රකාශ වන වේදනාව පටිගත කර ඇත.

ඉන්පසුව එක් එක් ඉරියව් වලදී ඇතිවූ වේදනාව වර්ගීකරණය කිරීමේ පරිගණක ක්‍රමවේදයක් (ඇල්ගොරිදමයක්) සකසා සාමාන්‍යයෙන් තේරුම් ගැනීමට අපහසු මුහුණේ ඉරියව් අනුව එක් එක් පුද්ගලයාට වේදනාව දැනීමේ ප්‍රමාණය අනුමාන කරන ලද බව වාර්තාවේ සදහන්ය.

වේදනාව ප්‍රධාන වශයෙන් හොදින් නිරුපනය කරන මුහුණේ සුවිශේෂී කොටස් තිබේ. උදාහරණයක් ලෙස නාසය හා මුඛය අවට සිදුවන චලනයන් ස්වයං වේදනා වාර්තා ඉදිරිපත් කිරීමට සමත් ය. වයස, ලිංගිකත්වය සහ සමේ වර්ණය අනුව වේදනාව නිරුපණය වීම විවිධාකාර බව Liu ප්‍රකාශ කරයි.

මිට අමතරව නව පරිගණක ක්‍රමවේදය මගින් වේදනාවේ ප්‍රමාණය හදුනාගැනීමේ නිරවද්‍යතාවය 85% ක ප්‍රතිශතයක් වූ අතර පුහුණුව ලද මිනිසුන් විසින් වේදනාවේ ප්‍රමාණය හදුනාගැනීමේ නිරවද්‍යතාවය 55% ක ප්‍රතිශතයක් විය. පරීක්ෂණය සදහා රෝගීන්ගේ වේදනාව පටිගත කරීමේදී බොහෝ දුරට පරිපුර්ණ ආලෝකකරණ සහ ජායාරුපකරණ තත්ත්ව භාවිතා කළ බවද වාර්තා වේ.කෙසේවෙතත් නව පරිගණක ක්‍රමවේදය තවදුරටත් දියුණු කළ යුතු බවද Liu ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර. (ප්‍රභාස්වර)

29 September, 2017

දවසේ කාටූන් – 2017.09.29

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.


Cartoon Cover
Cartoon Cover



Divaina
දිවයින - Divaina


Lakbima
ලක්බිම - Lakbima


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Mawbima
මව්බිම - Mawbima


Rivira
රිවිර - Rivira


Rivira
රිවිර - Rivira


Dinamina
දිනමිණ - Dinamina


Ada
අද - Ada


Derana Web Buwa
දෙරණවෙබ්බුවා - Derana Web Buwa


Daily Mirror
ඩේලි මිරර් - Daily Mirror


The Island
දඅයිලන්ඩ් - The Island


Cylon Today
සිලෝන්ටුඩේ - Cylon Today


Virakesari
වීරකේසරී - வீரகேசரிகார்ட்டூன் - Virakesari

තෙල්වත්තේ වසල පුතෙක් ගෙල සිරකර මව මරලා

dead-body

කුරුඳු අස්වැන්න විකුණා දරුවන්ට බෙදීමේදී අඩුවෙන් මුදල් දීම පිළිබඳ උරණ වූ බාල පුතු විසින් සිය මව ගෙල සිරකර ඝාතනය කිරීමේ සිද්ධියක් ඇල්පිටිය මැටිවල තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ ඇල්පිටිය මැටිවල තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි සීලවතී අබේවික්‍රම නමැති තිදරු මවකි.

මව විසින් සුපුරුදු පරිදි සිය කුරුඳු අස්වැන්න විකුණා පෙරේදා (27දා) එම මුදල් සිය දරු තිදෙනා අතර බෙදා දුන් අවස්ථාවේ තමන්ට අඩුවෙන් මුදල් ලබා දුන් බව පවසමින් ඊට උරණව බාල පුතු විසින් මව නිවසේ බිත්තියකට හේත්තුකොට ගෙල සිරකර ඇති අතර අනතුරුව මව බළපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරුමුවට පත්ව තිබේ.

මේ ඝාතනය සම්බන්ධයෙන් මවගේ 38 හැවිරිදි බාල පුතා මීටියාගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති මීටියාගොඩ පොලිසිය සැකකාර පුත්‍රයා බළපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි. (ගාල්ල - තරිඳු භාග්‍ය විජේහේවා)

එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි – අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා

victor-hashini-rathnayake

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතය හා සංගීත දිවියද හෑල්ලුවට ලක්කිරමින් ඉරාජ් විසින් නිකුත් කරන ලද ගීත වීඩියෝ මේ වන විට බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂදර්ශණයට ලක්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහත්මයාගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් පළකර තිබෙනවා.

ඒ වික්ටර් රත්නායක මහතා මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටීම හේතුවෙන්. ඇය පවසන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම තේරුමක් නැති වැඩක් බවයි.

‘මගේ මහත්තයා ඒ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි. වීඩියෝ එක බැලුවෙත් නෑ. හිතවත් යාලුවෝ කෝල් කරලා කියනවා. එච්චරයි. කොටින්ම කොහොමත් හස්බන්ඩ් මෙයින් කිසිම විදියකින් කම්පනය වෙලා නෑ. අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා මිසක් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.’

සිකුරු වටේ 7ක් ගිහින් සූර්ය කක්ෂයට යන්න හදන යානයක්

solar-max-lite

සූර්ය ගවේෂණය සඳහා නව අභ්‍යවකාශ යානයක් යෙදවීමට අමෙරිකාවේ නාසා ආයතනය සූදානම් වනවා.

සූර්යාගේ මතුපිට පෘෂ්ඨයට වඩා එහි වායුගෝලය එනම්, රශ්මි මාලාව උෂ්ණත්වයෙන් වැඩි වීමට හේතුව අනාවරණය කර ගැනීම අපේක්ෂාවයි. 2014 දී අනුමැතිය ලද මේ ව්‍යාපෘතිය මුලින් හඳුන්වනු ලැබුවේ, "සෝලාර් ප්‍රෝබ් ප්ලස්" යනුවෙන්.

