31 May, 2017

රූ රැජනක් වෙන්න ඕෂධි ගිය ගමන

Oshadhi - 2017-05-30_22-30-21

මේ දවස්වල ඕෂධී ගොඩක් කාර්යබහුලයි වගේ?

ඔව්. මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි. ඒත් සතුටින් ඉන්නවා.

Mrs Top of the world තරගය නියෝජනය කරන්න යන්න නේද සූදානම?

ඔව්. මේ ඉන්ටව් එක යද්දි මම ලංකාවෙන් ගිහින්. ජීවිතේ පළමුවතාවට මේ වගේ තරගයකට සහභාගි වෙන්නෙ. මම අවුරුදු කුමාරි තරගයකටවත් සහභාගි වෙලා නැහැ. ඉතින් අත්දැකීම් නම් අඩුයි. ඒත් හරිම කැමැත්තෙන් මේ තරගයට සහභාගි වෙනවා.

අවුරුදු කුමාරි තරගයකටවත් සහභාගි නොවුණ ඔබට හිටි හැටියේ ජාත්‍යන්තර රූ රැජන තරගයකට යන්න හිතුණේ ඇයි?

ඇත්තටම මට මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදියට නම් අත්දැකීමක් නැහැ. අත්දැකීම් නැති වුණාට මෝස්තර නිරූපණ ශිල්පය හා රංගන ශිල්පය කියන්නෙ එක ළඟ යන ක්ෂේත්‍ර දෙකක්. ඉතින් මටත් ඕන වුණා මේ වගේ දේකට සම්බන්ධ වෙලා බලන්න.

අත්දැකීම් නැතිව මේ වගේ තරගයකට සහභාගි වෙන එක අභියෝගයක් නේද?

ඔව්. ඇත්තටම අභියෝගයක් තමයි. ඒත් මම සාමාන්‍යයෙන් අභියෝගවලට කැමැතියි. මම අභියෝගවලට පසුබට වෙන කෙනෙක් නෙමෙයි. උපරිමයෙන් මම ඒ අවස්ථාවට මුහුණ දෙනවා. රටවල් විසිතුනක පිරිසක් එක්ක තමයි මට තරග කරන්න තියෙන්නේ.

චකිතයක් දැනෙන්නෙම නැද්ද?

ගොඩක් අමාරු වෙයි මේ අවස්ථාවට මුහුණ දෙන්න. මොකද ලෝකයේම ඉන්න රූමතියන් එක්ක තමයි මට තරග කරන්න තියෙන්නෙ. ඉතින් ලොකු තරගයක් තියෙනවා.

මේ වගේ තරග අත්දැකීමක් ලබා ගන්න කල් ගත්තේ ඇයි?

මට ආරාධනා නම් ලැබිලා තියෙනවා. නමුත් මගේ මවුපියෝ මාව ඒවට යැව්වෙත් නැහැ. ඉතින් යන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. දැන් මම විවාහකයි. ඉතින් දැන් මට ඒ වගේ දේකට සම්බන්ධ වෙන්න පුළුවන්.

මේ වගේ තරගයක් නියෝජනය කරන්න යනවට ඕෂධිගේ සැමියා කැමැති වුණාද?

එයා නිතරම මගෙත් එක්ක හැමදේකදීම ඉන්නවා. අනික මම දෙයක් කරන්න කලින් එයාගෙන් අහනවා. මම මේ ගැන එයාගෙන් ඇහුවම ගැටලුවක් වුණේ නැහැ. එයා ගොඩක් අනවශ්‍ය නීති රීති දාන කෙනෙක් නෙමෙයි.

ලංකාවට ජයග්‍රහණයක් අත්කර ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවද?

හැමකෙනාම බලන්නේ තරගයෙන් ජයග්‍රහණය කරන්න. හැබැයි කොහොම වෙයිද දන්නෑ. මම උපරිමයෙන්ම උත්සාහ කරනවා.

