29 April, 2017

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනියක් ජිවිතක්ෂයට

vikram chatterjee - sonika chauhan

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ මෝස්‌තර නිරුපිකාවක් වන සෝනිකා සිං ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද උදෑසන කොල්කටා නුවරදී සිදුවූ මෝටර් රථ අනතුකින් ඇය ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඉන්දීය රංගන ශිල්පියෙක් වන වික්‍රම් චාටර්ජී ද මෝටර් රථයේ සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සිදුවූ ස්ථානයේදීම සෝනිකා මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ වික්‍රම් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අධික වේගය නිසා මෙම අනතුර සිදුව ඇති අතර සෝනිකා සිං මිය යනවිට 28 වන වියේ පසුවූ බව සදහන්.

ඇයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. (mirrorarts)

පස්ස එළියේ දාන් ඉන්න Instagram රැල්ල Cheeky Exploits (18+ Photos)

කාලෙන් කාලෙට සමාජ ජාල හරහා එක එක ‍රැළි මතුවෙනවා. මේවා අතර හරි අපූරු ඒවත් දකින්න තියනවා.

Instagram හරහා මේ දවස්වල හුවමාරුවෙන අපූරු ඡායාරූප පෙළක් නිස දැන් නව ‍රැල්ලක් ඇතිවෙලා. ඒ තම පසුපස ප්‍රදේශයේ නිරුවත් ඡායාරූප ඉතා සුන්දර ස්ථානයක සිට කැමරාගත කර Instagram වෙත මුදාහැරීමයි.

ලොව වටා සිටින තම සාමාජිකයින්ගෙන් මෙසේ ලබා ගත් ඡායාරූප Cheeky Exploits නම් තම ගිණුමෙහි පළ කිරීමෙන් අනතුරුව තමයි මේ ‍රැල්ල බිහිවුණේ.

එම ඡායාරුප කිහිපයක් පහතින්.








කවින්ද්‍යා සිනමාවට

Kavindya Adikarai-2017.04.30

  • ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙකුගේ ඉල්ලීම අහක දාන්න බැහැ 
  • දිගටම සිනමාවේ ඉන්න එකක්‌ නැහැ

අතුල - සමිතාගේ දුව කවින්ද්‍යා අධිකාරී අපි දන්න විදිහට ගායනයෙන් තමයි ඉදිරියට එන්නේ. ඇය දැනටමත් ගීත කිහිපයක්‌ නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපි මේ දැන් කියන්න යන්නේ කවින්ද්‍යාගේ අලුත්ම ගීතය ගැන නෙමෙයි. ඇගේ සිනමා ආගමනය පිළිබඳවයි.

කවින්ද්‍යා සිනමාවට එනවා කියලා තමයි ආරංචිය ?

ඔව්. ඒ ආරංචිය ඇත්ත.

මොකද ඒ ගැන හිතෙන්නේ ?

ඒ ගැන නම් ලොකු සතුටක්‌ තියෙන්නේ.

ඔබ මීට කලින් සිනමාවට එන්නේ නැහැ කියලා නේද කිව්වේ ?

ඔව්. එහෙම කිව්වා තමයි.

එහෙනම් ඇයි දැන් සිනමාවට එන්න අදහස්‌ කළේ ?

ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබුණ හින්දා තමයි ඒ අදහසට අන්තිමේ කැමැතිවුණේ.

කවින්ද්‍යාට ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබෙන්නේ. මේක ගොඩක්‌ දෙනෙක්‌ට ලැබෙන්නේ නැති අවස්‌ථාවක්‌?

අනිවාර්යයෙන්ම කියන්න ඕනෑ ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්‌. මොකද ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන හදවතින්ම සතුටුවෙනවා. මොකද මම මේ ක්‍ෂේත්‍රයේ හිටපු නැති කෙනෙක්‌. හැබැයි අම්මා සිනමාවට සම්බන්ධවෙලා හිටියා. ඒ වගේම මගේ ප්‍රේක්‍ෂකයන් වගේම අම්මාගේ ප්‍රේක්‍ෂකයන් සිනමාවෙනුත් මාව වැළඳගනීවි කියලා විශ්වාසයක්‌ මට තියෙනවා.

ජයන්ත චන්ද්‍රසිරි මේ ආරාධනාව කරපු ගමන් ඔබ එක පයින් කැමැතිවුණාද?

මුලින්ම අම්මාට තමයි මේ ගැන කිව්වේ.

අම්මා මොකද කිව්වේ ?

අම්මා තමයි එකවරම කැමැති වුණේ. මොකද එවැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ මගේ පළමු සිනමා රංගනය සිදුකරන්න ලැබීම ගැන අම්මා ඇත්තටම සතුටුවුණා. අම්මා කැමැතිවුණ නිසා තමයි මමත් කැමැතිවුණා.

ඔබ මෙහි ප්‍රධාන භූමිකාව තමයි සිදුකරන්නේ ?

පොඩි බයක්‌ තියෙනවා. නැතිව නෙමෙයි. මොකද එක්‌වරම මේ වගේ විශිෂ්ට අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයක ප්‍රධාන චරිතය ලැබෙනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයි. නමුත් එවැනි අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ ඉතා සැහැල්ලුවෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වේවි කියලා මගේ ලොකු විශ්වාසයක්‌ තියෙනවා.

අධ්‍යක්‍ෂවරයාට සාධාරණයක්‌ ඉටුකරන්න පුළුවන්වේවි කියලා හිතනවාද?

මට පුළුවන්වේවි කියලා හිතනවා.

