31 May, 2017

රයිගම් ටෙලි සම්මාන උළෙල දින නියමයක් නොමැතිව කල් යයි

Raigam Telees Awards

13 වෙනි වරටත් සංවිධාන කරනු ලබන රයිගම් ටෙලි සම්මාන උළෙල දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින අවාසනාවන්ත, ශෝකජනක තත්වය සලකා බලා සම්මාන උළෙල කල් දැමූ බව එහි ප්‍රධාන විධායක ආචාර්ය රවි ලියනගේ විසින් ප්‍රකාශ කොට තිබේ.

රයිගම් ටෙලි සම්මාන උළෙල ජුනි 3වන සෙනසුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රයිගම් ටෙලි සම්මාන උළෙල දින නියමයක් නොමැතිව කල් යයි"

    Post a Comment