07 October, 2017

සමනළ තටුවල වර්ණ රටා රහස්

butterfly
සමනළ තටු (පියාපත්) වල වර්ණ සහ රටා වෙනස් කිරීමට විද්‍යාඥයින් සමත් වී ඇති බව වාර්තා වේ. “painting gene (චිත්‍රණ ජාන)” සුළු වශයෙන් වෙනස් කිරීමෙන් ඔවුන් මෙම ප්‍රතිපල ලබා ගෙන තිබේ.

සමනළයාගේ සාමාන්‍ය පියාපතක් (වම් පස) හා ජාන වෙනස් කර ඇති කළ පියාපතක් (දකුණු පස) අතර සංසන්දනාත්මක වෙනස රුපයෙන් දැක්වේ.

මෙහිදී පර්යේෂකයන්ගේ ප්‍රධාන අරමුණ වුයේ “rule of life (ජිවන රීතිය)” ලෙස හදුන්වන ජාන සහ පරිණාමනය මගින් ජෛව විවිධත්වය සිදුවන ආකාරය පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමයි.

WntA ජානයේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය සදහා පර්යේෂක කණ්ඩායම දියුණු ජාන සංස්කරණ තාක්ෂණයක් වූ CRISPR/Cas9 මගින් ස්වභාවධර්මයේ විශ්මිත නිමැවුමක් වූ සමනළ තටුවල වර්ණ සහ රටා වෙනස් කළේය. සමනළ විශේෂ 7 කගේ ජාන ඉවත්කිරීමෙන් උන්ගේ පෙනුම විප්ලවීය ලෙස වෙනස් කිරීමට පර්යේෂකයෝ සමත් වුහ. ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරවලින් පියාපත්වල වර්ණ සහ රටා වෙනස් වී ඇත.

සමනළයින්ට ඉතා වර්ණවත් ලස්සන තටු ලැබී ඇත්තේ සහකාරයින් සොයා ගැනීම සදහා ආකර්ශනීය ලිංගික වර්ණ යොදා ගැනීමට හෝ විලොපයන්ගෙන් උන් ආරක්ෂා වීම සදහා යම් ආකාරයක වර්ණ හා රටා අනුවර්තනයකට බව අපගේ පිළිගැනිම යැයි පවසන පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ ඇමෙරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ Arnaud Martin තවදුරටත් සදහන් කළේ “අභිරහස නම් සමනලයින් එසේ කරන්නේ කෙසේද ? රේඛා, තිත් හා සංකිර්ණ නිමැවුම් මෙන්ම යම් ලක්ෂණයක් දීර්ඝ පරිණාමන කාල පරාසයක් තුල පවත්වා ගන්නේ කෙසේද?”

CRISPR තාක්ෂණය මගින් එක් සමනළ විශේෂයක් තුල මෙම ජානයේ විවිධ ක්‍රියාකාරිත්වයන් ක්‍රමයෙන් විකාශනය වන බව පැහැදිලි කරන අතර පොදු ප්‍රකෘතියක් මත විවිධත්වයක් සහිත රටා පරිණාමය වීම පිලිබදව සමනළ විශේෂයන් අතර සුවිශාල සංසන්දනයක්ද නිරූපණය කරයි.

මෙම සොයාගැනීම මිනිසා ඇතුළු වෙනත් සත්ව විශේෂයන් පිළිබද අධ්‍යනයෙදී ප්‍රයෝජනවත් වනු ඇතැයි පර්යේෂකයෝ පවසති. ජාන සංස්කරණය සම්බන්ධව CRISPR තාක්ෂණය විප්ලවීය වේ. සමහර විද්‍යාඥයින් මානව කළල ජාන සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවත් මේ සියල්ලන්ගේම අවසාන ඉලක්කය ජානමය රෝග වැලැක්වීම බවත් වාර්තාවේ සදහන් කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැඳි දෙකකින් බෙදයි?

dikwella-gunathilaka

ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව (Disciplinary Committee) සිදුකළ විනය පරීක්ෂණයෙන් පසුව වරද පිළිගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 06ක තහනමක් පැනවුවද ඔහු හා එක්ව එම වරදම කර ඇති තවත් ආරම්භක පිතිකරුවෙක්ට මෙතෙක් විනය පරීක්ෂණයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුව නොමැත.