කවින්ද්‍යාත් ඉදිරියේදී වෘත්තීය නිළියක්‌ වේවිද?

එහෙම අදහසක්‌ නැහැ. මම මුලිනුත් කිව්වානේ රගපෑමට එන්නේ නැහැ කියලා. මේ වගේ ආරාධනාවක්‌ ඉවත දාන්න බැහැ. මොකද මට ලොකු ගෞරවයක්‌ ඒ වගේ අධ්‍යක්‍ෂවරයෙක්‌ සමග වැඩකරන්න ලැබීම. ඒ වුණාට සිනමා ක්‍ෂේත්‍රයට ඒවි කියලා කියන්න අමාරුයි. හැබැයි ගායනයෙන් ඉදිරියට යාවි.

ළඟදීම අලුත් ගීතයක්‌ කරන්න සූදානමින් ඉන්නවා කියන්නේ ඇත්තද?

ඔව්. ඒකත් ළඟදීම මියුසික්‌ වීඩියෝවක්‌ සමග දැකගන්න ලැබේවි.

ගායිකාවක්‌ විදිහට ක්‍ෂේත්‍රයේ

රැඳෙන්න අවස්‌ථාව තිබිලත් නිළියක්‌ වෙන්න අවස්‌ථාව උදාවුණා. මොකද ඒ ගැන හිතන්නේ ?

මම හිතන්නේ අම්මත් පුංචි කාලේම තමයි මේ ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වුණේ. ඉතිං අම්මිත් ගීත ගායනා කරමින් පාසල් යමින් තමයි ක්‍ෂේත්‍රයට පිවිසුණේ. ඉතිං මට හිතෙනවා අම්මාගේ තාත්තාගේ රඟපෑමේ හැකියාවන් මට පොඩ්ඩක්‌ හරි ඇති කියලා.

පසුගිය කාලයේ කිව්වා අම්මත් එක්‌ක ගීතයක්‌ කරනවා කියලා. ඒ අදහසට මොකද වුණේ ?

දැන් මම ඒ ගැන කතා කරලා කතා කරලා දිග්ගැස්‌සෙනවා. ඒ හින්දා ඒ ගැන කතා නොකරම ගීතය කරලා එළිදක්‌වන්න තමයි හිතාගෙන ඉන්නේ.

නිවේදන කටයුතුවලින් ඈත්වෙනවාද?

අපොයි නැහැ. මුලින්ම මම නිවේදිකාවක්‌ විදිහට සිරස ටීවී නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වුණා. දෙවැනියට මට ආරාධනාව ලැබුණේ ස්‌වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ. නිවේදනයෙන් තව ඉදිරියට යන්න තමයි මගේ කල්පනවා.

දැන් අධ්‍යාපන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඈත්වෙලාද?

අධ්‍යාපන කටයුතු අවසන් කරලා සංගීත උපාධිය හදාරමින් ඉන්නේ. ඒ වැඩකටයුතු තමයි මේ දිනවල සිදුකරන්නේ.

සංගීතය ක්‍ෂේත්‍රයට සම්බන්ධවීම හොඳද? නරකද?

නරකක්‌ කියලා හිතෙන්නේ නැහැ. මොකද අම්මයි තාත්තායි වෘත්තීය ගායන ශිල්පීන්. එහෙම හිතෙන්නේ නැහැ.

අම්මා වගේ ලොකු ගමනක්‌ දුවට යන්න හැකිවේවිද?

දැනටමත් අම්මාගේ සහ තාත්තාගේ රසික රසිකාවියන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අම්මාගේ තරමට යන්න බැරිවුණත් ඒ ළඟට යන්න තමයි මගේ උත්සාහය.

අම්මාත් එක්‌ක එකතුවෙලා ප්‍රසංගයක්‌ කළොත් නරකද?

ඒ වගේ අදහසක්‌ මගේ හිතේ තියෙනවා. ඒ ගැන දැන්ම කතා කරන්න බැහැ. ප්‍රසංගයක්‌ කරන්න හොඳ සූදානමක්‌ තියෙන්න එපායෑ. ඒ දේවල් ගැන ඉදිරියේදී කතා කරමු.

කවින්ද්‍යා අතුල සමිතාගේ දුව වීම ගැන ?

විශිෂ්ට ගායන ශිල්පියෙක්‌ සහ ශිල්පිණියකගේ දුව වීම මට ලොකු ගෞරවයක්‌. මම විශ්වාස කරනවා ඒ දෙන්නාගේ රසිකයන් මට ඒ විදිහටම ආදරය කරාවි කියලා.

කවින්ද්‍යා මේ දිනවල ආදරය විඳීනවා කියන්නේ ඇත්තද?

අපි ඒ ගැන පසුවට කතා කරමුනේ.

දිනේෂ් විතාන (divaina)

මට අධ්‍යක්ෂවරු අයුතු යෝජනා කරලා තියනවා - මට ලිප් කිස් කරන දර්ශන ලැබිලා තියනවා - මැණික්

manik wijewardana
  • ‘‘කවදාවත් නිරුවත් වෙන්න මට කතා කරලා නැ..“
  • ‘‘තවම පෙම්වතියක් නම් නෙමෙයි..“
  • ‘‘අම්මා මට ළගදි විටමින් එකක් අරන් දුන්නා..?“

මැණික් විජේවර්ධන කියන්නේ සිනමාවෙන් රංගනයට අවතීර්ණ වුණ රංගන ශිල්පිණියක් බව බොහෝ දෙනා දන්නවා. ඇය ඇතැම් අවස්ථාවල සමාජ ජාල වෙබ් අඩවි පවා කැලබුව චරිතයක්. මේ දවස්වල ඇය දකින්න නැති නිසා ඇය ගැන විස්තර සදහන් කරන්න හිරු ගොසිප් අපි කල්පනා කළා. මේ ඇගේ අදහස් හිරුගොසිප් වෙත කතා කළ අයුරුයි.