ජාත්‍යන්තර රූ රැජින තරගයකින් කිරුළ දිනා ගත්ත අය ලංකාවේ ඉන්නෙ බොහොම අතළොස්සයි. ඇයි එහෙම වෙන්නෙ?

ඒකට හේතුව කියලා මම හිතන්නෙ ලංකාවේ අය රූපය ගැන හිතනවා අඩුයි. බියුටි පැජන්ට්වලින්ම දිනන රටක් නෙමෙයි ලංකාව. ඉන්දියාව වගේ රටවල මේ වගේ තරගවලට ගෑනු ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම සූදානම් කරනවා. ලංකාවේ ඉතින් එහෙම දෙයක් නැහැ. අනික ඉතින් ඉන්න ලස්සන ගැහැනු ළමයි වුණත් මේ වගේ තරගවලට ඉදිරිපත් වෙනවා අඩුයි.

පසුගිය කාලේ ඔබ හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවේ දකින්න ලැබුණා. කොහොමද ඒ අත්දැකීම?

ඔව් ඇත්තට මෙගා ස්ටාර්ස් එක්ක තමයි මම කාර්යබහුල වෙලා හිටියෙ. ඒක අවසන් වෙනවත් එක්කමයි මේ තරගයට ආරාධනා ලැබුණේ. ඒ තරගයෙනුත් හොඳ අත්දැකීම් ලැබුණා. මම කලින් රියැලිටිවල හිටියට කණ්ඩායම් වැඩ ගැන හොඳම අත්දැකීමක් ලැබුණේ මෙගා ස්ටාර් වේදිකාවෙන්.

ඒ අත්දැකීම් op of the world තරගයට රුකුලක් වෙයිද?

ඔව් ඇත්තටම. දෙකේම තියෙන්නේ ive perform කරන්න. ඒ කියන්නේ live audience එකක් බලන් ඉද්දි perform කරන්න. Mrs talent කියලා වෙනම category එකක් තියෙනවා. මෙගා ස්ටාර්වලින් මතුවුණ ඒ හැකියාවන් ඇත්තටම මේ තරගයෙදිත් මට රුකුලක් වෙයි කියලා හිතනවා.

කාලෙකට පස්සේ රංග භූමිකාවෙන් ඔබව දකින්නත් ලැබෙන්න අරගෙන?

සෙනසුරාදා 7.30ට ධ්ඊව් එකේ විකාශය වෙනවා ශ්වේත ගංතිර කියලා නාට්‍යයක්. ඒක අධ්‍යක්ෂණය කළේ තුෂාරි අබේසේකර. එකේ මම කරන්නෙ වලව්වක ඉන්න ආබාධිත චරිතයක්. ඊට අමතරව මම කරපු ටෙලි නාට්‍ය හතක් විතර විකාශය වෙන්න තියෙනවා.

කොහොමද ඔබේ රංගන වෙනසට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ඒ චරිතයට හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ප්‍රේක්ෂකයන් කියනවා මගේ නොදැකපු විදියේ චරිත නිරූපණයක් මේ නාට්‍යයෙන් දකින්න ලැබුණා කියලා.

දැන් රංගන අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්ද නැත්නම් අඩුවෙන් රංගන අවස්ථා භාර ගන්නවද?

ආරාධනා නම් ලැබෙනවා. ඒත් නිසි ප්‍රමිතියකින් තොරයි නම් මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරනවා.

ප්‍රමිතිය ගැන විතරමද හිතන්නේ?

නැහැ. පිටපත, චරිතයට ලැබෙන ගෞරවය සහ චරිතයට ලැබෙන වටිනාකම ගැනත් හිතනවා. හැබැයි මුල් තැන දෙන්නෙ ප්‍රමිතියට. මුදල් පැත්තෙන් අඩු ගණනක් ලැබුණත් ඉහළ ප්‍රමිතියක් තියෙනවා නම් භාර ගන්නවා.

ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක මවකගේ, බිරියකගේ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන්ද?