ධනුෂ්ක ගුණතිලක සිදුකළ විනය විරෝධී ක්‍රියා කිහිපයකට මෙම දඬුවම ලබාදුන්නද ඉන් එක් වරදක් මේ කියන අනෙකුත් ආරම්භක පිතිකරුවා සිදුකර ඇති අතර, අදිසි හස්තයක් ඔහුට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් මෙතෙක් එම ක්‍රීඩකයාට එරෙහිව නිසි පියවරක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ විනය කමිටුව අපොහොසත්ව තිබේ.

පිටිය තුළදී හා පිටියෙන් එපිටදී වැරදි කරන හා වැරදි පූර්වාදර්ශ සපයන ක්‍රීඩකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපත්තිය අගය කළ යුතු වුවද එම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා සියලු ක්‍රිකට් ක්‍රීඩකයන්ට එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය.

එසේ නොමැතිව එක් ක්‍රීඩකයෙකුට එක හැන්දකිනුත් තවත් ක්‍රීඩකයෙකුට තවත් හැන්දකිනුත් බෙදීම අනුමත කළ නොහැකිය. මින් සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් යහපත් චේතනාවෙන් කළ මෙවැනි ක්‍රියාදාමයන් පිළිබඳ විශ්වාසය ගිලිහීයාමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ මේ ආකාරයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නේදැයි හා අදාළ අනෙකුත් ක්‍රීඩකයාට විනය පරීක්ෂණයක් නොකරන්නේ ඇයිදැයි විමසීමට අප ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු ඇමතුවද ඔහු කෙටි පණිවිඩයක් යොමු කරමින් පැවසුවේ, 'පසුව අමතන' ලෙසයි.එහෙත් පුවත්පත මුද්‍රණයට යනවිටත් ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය. (පැතුම් ශ්‍රී විජේරත්න - අද)

06 October, 2017

දවසේ කාටූන් – 2017.10.06

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.


Cartoon Cover
Cartoon Cover



Divaina
දිවයින - Divaina


Lakbima
ලක්බිම - Lakbima


Mawbima
මව්බිම - Mawbima


Dinamina
දිනමිණ - Dinamina


Ada
අද - Ada


Derana Web Buwa
දෙරණවෙබ්බුවා - Derana Web Buwa


Daily Mirror
ඩේලිමිරර් - Daily Mirror


The Island
දඅයිලන්ඩ් - The Island


Cylon Today
සිලෝන්ටුඩේ - Cylon Today


Tamil mirror  height=
ටැමිල්මිරර් - தமிழ்மிரர்கார்ட்டூன் - Tamil mirror

පොලිස් ජෝඩුව රිය තුළ ලිංගිකව හැසිරෙද්දී හොරා පැනයයි (Photos/Video)

argentinian-police-officers-filmed-having-sex-car

රාජකාරියේ නිරතව සිටින අතරතුර පොලිස් නිලධාරියෙකු සහ නිලධාරිණියක් මෝටර් රථයක් තුල ලිංගික ක්‍රියාකරකම් සිදුකිරීම හේතවෙන් සොරෙකු පලා ගිය පුවතක් වාර්තාවනවා.

ආර්ජන්ටිනාවෙන් වාර්තා වන මෙම පුවතට අනුව අදාළ නිලධාරීන් දෙදෙනා මෝටර් රථය තුල ලිංගිකව හැසිරෙමින් සිටියදී අපරාධයකට සම්බන්ධ සොරෙකු පිලිබඳව එම රථයේ රේඩියෝවෙන් ඔවුන්ට අසන්නට ලැබෙන ද මොවුන් ඒ පිලිබඳව කිසිඳු තැකීමක් කරන්නේ නැහැ.

කෙසේ වෙතත් මෙම සිදුවීම එම මෝටර් රථයේ කැමරාවල සටහන්වී තිබෙන අතර ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයේදී එම නිලධාරිණියගේ බෑගය හඳුනාගැනීමත් සමඟින් ඇගේ අනන්‍යතාවය තහවුරුකරගැනීමට හැකිවී තිබෙනවා.