මැණික්ව රංගනයට හදුන්වලා දුන්නේ සිනමාව. නමුත් ඔබව දැන් සිනමා තිරයෙන් පවා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇයි..?
පහුගිය කාලේ මම චිත්‍රපටි දෙකකට සම්බන්ධ වුණා. රූගත කරලා අවසන් දැන් ඒවා. ළගදි දවසක විකාශය වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම කොහොමත් නිතරම දකින්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඉදහිටලා හොද නිර්මාණයකට සම්බන්ධ වෙනවා. ඒකයි නිතරම දකින්න නැත්තේ.


එහෙම නැතුව ප්‍රතික්ෂේප වෙලා නෙමෙයිද ..?
අප්පෝ මාව එහෙම ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. ටෙලි නාට්‍ය වලට තමයි මට ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ. ඒත් මම කැමති නැහැ ඒවාට සම්බන්ධ වෙන්න. මම සිනමාවෙන් ආව නිසා සිනමාවෙන් විතරයි දකින්න ලැබෙන්නේ.

ඒ ලැබෙන ආරාධනා අතර වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ මොන වගේ චරිත වලටද...?
බටහිර පන්නයට ජිවත් වෙන චරිත තමයි මට වැඩිපුරම ලැබෙන්නේ. ඒකට හේතුව මගේ භාහිර පෙනුම වෙන්න ඇති.

ඔය ආරාධනා අතරේ නිරුවත් වෙන්න වගේම අසබ්‍ය දර්ශන තිබෙන චරිතවලට ආරාධනා ලැබෙනවත් ඇති නේද ...?
අපිට චරිත ලැබෙද්දී ඒ චරිතය පිටපතේ ලියැවිලා තියනවා. සමහර දර්ශන අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත මත ඉවත් කරලා රගපාන්න පුළුවන්. මට ලිප්කිස් කරන දර්ශන ලැබිලා තියනවා. නමුත් මම ඒවා කරේ නැහැ. අධ්‍යක්ෂ එක්ක කතා කරලා ඒවා ඉවත් කරලා රගපෑවා. ඔය රැල්ලට කැමති අය ඇති. නමුත් කවදාවත් නිරුවත් වෙන්න මට කතා කරලා නැහැ. ලැබුණත් යන්නෙත් නැහැ.

ඔබට අධ්‍යක්ෂවරුගෙන් අයුතු යෝජනා වැඩිපුර ලැබෙනවා කියන්නේ ඇත්තද ...?
මට අධ්‍යක්ෂවරු අයුතු යෝජනා කරලා තියනවා. සමහර විට මම නිතරම ඕපන් කතා කරන නිසා මමත් ඒවාට කැමති වෙයි කියලා හිතනවා ඇති. නමුත් මම ඒ වෙලාවට කියන්න ඕන දේ කියලා ඒ පුද්ගලයන්ගෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ නිර්මානවලටවත් මට කතා කරන්නේ නැහැ. ආයේ කතා කරන්නේ නැති වෙන්න තමයි මම උත්තර දෙන්නෙත්.මට ජනප්‍රියත්වය තියා ගන්න ඕන කියලා හිතන්නේ නැහැ. මම අහම්බෙන් රංගනයට ආ කෙනෙක්. එහෙමයි කියලා ඔය දේවල් කරන්න ඕන නැහැ.

ඔබගේ අසබ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලය පුරා ගියා. ඒ දේ කරේ හිතාමතා කතා බහට ලක් වෙන්නද..?
ඒ සිද්ධියේ සත්‍යතාවයක් නැහැ. මගේ වරදක් නැතිව සිදුවුණ සිදු වීමක් නිසා ඊට අදාල අයට එරෙහිව මම අධිකරණයේ නඩුවක් පවරලා තියනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නඩුව විභාග වෙලා අවසන් වෙනකල්.

තවම තනිකඩද ...?
ඔව්. තවම පෙම්වතියක් නම් නෙමෙයි. නමුත් ලබන අවුරුද්දෙවත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. මම මනමාලයෝ හොයන එක නතර කරා. ගැලපෙන කෙනෙක්ව අම්මා හොයනවා මේ දවස්වල. ගොඩක් හොද කෙනෙක් අවංක ආදරයක් තියන කෙනෙක්ව තමයි මට ඕන. ඒ හැමදෙයක් වගේම අවබෝධය තියෙන්නත් ඕන. නැත්තම් පවුල් කන්න අමාරුයි.

කීදෙනෙකුට ආදරේ කරලා තියනවද ..?
මම තුන්දෙනෙකුට ආදරේ කරලා තියනවා. තුන්දෙනෙකුගේ පෙම්වතිය වුණා.

නළුවෝ ආදරේ ඉල්ලගෙන ඇවිත් නැද්ද ..?
නැහැ. කවදාවත්ම.

රූපය ලස්සනට තියාගන්න කීයක් වියදම් කරනවද ..?
ඇත්ත කිව්වොත් කවුරුවත්ම පිළිගන්න එකක් නැහැ. මම අඩුතරමින් පේෂල් එකක්වත් දන්නේ නැහැ.ක්‍රීම් වර්ග ආලේප කරන්නෙත් නැහැ. නමුත් මම හොදට වතුර බොනවා. මගේ සම ටිකක් වෙනස් වෙන්න පටන් ගත්ත නිසා අම්මා මට ළගදි විටමින් එකක් අරන් දුන්නා. එච්චරයි මම පාවිච්චි කරන්නේ.

ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණත් ප්‍රතිචාරවල නම් කිසිම අඩුවක් නැහැ. මට නිවුන් සහෝදරියක් ඉන්නවා. මම වගේමයි. සමහර අය මම කියලා රැවටිලා එයත් එක්ක කතා කරනවලු. එයා ඉතින් බේරෙන්නේ ඒ මම නෙමෙයි මගේ අක්කා කියලයි. මම නිසා එයත් අපහසුතාවයට පත් වෙනවා.

මම ආරාධනා කරනවා මගේ නිරුවත සමඟ හොඳ ගනුදෙනුවකට - අනෝමා


දැන් ගෙවන ජීවිතය ගැන හිතට එකඟව සතුටුද?

මේ වෙනකොට මගේ වෘත්තීය ජීවිතයත් අරගලයක්. මට චරිතයක් ලැබුණම ඒ චරිතයේ සමාජ දේශපාලන අන්තර්ගතය වටහාගෙන මෙය රඟපෑම පළවෙනි අරගලයයි.

ඒ කියන්නේ ඔබේ ජීවිතයේ තියෙන්නේ ඉවරයක් නැති අරගල විතරයි?

ඔව්. ලංකාවේ ටෙලි හා සිනමා කර්මාන්තයේ මගේ රංගනයට අදාළව වෘත්තීය හිමිකම ලබාගැනීමත් මගේ ජීවිතේ අරගලයක්. මම මුලින් කිව්ව පළවෙනි අරගලයට අවශ්‍ය මම වගාකරගත්තු දැනුම, ගුරුහරුකම්, පර්යේෂණ කරන අරගලය තවමත් මට මූණදෙන්න පුළුවන් අරගලයක්. ඒත් වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම කියන අරගලය බහුපාර්ශ්විකයි. එයට මාධ්‍යයේත් සදාචාරයේත් උදවු ඕන වෙනවා.

තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයත් ඔබට අරගලයක් වුණාද?

තනි තටුවට ගෙවන්න තිබුණ වෘත්තීය ප්‍රශ්නේදි මේ රටේ නළු නිළි සංගම්වත් ජනමාධ්‍යවත් මට උදවු කළේ නෑ. ඒ මම ගැහැනියක් හින්දා. ඒත් මම සටන තනියම ගෙනියනවා.

මේ දවස්වල වැඩිය පේන්නෙ නැත්තෙ කලකිරිලද?

ගාමිණී ෆොන්සේකා මුණගැහුණ වෙලාවක ඔහු මට කිව්වා කවමදාකවත් නළු නිළි කියන ජාතිය වැඩිය පේන්න හැමතැනම ගැවසෙන්න ඕනෙ නැහැ කියලා. ඔහු ඇහුවේ තමුසේ දන්නවද ෆිල්ම් ස්ටාර්ස්ලා ලංකාවේ බිහිවුණේ ක්‍රිකට් ස්ටාර්ස්ලාට කලින් විත්තිය කියලා. හැබැයි ෆිල්ම් ස්ටාර්ස්ලා ක්‍රිකට් ස්ටාර්ස්ලාට දෙවැනි වුණේ කුසලතාවෙන් වගේම හැමතැනම හැමවෙලාවෙම පේන්න ගිහින් නෝණ්ඩි වුණ නිසා කියලා. නිතරම නොපෙනී ඉන්නේ ඒ නිසා මිසක් කලකිරීමෙන් නෙමේ.

අනෝමා වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ මොනවායින්ද?

මම වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ රඟපෑමෙන්. නිළියක් හැටියට මම වැඩියෙන්ම තෘප්තිමත් වෙන්නේ පරස්පර චරිත රඟපෑමෙන්. ඒ චරිතවලට තියෙන අගය මුදලින් ලැබුණම පූර්ණ තෘප්තියක් වෙන ඕනෑම කෙනෙක්ට වගේ මටත් ලැබෙනවා. එහෙම නැතිවුණාම මගේ රඟපෑමේ ශ්‍රමය සූරාකෑමට ලක්වෙනවා.

ඔබ රඟපෑ චරිතවලට ඔබට තෘප්තිමත් අගයක් ලැබුණද?

නෑ. මගේ ශ්‍රමය සූරාකෑමට ලක්වෙද්දී මම දුකට පත්වෙද්දී එය සූරාකෑ අධ්‍යක්ෂකවරයා හා නිෂ්පාදකයා මේ ධනපති ක්‍රමය ඇතුලේ පොහොසත්වෙලා තෘප්තියක් ලබනවා. ඉතින් මම වැඩියෙන්ම තෘප්තිය ලබන වෘත්තිය මගෙන් පරාරෝපණයවෙලා මම ඒකෙ ජීවිතයක් බවට පත්වෙනවා.

ඔබ රඟපෑ බොහෝ නිර්මාණ අධ්‍යක්ෂණය කළේ අශෝක හඳගම. ඒ කියන්නේ ඔබ සූරාකෑමට ලක්වුණේ අශෝක හඳගමගෙන් කියලද කියන්නේ?

