02 April, 2017

සල්ලි වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා - අම්මා තාත්තා වුණත් සල්ලිවලට ගන්න පුළුවන් – ආක්ෂා සුදාරි

Aksha Sudari-02

ආක්ෂා සුදාරි කියන්නේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය චරිතයක්. පසුගිය දිනවල ඇය එක්වූ නවතම මියුසික් වීඩියෝව ගැනත් විවිධ කතා අසන්නට ලැබෙනවා. කෙසේවෙතත් ආක්ෂා සුදාරි කියන්නේ කාලෙන් කාලෙට විවිධ පුවත් මවන්නියක්. මේ ඇය සමග කළ කතාබහක්.

කාලෙකට පස්සේ ආයෙත් වැඩ පටන් අරන් වගේ?

මම කලාවෙන් ඉවත් වෙලා හිටියේ නැහැ. මගේ ව්‍යාපාර කටයුතු නිසා සම්බන්ධ වුණේ අඩුවෙන්. පසුගිය කාලයේ ඉන්දියාවට ගිහින් මගේ ෆිගර් එකත් හදාගෙන බැක් ටු ට්‍රැක් කියලා මේ දවස්වල බොහොම ආසාවෙන් මියුසික් වීඩියෝස් වගයක වැඩ කරගෙන ෂේප් එකේ ඉන්නවා.

ආක්ෂාගේ කැලඹිලි සමය නිමා වෙලාද?

කොහොම නිමා වෙන්නද? මිනිස්සු හැමදාම මොනවාහරි කියාගෙනමයි ඉන්නේ. නමුත් නැව ගිලුනත් ආක්ෂා බෑන් චූන්. මගේ ජීවිතේ සාමාන්‍ය විදියට හිනාවෙලා ඉන්නවා. මම ශක්තිමත් ගැහැණියක් නිසා කිසිම ගැටලුවක් නැතුව ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න මට පුළුවන්.

ජනප්‍රියත්වය වෙනුවෙන් කතා මවන්න ආක්ෂා හරි ජනප්‍රියයි කියන්නේ ඇත්තද?

අනේ ඒක නම් අමූලික බොරුවක්. මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. ගොසිප් හදාගන්න. සාමාන්‍යයෙන් මං මොනවා හරි කළත් මිනිස්සු ඒක ගොසිප් එකක් විදියට හදාගන්නවා. ඉතින් මිනිස්සුම හදාගෙන ගොසිප් දාගන්නවා මිසක් මටනම් එහෙම අවශ්‍යතාවක් නැහැ.

ඇයි ඉතින් ආක්ෂාට මෙච්චර ගොසිප් හැදෙන්නේ?

ක්ෂේත්‍රෙයේ වැඩ පටන් ගත්ත දවසේ ඉඳන් මට ගොසිප් ගොඩක් හැදුනා. තවමත් එහෙමමයි. මං හිතන්නේ ජනප්‍රිය වෙන්න වෙන්න මගේ පෞද්ගලික ජීවිතය ගැන මිනිස්සු හොයනවා වැඩියි වගේ.

ආක්ෂා කියන්නේ ඕනෑම දෙයක් කරන කෙනෙක්ලු නේද?

හිතෙන හැම දෙයක්ම කරන කෙනෙක් තමයි. හැබැයි දෙපාරක් නැහැ. එකපාරයි හිතන්නේ. හිතපු වෙලාවේ ඒක හරි කියලා හිතුනොත් කරනවා.

ආක්ෂා ගෙවන්නේ සුඛෝපභෝගී ජීවිතයක්. කොහෙන්ද මෙච්චර සල්ලි?

මම වෘත්තීමය රංගන ශිල්පිණියකට වඩා ව්‍යාපාරික කාන්තාවක්. මේ සියල්ල මට ලැබුණේ මගේ ව්‍යාපාරයෙන්.

ආක්ෂාගේ අරමුණ මුදල් විතරද?

ඔව්. අනිවාර්යෙන්ම සල්ලි විතරයි. මම සල්ලි වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරනවා. ගොඩක් මහන්සි වෙනවා. මගේ ජීවිතේට සල්ලි තමයි අත්‍යවශ්‍යය. කලින් එහෙම හිතුවෙ නෑ. නමුත් දැන් හිතනවා. සල්ලි තියෙනවානම් අම්මා තාත්තා හැර හැමදේම ගන්න පුළුවන්. හැබැයි දැන් අම්මා තාත්තා වුණත් සල්ලිවලට ගන්න පුළුවන් වෙයි.

ආදරයත් එහෙම ගන්න පුළුවන් කියලද ඔබ ඔය කියන්න හදන්නේ?