ආජන්ටිනා පොලීසිය විසින් මොවුනට් එරෙහිව විනය ක්‍රයාමාර්ග ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.



argentinian-police-officers-filmed-having-sex-car

පියුමිට කොරියාවේදී එල්ල වූ කෙසෙල් ගෙඩි ප්‍රහාරයේ ඇත්ත කතාව (Video)

piyumi-hansamali-banana
මෙරට ජනප්‍රිය ගායකයකු යැයි කියාගන්නා ඉරාජ් වීරරත්න නැමැති අසහනකාරී නිර්මාණයන් එළිදක්වන්නකුගේ පහත් නිර්මාණයකට දායක වූ පියුමි හංසමාලි නැමැති කාන්තාව කොරියාවේ ප්‍රසංගයකදී ප්‍රහාරයකට ලක්වී තබෙනවා.

මෙරට කෘතහස්ථ සංගීතවේදියකු වන වික්ටර් රත්නයකයන්ගේ පෞද්ගලික ජීවිතයට පහර ගසමින් නිර්මාණය කර තිබූ අදාළ වීඩියෝවේ මෙම කාන්තාව අභිසාරිකාවක ලෙස රංගනයෙන් දාය වන අතර එහි කෙසෙල්ගෙඩියක් අනුභව කරන අයුරු ද දැක්වෙනවා.

මෙම ක්‍රියාවට දැඩි විරෝධය දක්වමින් කොරියාවේදී ඇටය එල්ලවී තිබුණේද කෙසෙල්ගෙඩි ප්‍රහාරයකුයි.

අදාළ වීඩියෝව පහතින්.

05 October, 2017

වප් පුර පළොස්වක පොහොය දිනය අදයි

TITLE

► පුරා තුන්මසක් මුළුල්ලේ සක් දෙවි රජුන්ගේ පඬුපුල් අසුනේ වස්වසා වැඩ සිට වස් පවාරණය කොට බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පොහෝ දවසකය.

► අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ නියමයෙන් දෙවන පෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප‍්‍රමුඛ දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක රජු හමුවනු පිණිස පිටත්ව ගියේ වප් පුනු පොහෝ දවසකය.

► මිහිඳු මහ රහතන්වහන්සේගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහ රහතන්වහන්සේ ථූපාරාම විහාරයේ දී මහා සංඝයා පිරිවරාගෙන විනය පිටකය සංගායනා කළේත් වප් පොහෝ දවසකය.

► එමෙන්ම සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෙතේ බෝසතුන් සසුනෙහි පැවිදි බව ලැබීම සිදුවූයේද අදවන් වප් පොහෝ දවසකය.

► වප් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද දිවයිනේ වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා.

මෙලෙස කරුණු රැසක් හේතුවෙන් බෞද්ධයන් හට වප් පුර පසළොස්වක පොහොය දිනය ඉතා සුවිශේෂී දිනයක් වනවා.

04 October, 2017

දවසේ කාටූන් – 2017.10.04

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.


Cartoon Cover
Cartoon Cover



Divaina
දිවයින - Divaina


Lakbima
ලක්බිම - Lakbima


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Mawbima
රිවිර - Rivira


Rivira
රිවිර - Rivira


Rivira
දිනමිණ


Ada
අද - Ada


Derana Web Buwa
දෙරණවෙබ්බුවා - Derana Web Buwa


Daily Mirror
ඩේලි මිරර් - Daily Mirror


The Island
දඅයිලන්ඩ් - The Island


Cylon Today
සිලෝන්ටුඩේ - Cylon Today


Virakesari
වීරකේසරී - வீரகேசரிகார்ட்டூன் - Virakesari


Tamil mirror  height=
ටැමිල්මිරර් - தமிழ்மிரர்கார்ட்டூன் - Tamil mirror

විදේශගතව කාමාතුරයින්ගේ ගොදුරක් වී ජීවිතයේ අපාදුක් විඳපු ලතාගේ කඳුළු කතාව (Video)

TITLE

"මාස 9ක් පඩි දුන්නේ නැහැ"

"පිරිමි තුන්දෙනාගෙන් හුඟක් බලපෑම් තිබුණා"

"හුඟක් කාන්තාවන් ඒ කඳවුරේ හිටියා"

අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත ලතාගේ කතාවයි මේ.