අධ්‍යක්ෂක කියන අය කියනවා මගේ චිත්‍රපටයේ ඔයාට චරිතයක් තියෙනවා. ඒ හින්දා ඔයා මගේ චිත්‍රපටයේ ශ්‍රම වහලෙක්, ලිංගික වහලෙක් බවට පත්වෙන්න කියලා. මේකට හොඳම නිදර්ශනය තමයි අශෝක හඳගම. ඔහු හදපු වේදිකා, ටෙලි, සිනමා නිර්මාණවල ප්‍රස්තුතය වුණේ ධනපති පන්තියේ කූට ශ්‍රම, ලිංගික, වහල් භාවයයි. ඒ නිර්මාණ හරහා අද වෙනකොට ඔහු ඔප්පු කරලා තියෙනවා වෛයිවාහක නීතිමය ලියවිල්ලක් මගින් මාව ලිංගික වහලියක් බවට පත්කරගෙන මගේ රඟපෑම නැමැති කුසලතා පූර්ණ ක්‍රමය අනවරත ලෙස සූරාකනවා කියන එක.

ඉතින්... එහෙම සූරාකෑමකට ලක්වෙද්දී ඔබට රඟපෑමෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්ද?
බෑ. ඒක ඇත්ත. ඔහු සමාජයට අඟවනවා ඔහු සමාජවාදියෙක් කියලා. ඒත් අද වෙනකොට ඔහු නිර්මාණ හරහාම ඔප්පු කරලා තියෙනවා ඔහු ධනපති පන්තියේ එල්ලිලා ඉන්න කුරුමිණියෙක් බව. ඔබට තේරෙනවද ගැහැනුන්ගේ තෘප්තිය උරාබොමින් ලේ මාපිලුන් වගේ පිරිමි ගැවසෙන හැටි..?

ඇයි අනෝමා අඩනිරුවත මාකට් කරන්නේ?

මම කවමදාකවත් අඩනිරුවත මාකට් කළේ නෑ. මම මාකට් කළේ පූර්ණ නිරුවත. ඒත් මගේ වුවමනාවට නෙමෙයි, අශෝක හඳගමගේ වුවමනාවට. උගත් විචාරකයකු වූ ඔස්කා මෙන්ඩිස් ලියූ ශ්‍රී ලාංකික සිනමාවේ මෙතෙක් ප්‍රතිරූපණය වුණ පූර්ණ නිරුවත නමින් ලියූ විචාරය කියවිය යුතුයි.

ඔබ කාලෙන් කාලෙට අමුතු අමුතු ෆොටෝ අරගෙන සමාජ වෙබ්ජාලවලට මුදාහරිනවා. මොකක්ද මේකෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන්නෙ? එහෙම පෙන්නන්න තරම් සුන්දර සිරුරක් ඔබට තියෙනවා කියලා ඔබ හිතනවද?

ඔබ අහලා තියෙනවද නළු කලාවේ රස නමය ගැන. එයින් ප්‍රමුඛතම රසයක් තමයි ශෘංගාර රසය. එය ලිංගිකත්වය පදනම් කරගත්තු රසයක්. ශෘංගාරය රසයක් කියලා නළු කලාවේ උගන්වද්දී එහි පදනම වන ලිංගිකත්වය ඉගෙන ගත නොයුතු වසන් කරගත යුතු කුණුහරුපයක් බව ඇතැමුන් උගන්වනවා. ඉතින් මේ ප්‍රතිවිරෝධය ඇතුළේ තනි තටුවේ මගේ පූර්ව නිරුවත සදාචාරවාදී කුහකයන්ට කුණුහරුපයක් වෙනවා. ඒ ප්‍රතිවිරෝධය ඇතුළේ තව ප්‍රතිවිරෝධයක් වුණා. ඒ තමයි ඒ දර්ශනය කියාපාන්න මේ චිත්‍රපටය නිර්මාණය කරපු හඳගම මම ඉදිරියේ කුහක සදාචාරවාදියෙක් වීමයි. එතකොට මගේ නිරුවත ඒ නිර්මාණය ඇතුළේ ලඝුවෙන්නේ ඇන්ටි හිරොයින් හෙවත් ප්‍රතිශෘංගාරාත්මක චරිතයකිනුයි. මිනිස්සු නිරුවත් හෝ අඩනිරුවත් හැම ගෑනු ඇඟක් දිහාම බලන්නේ ආසාවෙන්. ඒක තමා ඇත්ත.

ඔබ ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?

දැන් මම මතයක ඉන්නවා. මම රඟපාන්න ඕනේ හොඳ ලිංගික චිත්‍රපටයකයි. ගෘංගාර රසය හොඳින් ප්‍රේක්ෂකයා තුළ දනවන චරිතයක් ඇති චිත්‍රපටයකයි. බ්‍රජට් බාලෝ, සමන්ත ෆොක්ස් වැනි බටහිර සිනමාවේ කාමධේනුවන් ලෙස හඳුන්වපු නිළියන් රඟපෑ චිත්‍රපට වගේ. ලාංකික සිනමාවේ ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය සම්බන්ධ චිත්‍රපට හදවපු සිනමාවේදීන්ගේ මාකට්ස් සීක්‍රට් එක පුපුරවා හැරීමත් සැබෑ ස්ත්‍රීවාදී සිනමාවෙන් සිද්ධවිය යුත්තේ පුරුෂ මූලික සමාජය ලිංගික ප්‍රහස්ථයට පත්කිරීමත් කියන කාරණය උඩයි. ඉතින් මම ආරාධනා කරනවා හෙට දවසේ එවැනි සිනමාවේදියකුට මගේ නිරුවත සමඟ හොඳ ගනුදෙනුවකට.

ඒ පණිවිඩය කියාගන්න විදිහක් නැතුවද මෙච්චර කල් FB එකේ අර වගේ ෆොටෝ පාවිච්චි කළේ?