අනිවාර්යයෙන්ම. සල්ලි තියෙනවා කියන්නේ හැමදේම ළං වෙනවා.

ආක්ෂා දැන් පෙම්වතියක් නෙමෙයිද?

නැහැ. මට දැන් පෙම්වතියක් වෙන්න ඕනේ නැහැ. මම ආයිත් ආදරය කරන එකක් නැහැ. මම ආදරය කරපු කෙනාට මං ගොඩක් ආදරෙයි. එතනින් එහාට මම ආදරය කරන එකක් නැහැ. දැන් අරමුනු කරන්නේ මගේ වැඩ සහ මගේ ටාර්ගට්ස් ගැනයි.

කවුද අප්පේ තවමත් හිතේ ඉන්න ආක්ෂාගේ ආදරය හොරා ගත් කෙනා?

මම මෙහෙම කිව්වාම දන්නවා කවුරු ගැනද මේ කියන්නේ කියලා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

පොලිසිය අමානුෂික ලෙස පහරදුන් තරුණයා රෝහලේ දුක් විඳින හැටි (Photos)

Dodangoda-traffic-polic- beaten-2

දොඩංගොඩ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනෙකු අණ නොතකා ධාවනය කල යතුරුපැදිකරුවෙකුට අමානුෂික ආකාරයෙන් පහර දෙන වීඩියෝ දර්ශන මාධ්‍ය තුලින් පසුගියදා වාර්තා කළා. ඒට ප්‍ර‍තිචාර වශයෙන් අදාල නිලධාරීන් දෙදෙනාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අදාල තරුණයා මේ වනවිට කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍ර‍තිකාර ලබමින් සිටිනවා.

අණ නොතකමින් ගිය යතුරු පැදිය දොඩම්ගොඩ පොලිසිය ආසන්නේ ඇති මං සන්ධියකින් ප්‍ර‍ධාන පාරට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේ, යතුරු පැදිය ත්‍රිරෝද රථයක ගැටී ඇති අතර ඉන් ඔහුට තුවාල වී තිබෙනවා. පොලිසි නිලධාරීන් දෙදෙනා අමානුෂික අයුරින් පහරදී ඇත්තේ අදාල තරුණයා එසේ තුවාල ලබා සිටියදීමය.

පහරදීමෙන් අනතුරුව අදාල යතුරුපැදිය අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත ගෙන ආවද, තරුණයා පොලිසිය වෙත හෝ රෝහල වෙත ගෙනයාමට අදාල නිලධාරීන් කටයුතු කර තිබුණේ නැත.



Dodamgoda 2 0001

Dodamgoda 2 0002

Dodamgoda 2 0003




-nethgossip

පාසල් ළමුන්ට රුපියල් 2000ට කම්සැපදෙන ලාබාල රූමතියන්

student-boy-girl-phone

දිවා රාත්‍රී සම්බාහන මධ්‍යස්ථාන බව පෙන්වමින් දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් පසුගිය 30,31 සහ 01දා යන තෙදිනේදී වැලිකඩ පොලිසිය මගින් වටලා එහි සේවය කළ තරුණ කාන්තාවන් සහ කළමණාකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය නගරයේ ඇති මින් එක් සම්බාහන මධ්‍යස්ථානයක් පාසල් ළමුන් අතර ඉතාමත් ජනප්‍රිය තැනකි. මෙතනට එන පාසල් ළමුන් අමතර පංති සඳහා නිවසින් ලබාදෙන මුදල් යොදවා මෙහි කාන්තා ඇසුරට හුරුව ඇති බවයි අණාවරණ වී තිබෙන්නෙ. එක් සම්බාහන මධ්‍යස්ථානයකට යැවූ පොලිස් උපාය දූතයකු, සම්බාහනය කිරීම සඳහා පැමිණි තරුණ කාන්තාව සමග අඩ නිරුවතින් සිටියදී අත් අඩංගුවට පත්ව අති අතර, ඇය ඔහු වෙත ලිංගික ඇසුරක් සඳහා අවශ්‍ය උපත් පාලන කොපු ලබා දී තිබූ බවයි පොලිසිය පවසන්නෙ.

දියත උයන ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් හා ස්පා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය තවත් ගණිකා මධ්‍යස්ථානයක සිටි රූමත් ලාබාල තරුණ කාන්තාවන් 04 දෙනෙකු සහ කලමණාකරු අත් අඩංගුවට පත්ව ඇති අතර, එම ආයතනයට ඇතුළත්වීම සඳහා රුපියල් 1500ක මුදලක් අයකරනු ලබන බවත්, රුපියල් 10000 දක්වා මුදලකට එහි සිටින කාන්තාවන් අළෙවි කරනා බව පොලිස් පරීක්ෂණ වළින් හෙළිව තිබෙනවා. අදාල කාන්තාවන් වයස අවුරුදු 18, 19, 22 සහ 23 වියෙහි පසුවන්නියන් වනවා.

