31 May, 2017

සියවස් 2 ක තාක්‍ෂණය දෙමුහුන් කළ නවතම ෆූජිෆිල්ම් කැමරාව

Fujifilm Instax Square SQ10-I

ෆූජිෆිල්ම් නව කැමරාව ඔබ ගන්නා ඡායාරූප එවෙලේම එහි ඇති එල්.සී.ඩී. තිරමුහුණේ සංස්කරණය කර, එවෙලේම කැමරාවෙන්ම මුද්‍රණය කරගත හැකි වන ලෙස නිමවා ඇත්තේ 20 වන සියවසේදීය. එහි ගත් ක්ෂණික ඡායාරූප මුද්‍රණයත්, වර්තමානයේ ඉන්ස්ටග්‍රෑම් ෆිල්ටර්වල භාවිතයෙන් ඩිජිටල් සංස්කරණයත් එකට බද්ධ කර ක්ෂණික ප්‍රතිඵල පාරිභෝගිකයාට ලබාගත හැකි ආකාරයට නිමවා තිබෙනවා.

පසුගිය බදාදා රාත්‍රියේ නිව්යෝර්ක් නුවරදී ෆූජිෆිල්ම් නම් සුප්‍රසිද්ධ ජපන් සමාගම මෙම SQ10 නමැති කැමරාව ලොවට හඳුන්වා දුන්නා. ඩොලර් 280 කට මිල නියම කර ඇති අතර කැමරාවට යොදන පටල 10 පැක් එකක් ඩොලර් 17 ක් මිල වෙනවා.

ෆූජිෆිල්ම් ක්ෂණික ඡායාරූප මුද්‍රණය කළ හැකි කැමරාවක් මුල්වරට 1998 හඳුන්වා දුන් අතර ඒවා මිලියන 25 කට වඩා අලෙවි වී තිබුණා.

21 වන සියවසේ වැඩිවියට පැමිණි පරම්පරාවේ සාමාජිකයන් ඩිජිටල් ඡායාරූපකරණය මත ඇති දැඩි වුණු බැවින් ඔවුන් දැන් මෙම පැරණි ක්ෂණික කැමරා භාවිතයට රුචියක් දක්වනවා. ඒ හේතුවෙන් ෆූජිෆිල්ම් කැමරාවල අලෙවිය වසරින් වසර වැඩි වී ඒවාට දැන් හොඳ ඉල්ලුමක් වෙළඳපොළේ ඇති වී තිබෙනවා. (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සියවස් 2 ක තාක්‍ෂණය දෙමුහුන් කළ නවතම ෆූජිෆිල්ම් කැමරාව "

    Post a Comment