ඔව්.. ඒ පණිවිඩය කියන්න තමයි මම මගේ මුහුණපොතේ ශෘංගාරාත්මක ඡායාරූප පළකරන්නේ.

ඔබේ නිරුවත් ඡායාරූපයක් චිත්‍රයට නගන්නට සිත්තරුවෙක් කැමති වුණොත් ඔබ කැමති වෙනවද?

බර්ට් ගුණසේකර නම් ප්‍රවීණ ඡායාරූප ශිල්පියා මගේ ඡායාරූපයක් ඔහුගේ ඡායාරූප ප්‍රදර්ශනයට තිබ්බා. ඒකට මම හුඟාක් කැමතියි. ඒ වගේම චිත්‍ර ශිල්පීන් දහදෙනෙක් විතර දැනටමත් මගෙන් ඉල්ලීම් කරලා තියෙනවා මගේ නිරුවත් චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න කැමතියි කියලා. මට මගේ මිල ගණන්වලින් ඉහළම ගාණ ගෙවන්න පුළුවන් දක්ෂතම චිත්‍ර ශිල්පියාට මගේ කැමැත්ත දෙනවා.

මේ දවස්වල මොකද කරන්නේ?

පහුගිය දිනවල මම ටෙලිනාට්‍ය තුනක රඟපෑවා. 2015 අවුරුද්දේ මම චිත්‍රපටයකත් රඟපෑවා. ලොකුම ප්‍රශ්නය තමයි මේ වැඩකරපු නිෂ්පාදනවලින් මට හිමි මුදල ඉල්ලා ගැනීමයි. මේ දවස්වල ඒ අයගේ දුක් අඳෝනාවලට මම සවන් දෙනවා. ඒ අතරේ අලුත් චිත්‍රපටයක තිර පිටපතකුත් කියවනවා.

ජීවිතේ බලාපොරොත්තුව මොකක්ද?

මගේ එකම බලාපොරොත්තුව මගේ ආදරණීය පුතයි. එයාව හොඳින් හදාවඩා ගැනීමයි මගේ එකම බලාපොරොත්තුව. එයාට දැන් වයස අවුරුදු එකොළහයි. හැබැයි එයා ඉඳලා හිටලා මට ටිකක් කරදර කරනවා. ඒකට හේතුව කම්පියුටරයට වැටුණම එයාව පාඩම් වැඩවලට ගන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවටනම් අපි දෙන්නා සෑහෙන්න රණ්ඩුවක් කරනවා. ඒත් එයා හරි හොඳයි. මගේ එකම බලාපොරොත්තුව එයයි.

ජීවිතේ මුණගැහුණ සුන්දරම පිරිමියා කවුද?

මගේ ජීවිතේ මට මුණගැහුණ සුන්දරම පිරිමියා සුමිත් ජයලාල් අශෝක හඳගම.
















බහුබලී ලංකාවේ ප්‍රදර්ශනය අත්හිටුවයි - සිනමාහල් විරෝධයක

bahubali-2

ඊයේ සිට (28) ප්‍රදර්ශනය ආරම්භ කළ ‘බහුබලී 2’ ද කන්ක්ලූෂන් (Baahubali 2: The Conclusion) චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ඒ චිත්‍රපට ප්‍රදර්ශනය කරනු ලබන සිනමා ශාලා 18ක ශාලා හිමිකරුවන් විසින් ප්‍රදර්ශනය කිරීමට විරෝධය දැක්වීම නිසාය.

අදාල විරෝධයට හේතුවී ඇත්තේ එම සිනමා පටය ලංකාවට ගෙන්වූ නසුරුල්ල නැමැති ව්‍යාපාරිකයා විසින් එහි ලාභ ප්‍රතිශත සිනමා ශාලාවලට අඩු කිරීම හා හිරෝස් හා රූබි යන සිනමා ශාලාවලට අදාළ සිනමා පටය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසාය.

ලංකාවේ ප්‍රධානම දමිළ චිත්‍රපට ප්‍රදර්ශන සිනමා ශාලාවක් වන සිනේ සිටි ශාලාවද මේ විරෝධයට එක්වි ඇත.

මෙය ඉන්දියානු සිනමාහල් 6500කත්, ඇමරිකානු සිනමාහල් 1100 කත්, තවත් ලොව වටා සිනමාහල් 1400ක් ඇතුළුව සිනමාහල් 9000ක එකවර ප්‍රදර්ශණය කරමින් ඉන්දියානු සිනමා ඉතිහාසයේ වාර්ථා අතරට එක්කිරීමටද සූදනම් කර තිබුනි.

ලොව වටා ප්‍රදර්ශනයෙන් පලමු දින පමණක් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවා යනු ඇතැයි බොක්ස් ඔෆිස් විචාරකයන් මේ බාහුබලී පිළිබඳ මත පලකරතිබුණි.



(mirrorarts)

බ්‍රසීලයේ ගෝත්‍රික හටන්

Tribal fighting in Brazil-01

බ්‍රසිලයේ බ්‍රසීලියා අගනුවර පසුගිය අඟහරැවාදා ගෝත්‍රික සටන් බිමක සිරි ගත්තේය. ඇමේසන් මහවනය ආශ්‍රිතව දිවි ගෙවූ ගෝත්‍රිකයන්ගෙන් උදුරාගත් බිමේ බ්‍රසීලියා අගනුවර පිහිටා තිබේ. පසුගිය සතිය එරට ආදිවාසී සතිය ලෙස නම්කර තිබුණි. මේ ආදිවාසී සතිය ඔවුන් සැමැරුවේ විරෝධතා ව්‍යාපාරයක් මගිනි. දහස් ගණන් ගෝත්‍රික ආදිවාසීහු පාරට බැස උද්ඝෝෂණය කළේ තමන්ට අයත් භූමි ප්‍රදේශ යළි අත්පත් කරදෙන ලෙස බලධාරීන්ට බලකරමිනි.

