29 September, 2017

සිකුරු වටේ 7ක් ගිහින් සූර්ය කක්ෂයට යන්න හදන යානයක්

solar-max-lite

සූර්ය ගවේෂණය සඳහා නව අභ්‍යවකාශ යානයක් යෙදවීමට අමෙරිකාවේ නාසා ආයතනය සූදානම් වනවා.

සූර්යාගේ මතුපිට පෘෂ්ඨයට වඩා එහි වායුගෝලය එනම්, රශ්මි මාලාව උෂ්ණත්වයෙන් වැඩි වීමට හේතුව අනාවරණය කර ගැනීම අපේක්ෂාවයි. 2014 දී අනුමැතිය ලද මේ ව්‍යාපෘතිය මුලින් හඳුන්වනු ලැබුවේ, "සෝලාර් ප්‍රෝබ් ප්ලස්" යනුවෙන්.

එහෙත්, සූර්යාගේ සිට පැමිණෙන වායුධාරා ඇති බවට 1958 දී නිවැරදි අනාවැකි පළ කළ, චිකාගෝ විශ්වවිද්‍යාලයේ භෞතික
විද්‍යාඥයෙකු වන ඉයුජින් පාකර්ට උපහාර පිණිස, එම ව්‍යාපෘතිය පසුව "සෝලාර් ප්‍රෝබ් පාකර්" ලෙස නම් කෙරුණා.

නව ව්‍යාපෘතිය සඳහා මුදල් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වැය කිරීමට නියමිතයි. සූර්යාට සැතපුම් මිලියන 4ක් ආසන්නයේ ගමන් කිරීමට නියමිත බැවින් යානාව ෆරන්හයිට් අංශක 2,500ක උෂ්ණත්වයකට හා අතිධ්වනි අංශු මඟින් ඇති වන බලපෑමට ඔරොත්තු දිය හැකි අයුරින් නිර්මාණය කෙරෙනවා.

මේ යානය සූර්යා වටා කක්ෂයට ඇතුළුවීම සඳහා සිකුරු ග්‍රහයා වටා 7 වරක් ගමන් කරනු ඇති බවයි, විද්‍යාඥයන් පවසන්නේ. එය සූර්ය කක්ෂය වටා 24 වතාවක් ගමන් කරනු ඇතැයිද, අපේක්ෂා කෙරෙනවා. නාසා ආයතනය පවසන්නේ, යානය 2024 දෙසැම්බර් වන විට සූර්ය කක්ෂයට ඇතුළු වනු ඇති බවයි. (රූපවාහිනි)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සිකුරු වටේ 7ක් ගිහින් සූර්ය කක්ෂයට යන්න හදන යානයක්"

    Post a Comment