කොහොම හරි හැම දෙයක්ම සමබර කරගෙන යනවා. පහුගිය දවස්වල මගේ අම්මා ගොඩක් අසනීප වුණා. පළමු වැනි දවස් දෙක මම හොස්පිට්ල් එකේ අම්මා ගාවම හිටියා. කොච්චර කාර්යබහුල වුණත් මගෙන් වෙන්න ඕන යුතුකම් මම කරනවා. දරුවට සැමියට වුනත් එහෙමම තමයි. බබා පෙර පාසල් යනවා. මම රෑට ගෙදර ගියාම එයාගෙ පොත් ඔක්කොම බලනවා. කිසි දෙයක් මිස් නොකර කරන්න තමයි මම උත්සාහ කරන්නේ.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන් (MB WEB)

පිටියේ කතා – ශූරයින්ගේ කුසලානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්නට හැකි වෙයි ද?

Nuwan-Mathews-Malinga-Upul

ශූරයින්ගේ කුසලානය පිළිබඳව කෝසල සුරේෂ්චන්ද්‍ර සහ මලින්ද වර්ණපුර දරණ මතයන් මෙවර පිටියේ කතා තුලින්.


(thepapare)

මුස්ලිම් පල්ලිය වැනසීම : BJP නායකයන්ට සාපරාධී කුමන්ත්‍රණ චෝදනා

Destroying mosque BJP
AFP-හින්දු ප්‍රහාරකයන් මුස්ලිම් ආආ විනාශ කරන ආකාරය

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ඉහළම මට්ටමේ හිටපු නායකයකු වූ L.K.අද්වානිට එරෙහිව සාපරාධී කුමන්ත්‍රණ චෝදනා යටතේ නඩු පවරනු ලැබුණි.

මෙයින් වසර විසි පහකට පෙර අයෝධ්‍යාවේ සුප්‍රකට 'බබ්රි'(Babri) මුස්ලිම් පල්ලිය විනාශ කර දමනු ලැබීම සඳහා කටයුතු කර ඇති බවට ලාල් ක්‍රිෂ්ණ අද්වානි චෝදනා ලබයි.

ආගමික වෛරය ඇවිස්සීම සම්බන්ධයෙන් අද්වානි සහ ඔහුගේ සගයන් එකොළොස් දෙනකුට එරෙහිව චෝදනා ගොණුකර ඇති අතර, භාරතීය ජනතා පක්ෂයේ ඉදිරිපෙළ නායකයන්ව සිටි මුර්ලි මනෝහර් ජෝෂි සහ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයකු වූ උමා භාරතී චුදිතයන් අතර වෙති.

1992 වසරේ හින්දු -මුස්ලිම් වාර්ගික ගැටුම් මැද හින්දු ප්‍රහාරක කල්ලියක් විසින් අයෝධ්‍යාවේ 'බබ්රි' මුස්ලිම් පල්ලිය විනාශ කර දමන ලද අතර ඔවුන් කුපිත කිරීමේ කතා පැවැත්වූ බවට එල්ල වෙන චෝදනා චුදිතයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

එම වර්ගවාදී ගැටුම් රැල්ලේ දී දෙදහසකට ආසන්න ජීවිත විනාශයක් වාර්තා විය.

'බබ්රි' මුස්ලිම් පල්ලිය පිහිටි ඓතිහාසික භූමිය 'රාම' දෙවියන්ගේ ජන්ම භූමිය වන බවත්, දහසය ශතවර්ෂයේ මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් එහි වූ 'රාම දෙවොල' විනාශ කොට ඒ මත මුස්ලිම් පල්ලිය ඉදිකර ඇති බවත් හින්දු භක්තිකයෝ කියා සිටිති.

කෙසේවුවද, 1992 වසරේ දී එම මුස්ලිම් පල්ලිය විනාශ කර දමනු ලැබීම සංවිධානාත්මක ක්‍රියාවක් වූ බව ඉන්දියානු මධ්‍යම පරීක්ෂණ බියුරෝව (CBI) පවසයි.