මහා පරිමාන කෘෂිකර්මාන්ත කටයුතු වෙනුවෙන් තමන්ගෙ නිජභූමි යොදා ගැනීම සම්බන්ධයෙන් මේ විරෝධතාව පැවැත්විනි.

දුනු හී මානාගත්, ආදිවාසී ගෝත්‍රික ඇඳුමින් සැරැසුණු හාරදහසකට අධික පිරිසක් බ්‍රසීලියාහි පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රස් ගොඩනැගිල්ල වටලා එයට ඇතුළුවීමටද තැත්කළහ. කැරලි මර්දන පොලිසිය සුපුරැදු පරිදි බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට යෙදුණි. ගෝත්‍රිකයන් ලෙස සැරුසුණු පිරිස සිය දුනු හීතල භාවිතාවට ගෙන ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට යෙදුණි. ගෝත්‍රික කණ්ඩායම් 305කට පමණ අයත් පිරිස මේ විරෝධතාවට එක්ව සිටියහ. ඔවුන් සමග මිනී පෙට්ටි ගණනාවක්ද ගෙන එනු දක්නට ලැබිණි.

බ්‍රසීලය ලෝකයේ පාන් මල්ල කරන්නයි මේ අය හදන්නේ. ඒකට අපේ නිජභූමිය කොල්ලකන්න වහාම අරඹලා. අපේ අයිතීන් කොල්ලකාලා මදිවාට ජෛව විවිධත්වයටත් නීති පමුණුවලා. පාරට බැස සිටි පිරිස මෙහෙයවූ ක්‍රියාකාරිනියක වන ගුරානි ගෝත්‍රිකයන් නියෝජනය කරන මරිස් ඩි ඔලිවෙරියා සිය විරෝධතාව පිළිබඳව කරැණු දක්වා තිබුණි. තමන්ගේ නිජභූමි තමන්ට පැවැරෙන අන්දමින් සීමා මායිම් නැවත තීරණය කරන ලෙස ඔවුන් කරන මේ ඉල්ලීම පිළිබඳ අවසන් තීන්දුව ලබාදිම ජනාධිපතිවරයා සතුව ඇති බලතල යටතට ගැනෙන බව ඈ පෙන්වා දී තිබේ. 

Tribal fighting in Brazil-02

Tribal fighting in Brazil-03

(deshaya)

එක ශුක්‍රාණු බිංදුවක් හදන්න රුධිර බින්දු 500ක් ඕනෑද? - මෙන්න ඇත්ත

Sperm production

නාකි කියන්නේ නොහැකියි කියන එකනේ. සොබාවිකව වයස්ගත වීම නිසා ශරීරය අබල දුබල බවට පත්වීමයි මෙතැනදී සිදුවන්නේ. නමුත් එච්චර වයසකුත් නැතිව හම රැළි වැටිලා කෙස් සුදුවෙලා ඇඟ දිරාපත් වෙලා අබල දුබල වෙච්ච අයත් දකින්න පුළුවන්. මේ තත්ත්වය සාමාන්‍ය සමාජයේ හඳුන්වන්නේ අකලට මහළු වීම හැටියටයි. මේ නිසා අකලට මහළුවීම කියන මාතෘකාවත් දැන් ව්‍යාජ ලෙඩ රෝග පෙන්වා තෙල්බේත් සත්කාර කරන ජාවාරම්කාරයන්ගේ මඩි තර කරන සල්ලි ගරන මන්ත්‍රයක් හැටියට දක්වන්න පුළුවන්.

අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම නිසා ඇඟ කෙට්ටුවීමත් අකලට වයසට යාමත් ඒ නිසාම දරුඵල අහිමිවීමත් සිදුවෙනවාද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ කවදත් සුපුරුදු හිනාව දෙගුණ කරමින්.

අපි ඉස්කෝලේ යන කාලේ පන්තියේ ළමයි අතර කතාවක් පැතිරිලා තිබුණා. එක ශුක්‍ර බිංදුවක් හදන්න රුධිර බින්දු 500ක් ඕනෑය කියලා. ඉතින් මාර වැඩක්නේ අනෙක් හැමෝම වගේ මමත් බය වුණා. මොකද මෙහෙම ගියොත් ලේ කලඳක් ඇගේ ඉතිරිවෙන එක්ක නෑනේ කියලා. ඔය මිත්‍යාව බිඳුනේ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය චන්න විජේසිංහගේ මනෝවිද්‍යා දේශනයකට සවන් දුන්නාටත් පසුවයි. මේක තනිකරම මිත්‍යාවක්.

ඔන්න ඕක තමා ඇත්ත. සමාජය තුළ මේ වගේ භිතිකා පැතිරිලා . නමුත් මේවා කිසිම විද්‍යාත්මක පදනමක් නැති කතා. 

පළමුව ස්වයං වින්දනය කියන්නේ ලෙඩක් නෙවේ. නිරෝගි කෙනෙක් තමා එයට යොමු වෙන්නේ. ලෙඩ්ඩුන්ට මේ වැඩේ බෑ. ඒ වගේම ධාතු පිටවීම නිසා ඇගේ පෝෂණයට හානියක් වෙන්නේ නෑ. ඇඟ කෙට්ටු වෙලා හම රැලි වැටිලා වයසට යන්නේ නෑ. එහෙමනම් ඉතින් කෙළ ගහන්නත් බැහැනේ. ඔය කෙළ ගහන තරමට කට්ටිය ඉතිරි වෙන එකතුත් නෑ.