එහෙත්, සූර්යාගේ සිට පැමිණෙන වායුධාරා ඇති බවට 1958 දී නිවැරදි අනාවැකි පළ කළ, චිකාගෝ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥයෙකු වන ඉයුජින් පාකර්ට උපහාර පිණිස, එම ව්‍යාපෘතිය පසුව "සෝලාර් ප්‍රෝබ් පාකර්" ලෙස නම් කෙරුණා.

නව ව්‍යාපෘතිය සඳහා මුදල් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වැය කිරීමට නියමිතයි. සූර්යාට සැතපුම් මිලියන 4ක් ආසන්නයේ ගමන් කිරීමට නියමිත බැවින් යානාව ෆරන්හයිට් අංශක 2,500ක උෂ්ණත්වයකට හා අතිධ්වනි අංශු මඟින් ඇති වන බලපෑමට ඔරොත්තු දිය හැකි අයුරින් නිර්මාණය කෙරෙනවා.

මේ යානය සූර්යා වටා කක්ෂයට ඇතුළුවීම සඳහා සිකුරු ග්‍රහයා වටා 7 වරක් ගමන් කරනු ඇති බවයි, විද්‍යාඥයන් පවසන්නේ. එය සූර්ය කක්ෂය වටා 24 වතාවක් ගමන් කරනු ඇතැයිද, අපේක්ෂා කෙරෙනවා. නාසා ආයතනය පවසන්නේ, යානය 2024 දෙසැම්බර් වන විට සූර්ය කක්ෂයට ඇතුළු වනු ඇති බවයි. (රූපවාහිනි)

නාළිකාවක් හෝ නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නාළිකා ප්‍රධානියෙක්

kamal-deshapriya

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාළිකා ප්‍රධානී (Head of Channel) වශයෙන් දක්ෂ ක්‍රිකට් විස්තර විචාරකයෙකු හා රංගන ශිල්පියෙකු වන කමල් දේශප්‍රිය මහතා පත් කිරීමට වත්මන් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරග විකාශ කටයුතු (රූපවාහිනී හා ගුවන් විදුලි) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ම සිදු කිරීමට නියමිතය.

මෙහිදී තරග විකාශ කටයුතුවලින් වෙනත් රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා වෙත ගලා යන සුවිශාල ධනස්කන්ධය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතම රඳවාගෙන එම මුදල් ක්‍රිකට් අනාගතය සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි ‘අද’ට අනාවරණය වේ.

මේ වනතෙක් අදාළ ක්‍රිකට් තරගාවලි ආවරණය කිරීමට පහසුකම් හෝ මෙවලම් ක්‍රිකට් ආයතනයට ආනයනය කර හෝ වෙනත් පාර්ශ්ව වෙතින් ලබාගෙන නොමැති පසුබිමක මෙන්ම නාළිකාවක් හෝ නොමැතිව නාළිකා ප්‍රධානියෙකු පත් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ මුදල් නාස්තියක් සිදුව ඇතැයි පිරිසක් චෝදනා කරති.

ඉහළ වැටුපකට හිමිකම් කියන කමල් දේශප්‍රිය මහතා අදාළ තනතුරේ වැඩ භාරගෙන මාසයකට ආසන්න කලක් ගතව ඇතත් එවැනි නාළිකාවක් හෝ මෙතෙක් ආරම්භ කිරීමට අවශ්‍ය පදනම හෝ සකස් කර නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හිතැති පිරිස් පෙන්වා දෙති.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ක්‍රිකට් තරග විකාශ කටයුතු සඳහා අවශ්‍ය පදනම සකසාගෙන මෙවැනි පත්වීම් සිදු කළේ නම් එය වඩාත් ඵලදායී වනු ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර එහිදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ, කමල් දේශප්‍රිය මහතා තනතුරට අදාළව මූලික වාර්තාවක් ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා වෙත ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව මේ වනවිට නාළිකාවක් ලෙස පවතිනුයේ වෙබ් රේඩියෝව පමණක් වන අතර, එහි නීත්‍යනුකූල අයිතියද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ලබාගෙන නොමැති බව හෙළිවේ. එහි අයිතිය (Author) පවතිනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ උපදේශක (IT Consultant) නදීශාන් සුරියආරච්චිටය. මෙය අදාළ වෙබ් රේඩියෝ අන්තර්ජාල යෙදවුමට (Application) ගොස් බැලූවිට පැහැදිලිව දර්ශනය වන්නේය. මෙතෙක් එහි හිමිකාරීත්වය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපොහොසත්ව තිබේ.

මේ අතර වත්මන් ක්‍රිකට් බලධාරීන් පරිපාලනයට පැමිණි දින පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව අතිරික්ත කාර්යමණ්ඩලයක් (Over Staff) සිටින බවත් එනිසා එහි සේවකයන්ගෙන් පිරිසක් ඉවත් කර (සියලු දීමනා හා ගෙවීම් ලබාදී) අනෙක් සේවකයන් පළාත් ක්‍රිකට් සංගම් වෙත අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවයි. එය ඒ ආකාරයෙන්ම සිදුවූ අතර පිරිසකට රැකියා අහිමිවිය.

තවත් පිරිසක් පළාත් සංගම්වලට අනුයුක්ත වූහ. එවැනි වටපිටාවක් තුළශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පාලනාධිකාරිය තවත් කොන්ත්‍රාත් සේවකයන් රාශියක් ඉහළ වැටුප් ගෙවමින් සේවයට මේ වනවිට බඳවාගෙන තිබේ. මේ ඉන් තවත් එක් බඳවා ගැනීමක් පමණි. මෙවැනි පත්වීම් කිහිපයක් ක්‍රිකට් ආයතනය තුළ මේ වනවිට ක්‍රියාත්මක වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කරන රාජකාරියක් නැතැයි ක්‍රිකට් සේවකයෝ චෝදනා කරති.

එනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තරග විකාශ අයිතිය ලබාගෙන ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මුදල් ආයෝජනය කිරීමට ගත් තීරණය පැසසිය යුතු අතර, මේ ආකාරයෙන් කිසිදු විනිවිදභාවයකින් තොරව පත්වීම් සිදුකිරීම සම්බන්ධයෙන් නිසි බලධාරීන් වහා මැදිහත් විය යුතුය. ඒ මෙවැනි පත්වීම් නිසි ක්‍රමවේදවලට සිදුකළ යුතු හෙයිනි. තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනාධිකාරිය එය අවබෝධ කරගෙන නොමැති වීම කනගාටුවට කරුණකි. (පැතුම් ශ්‍රී විජේරත්න - අද)

රට ලූනුවලට බදු ගැසීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැහුවා වගේ වැඩක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

TITLE

ආනයනික ලොකු ලූනු බද්ද වැඩි කිරීම කළද මෙරට ලූනුවල මිල වැඩිවීම නැවැත්වීමට කිසිසේත්ම රජයට නොහැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ පැවැසුවේ ලොකු ලූනු වගා කළ ගොවියන් අසරණ කරමින් අතරමැදියන් විසින් එම ලූනු මිලදී ගෙන අලෙවි කිරීමෙන් සිදුවන්නේ පාරිභෝගිකයා ගසා කෑමක් බවයි.

ආනයනික ලොකු ලූනු සඳහා වන බද්ද 100%කින් වැඩිකිරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් බවත් රජය පාරිභෝගිකයා සූරාකමින් රජයට හිතවත් ව්‍යාපාරිකයන් පෝෂණය කරන බවත් පැවැසීය. (අනුරාධා හේරත් - මව්බිම)

වැඩි වේදනාවක් (පීඩාව) ලබාදෙන වෙන්වීම

sad-couple

වැඩි වේදනාවක් (පීඩාව) ලබාදෙන වෙන්වීම පිළිබදව මෑතකදී විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් කරන ලද අධ්‍යනයක තොරතුරු වාර්තා වී තිබේ. ඔබට සත්‍යවශයෙන්ම දැඩි වේදනාවක් (පීඩාව) දැණුනු වෙන්වීම් පිලිබද මතක තිබේද? එයින් ඔබ කොතරම් අපහසුතාවයකට පත්වුයේද? ආහාර ප්‍රිය නොවීම, නින්ද නොයාම මෙන්ම ඇත්තවශයෙන් ඔබ තවදුරටත් නොපවතින්නේය යන හැඟීම් සහ අවස්ථාවන්ට ඔබ මුහුණ දුන්නේද?

“Comparative Rejection (සංසන්දනාත්මක ප්‍රතික්ෂේපවිම )” ලෙස හදුන්වන වැඩි වේදනාවක් ලබාදෙන වෙන්වීම සම්බන්ධව අන් අයගේ බලපෑම පිළිබද වාර්තාවක් Personality and Social Psychology (පෞරෂය හා සමාජ මනෝවිද්‍යාව) සඟරාවේ පළවිය. මෙම වාර්තාව Cornell විශ්වවිද්‍යාලය මගින් කළ අධ්‍යනයකි. සංසන්දනාත්මක නොවන හේතු මත සිදුවන ප්‍රතික්ෂේප කිරීමකට වඩා බොහෝ සේ වැඩි වේදනාවක් සංසන්දනාත්මකව සැලකීමේ හේතු මත සිදුවන ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවන බව පර්යේෂණයෙන් පැහැදිලි වූ බව එම වාර්තාවයි. සංසන්දනය නිසා සිදුවන ප්‍රතික්ෂේප කිරීම මගින් තමා බැහැර කිරීම පිලිබදව හැඟීම වැඩිවීමත් සමග තමාගේ හිමිකාරිත්වය අඩුවන හැඟීම් ඇතිවන ආකාරයේ වෙන්වීමක් සිදුවීම මෙයට හේතුව ලෙස දක්වා තිබේ.

මෙම අධ්‍යනයේදී පුද්ගලයින් 600 කගේ සහභාගිත්වයෙන් පර්යේෂණ වර්ග 4ක් ක්‍රියාත්මක කර තිබේ. පළමු පරීක්ෂණයට විද්‍යාඥයින් සමග රහස්‍ය ලෙස එක්ව සේවය කරන කාන්තාවන් 2 ක් හා බාහිර එක පුරුෂයෙක් ඇතුලත් විය. එහිදී එක් කාන්තාවකට ප්‍රහේලිකාවක් විසදීමට බාරදෙන ලද අතර ඇයට ඉතිරි කාන්තාව හෝ පුරුෂයා යන දෙදෙනාගෙන් එක් අයෙකු සහය සදහා එක්කර ගැනීමට හෝ කිසිවෙකුගේ සහය ලබා නොගැනීමට ප්‍රසිද්ධියේ උපදෙස් දෙන ලදී. එහෙත් පුරුෂයා සහයට එක්කර නොගන්නා ලෙස රහස්‍ය පණිවිඩයක් ඒ සමගම එම කාන්තාවට පමණක් ලබාදෙන ලදී. එනිසා එම කාන්තාව පුරුෂයා ප්‍රතික්ෂේප කිරීම හෝ පුරුෂයාව කණ්ඩායමෙන් ඉවත් කිරීම, ප්‍රතික්ෂේප වීම හෝ වෙන්වීම සිදුවිය. එමගින් පුරුෂයාට ඇති වූ වේදනාව (පීඩාව) නිරීක්ෂණය කරන ලදී.