ලතා ජීවත්වුනේ මාතර ප්‍රදේශයේ. ඇගේ පවුලේ සහෝදරියන් 4ක් හිටියා. ඔවුන් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් අතර මව නිවසේ සිටියදී පියා කුලී රැකියාවක් කරලා මොවුන් සියළු දෙනා ජීවත් කරවූවා..

නමුත් ඇගේ පියා වයසට යනවිට හරිහැටි රැකියාව කරගන්න බැරිවුණා. ඒ නිසා පවුලේ හුඟක් අඟහිගකම් සිදුවුණා..

පසුව ලතාගේ පවුලේ සහෝදරියන් සියළු දෙනා ඇඟලුම් කම්හල්වල රස්සාවලට යනවා. ඒ නිසා ලතාත් ඉගෙනීම නතරකරලා කොළඹ රැකියාවකට යනවා.

සහෝදරියන් සියළුදෙනා එකම කාමරයක උයාගෙන පිහාගෙන ජීවිතය ගත කරන ගමන් දෙමව්පියන්ගේ වියදමත් ඔවුන් බලාගත්තා.

ඔහොම ඉන්න ගමන් ලතා තරුණයෙකු සමග සම්බන්ධයක් ඇතිකරගන්නවා. ඒ සම්බන්ධය වසර 4ක් විතර තිබුණු අතර ලතාටත් හොරෙන් ඒ තරුණයා තවත් තරුණියක් විවාහ කරගන්නවා.

ඒ නිසා දුකින් කාලය ගත කරපු ඇය වසර ගණනාවක් රැකියාව කරගෙන වැඩිමහල් සහෝදරියන් විවාහ වෙනකම් සිටි අතර පසුව වෙනත් තරුණයෙකු හා විවාහ කරගන්නවා.

කාලයක් ගතවෙනකොට දරුවන් දෙදෙනෙකුද ඇගේ පුංචි පවුලට එකතුවෙනවා. මුලින් මුලින් සැමියාගෙන් වැඩි සැලකිලි ලැබුනත් පසුව ටික ටික වෙනස් වෙන්න ගන්නවා. ඔහුගේ බේබදුකම නිසා ඇය හුඟක් දුක් විඳිනවා.

ඔය අතරතුර ඇගේ සැමියා නොසිතපු විදිහේ අනතුරකට මුහුණ දෙනවා. ඒ හේතුවෙන් ඇය නොහිතපු කරදර වළට පැටලෙනවා. ඇයට දරුවන් සමග ජීවත්වෙන්න වුනේ නිවසේ හඳුන්කූරූ නිෂ්පාදනය කරලයි.

පසුව සැමියාගේ අනතුර සහ පවුලේ ප්‍රශ්ණ නිසාම ඇය විදේශ ගත වෙන්න තීරණය කරනවා.

පිරිමි 3දෙනෙකු සහ දරුවන් 3දෙනෙකු සිටින නිවසක පඩි නැතුව ඇය මාස 9ක් රැකියාව කරනවා. ඒ අතරතුර ඇයට නිවසේ සිටි පිරිමින්ගෙන් ලිංගික අතරවරයන්ද සිදුවෙනවා.

ඔවුන්ගෙන් සිදුවෙන හිරිහැරත් සමග ඇය පඩි පිළිබඳ විමසන විටදි පවා ඔවුන් ඇයට වංචා කරනවා.

පසුව ඇය ඒ රටේ කාන්තාවකගේ උදව්වෙන් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණිලි කරනවා. පසුව ඇයට ලැබිය යුතු මුදල්ද ලැබී ආපසු දිවයිනට පැමිණෙනවා.

නමුත් නිවසට එනවිටත් පවුලේ අය ලතා පිළිබඳව තොරතුරක් නැති නිසා සිතා ඇත්තේද ඇය මියගිහින් කියලයි.

ඊට මාස කිහිපයකට පසුව ඇය දෙවෙනි වතාවට සහ තුන්වන වතාවටත් විදේශගතවෙනවා. ඒ සැමියාට ඒ වන විටත් අසනීප තත්ත්වය නිසායි.

ඔහොම ඉන්න ගමන් ඇයගේ රුධිර සාම්පලයක ප්‍රශ්ණයක් නිසා ඇයව ආපසු ලංකාවට එවනවා. පසුව ඇයට දැනගන්න ලැබෙන්නේ HIV ආසාදනය වී ඇති බවයි.