රාජගිරිය ඉන්ධන පිරවුම්හල අසල සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කාලාන්තරයක් තිස්සේම පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක්ද වටලා ඇති වැලිකඩ පොලිසියේ දූෂණ මර්ධන ඒකකය එහි සිටි කාන්තාන් දෙදෙනකු සහ කලමණාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් සහ සැකකාරිණියන් 10 දෙනා අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගතකොට තිබෙනවා.

වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර‍ධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩල මහතාගේ උපදේස් පරිදි වැලිකඩ පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රසික මහවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් මෙහෙයුම ක්‍රියාත්මක කොට තිබෙනවා. 

සැමියා නැති අතරේ දියණිය පොළොවේ ගසා මව දූෂණය කරළා

rape-07

කාන්තාවක් අපයෝජනය කර ඇයගේ වයස අවුරුදු 2 ක කුඩා දැරිය පොළොවේ ගසා තුවාල සිදුකළ උළු මෝල් ව්‍යාපාරිකයෙකු කොච්චිකඩේ පොලිසිය අද (01) අත්අඩංගුවට ගත්තා. 

සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලිසිය සදහන් කළේ.

ඊයේ පස්වරුවේ කොච්චිකඩේ - ජනපදගම ප්‍රදේශයේ පදිංචි අදාළ කාන්තාවගේ සැමියා නිවසින් බැහැරව සිටි අවස්ථාවක ඇය සහ දරුවා මෙම සිද්ධියට මුහුණපා තිබෙනවා.

සැකකාර ව්‍යාපාරිකයාට අයත් නිවසක් කුලියට ලබාගෙනයි මෙම කාන්තාව ඇතුළු පවුලේ සාමාජිකයින් පදිංචිව සිට ඇත්තේ.

කාන්තාව සහ තුවාල ලැබූ දැරිය මේ වනවිට මීගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාවක සදහන් කළේ. (හිරු)

“මම මේ පුද්ගලයට මේ වගේ දෙයක්‌ කළානෙ කියල තමන්ගෙ හිත තැවෙනවා” ගයාන්ගේ පළමු විවාහය ගැන චතුරිකා කිව්ව කතාව

Gayan - Chathurika - Farshina Latheef-2

රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක ගැන ගොඩක් දෙනෙක් තුල මේ දවස්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒ පසුගිය දවසක ගයාන්ගේ පළමු විවාහයේ බිරිඳ අන්තර්ජාලයට එක්කළ වීඩියෝවක් නිසායි. කොහොමවුනත් මේ ගැන ගයාන් පිලිතුරු වීඩියෝවක් ද නිකුත් කළා.

ඒවගේම තමයි හැමෝම දන්නවානේ ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ ආදරවන්තයෝ කියලා. කොහොම වුනත් මේ සිද්ධිය සම්බන්ධයෙන් චතුරිකා පීරිස් අදහස් දක්වා තිබුනේ නැහැ. ඒත් මේ වෙද්දී ගයාන්ට මුහුණ දෙන්න වුණු සිද්ධිය ගැනත් ඔවුන් දෙදෙනාගේ ආදරය ගැනත් කියලා තියෙනවා.

මේ රංගන ශිල්පී චතුරිකා පීරිස් සමග කළ සංවාදයක්.

චතුරිකා ගයාන්ව දැන හඳුනා ගන්නෙ?

මට පළමු වතාවට ගයාන්ව හමුවෙන්නෙ 2004 අවුරුද්දෙ. ඔහු ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක්‌ රඟපාන ප්‍රථම අවස්‌ථාව එයයි. එහි ප්‍රධාන කාන්තා චරිතය රඟපෑවෙ මම. එදා මම දැක්‌ක ගයාන් දෙමවුපිය හෙවනින් ආපු බොහොම තැන්පත් තරුණයෙක්‌ .

ඒ අවස්‌ථාවද ප්‍රේමයේ ඇරඹුම?