මෙම කාරණය විභාග කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා විශේෂ උසාවියක් පිහිටුවන මෙන් පසුගිය අප්‍රියෙල් මාසයේ නියෝග කළ අතර, පල්ලිය විනාශ කර දැමීම සම්බන්ධයෙන් ඉහත නම් සඳහන් කළ තිදෙනාට එරෙහිව නඩු පවරන ලෙස උපදෙස් දී තිබුණි.

එසේම එම නඩුව අවුරුදු දෙකක කාලයක් ඇතුළත විභාග කර අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය වෙයි.

ප්‍රධාන චුදිතයන් තිදෙනා අද අඟහරුවාදා(මැයි 30) විශේෂ අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර විත්තිකරුවන්ට කිසිදු හේතුවක් යටතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමෙන් වැළකීමට අවසරයක් නැති බව ප්‍රකාශ කළ විනිසකරුවෝ ඔවුන් ඇප මත මුදා හරින මෙන් නියෝග කළහ. (බීබීසී)

සියවස් 2 ක තාක්‍ෂණය දෙමුහුන් කළ නවතම ෆූජිෆිල්ම් කැමරාව

Fujifilm Instax Square SQ10-I

ෆූජිෆිල්ම් නව කැමරාව ඔබ ගන්නා ඡායාරූප එවෙලේම එහි ඇති එල්.සී.ඩී. තිරමුහුණේ සංස්කරණය කර, එවෙලේම කැමරාවෙන්ම මුද්‍රණය කරගත හැකි වන ලෙස නිමවා ඇත්තේ 20 වන සියවසේදීය. එහි ගත් ක්ෂණික ඡායාරූප මුද්‍රණයත්, වර්තමානයේ ඉන්ස්ටග්‍රෑම් ෆිල්ටර්වල භාවිතයෙන් ඩිජිටල් සංස්කරණයත් එකට බද්ධ කර ක්ෂණික ප්‍රතිඵල පාරිභෝගිකයාට ලබාගත හැකි ආකාරයට නිමවා තිබෙනවා.

පසුගිය බදාදා රාත්‍රියේ නිව්යෝර්ක් නුවරදී ෆූජිෆිල්ම් නම් සුප්‍රසිද්ධ ජපන් සමාගම මෙම SQ10 නමැති කැමරාව ලොවට හඳුන්වා දුන්නා. ඩොලර් 280 කට මිල නියම කර ඇති අතර කැමරාවට යොදන පටල 10 පැක් එකක් ඩොලර් 17 ක් මිල වෙනවා.

ෆූජිෆිල්ම් ක්ෂණික ඡායාරූප මුද්‍රණය කළ හැකි කැමරාවක් මුල්වරට 1998 හඳුන්වා දුන් අතර ඒවා මිලියන 25 කට වඩා අලෙවි වී තිබුණා.

21 වන සියවසේ වැඩිවියට පැමිණි පරම්පරාවේ සාමාජිකයන් ඩිජිටල් ඡායාරූපකරණය මත ඇති දැඩි වුණු බැවින් ඔවුන් දැන් මෙම පැරණි ක්ෂණික කැමරා භාවිතයට රුචියක් දක්වනවා. ඒ හේතුවෙන් ෆූජිෆිල්ම් කැමරාවල අලෙවිය වසරින් වසර වැඩි වී ඒවාට දැන් හොඳ ඉල්ලුමක් වෙළඳපොළේ ඇති වී තිබෙනවා. (MB WEB)

රයිගම් ටෙලි සම්මාන උළෙල දින නියමයක් නොමැතිව කල් යයි

Raigam Telees Awards

13 වෙනි වරටත් සංවිධාන කරනු ලබන රයිගම් ටෙලි සම්මාන උළෙල දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින අවාසනාවන්ත, ශෝකජනක තත්වය සලකා බලා සම්මාන උළෙල කල් දැමූ බව එහි ප්‍රධාන විධායක ආචාර්ය රවි ලියනගේ විසින් ප්‍රකාශ කොට තිබේ.

