05 October, 2017

වප් පුර පළොස්වක පොහොය දිනය අදයි

TITLE

► පුරා තුන්මසක් මුළුල්ලේ සක් දෙවි රජුන්ගේ පඬුපුල් අසුනේ වස්වසා වැඩ සිට වස් පවාරණය කොට බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පොහෝ දවසකය.

► අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ නියමයෙන් දෙවන පෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප‍්‍රමුඛ දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක රජු
හමුවනු පිණිස පිටත්ව ගියේ වප් පුනු පොහෝ දවසකය.

► මිහිඳු මහ රහතන්වහන්සේගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහ රහතන්වහන්සේ ථූපාරාම විහාරයේ දී මහා සංඝයා පිරිවරාගෙන විනය පිටකය සංගායනා කළේත් වප් පොහෝ දවසකය.

► එමෙන්ම සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෙතේ බෝසතුන් සසුනෙහි පැවිදි බව ලැබීම සිදුවූයේද අදවන් වප් පොහෝ දවසකය.

► වප් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් අද දිවයිනේ වෙහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා.

මෙලෙස කරුණු රැසක් හේතුවෙන් බෞද්ධයන් හට වප් පුර පසළොස්වක පොහොය දිනය ඉතා සුවිශේෂී දිනයක් වනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වප් පුර පළොස්වක පොහොය දිනය අදයි"

    Post a Comment