නැහැ. ඒ වෙත්දි ගයාන් කියන්නෙ මාත් එක්‌ක රඟපාපු තවත් නළුවෙක්‌ විතරයි. එකට වැඩ කළ නිසා සුහදතාවක්‌ ගොඩනැගුණා එතනින් එහාට කිසිවක්‌ වුණේ නැහැ. අපි ආයෙ මුණගැහුණෙවත් කතා කළේවත් නැහැ. දෙවැනි වතාවට මට ආයෙමත් ගයාන් එක්‌ක වැඩ කරන්න ලැබෙන්නෙ අවුරුදු හතකට පස්‌සෙ ඒ කියන්නෙ 2011 අවුරුද්දෙ. ඒ වෙද්දි ගයාන් ක්‌ෂේත්‍රයේ නමක්‌ දිනාගත්ත කෙනෙක්‌. නමුත් අර මම පළමු අවස්‌ථාවෙ දුටුව සන්සුන් තරුණයා නම් ඔහු අහලකවත් හිටියෙ නැහැ. ඒ වෙද්දි ගයාන්ව ප්‍රසිද්ධ වෙලා තිබුණෙ වැඩ කරන්න අපහසු ඉවසීමක්‌ නැති කේන්ති යන දඩබ්බර චරිතයක්‌ විදිහට.

දඩබ්බර හිත ළඟද ආදර කතාව ඇරඹෙන්නෙ?

ඇත්තටම ඒ වෙද්දි ගයාන් ළඟ හිතුවක්‌කාර කේන්ති යන ලක්‌ෂණ තිබුණා. ඒ දවස්‌වල ගයාන් මෝටර් රථය පදවාගෙන යන වේගය නිසා අපි කතාවුණේ කොයි වෙලාවක හරි අනතුරක්‌ කරගනියි කියලා. ඒ තරමට නොසන්සුන්තාවයකින් ඉන්න කෙනෙක්‌ විදිහටයි මමත් ගයාන්ව දැක්‌කෙ. නමුත් ගයාන්ව හිතවතෙක්‌ විදිහට ආශ්‍රය කරත්දි ඒ ගයාන් කියන කෙනාගෙ ආවේණික ගතිගුණ නෙමෙයි කියල මට දැනුණ. දෙමවුපිය සහෝදර හෙවනින් වෙන්වෙලා කොළඹ ආපු ගයාන්ව කොළඹදී ඔහුට ළංවූ අය නිසා වියවුල් වූ ජීවිතයක ඒ වෙද්දි ගයාන් ගත කරමින් හිටියෙ.

ඔබ දෙදෙනා වඩාත් ළං කළ හැඟීම වන්නෙ?

දෙවෙනි වතාවට අපි හමුවුණ කාලය වෙද්දි අපි දෙන්නම අපේ පුද්ගලික ජීවිතවල විශාල අර්බුද සමඟ ගෙවූ කාල වකවානුවක්‌. එයා හිටියෙ බිඳුන විවාහයක නටබුන් එක්‌ක මමත් මගේ ප්‍රේමය බිඳී ගිහින් තනිවෙලා හිටි කාලයක්‌ මුලින්ම අපි හිතවතුන් වුණා අපේ ප්‍රශ්න ගැන කතා කළා. ඒ අවස්‌ථාවෙ අපේ ජීවිතය කලින් හිටිය අය වගේම අප වටා හිටි අය බොහොම දරුණු විදිහට අපි දෙන්නට පහර දෙන්න පටන් ගත්තා. ඒ අවස්‌ථාවේ ගයාන් නොසැලී හිටිය මමත් ඒ දේවල්වලට සැලුනෙ නැහැ. අපි මේ ප්‍රශ්න ගැන කතා කරමින් විසඳුම් හොයන්න උත්සාහ කළා. අන්තිමට අපිටත් නොදැනීම අපි දෙන්න ආදරයෙන් බැඳුණා.

එදා ඔබ දෙදෙනාගේ ආදරයට ඇතිවුණ බාධක ද ඔබලා වඩාත් ළං කළේ?

ඒ ගැන හිතද්දි කනගාටුයි. මිනිස්‌සු අපිට හිතාගන්න බැරි තරම් නරක විදිහට ප්‍රශ්න ඇති කළා. නමුත් මම ගයාන්ට ආදරය කරන්න පටන් ගන්නකොට එයා හුදකලාව හිටි කෙනෙක්‌ කාගෙවත් හෙවනක හිටිය කෙනෙකුට මම පෙම් කළේ නැහැ. තමන්ගෙ කලින් පෙම්වතා හා පෙම්වතිය එම ප්‍රේමයෙන් මිදුනට පස්‌සෙ තවත් කෙනකුට ආදරය කරන අවස්‌ථාවෙ ඔහුට හෝ ඇයට පෙම්වතෙක්‌ හෝ පෙම්වතියක්‌ හමු නොවුණ නිසා තමන්ගෙ පෙර කාලයෙ පෙම් කළ අයට ඊර්ෂ්‍යා කරල ප්‍රශ්න ඇතිකරන එකේ ඵලක්‌ නැහැ. නමුත් ඔවුන් එහෙම කළා. මම හැමදාම හිතුවෙ කවදා හරි ඇත්ත ඉදිරියට එන බවයි. අපි කාට හෝ වැරැද්දක්‌ කළාම ඒක ලෝකෙට වසන් කරගෙන හිටියට තමන්ගෙ හිතට බොරු කරන්න බැහැ. මම මේ පුද්ගලයට මේ වගේ දෙයක්‌ කළා නෙ කියල තමන්ගෙ හිත තැවෙනවා.