රයිගම් ටෙලි සම්මාන උළෙල ජුනි 3වන සෙනසුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

30 May, 2017

'බත්කූරෝ' දසුන්ව වෙනස් කරලා

Dasun madushan-2017-05-30_22-34-40

• බත්කූරෙක් අල්ලගෙන දසුන් මේ කරන අලුත් සෙල්ලම මොකක්ද?

'බත්කූරෝ' කියන්නේ මගේ අලුත්ම සිංදුව. මේ ගීතයේ මෙලඩි එක ලහිරු පෙරේරාගේ. සංගීතවත් කළේ ලහිරු පෙරේරා සහ විරේෂ් කුරේ. පද රචනය කළේ මනුරංග අයියා. මියුසික් වීඩියෝව කළේ හසිත ජයශංක. මේක අලුත් ගීතයක් වුණාට මට මේක අලුත් නෑ. මොකද මේ ගීතය එළියට ගේන්න අවුරුදු දෙකහමාරක් විතර කල් ගියා.

• 'බත්කූරෝ' එළියට ගේන්න එච්චර කල් ගත්තේ?

මට මේ සිංදුව හොඳට කරන්න ඕන වුණා. ළහිරු අයියලා කරන ගීත කනට මිහිරියි. ඉතිං මටත් ඕන වුණා මියුසික් කොලිටිය තියෙන ගීතයක් කරන්න. ළහිරු අයියලා කාර්යබහුලයිනේ. ඉතිං වැඩේට එයාලව අල්ල ගන්න කල් ගියා. කොහොමත් හොඳ වැඩක් කරන්න කල් යනවනේ. මම ළහිරු අයියට තමයි මුලින්ම කිව්වේ මට වෙනස් වැඩක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා 'බත්කූරෝ' සිංදුව කළේ.

• දසුන් ගීතයක් රසිකයන් අතරට ගේන්නෙත් කාලෙකට පස්සේ නේද?

ඔව්. අවුරුදු එකහමාරකට පස්සේ තමයි මම ගීතයක් රිලීස් කළේ.

• ගීතයක් කරන්න කල් ගන්නේ වෙනදට වඩා හොඳ වෙනසක් කරන්නම ඕනේ නිසාද?

මම ගීත කරලා තියෙනවා. ඒ ගීත හොඳ නැහැ කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපි ඉස්සරහට යන්න යන්න අලුත් වෙන එක හොඳයි. දැන් තියෙන තරගයත් එක්ක රැල්ලට ගහගෙන යන්නේ නැතුව හොඳ දෙයක් කරන්න ඕන කියන තැන මම ඉන්නවා.

• හැබැයි දසුනුත් රැල්ලට ගිය කාලයක් තිබුණා නේද?

මෙහෙමයි. මම ආවේ රියැලිටි තරගයකින්. ඉතිං මටත් ඒ ඒ කාලෙට ගීත කරන්න වුණා. නමුත් දැන් මම ඒ තත්ත්වයෙම ඉඳලා හරියන්නේ නෑ. දසුන් කියන ගායකයා මෙහෙමයි කියලා කියන්න පුළුවන් අනන්‍යතාවක් හදාගන්න තමයි දැන් මම මහන්සි වෙන්නේ. ඒ වෙනුවෙන් හොඳ වෙනසක් කරන්න ඕන.

• දැන් ඔය බලාපොරොත්තු වුණු වෙනස 'බත්කූරෝ' ගීතයෙන් කරගන්න පුළුවන් වුණාද?

ඔව්. මේ නිර්මාණයට මම ගොඩක් කැමැතියි. Audio එක වගේම Video එකත් හොඳටම කෙරුණා. මට ඕන වුණේ ස්ටේජ් එකේ දුවලා පැනලා කියන්න පුළුවන් ගීතයක් කරන්න. ඒ වගේම සමාජයට පණිවුඩයක් දෙන ගමන් ඒ වෙනස කරන්න මම උත්සාහ කළා.

• වෙනසට ලැබෙන ප්‍රතිචාර එහෙම ජයද?

ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. වෙනස් ගීතයක් කරලා කියලා ගොඩක් අය මට සුබ පතනවා. දසුන් මදුෂාන් කියන කෙනා වෙනස් වෙන්න ඕන. ටැලන්ට් එක පෙන්වන්න ඕන.

• දසුන් දැන් ප්‍රමිතිය ගැන බලලද වැඩ කරන්නේ?

ඔව්. ක්ෂේත්‍රයට ආපු කාලේ මම හැම දෙයක්ම කළා. හැබැයි ලොකු වෙද්දී ලෝකෙ කැරකෙන වෙනසට අපි කැරකෙන්න ඕන. ඒකයි හොඳ වැඩ බලාගෙන කරන්නේ.

• ලංකාවේ විවේචන එල්ලවෙන ගායකයෝ අතරට දැන් දසුනුත් එකතු වෙලාද?

මටත් විවේචන එනවා. මමත් බැනුම් අහන ගායකයෙක්. අපි යම්කිසි තැනකට එනවට ගොඩක් අය කැමැති නැහැ. වැඩිපුර හොඳත් හොඳ නැහැ. වැඩිපුර නරකත් හොඳ නැහැ. හැමදේම බැලන්ස් කරගෙන ජීවත් වෙන එක ඇඟට ගුණයි.

• කොහොමින් කොහොම හරි දසුන්ට පසුගිය කාලේ එල්ල වුණ අසත්‍ය චෝදනාවේ පබ්ලිසිටියත් අරගෙන ගීතයක් එළියට දාගත්තා නේද?

අනිවාර්යයෙන්ම, ඒ ලැබිච්ච පබ්ලිසිටියත් හොඳයි කියලා හිතුණා ගීතයක් එළියට දාන්න. ඒකෙන් නොහිතුව පබ්ලිසිටි එකක් ලැබුණා. ඕන කෙනෙක්ට ඕන දෙයක් අපි ගැන කියන්න පුළුවන්. නමුත් බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ දන්නවා අපි කවුද කියලා.

• ඒ කියන්නේ ඒ ප්‍රචාරයෙන් දසුන්ට අහිතක් වුණේ නෑ කියන එකද?

මෙහෙමයි. ඒ ප්‍රචාරයෙන් මාව ළිඳකට වැටුණා. හැබැයි ළිඳකට වැටිලා ඒ ළිඳේම ඉඳලා තේරුමක් නෑ. ඒකෙන් ගොඩ එන්න තමයි මේ හදන්නේ. මාව ඔය ප්‍රචාරවලින් ලේසියෙන් වට්ටන්න බෑ. මට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මම වෑයම් කරන්නේ රජවෙන්න නෙවෙයි. හොඳ වැඩක් කරන්න.

• දසුන්ට මුල් කාලේ වගේම අලුත් වැඩ, රසිකයන් අතරට ගෙනියන්න මාධ්‍ය සහයෝගය ලැබෙනවද?

මට හොඳ නිර්මාණයක් කියලා චැනල්වලට අරගෙන යන්න දෙයක් තිබ්බේ නැහැ. නමුත් මගේ අලුත් ගීතය හොඳ වැඩක්. තාම නම් චැනල්වලට ගීතය අරගෙන ගියේ නැහැ. මම හිතනවා මගේ මේ හොඳ වෑයමට මාධ්‍ය සහයෝගය ලැබෙයි කියලා.

• අත ගහපු වෙනස ඉදිරියටත් කරයිද?

අනිවාර්යයෙන්ම. මගේ ඊළඟ ගීතයේ මීටත් වඩා ලොකු වෙනසක් තියෙයි. තව ටික දවසක් යයි ගීතය රසිකයන් අතරට එන්න. එතකල් 'බත්කූරෝ' ගීතයේ වෙනස විඳින්න කියලා මගේ රසිකයන්ගෙන් ඉල්ලනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)
ඡායාරූපය - අශාන් ගමගේ

ඡායාරූප පෙළක් නිසා ජනප්‍රිය කෙනෙක් අමාරුවේ වැටෙයි

Shaista Wahidi

නළු නිලියෝ – ක්‍රීඩකයෝ වගේ ජනප්‍රිය අයගේ පුද්ගලික වීඩියෝ ගොඩක් මේ දවස්වල සංසරණය වෙනවා.