දෙවන පරීක්ෂණයට වැඩි පිරිසක් සහභාගී වූ අතර එහිදී ඔවුන් සියලුදෙනාගේම තම ජිවිත කාලයේදී වෙන්වීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිසා ලද අත්දැකීම් පිළිබද ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මෙම පරීක්ෂණ දෙකෙහිම ප්‍රතිපල නිරීක්ෂණයේදී තමා වෙනුවට වෙනත් අයෙකු තෝරා නොගෙන කළ ප්‍රතික්ෂේප කිරීම හෝ වෙන්වීමේ වේදනාවට වඩා වැඩි සියුම් වේදනාවක් තමා වෙනුවට වෙනත් අයෙකු තෝරාගන්නා ලද අවස්ථාවලදී ඇතිවී තිබෙන බව හදුනාගෙන තිබේ.

තවත් පරීක්ෂණයකදී තමා තෝරා නොගැනීමට හේතුව පිළිබද පැහැදිලි පිළිතුරක් ලබා ගැනීම සදහා ඔවුන් බොහෝ වෙහෙස වූ බව නිරීක්ෂණය විය. පිළිතුරු නොලද විට තමා තෝරා නොගැනීමට හේතුව ලෙස පරීක්ෂණයට අදාළ නොවූ රහස් පුද්ගලයකු හෝ සම්බන්ධ බවට ඔවුන් උපකල්පනය කළ බවද නිරීක්ෂණය විය.

ප්‍රතික්ෂේප කිරීම මගින් වෙන්වීම නිසා ඇතිවන වේදනාව (පීඩාව) පිළිබද පර්යේෂකයන්ගේ උපදේශය වුයේ අප කැමති හෝ අකමැති වුවද ප්‍රතික්ෂේප වීම /වෙන්වීම මගින් වැඩි වේදනාවක් ඇතිවීම මෙම පර්යේෂණවල ප්‍රතිපල මෙන් සාමාන්‍ය තත්වයක් බව අවබෝධයෙන් උපේක්ෂා සහගතව එයට මුහුණ දිය යුතු බවයි. පවුලේ කිසිවකු නොමළ නිවසකින් අබ සොයාගත නොහැකි වීමෙන් මරණය ප්‍රායෝගික තත්වයක් බව අවබෝධ කරගෙන වියෝවේ වේදනාවට යම් සහනයක් ලබා ගත් බව මෙහිදී සිහිපත් කළ යුතුය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

ඓතිහාසික තිස්‌සපබ්බතාරාමය නිධන් හොරුන්ගෙන් රැකගමු

historical-tisapabbatararamaya

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික තෝරවමයිලෑව තිස්‌සපබ්බතාරාමය වලගම්බා රජ සමයට අයත් ඉපැරැණි පුණ්‍ය භූමියකි.

අක්‌කර ගණනාවක්‌ පුරා විහිදුණු ඓතිහාසික නටබුන් බොහොමයක්‌ මෙම විහාරස්‌ථානය සතුව පවතී. ඒ තුළ සැඟවී ඇති ඉපැරැණි පුරාවෘත ගණනාවක්‌ ඇති බව පැහැදිලිව දක්‌නට ලැබේ.

තිස්‌සපබ්බතාරාම විහාරස්‌ථානයට විශාල වැව් තුනක්‌ හා අමුණු 32 කුඹුරු යායක්‌ අයිති බව එහි ඇති ඉපැරැණි සෙල්ලිපියක සඳහන් වේ.

තිසාවිය, රණවිය, දළටවිය යන වැව් හා කරිස අටක භූමි ප්‍රමාණයක්‌ විහාරස්‌ථානයට අයිති බව සෙල්ලිපියේ සඳහන් වේ. විහාරයේ ඇති ඓතිහාසික වැදගත්කම පිළිබඳව වර්තමාන විහාරාධිපති කැලේගම විමලානන්ද හිමියෝ මෙසේ පැවසූහ.

මෙම විහාර භූමිය පුරා පැරැණි සෙල්ලිපි විශාල ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙනවා. බොහෝ සෙල්ලිපි නියමාකාර සංරක්‍ෂණයක්‌ නොමැති නිසා විනාශ වෙමින් පවතිනවා.

අක්‌කර 125 ක්‌ විතර මේ තිස්‌සපබ්බතාරාම විහාරස්‌ථානයට අයිති වෙනවා. මුළු භූමිය පුරාම දකින්නට ලැබෙන්නේ ඉපැරැණි නටබුන් පුරාණ ගල් ගුහා විසිපහක්‌ තිහක්‌ විතර ප්‍රමාණයක්‌ තියෙනවා. අතීතයේ ගල් ගුහා ඇතුළත භික්‍ෂූන් වහන්සේලා එකසිය පනහක්‌ පමණ බණ භාවනා කරමින් හිටපු බවට සාධක තියෙනවා. නකායි නමැති සෙනවියකු මූලිකත්වය ගෙන මේ විහාරස්‌ථානය ඉදිකරවූ බව තමයි, පොත පතේ සඳහන් වෙන්නේ.

මනස්‌කාන්ත සුන්දර කඳු මුදුනක්‌ මත මෙම ඓතිහාසික තෝරාවමයිලෑව තිස්‌ස පබ්බතාරාම විහාරස්‌ථානය පිහිටා තිබේ. පන්සල් භූමියේ සිට පහළ බලන විට සුන්දර වට පිටාවක්‌ දක්‌නට ලැබේ. සරුසාර කෙත් වතු සහ වැව්වල දසුන දකින කවුරුත් ඒ දර්ශනයෙන් මත් වී ඒ දෙස බොහෝ වේලා බලා සිටින්නේ නිරායාසයෙනි.

තිස්‌සපබ්බතාරාම විහාරස්‌ථානයට වසර ගණනාවක්‌ සිට නිධන් හොරුන්ගේ බලපෑම නිසා වටිනා සම්පත් විනාශ වෙමින් පවතී. විහාර ගේ තුළ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කඩා බිඳ දමා කීප අවස්‌ථාවකදීම නිධන්වස්‌තු සොරා ගනු ලැබීය. විහාරස්‌ථානයට සම්බන්ධ දායක පිරිස්‌ එම කඩා බිඳ දමන බුද්ධ ප්‍රතිමා ඔවුන්ට හැකි පමණින් ප්‍රතිසංස්‌කර ණය කර විහාරස්‌ථානය රැක ගන්නට නිරන්තර වෙහෙසක්‌ දරති.