දැන් ආදර ලෝකය සන්සුන්ද?

ඇත්තටම මේ හැම දෙයක්‌ම කෙළවර අපි දෙන්න අතර තිබුණ ආදරය තවත් වැඩි වුණා. හැම ප්‍රශ්නයකටම කාලය විසඳුම් දීල තියෙනව. එළඹෙන මැයි මාසෙ අපේ විවාහය සිද්ධ වෙනව.

චතුරිකා අතීතයෙ ඔබට හමුවුණ දඩබ්බර ගයාන්මද තවමත් ඔබ ළඟ ඉන්නෙ?

නැහැ ඒ ගති දැන් ගොඩක්‌ අඩුයි. මම හැම වෙලාවෙම එයාට කියල දෙනව මේ ඔයාගෙ විදිහ නෙවෙයි ඔයාගෙ දෙමවුපියො සහෝදර සහෝදරියො එහෙම නෑ ඔයාට අයිති ගතිගුණ මේ නෙවෙයි කියල.

මේ ආදර කතාවෙ චතුරිකාට ලද වටිනාම තිළිණය?

එයාගෙන් ලැබෙන ආදරය විශ්වාසය තමයි මට වැඩියෙන්ම වටින්නෙ. මොකද කිසිම මොහොතක ගයාන්ට මට වඩා සමීප තවත් කෙනෙක්‌ නැහැ කියන සිතිවිල්ලෙනුයි එයා වැඩ කරන්නෙ. එයාගෙ ලෝකෙ එකම පෙම්වතියත් හිතවතියත් මම විතරයි.

භෞතික දේවල් ගත්තොත් මීට අවුරුදු දෙකකට කලින් එයා මට අරන් දුන්න අත් ඔරලෝසුව මම අදටත් පළඳින්නෙ හරිම ආදර හැඟීමෙන්.

“අපේ ගෙදරවත් නැති ප්‍රශ්න ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා” සාරංගගේ මව මාධ්‍ය හමුවේ කට අරියි

Saranga-Thilaka-2

සිවුවන වරටත් ජනතාවගේ නළුවා වූ සාරංග දිසාසේකරගේ සහ රංගන ශිල්පිණී උමාලි තිලකරත්නගේ විවාහය දෙදරා යාම සම්බන්ධයෙන් පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා.

ඉතින් මේ සම්බන්ධයෙන් සාරංග දිසාසේකරගේ මව වන තිලකා රණසිංහත් මාධ්‍ය හමුවේ කතා කරලා තියෙනවා. තිලකා රණසිංහ කියන්නේ වසර 30ක කාලයක් ගුවන් විදුලිය, රූපවාහිනිය ප්‍රමුඛ මාධ්‍ය ක්ෂේත්‍රෙයේ ප්‍රවීන නිවේදිකාවක් වගේම කලා ක්ෂේත්‍රයේද නිර්මාණයන්ට දායක වුණු රසික ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්.

මේ ඇය හා සාරංග ගේ විවාහය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවක්.

පසුගිය දවස්වල සාරංග උමාලි සම්බන්ධව විවිධ ගොසිප් නිර්මාණය වුණා. මෙහෙම දේවල් නිර්මාණය වන්නේ ඇයි?