ලංකාවේ විතරක් නෙමෙයි, මේ වෙද්දී ජාත්‍යන්තරෙත් එහෙම ඒවා වෙන්න පටන් අරන්.

අනුන්ගේ පුද්ගලිකත්වය ගැන කිසිම හැඟීමක් නැතුව මේ වගේ වීඩියෝ සහ ඡායාරූප බෙදාගන්නවා.

මේ විදිහට පාකිස්තානු නිවෙදිකාවකගේ ඡායාරූපවගයක් එලියට ඇවිත්.

ශායිස්තා වහිඩි තමයි මේ නිවේදිකාව. (Shaista Wahidi)

මේ නිවේදිකාව ඇගේ පෙර විවාහයේ සැමියා එක්ක ගත්තු පුද්ගලික ඡායාරූප තමයි මේ විදිහට එලියට ආවේ.

මේ ඡායාරූප තමන්ගේ විවාහයේ ඡායාරූප කියල මේ නිවේදිකාව පිලි අරන්.

ඒ වගේම මේ නිවෙදිකාවගේ සහයට පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් ඇය එක්ක ඉන්න ඡායාරූපයකුත් පළ කරලා.

මේ ගැන මේ වෙද්දී ලොකු කතාබහක් ඇතිවෙලා.

මේ නිවේදිකාව තමන්ගේ වැඩසටහනත් ඇවිත් නැහැ.

Shaista Wahidi-2017-05-30-22-03-20

දුම්වැටියේ හානිය නූපන් දරුවාගේ අක්මාවටත්

Cigarette - Pregnent Mother Smoke

දුම්පානය හේතුවෙන් නූපන් දරුවාගේ අක්මාවට හානි සිදුවන බව නවතම පියවි සෛල (stem cell) පර්යේෂණයකින් තහවුරු වෙයි.

රසායන ද්‍රව්‍ය බොහොමයක මිශ්‍රණයක් දුම්වැටියක පවතින අතර ඒවා මව්කුස සිටින දරුවාගේ අක්මාවේ වර්ධනයට හානි පමුණුවන බව විද්‍යාඥයින් සොයා ගෙන තිබේ.

මව්වරුන් දුම්බීමේ දී කුස තුළ සිටින දරුවාට ඉන් ඇතිවන බලපෑම සොයා බැලීම සඳහා විද්‍යාඥයෝ කලල පියවි සෛල (embryonic stem cells) යොදා ගත්හ.

මෙම පර්යේෂණය මෙහෙයවනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ එඩින්බරා විශ්ව විද්‍යාලය විසිනි.

මෙහිදී හෙළිදරව් වී ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ දුම්වැටියක ඇති රසායනික මිශ්‍රණයේ බලපෑම කලලයේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වන බවය.

රසායන ද්‍රව්‍ය 7000ක්

එමෙන්ම දුම්වැටියක ඇති රසායන ද්‍රව්‍ය වෙන වෙනම ගත්කළ ඉන් ඇතිවන හානියට වඩා වැඩි හානියක් එම රසායන ද්‍රව්‍ය එකට මිශ්‍රවූ දුම ශරීරගත වීමෙන් කලලයට සිදුවන බව විද්‍යාඥයෝ පවසති.

සිගරැට්ටුවකින් පිටවන දුම මව්කුස තුළ ඇති කලලයට හානිකර බව මීට පෙර සිට දැන සිටි නමුත් එහි හානිය සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට මෙම අධ්‍යයනයෙන් අවස්ථාව ලැබී තිබේ.

දුම්වැටියක රසායන ද්‍රව්‍ය හත් දහසක් පමණ අඩංගුවන බව විද්‍යාඥයෝ පවසති.