විදේශගතව කාමාතුරයින්ගේ ගොදුරක් වී ජීවිතයේ අපාදුක් විඳපු ලතාගේ කඳුළු කතාව පහතින් බලන්න.



(හිරුගොසිප්)

වැල්ලවායේ බරපතල රිය අනතුරක් - 07ක් රෝහලේ (Photos)

wellawaya-accident

වැල්ලවාය තනමල්විල මාර්ගයේ වත්ත ප්‍රදේශයේ දී අද (04) අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදු වී ඇත්තේ ලොරි රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

මෙසෙ අනතුරට ලක් වී ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ගමන් ගත් ලොරි රථයක් සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන් ගත් කාර් රථයක් බව පොලිසිය කියා සිටියා.

අනතුර සිදු වන අවස්ථාවෙදී කාර් රථයේ පුද්ගලයන් හතර දෙනෙකු ගමන් ගෙන ඇති අතර ඉන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කාර් රථයේ ළමුන් දෙදෙනකුද ගමන් කර තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් පස්දෙනෙකු ගමන් ගෙන ඇති අතර එම පුද්ගලයන් පස් දෙනාම තුවාල ලබා ඇති බවද සඳහන්.

wellawaya-road-accident

(ජයන්ත වීරසේකර/යූ.එස්.පී බණ්ඩාර - නෙත්)

"මැච් එක දින්නේ මම නිසා චන්දි පුතා මා ලගට එවූ දයාසිරි ඇමතිතුමාට ස්තුතියි" කලකට පසු ලද ජයත් සාස්තර කාරියකගෙලු

TITLE

කළකට පසු පාකිස්තානය පරදා පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත්තා. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් දෛවඥවරියක් යැයි කියාගන්නා කාන්තාවක් ඊයේ (03) දින සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් මේ වන විට දැඩි කතාබහක් ආරම්භවී තිබෙනවා.

එම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ෆේබුක් ගිණුමට සටහනක් තබන මෙම කාන්තාව පවසන්නේ,

"දිනේෂ් චන්දිමාල් පුතා පකිස්තාන සංචාරයට යන්න පළමුව පැමිණ මාගෙන් ආශිර්වාද ගත් මොහොත බොහොම අසීරැ අඩියට වැටී තිබුණ අපේ කණ්ඩායම ට නායකත්වය බාරදුන් මොහොතේ පැමිණ මාගෙන් ආශිර්වාද ගෙන නික්මුණේ. අදින් පසු ලාංකේය ක්රිකට් ක්‍රීඩාවට ස්වර්ණමය යුගය මම උදාකර දෙන්නෙමි. මාගේ විශේෂ ස්තූතිය දයාසිරි ජයසේකර ඇමතිතුමාටත් ඈශ්ලි ද සිල්වා මැතිතුමාටත් පිරිනමමි. මොකද මේ දරැවො මගෙ ළඟට යොමු කිරීමට පෙළඹවූ නිසා." යනුවෙනි.

මෙම සටහනත් සමගින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් එම කාන්තාව සමග සිට ලබාගත් ඡායාරූපයක්ද ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුනා.

එම සටහනට අනුව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් මෙම කාන්තාව වෙත යොමු කර තිබුණේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු වන අතර ඒ පිළිබදව ඇය ඔවුන් දෙපළට ස්තූතිකර තිබුණා.

කෙසේ වෙතත් ඇයගේ මෙම සටහන සමාජජාලා වෙබ් අඩවි වල ක්‍රිකට් රසිකයන් අතර දැඩි හාස්‍යයට ලක් වී තිබුණා. ඇතැම් ක්‍රිකට් රසිකයන් ප්‍රශ්න කර තිබුනේ පසුගිය ඉන්දීය තරගාවලියේ '9-0ක් ලෙස අන්ත පරාජයට ලක් වූ අවස්ථාවේ අදාළ සාස්තරකාර කාන්තාව සිටියේ කොහේද?' යන්නයි.

මෙතෙක් මේ පිළිබඳව කිසිඳු නිළ ප්‍රකාශයක් නිකුත් වී නොමැති අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය තාවය මේ වන තෙක් හෙළිවී නැහැ.