අම්මා කෙනෙක් විදියට හැම දරුවෙක් දිහාම මම බලන්නේ එක හිතින්. මමත් අම්මා කෙනෙක් විදියට මගේ දරුවට විතරක් නෙමෙයි පිට දරුවකුට වුනත් අපහාසයක්, ලජ්ජාවක්, කටකතාවක් අහන්න ලැබෙනවාට මම කැමති නැහැ. ලෝක ධර්මතාව අනුව සියල්ල සිද්ධවේවි කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම කවදාවත් කාගෙවත් හිත රිද්දලා නෑ. මම කාටවුනත් වැරදි දේවල් පෙන්නලා දෙනවා. අවවාද කරනවා. ඇත්තට මේ වගේ කටකතා නිර්මාණය වෙන එක ගැන අම්මා කෙනෙක් විදියට මට දරාගන්න අමාරුයි. ඕනෑම ජීවිතයක ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ඒවා ගැන අපහාසයෙන්වත් උපහාසයෙන්වත් අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව ඒ අයට අදාළ විදියට ප්‍රශ්න විසඳගන්න ඉඩදීම තමයි හොඳම දේ. පුංචි දේවල් අල්ලගෙන පවුල් කඩන්න තරම් චරිත ඝාතන කරන්න තරම් සමාජය හිනස්සන වැඩ කරන එක ගැන කනගාටුයි. ප්‍රශ්නයක් ඇති වුණාම ඒ ප්‍රශ්නයේ බරපතලකම අනුව තමයි තීන්දු තීරණ ගන්න ඕන. අපේ ගෙදරවත් නැති ප්‍රශ්න අද සමාජයේ ගොඩක් දෙනෙකුට විශාල ප්‍රශ්නයක් වෙලා. අම්මා කෙනෙක් විදියට කියන්නේ. ගඳ ගස්සන කුණු දේවල් අවුස්සන්න එපා. ඒවා විසඳගන්න පුළුවන් පොඩි ප්‍රශ්න විතරයි. ප්‍රශ්න ආවම අපි ඒවාට මුහුණ දෙන්න ඕන. මඟහරින්න බැහැනේ.

සාරංග මේ කටකතා ගැන ඔබට කලින් කියලා තිබුණද?

කටකතා හැදෙන ඒවා අපට නතර කරන්න බැහැනේ. ඒ හැමදේම උපේක්ෂාවෙන් ඉවසන එක තමයි හොඳම දේ. දරුවෙකුට වුනත් විවාහ වුණාටෙ පස්සේ අම්මට කියන්න බැරි දේවල් තියෙනවා. අම්මාට හැමදේම කියන්න කියලා නීතියක් නැහැනේ. කවදාවත් කිසිම ප්‍රශ්නයක් පුතා මට කියලා නෑ. කියන්නෙත් නෑ. ඒක එයාලගේ ජීවිතේනේ.

උමාලි සාරංග විවාහය දෙදරයි කියලා ගොසිප් නිර්මාණය වෙද්දී ඇයි නිහඬව ඉන්නේ.?

එහෙම කතාවක් පැතිරිලා තියෙනවා. දෙන්නම මගේ දරුවෝ. පවුල් ප්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒ ප්‍රශ්න විසඳගන්න ඕන ඒ දෙන්නා. ඒ ප්‍රශ්නය කොයි විදියට විසඳෙයිද කියලා මට කියන්න බෑ. ඒ දෙන්නා හොඳ විදියට මේ ප්‍රශ්නය විසඳගනීවි කියලා මම හිතනවා. පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. ඒවා පවුල් ජීවිතේක සාමාන්‍ය දේවල්. අම්මා කෙනෙක් විදියට උඩ බලාගෙන කෙළ ගහාගන්න මම කැමති නෑ. ජනප්‍රිය වුනාම කතා හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේවගේ චරිත ඝාතන කරන්න එපා. සාරංග ජනතාවගේ නළුවා වුණාට ඔහුට කියලා පෞද්ගලික ජීවිතයක් තියෙනවා.

ඔවුන් සමගි කරන්න ඔබ සටන් කරනවාද?

මොන අම්මාද කැමති දරුවන්ගේ ජීවිතවල ප්‍රශ්න ඇති වෙනවට.

Saranga-Thilaka

තවත් පක්ෂයක් කරළියට! කුඩු ලාල්, පොට්‌ට නවුෆර් දේශපාලන මණ්ඩලයට!

Mervin Silva Riding

දිවංගත පිලිප් ගුණවර්ධන 45 වැනි ගුණ සමරුව පසුගිය සතියේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ දී පැවැත්වුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මහින්ද එනතුරු මහින්දානන්ද අලුත්ගමගේ, වීරකුමාර දිසානායක, උදය ගම්මන්පිල, සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරු කතාබහක නිරතිවෙමින් සිටිනු ගක්නට ලැබුණා.

“අන්න කැලණියේ මර්වින් සිල්වා අලුත් පක්‌ෂයක්‌ හදන්න යනවලු. ඔයාලට තමයි යන එන මං නැති වෙන්නේ” ජයන්ත සමරවීර කීවේ සිසිර ජයකොඩිටය.

“ඒක නම් ඇත්ත. ඒ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයට තමයි අපි බය” සිසිර ඊට පැවසීය.

” ඒ ඇයි?” දැයි ජයන්ත ඇසූ පැනයට “ඒකෙනේ ඔක්‌කොම කෙරුම්කාරයෝ ටික ඉන්නේ” යැයි සිසිර පැවසුවා.