මේ වන විටද විහාරස්‌ථානයට නිධන් හොරුන්ගෙන් එල්ලවී ඇති බලපෑම අඩුවී නොමැත. ජාතියේ සම්පතක්‌ වූ මේ පුණ්‍ය භූමිය විනාශ වී යැමට නොදී මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කරදීම සඳහා පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

ඉපලෝගම - ඡේ. බී. ඒකනායක
සංස්‌කරණය නිශාන්ත අමරසිංහ (දිවයින)

28 September, 2017

දසුන් නිශාන් දිවි රඟමඩලෙන් සමුගනියි – සොයුර ඔබට නිවන් සුව....!!!

dasun-nishan-funeral

නව පරපුරේ ජනප්‍රිය රංගනශිල්පී දසුන් නිශාන්ගේ අවසන් කටයුතු අද සිදුකෙරුණා.

ඒ ඔහුගේ පවුලේ ඥාතීන් හා ඔහුට ආදරය කළ රසික රසිකාවියන් විශාල ප්‍රමාණයකගේ සහභාගීතවයෙන් යුතුවයි.

දසුන්ගේ නිසල දේහය නිට්ටඹුව පිහිටි මල් ශාලාවක තැන්පත්කර තිබූ අතර අද පස්වරුවේ නිට්ටඹුව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණා.

සසරේ උපදින අන් කිසිඳු භවයක මෙවන් අකල් මරණයකට ඔබ ගොදුරු නොවේවා. සොයුර ඔබට නිවන් සුව....!!!

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

dasun-nishan-funeral

එදා ජීවිතය පරදුවට තබා මඩකලපු දියේ ගිලුණු ජීවිත බේරූ වීර සෙබළා වසරේ නිර්භීතම පුද්ගලයා ලෙස කිරුළු පැළඳූ හැටි

naveen-danushka

පසුගිය දිනෙක මඩකලපුව ප්‍රදේශයේදී දියේ ගිලුණු ත්‍රී රෝද රථයක සිටි කුඩා දරුවෙන්, ගැබිනි කතක් ඇතුළු පිරිසක් සිය ජීවිතය පරදුවට තබමින් බේරාගත් ගුවන් හමුදාවේ සේවයේ නියුතුව සිටි නවීන් ධනුෂ්ක නම් සෙබලාට ඊයේ (27) අද දෙරණ සම්මාන රාත්‍රියේදී වසරේ නිර්භීතම පුද්ගලයාට හිමි සම්මානය හිමිවුණා.

ඔහුට හිමි සම්මාන ලබාගන්නා අවස්ථාවට පවුලේ සාමාජිකයින්ද සහභාගී වී සිටි අතර ඔහු කළ වීර ක්‍රියාව සම්බන්ධයෙන් පසුගිය දිනෙක පුවත්පත් වාර්තා කර තිබුණේ මේ අයුරින්…..

මඩකලපු කලපු දිය අසල මාර්ගයේ මිනිසුන් 150 කට ආසන්න පිරිසක්‌ රැඳී සිටින්නට වූහ. “මෙතන කිඹුල්ලු ඉන්න නිසා කිඹුලෙක්‌වත් ගොඩට ඇවිල්ලද දන්නේ නැහැ.” යනුවෙන් නවීන්ට සිතුණි. ඇයි මොකද වෙලා තියෙන්නේ ඔහු අයකුගෙන් ඇසීය. වාහනයක්‌ කලපුවට වැටිලා කියත්ම නවීන් ධනුෂ්ක යතුරුපැදියෙන් බිමට බැස්‌සේය. කලපුව අසළ අයකු අඬමින් සිටිනු අයුරු ඔහු දුටුවේය. නමුත් දියෙහි ගිලිණු රියක සලකුණු හෝ කලපු දිය මත නොවීය.

නමුත් කිසිවකුත් රියෙහි සිටි අය බේරාගැනීම සඳහා කලපුවට නොබැස ජංගම දුරකථනවලින් වීඩියෝ කරමින් සිටින්නට වූහ. වතුර පොදක්‌ පෙවුණත් හුස්‌ම ගැනීමේ අපහසුව නවීන්ට දැනුණි. රියෙහි ඉන්නා අය හුස්‌ම ගන්නට නොහැකිව දැඩි වේදනාවෙන් සිටින බව පමණක්‌ නවීන්ට මතක්‌ විණි. එය කෙතරම් වේදනාබර මරණයක්‌ දැයි සිතුණි. සැණෙකින් තම ආම්පන්න පසෙක තබා කමිසය සහ කලිසම උනා දමද්දී නේවිද යනුවන් අයෙක්‌ ඔහුගෙන් ඇසීය. නැහැ මම එයා පෝස්‌ කියමින් කලපුවේ ගල්මුල් තිබේද? කම්බි තිබේද? මීනි කන කිඹුලන්ගෙන් හානියක්‌ වේදැයි නොසිතා තම ජීවිතය දැඩි අවධානමකට ලක්‌ කරමින් සීතල කලපු දියට පාළම මත සිට පැන්නේ එම ස්‌ථානය පිළිබඳ කිසිදු වග විභාගයක්‌ නොමැතිවය.

කලපු දියට බට නලින් කිහිපවරක්‌ම පිහිනමින් දියේ ගිලී තිබුණු වාහනය සොයන්නට වූවේය. එම ස්‌ථානය අඩි 15 ක්‌ පමණ ගැඹුරැති තැනකි. නමුත් ඔහුට වාහනය සොයා ගැනීමට නොහැකිවිය. අඩි කිහිපයක්‌ දිය යටට ගොස්‌ පාදයෙන් දියෙහි ගිලුණු රිය සොයද්දී එක්‌වරම ඔහුගේ පාදයේ යමක්‌ වැදෙන්නට විය. ත්‍රිරෝද රියක වහළයේ ආවරණයක්‌ බව ඔහුට සිතුණි.