ඒ වගේම අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම කියලා දෙයකුත් නෑ. ඒක ශරීර සෞඛ්‍යට අහිතකර ලෙස බලපාන්නේ නෑ. ස්වයං වින්දනයේ යෙදෙන්නේ ශරීරය නිරෝගීව නිසි පරිදි පවතින අයයි. සිරුර ලෙඩ වුණාම මනස ලෙඩ වුණාම ලිංගික ආශාව නැතිවෙනවා. එක්වරක් ස්වයං වින්දනයට පසු ටික වෙලාවක් යනතුරු ඒ සඳහා පෙළඹවීමක් එන්නේ නෑ. නමුත් ඔහුගේ කය මනස නැවත ඒ සඳහා සූදානම් වුණාම නැවතත් ඒ සඳහා අවශ්‍යතාව උදාවෙනවා. 

ඒ වගේම ස්වයං වින්දනය නිසා ධාතු ශක්තිය හීන වෙනවා නැති වෙනවා කියන්නේ අමූලික බොරු කතාවක්. හොඳින් මතක තබාගන්න මේක කිසිම විදියකට රෝගී තත්ත්වයක් නෙවෙයි. එහෙම නොවෙනවා නම් තමා ලෙඩේ. මේ නිසා තමන්ගේ ශරීරය කෙට්ටු වෙයි අකලට මහළු වෙයි කියලා බොරුවට බයවෙලා හිතත් අවුල් කරගෙන සාමාන්‍ය ස්වභාවික ජීවිතේ අවුල් කරගන්න එපා. කොටින්ම වයසට යාම සමඟ මේ කියන ධාතුවල සම්බන්ධයක් නෑ.

ඊළඟට වැදගත් කාරණයක් තියෙනවා. ස්වයං වින්දනය අස්වාභාවික ලෙස ඇබ්බැහි වීමක් ලෙස භාවිතා කරන්නට පෙලඹෙන අය ඉන්නවා. තැනක් නොතැනක් බලලා මෙලෙස හැසිරෙනවා. මේ තත්ත්වය මානසික රෝගී තත්ත්වයක් විය හැකියි. භින්නොන්මාදය, OCD වශයෙන් හඳුන්වන රෝගවලදී මේ පෙළැඹීම දක්නට පුළුවන්. ඒ වුණත් ඒ ක්‍රියාවෙන් අදාළ පුද්ගලයාට හානියක් නෑ. ඔහුගේ මනසට අවශ්‍ය ප්‍රතිකාර ලබාදී ස්වභාවික පාලනය ඇති කිරීම තමා හොඳම දේ. (deshaya)

නුවර කුණු කන්දේ ටොනෙඩෝවක් - කුණු අහසට නගියි

Kandy dirt into the air

නුවර කුණු කන්දේ ටොනෙඩෝ වැනි තත්වය් ඇතිව තිබෙනවා.

එම අවස්තාවේ සිදුවූ සිදුවීම මෙලෙස කැමරාවක සටහන් වී තිබුණා.

දවසේ කාටූන් – 2017.04.29

දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

Watch to cartoons of the day, visit our Cartoons page.










දිමංක සහ සදුන් බරපතළ රිය අනතුරකට ලක්වෙයි! (Exclusive Photos)

Dimanka Sandun Accident

නවක ගායන ශිල්පීන් යුවලක් වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී බරපතළ රිය අනතුරකට මුහුණදී තිබේ.

අනතුරෙන් ගායන ශිල්පීන් දෙදෙනාට බරපතල හානි සිදුවී නැති අතර මෝටර් රථ දෙකට බරපතල හානි සිදුවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී අදල ගායකයන් දෙදෙනාගෙම මොටර් රථ පදවා ඇත්තේ රියදුරන් විසින් බවද වාර්තා වේ.

එම අනතුරෙන් පසු ඔවුන් ගමන්ගත් මෝටර් රථ දෙකේ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

Dimanka Sandun Accident-2017-04-29-10-02-39

අවුරුද්දක් යනතුරු රඟපෑම තහනම් වූ නිළියක්

Denny Kwan-00

කාම්බෝජයේ ඉන්න නිළියකට අවුරුද්දක් යනකම් රඟපාන්න එපා කියල තහනමක් පනවා තිබෙන බව වාර්තා වෙනවා.

මේ තහනම පනවා ඇත්තේ කාම්බෝජයේ සංස්කෘතික ක්‍රියාකාරීන් විසින් බවයි වාර්තා වන්නේ.

ඩෙනී ක්වාන් (Denny Kwan )නමැති මේ 24 හැවිරිදි නිළිය, අඟ පසඟ පෙනෙන විදිහේ ඇඳුම් ඇඳීම සහ සරාගී ලෙසට ඡායාරූපවලට පෙනී සිටම මේ තහනමට හේතුව වී තිබෙන බව සඳහන්.

මේ නිළිය තමන්ගේ රූ සපුව ඔප් නංවා ගන්න ප්ලාස්ටික් සැත්කම් රැසක් කළ කෙනෙක්. ඒ වගේම සම සුදු කරගන්නත් ඇය විශාල වශයෙන් ප්‍රතිකර්ම කළ කෙනෙක් බව සඳහන්. ඒ හැමදේටම අධික මුදලක් යන නිසා තමන්ට රඟපාන්න බැරි වීම ලොකු ප්‍රශ්නයක් කියල ඇය පවසා තිබේ. (mirrorarts)