“කවුද අප්පේ ඒ?” ජයන්තගෙන් යළිත් ප්‍ර‍ශ්නයකි. “ඇයි පාතාලේ කෙරුම්කාරයෝ? කුඩු ලාල්, පොට්‌ට නවුපර්ලා සේරම ඉන්නේ එයාගේ පක්‌ෂෙනෙ. ඒකයි බය. සිසිර කීවේ සිනාසෙමිනි. (nethgossip)

අලුත්ම තිරිහන් පෙත්ත ලෝකය කළඹයි

Aged Lady with Mask old

ලෝකයම මහත් කැලැඹීමකට පත්කරන විප්ලවකාරී පෙත්තක් නොබෝ දිනයකම වෙළඳපලට එන්නට නියමිතය. මේ පෙත්ත හැඳින්විය හැක්කේ වයසට යාම වළක්වන පෙත්ත (Anti ageing drug) නැතිනම් කාටත් තේරෙන බාසාවෙන් කිව්වොත් සදාකාලික තිරිහන් පෙත්ත නමිනි. වයසට යාමේ ක්‍රියාවලිය සිදුවීමේ වේගය වැළැක්වීමට හැකියාව ඇති විස්මකර්ම රසායනය තමන් සොයාගත් බව මේ පසුගිය මාර්තු 23 වැනිදා Science විද්‍යා සඟරාවට ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥයන් පිරිසක් කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඔවුන්ගේ මේ ප්‍රකාශය ලෝකය තුළ විප්ලවකාරී උද්යෝගයක් හටගන්වන්නට සමත්ව තිබේ. දැන් කවුරුත් බලා ඉන්නේ පෙත්ත එනතුරුය. ඒ නැවත තිරිහන් වන්නටය. තරුණ කාලේ ජවය නැවත ලබාගන්නටය. මේ විප්ලවකාරී සොයාගැනීම නිසා තවත් වසර හතරකදී ලෝකය සදාකාලික තාරුණ්‍යයෙන් ඔපවත් වූ අමුතු තැනක් වන්නට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් සරසවියේ සහ බොස්ටන් හි හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ පරීයේෂක පිරිසක් විසින් සිදුකරන ලද මේ සොයාගැනීම පිළිබඳව කාටත් වඩා උනන්දු වී ඇත්තේ අභ්‍යවකාශය අල්ලන්ට සැරුසෙන නාසා ආයතනයයි. නොබෝ දිනකින්ම අඟහරු මත පදිංචිවන්නට සිතා සිටින ජනපදිකයන් පිරිස සඳහා මේ පෙත්ත තොග වශයෙන් යොදාගන්නට ඔවුහු බලාපොරොත්තුව සිටිති. අනෙක් අතට මේ සොයාගැනීම වැදගත් වන්නේ දැන් ලෝකයේ ප්‍රධානම මාරකයක් බවට පත්ව තිබෙන පිළිකා රෝගයටය. 

පිළිකා මුළුමනින්ම ලෝකයෙන් අතුගා දමන්නට මේ එළිදරව් කරගත් රසායනය යොදාගැනීමෙන් හැකිවේයැයි ප්‍රබල සාධක මතුව තිබේ. එසේම අල්ෂයිමර් වැනි අමතක වීමේ රෝගයන් ගැන සදහටම අමතක කර දමන්නටද මේ මගින් අවස්ථාව උදාවන බවට මෙහි පර්යේෂක පිරිස පෙන්වා දී තිබේ. ඉතින් මේ අලුත් තිරිහන් පෙත්ත ලෙඩදුක් නැති සදාතනික තරුණ්‍යය පිරි අනාගත ලෝකයක් ගැන දැන් අප ඉදිරියේ අපූරු සිහිනයක් මවා තිබේ. මෙන්න මේ කාරණාව නිසාම මුළුමහත් ලෝකයේම සමාජ, සංස්කෘතික, දේශපාලනික මෙන්ම ආර්ථික වශයෙන්ද ලොකු හෙයියම්මාරැවක් සිදුවන්නට හැකිය. 

පෙති නිපදවන්නාගේ සිට බෙදාහරින්නා දක්වාද මිලදී ගන්නාගේ සිට පෙති බලෙන් පැහැර ගන්නා මාෆියාවන් දක්වාද ලෝකය මුහුණුවර වෙනස්වන්නට නියමිතය. මේ තරම් සුවිශාල හෙයියම්මාරුවකට මගපෑදූ මේ සොයාගැනීමේ ප්‍රධාන පර්යේෂකයා වන්නේ වසර ගණනාවකට සිට තිරිහන් බව රැකගැනීම ගැන සොයාබැලූ මහාචාර්ය ඩේවිඩ් ඒ සින්ක්ලෙයාර්ය. ඔහු හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා සේම වයස්ගත වීම පිළිබඳ ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය හැදෑරීම සඳහාම පිහිට වූ පෝල් එෆ් ග්ලේන් මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂවරයාය.

