30 May, 2017

අනතුරකින් තමා මියගියොත් දුක් නොවන්නැයි තම ෆේස්බුක් සටහනක් තබා මිය ගිය ගුවන් හමුදා සාමාජිකයා (Photos)

YMS Yaparathne-02

ගාල්ල නෙළුව ප්‍රදේශයේ ගංවතුරට කොටුව සිටි පිරිසක් බේරාගැනීමට ගිය ගුවන් හමුදා කණ්ඩායමේ සාමාජිකයකු වූ බළලත් නිලධාරී වයි.එම්.එස් යාපාරත්නගේ අවසන් කටයුතු අද දින සිදු කෙරෙනවා.

දේහය තැන්පත්කොට ඇති නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ සොහොයුරකු පැවසූවේ අනතුර සිදුවූ දා ඔහු විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගීවීමට බලාපොරොත්තුවෙන් සිටි බවය. “මල්ලි මට කියල තිබුණ වෙඩින් එකකට යන්න කාර් එක ඕන කියල. ඒත් මේ ගං වතුර තත්ත්වය නිසා ඔහු මට කතා කරල කිව්ව කොටු වෙච්ච අය බේරා ගන්න යන්න තියෙන නිසා ඒ ගමන යන්න වෙන්නෙ නැහැ කියල.“

අනතුරින් මියගිය යාපාරත්න ගුවන් හමුදාවේ ගිණි නිවාරණ අංශයේ සාමාජිකයකුද වනවා. ඔහු තම ෆේස් බුක් ගිණුමෙහි තමා අනපේක්ෂිත ලෙස ගිණි අනතුරකින් මියයාහැකි බව සහ ඉන් දුක්නොවනා ලෙස“ හැඟවෙන ආකාරයේ ඡායාරූපයක්ද පසුගිය කාලයේ ඇතුළත්කර තිබූ බවද යාපාරත්නගේ සොහොයුරා අප සමග එහිදී පැවසුවා.

YMS Yaparathne--2017-05-30-16-11-40

YMS Yaparathne--2017-05-29-09-54-06

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අනතුරකින් තමා මියගියොත් දුක් නොවන්නැයි තම ෆේස්බුක් සටහනක් තබා මිය ගිය ගුවන් හමුදා සාමාජිකයා (Photos)"

    Post a Comment