එම ෆේස්බුක් වෙබ් අඩවියේ තැබු සටහන පහතින්.

gangasudarsani-zoiza-fb-post1


gangasudarsani-zoiza-dinesh-chandimal

01 October, 2017

"අපේ පවකට අප හමුවුනේ අයිති වූ පසු ඇයට නම්" – මියගිය දසුන් වෙනුවෙන් ශලනි ලියූ සංවේදී කවි ..!

shalani-fb-post

නව පරපුරේ ජනප්‍රිය නළු දසුන් නිශාන්ගේ මරණය බොහෝ සෙයින් කතාබහට ලක් වුනා. ඉන්පසුව දසුන්ගේ පෙම්වතිය යැයි කියන ශලනි තාරකා පිළිබදවද විවිධ පුවත් මැවුනා. කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග එල්ල වූ නො‍යෙකුත් අපවාද හා චෝදනා හමුවේ මුනිවත රැකි ඔහුගේ පෙම්වතිය ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා ඊයේ දින (30) සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් කතාබහට ලක්ව තිබෙනවා.

දසුන් වෙනුවෙන් ශලනි ලියු එම කවි පහතින්

ඉක්මන් වුනා වැඩිද මන්දා
කියා සිතුනා දසදහස් වාරයක්
නික්ම යන්නට සිතුවේ ඇයි නුඹ
ලොවට දැන් එය ප්‍රශ්නයක්

නුඹේ දුක නැහැ කෙනෙක් ඇසුවේ
වැරදි නෑ නුඹ රත්තරං
අපේ පවකට අප හමුවුනේ
අයිත් වූ පසු ඇයට නම්

ඇයගේ ලොව තුල නුඹ කුරැටු ගෑ
පැරණි ගී හරි රස ඇති
ඇයත් දන්නැති මාත් දන්නැති ලොවට
ඔබ අප ගෙන යන්නැති

අසීමිත ප්‍රේමයක් වපුරා
මගේ හද නුඹ ගත් හැටි
මුලාවක් වුව ඔබේ ප්‍රේමය
සදාකල් මියදෙන්නැති

හැරගියත් නුඹ යලි නොඑන ලෙස
තරහවෙනු බෑ කිසි දිනේ
මුලු ලොවම අද නගන හඩ යට
තනිව පිලිතුරැ නැහැ අනේ

සසරේ මතුදින කිසිම දේකට
ඉක්මන් නොවී ඉනු මා වගේ
දරනු බැරිවුව දරා ගනු නුඹ
මග ඇරැනු මා සිත වගේ

හීනවල හිද කියන හැගුමන්
අදත් මට මී පැණි වගේ
රැවටුවත් නුඹ එදත් මා සිත
ආදරෙයි මං පන වගේ

නාඩා ඉනු නුඹ සැනසෙන්න දැන්
එයයි නුඹ ඉක්මන් කලේ
ලොවෙ ගැරහුම් දරා ගන්නම්
ඔබේ නමින් මියැදෙන වෙලේ

පරාජිත නොව නුඹ විදපු දුක
ලොව නුඹේ විනිසුරැ නොවේ
නිදාගනු ප්‍රිය ලොවෙන් හැංගී
සැනසීම ගෙන මා එන දිනේ

-ශලනි-
2017.09.30

shalani-fb-post

ගංජා ගහලද වතුර බිල ලියන්න ආවේ? වැල්ලවායේ වැසියන්ට ලැබුණු අරුම පුදුම වතුර බිල් (Video)

wellawaya-water-bills
වැල්ලවාය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට අපූරු වතුර බිල් ලැබීමේ පුවතක් වාර්තා වෙනවා. අදහාගත නොහැකි අයුරින් වැඩි අගයක් සටහන්ව තිබීම නිසා තමන් අපහසුතාවයට පත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ. වැල්ලවාය ප්‍රදේශයේ වරුණගම,බුදුරුවාගල සහ ළිඳ ආර යන ප්‍රදේශවලටයි මෙම අරුම පුදුම වතුර බිල් ලැබී ඇත්තේ.

මේ එම සිදුවීම පිළිබඳව ෆේස්බුක් හි පලවූ වීඩියෝවක්.