සැණෙකින් දිය මතුපිටට පැමිණි ඔහු හොඳ හුස්‌මක්‌ ගෙන නැවතත් දියේ ගිලුණි. කලපුවේ දිය කැළඹී ගොස්‌ කළු පැහැති මඩෙන් දිය ද කළුවන්ව තිබුණි. එනිසා ඔහුට කිසිවක්‌ නොපෙනුණි. ඒ සමඟම ජලයෙහි දියවී තිබුණ මඩ තට්‌ටුවකින් නලින්ගේ දෑස පිරී ගොස්‌ ඇස්‌ දෙකට දැවිල්ලක්‌ සමඟින් මහා වේදනාවක්‌ දැනුණි.

ඒ සියලු වේදනාවන් ඉවසා දරාගෙන දෑස්‌ පියාපත් තදකරගෙන තව තවත් දිය යටට පිහිනූ ඔහුට කලපු පතුළේ නැවතී ඇති රිය හසුවුණි. එහි වහළය සහ ටෙන්ට්‌ රෙද්ද නිසා දියේ ගිලී ඇත්තේ නිසැකවම ත්‍රිරෝද රියක්‌ බව ඔහුට දැනුණි. දෑතින් ත්‍රිරෝද රිය අතගාමින් එහි පසුපස කොටස ඇතුළත අතපත ගාද්දී කුඩා දරුවකුගේ යෑයි සිතිය හැකි අතක්‌ හසුවූවේය. ඒ තුන් හැවිරිදි අනිපා දැරියයි. සැණෙකින් ඒ දරුවා ඇද රියෙන් එළියට ගෙන එක්‌ අතකින් තම සිරුරට තදකර තබා අල්වා අනෙක්‌ අතින් දිය පහර කලතමින් ශක්‌තිය යොදවා කලපු දියෙන් හිස එසවූහ. නමුත් කිසිවෙක්‌ මෙම ගලවා ගැනීමේ කටයුත්තට සහායක්‌ දෙන්නට දියට බැස නැති බව නවීන්ට පෙනුණි. සියලු දෙනාම වාගේ ජංගම දුරකථනවලින් මෙය වීඩියෝ කරමින් බලා සිටින්නට වූහ.

දියෙහි මතුවූ තැන සිට ගොඩබිමට තවත් මීටර් හත අටත් ඇත. අවුරුදු තුනක්‌ වයසැති සිඟිත්තිය ද තුරුලු කොට ගොඩබිමට පිහිනූ නවීන් දියෙහි ගිලී දරුවා ගොඩ තබා නැවත කලපු දියට පැන්නේ ගිලී සිටින අන් අයත් බේරා ගන්නටය. ත්‍රිරෝද රිය ගිලී තිබෙන ස්‌ථානයට පිහිනා ගිය ඔහු හොඳ හුස්‌මක්‌ අල්ලා නැවතත් දියෙහි කිමිදුනි. පෙර මෙන් දෑස්‌ වසා අතපත ගාමින් නැවතත් පරිශ්‍රමයක්‌ දරා ත්‍රිරෝද රිය සොයාගත් නවීන් එහි පසුපස කොටස අතපත ගාද්දී තවත් කුඩා දරුවකුගේ අතක්‌ හසුවූවේය. ඒ සිව් හැවිරිදි හෂාන් ළදරුවාය. ඔහු ද අතින් රියෙන් එළියට ගෙන ජලය මතුපිටට ගෙනැවිත් තබද්දී උදව්වට එවරත් කිසිවකුත් කලපු දියට බැස්‌සේ නැත. නැවත ගොඩ බිමට පිහිනා ගොස්‌ ඒ දරුවාද ගොඩබිමට තබා නැවතත් කලපු දියට පැන්නේය.

දැන්නම් නවීන්ට හොඳටම මහන්සිය. ක`ඵවන් කලපු දියේ රහ දිවට දැනෙමින් ඇත. නවීන්ට පෙවුණු කලපු දිය ඔහු දැඩි අසීරුතාවට පත්කළේය. පෙරසේම නැවතත් දියෙන් කිමිද ත්‍රිරෝද රිය සොයා අතපත ගෑ ඔහුට එවර කාන්තාවකගේ අතක්‌ හසු විය. ඇය අවුරුදු 57 ක්‌ වූ කච්චි උම්මාය. ඇය ද අතින් ඇද රියෙන් එළියට ගත් ඔහු දිය මතුපිටට විත් ඇස්‌ ඇර බලද්දී එවරත් කිසිවෙක්‌ සහයට නැත. නවීන් ධනුෂ්කට මහා වෙහසක්‌ දැනුණි. ඔහු මහත් වෑයමක්‌ දරමින් තමක්‌ගේ සිරුරේ තිබෙන ශක්‌තිය උපරිමයෙන් යොදවා එම කාන්තාව ද එක්‌ අතකින් ගෙන අනෙක්‌ අතින් කලපු දිය සමඟ පොර බදමින් ගොඩට ගෙනෙන ලදී.

ඇය කලපු දිය මත තැබූ නවීන් අධික වෙහෙසට පත්ව පැත්තක වැතිරී ගිමන් හරින්නට විය. ඇස්‌ දෙක මඩ ගොස්‌ දැවී කැවෙන්නේය. ජලය පෙවීම නිසා මඳක්‌ හුස්‌ම ගැනීමටද අපහසුවක්‌ දැනුණි. සුළු මොහොතක්‌ තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වී තිදෙනෙත් බේරා ගැනීම නිසා දැඩිසේ මහන්සියක්‌ දැනුණි. දැඩි අපහසුවෙන් සිටි නවීන්ට එසේ ඉන්නට ලැබුණේ තප්පර කිහිපයකි. තවත් එක්‌කෙනෙක්‌ අඩුයි. තවත් එක්‌කෙනෙක්‌ ඉඳලා තියෙනවා කියලා කවුද කෑගසනවා ඔහුට ඇසිණි.