එම රසායන ද්‍රව්‍ය සම්මිශ්‍රණය වීමෙන් කලලයට ඇතිවන හානිය දරුවාට දීර්ඝ කාලීනව බලපානු ඇති බව මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙයි. (බීබීසී )

දවසේ කාටූන් – 2017.05.30

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.






















ළඟදීම තවත් ඇමති මාරුවක්! වෙනසට ලක්වන අමාත්‍යංශ මෙන්න

ranil-maithri-04

ඉකුත් මැයි 22දින කළ ඇමති මණ්ඩල සංශෝධනයට සමගාමීව ළඟදීම තවත් නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති සංශෝධනයන් කිහිපයක්ම සිදු විය හැකි බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

මුදල් නියෝජ්‍ය අමත්‍යධූරය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යධූරය, විදේශ කටයුතු නියෝජ්‍ය අමත්‍යධූරය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමත්‍යධූරය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරය මෙහිදී බොහෝදුරට වෙනස් විය හැකි බවයි එම ආරංචිමාර්ග පවසන්නේ.

පසුගිය දිනවල දෑතින් මිනී ඇද්ද ඇමති දැන් විපතට පත් ජනතාවට කරපිටින් බඩු අදින හැටි (Photos)

Palitha Thewarapperuma-Providing relief-01

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට බඩු බාහිරාදිය බෝට්ටු වලින් ගෙන ගොස් ජනතාව වෙත තම කර මතින්ම නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් රැගෙන යන අයුරුයි මේ.

ඔහු දැන් විපතට පත්වූවන්ට සහනාධාර ගෙන යන අයුරු දක්නට ලැබුණද මීට දින කිහිපයකට පෙර ඔහු දක්නට ලැබුණේ මිය ගිය මිනිසුන්ගේ සිරුරු දෑතින් ඔසවාගෙන යන අයුරුය.

Palitha Thewarapperuma-Providing relief-2017-05-30-16-43-22

(neth)

අනතුරකින් තමා මියගියොත් දුක් නොවන්නැයි තම ෆේස්බුක් සටහනක් තබා මිය ගිය ගුවන් හමුදා සාමාජිකයා (Photos)

YMS Yaparathne-02

ගාල්ල නෙළුව ප්‍රදේශයේ ගංවතුරට කොටුව සිටි පිරිසක් බේරාගැනීමට ගිය ගුවන් හමුදා කණ්ඩායමේ සාමාජිකයකු වූ බළලත් නිලධාරී වයි.එම්.එස් යාපාරත්නගේ අවසන් කටයුතු අද දින සිදු කෙරෙනවා.

දේහය තැන්පත්කොට ඇති නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ සොහොයුරකු පැවසූවේ අනතුර සිදුවූ දා ඔහු විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගීවීමට බලාපොරොත්තුවෙන් සිටි බවය. “මල්ලි මට කියල තිබුණ වෙඩින් එකකට යන්න කාර් එක ඕන කියල. ඒත් මේ ගං වතුර තත්ත්වය නිසා ඔහු මට කතා කරල කිව්ව කොටු වෙච්ච අය බේරා ගන්න යන්න තියෙන නිසා ඒ ගමන යන්න වෙන්නෙ නැහැ කියල.“

අනතුරින් මියගිය යාපාරත්න ගුවන් හමුදාවේ ගිණි නිවාරණ අංශයේ සාමාජිකයකුද වනවා. ඔහු තම ෆේස් බුක් ගිණුමෙහි තමා අනපේක්ෂිත ලෙස ගිණි අනතුරකින් මියයාහැකි බව සහ ඉන් දුක්නොවනා ලෙස“ හැඟවෙන ආකාරයේ ඡායාරූපයක්ද පසුගිය කාලයේ ඇතුළත්කර තිබූ බවද යාපාරත්නගේ සොහොයුරා අප සමග එහිදී පැවසුවා.

YMS Yaparathne--2017-05-30-16-11-40

YMS Yaparathne--2017-05-29-09-54-06