ඒ වදන ඇසෙත්ම නලින් වහා ක්‍රියාත්මක වූවේය. දැඩි වෙහෙසට පත්වූ ඔහුට මෙවර කාය ශක්‌තිය වෙනුවට ක්‍රියාත්මක වූවේ හිතේ ශක්‌තියයි. නැවතත් කලපු දිය සමඟ පොර බැද පිහිනා ගිය ඔහු පෙර මෙන් දෑස්‌ පියාගෙන කලපු දියේ ගිලෙන්නට විය. දියේ අඩි කිහිපයක්‌ කිමිදෙන විටම ගත් හුස්‌ම පොද අවසන්ව යන ආකාරය දැනෙන්නට වුවේය. ත්‍රිරෝද රිය සොයාගෙන පෙර මෙන් අතපත ගාන්නට විය. ඒත් කිසිවෙක්‌ ත්‍රිරෝද රියේ සිට හසුවූයේ නැත. ඒ සමඟම තමන්ගේ හුස්‌ම පොද ද හිරවෙන සෙයක්‌ නවීන්ට දැනිණි.

මෙහි සිටි අනෙක්‌ අයට කුමක්‌ද සිදුවූයේ සිතූ නලින් නැවතත් ත්‍ර්‍රsරෝද රියේ අනෙක්‌ පසට පිහිනා යන්නට විය. එක්‌ වරම කාන්තාවකගේ හිස හසුවිය. කිහිප වරක්‌ එළියට ඇද්ද ද ඇය එළියට නාවේය. ත්‍රිරෝද රිය තුළට අත දමා බැලූ පසු ඇයගේ පාදයක්‌ රියෙහි යකඩ බටයක හිරවී ඇති බවක්‌ දැනිණි. දැන්නම් තවත් මොහොතක්‌ හෝ දියෙහි කිමිදී ඉන්නට නොහැකිය. තමාගේ පපුව හිරවෙන සෙයක්‌ දැනුණි. එනිසා නවීන් නැවතත් දිය මතුපිටට පිහිනා විත් හුස්‌ම පොදක්‌ ගන්නට වුවේය.

එයා හිරවෙලා ඉන්නේ. මට තනියෙන් උඩට ගන්න අමාරුයි. උදව් කරන්න එන්න කියා කෑගැසුවේය. ඒත් කිසිවෙක්‌ දියට බැස්‌සේ නැත. ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් ඔහේ බලාගෙන සිටින්නට වූහ. වතුර ඇතුළට යන්න එපා. මෙතෙන්ට ඇවිල්ලා මගේ කකුල් දෙකෙන් අල්ලගෙන ඉන්න. මම උඩට ආවේ නැත්නම් මගේ කකුල් දෙකෙන් උඩට ඇදලා ගන්න යෑයි නලින් කෑගසා බලා සිටින අයට කිවේය. ඒත් කිසිවෙක්‌ දියට බැස්‌සේ නැත. වෙනදා බොරුවට කුලප්පුව ජාති ආලයට තප්පර ගණනින් පාරට බැස කැති පොලු ගන්නා දෙමළ සහ මුස්‌ලිම් නගරවාසීන් එකෙක්‌ මේ අසරණයන් බේරා ගන්නට දියට බැස්‌සේ නැත.

කලපු දිය පතුලේ මේ වනවිටත් රැඳී සිටින්නේ ගැබ්බර කාන්තාවක්‌ බව නලින් දන්නේ නැත. තවත් බලා සිටීමෙන් තේරුමක්‌ නැති බව වටහාගත් නලින් මට මොනවා වුණත් කමක්‌ නැහැ මම කොහොම හරි මෙයාව ගොඩට ගන්නවා යෑයි සිතා ගෙන නැවතත් දියේ ගිලිණී. අඩි 15 ක්‌ දියේ කිමිදී සිටීම නිසා ඔහුට දැඩි අපහසුවක්‌ දැනෙන්නට වූහ. ත්‍රිරෝද රිය තුළට හිස දමා ඉහළට යැම වැළැක්‌වීම සඳහා හිස වාහනයේ පියස්‌ස තුළ තබා හිර කර ගත්තේය. මහත් වෑයමක්‌ දරා දියෙහි ගිලුණු එම කාන්තාවගේ හිරව තිබුණු පාදය මුදවා ගන්නට විය.

තරබාරු කාන්තාවක්‌ වූ ඇයගේ පාදයෙන් අල්ලා දිය මතුපිටට එද්දී ද එකෙක්‌වත් සහයට නැත. ඇත්තේ නරඹන්නෝම පමණි. ඉතා අපහසුවෙන් ගොඩබිමට ආ කල ඇය ගැබ්බර කතක්‌ බව නවීන්ට පෙනුණි. ඇයගේ දත කට තදව තිබුණු අතර ඇස්‌ උඩගොස්‌ තිබුණි. සැණෙකින් ඇයගේ කට මිරිකූ කල මුඛය විවර වන්නට වූවාය. හිස පසෙකට ඇලකර තබා ඇයගේ පපුව ප්‍රදේශය මඳක්‌ තෙරපන විට සෙම හා ජලය පිටවන්නට වූවාය. ඇයගේ අතක්‌ ගෙන නාඩි අල්ලා බලද්දී නාඩි තවමත් වැටෙන ආකාරය නවීන්ට දැනෙන්නට වූවේය. මේ වන විට කලින් ගොඩගත් තිදෙනාම කවුරුන් හෝ රෝහලට ගෙන ගොස්‌ තිබුණි.

දරුවෙක්‌ ලැබෙන්නට සිටි මවක්‌ වන තරබාරු කතක්‌ නිසා නවීන්ට තනිවම ඔසවා ගැනීමට අපහසු විය. මෙයා තවමත් ජීවත් වෙනවා ඉක්‌මනට මෙයාව ඉස්‌පිරිතාලෙට ගෙනියන්න උදව් කරන්න නවීන් කෑගැසුව්ය. පාරේ ත්‍රිරෝද රියක්‌ තිබුණි. එක්‌ අයෙක්‌ පැමිණ දියේ ගිලුණු කතගේ පැත්තකින් ඔසවා ත්‍රිරෝද රියට නැඟ එහි පසුපස ආසනයේ තබා අනෙක්‌ පසින් බැස යන ලදී. දැන් ත්‍රිරෝද රියෙහි දැමූ කාන්තාවගේ පාද ද එළියේය. කිසිවෙක්‌ ඈ අල්ලා ගන්නට ත්‍රිරෝද රියට නැඟීමට ඉදිරිපත් වූයේ නැත. වටපිට බැලූ නවීන්ට කිසිවෙක්‌ ඒ සඳහා ඉදිරිපත් නොවන බව පෙනුණි. මොහොතක්‌ හෝ පමාවෙන් ඇයගේ ජීවිතය විනාශ වන බව දැනගත් නවීන් සැනෙකින් ත්‍රිරෝද රියට ගොඩව ඇයගේ පාද දෙක නවා රිය තූළට ගනිමින් මඩකලපුව රෝහලට යන ලදී. නමුත් මේ යන විටත් තමන් සිටින්නේ යට කලිසම පිටින් බව නවීන්ටද නොදැනුණි. මේ ජීවිතය බේරා ගැනීමේ අදිටන පමණක්‌ ඔහුගේ සිතේ තැන්පත්ව තිබුණි.

මඩකලපුව රෝහලට ගිය නවීන් සිය දෑතින්ම එම කත ඔසවා හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳ මත තබද්දී රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්‌ඩලය ඇතුළු දුටුවන් විස්‌මයට පත් වූහ. යට කලිසමක්‌ පමණක්‌ ඇඳ ගැබිනි කතක්‌ ඔසවාගෙන එන තරුණයා කවුරුන් දැයි ඔවුන් සිතන්නට වූහ. ඒ වන විටත් දියේ ගිලී ගොඩගත් පිරිසට වෛද්‍යවරු ප්‍රතිකාර කරමින් සිටින්නට වූහ. ඔසවා ගෙන පැමිණි කාන්තාව ඇඳ මත තබා විස්‌තර පැවසූ නවීන්ට තමන් දැන් මේ සිටින්නේ යට ඇඳුම පිටින් බව සිතුණි. දැන් නැවතත් ගුවන් හමුදා කඳවුරට යා යුතුය. මොකද කරන්නේ කොහොමඳ මෙහෙම යන්නේ කියා සිත සිතා ඉද්දී නවීන්ට රෝහලේ කාර්ය මණ්‌ඩලයේ අයෙක්‌ මල්ලි මේක ඇද ගන්න කියා තුවායක්‌ ගෙනත් දෙන ලදී. තුවාය ඉනේ දවටාගෙන රෝහලෙන් එළියට එද්දී ගුවන් හමුදාවේ අයෙක්‌ දියේ ගිලිච්ච අයෙක්‌ බේරාගත්තා යෑයි මඩකලපුව නගරය පුරා පැතිර යන්නට වූහ.

ඒරාවුර් පදිංචිව සිටි කේ. කබීර් සිය බිරිඳත් බිරිඳගේ නැඟණියත් සිව් හැවිරිදි පුතා තුන් හැවිරිදි දියණිය සහ නැන්දණියත් සමඟින් මඩකලපුව රෝහලට යන්නට පිටත් වූයේ ප්‍රතිකාර ලබන ඥාතියකු බැලීමටය. නමුත් මඩකලපුවට එන ගමනේදී කබීර් පැදවූ ත්‍රිරෝaද රිය පාලනය කර ගැනීමට නොහැකිව මඩකලපුව කලපුවට වැටී දියේ මු`ඵමනින්ම ගිලී යන ලදී. එම අවස්‌ථාවේ කබීර් සහ බිරිඳගේ නැඟණිය වන ඒ.සී. අනුෂියා ත්‍රිරෝද රථයෙන් ඉවතට පිහිනා විත් දිවි ගලවාගෙන තිබුණි.

අවසානයේ දියේ ගිලුණු තුන් හැවිරිදි අන්යා සහ සිව් හැවිරිදි හෂාන් සහ කච්චි අම්මා යන තිදෙනා දියේ ගිලී මරුවා වැළඳගෙන අවසන් ගමන් යන්නට ඔන්න මෙන්න කියා තිබියදී නවීන් නිසා දිවි ගලවා ගන්නට තරම් වාසනාවන්ත වුවෝය. නමුත් අවසානයේදී ගොඩට ගත් ඒ.සි. ෂරිනා වන ගැබ්බර කත දින කිහිපයක්‌ මරු හා සටන් වදිමින් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය. නමුත් ගොඩ සිට වීඩියෝ කරමින් පොටෝ ගසමින් නරුම ලෙස බලා සිටි අයකුගෙන් එකෙකු මෙම කලපුවට බැස නවීන්ට උදව් කළේ නම් මිය ගිය කතද කලින්ම දියෙන් ගොඩගෙන ඇයගේ දිවි ද බේරා ගැනීමට හැකිවනු ඇත.

naveen-danushka

දවසේ කාටූන් – 2017.09.28

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.


Cartoon Cover
Cartoon Cover



Divaina
දිවයින - Divaina


Lakbima
ලක්බිම - Lakbima


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Mawbima
මව්බිම - Mawbima


Rivira
රිවිර - Rivira


Rivira
රිවිර - Rivira


Dinamina
දිනමිණ - Dinamina


Dinamina
දිනමිණ - Dinamina


Dinamina
දිනමිණ - Dinamina


Ada
අද - Ada


Derana Web Buwa
දෙරණවෙබ්බුවා - Derana Web Buwa


Daily Mirror
ඩේලි මිරර් - Daily Mirror


The Island
දඅයිලන්ඩ් - The Island


Cylon Today
සිලෝන්ටුඩේ - Cylon Today


Tamil mirror  height=
ටැමිල්මිරර් - தமிழ்மிரர்கார்ட்டூன் - Tamil mirror