Scientists Group

මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස සොයාගත් මේ අලුත් ඖෂධය මෙතෙක් කලක් මිනිස් සිරුර තුළ මෙන්ම ඕනෑම සජීවී සෛලයක් තුළ පැවතුනකි. වයසට යන්නට හේතුව කුමක්ද? සහ එම ක්‍රියාවලියේ වේගය අඩාල කරගත හැක්කේ කෙසේද? යන්න පිළිබඳ වසර ගණනාවක්ම පර්යේෂණයන්හි යෙදුණු මහාචාර්ය සින්ක්ලෙයාර් පෙන්වා දෙන්නේ මේ පිළිබඳව වගකිවයුතු ප්‍රධාන රසායනය අපේ ජාන හෙවත් DNA අණුව තුළ සැඟවී ඇති බවය. 

ජීවී සෛල තුළ සිදුවන නිරන්තර සිදුවන බෙදීමේ සහ ගුණනය වීමේ ක්‍රියාවලියම වයසට යාමට හේතුව ලෙස බලපායි. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ සෛල බෙදීමේදී DNA අණුවලට සිදුවන හානිය, වයසට යාම සහ එය කෙතරම් වේගයෙන් සිදුවන්නේද යන්න තීන්දු කරන බවය. 

එය වළක්වා ගැනීමට නම්, එනම් වයසට යාම පමාකර බෙදීමේ ක්‍රියාවලියට ලක්වන්නට කලින් තිබූ සෛලයේ තත්ත්වයම ඇති නව සෛල දිගින් දිගටම පවත්වාගෙන යන්නට නම් සෛලය තුළට DNA අණු තැනීමට හේතුවන කොටස් එකිනෙක බැඳ තැබීමට සමත්වන NAD+ ලෙස අණුක ජීව විද්‍යාවේදී හඳුන්වන ඒවායේ නිකොටිනැමයිඩ් ඇඩිනොසින් ඩයි න්‍යුක්ලියෝටයිඩ් නමැති ප්‍රෝටීන සහ සීනි එකතුව තැණුනු අණු සෛල තුළට අවශ්‍ය තරම් නියමිත මට්ටමක පවත්වා ගත යුතු බවය. 

හානි වූ DNA අණු නැවත බැඳ නිසි ලෙස සකස් කිරීමට ආධාර වන මේ රසායණ අණු සෛල තුළ ස්වභාවිකව පැවැතුනත් වයස්ගත වීමත් සමග සෛල තුළ පවතින ප්‍රමාණය අඩුවී යයි.

මේ නිසාම අවශ්‍ය තරම් NAD+ පිටතින් ලබාදීම මේ සඳහා පිළියමක් වනු ඇතැයි මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස උපකල්පනය කළහ. NAD+ සාමාන්‍ය සෛලයක බිත්තිය ඔස්සේ ගමන් නොගනියි. ඒ නිසා ඒ වෙනුවට ඔවුන් තෝරාගන්නේ NMN ලෙස හඳුන්වන NADවලට මූලික අණුක සංයෝගයයි. එය සෛල බිත්තිය ඔස්සේ ගමන්ගෙන එය තුළදී කොටස් දෙක බැගින් එකතු වී සම්පූර්ණ NAD+ අණුව බැගින් සාදයි. මේ නිසා කැඩී බිඳී යන DNA අණු නැවත මුළුමනින්ම කලින් තිබුණාක් බඳු තත්ත්වයටම නිපැදවිය හැකිවෙයි. ඒ කියන්නේ සෛලය තවමත් තරුණ බවය.

මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස මේ උපකල්පනය අණුව යමින් විද්‍යාගාර මීයන් සොයා එය සනාථ කිරීම සඳහා පර්යේෂණ ඇරුඹූහ. අවුරුදු 60ක මිනිසකුගේ වයස් ප්‍රමාණයට සරිලන අන්දමේ වයස්ගත දේහයක් හිමි වයසක මීයන් සහ තරුණ මීයන් යොදාගනිමින් මේ පරීක්ෂණය සිදුකරන්නට යෙදුණි. එහිදී ජලය සමඟ NAD+ වයස්ගත මීයන්ට ලබාදෙමින් ඔවුන්ගේ සෛල තුළ හටගන්නා වෙනස පරීක්ෂාවට ලක් කළේය. සොයාගැනීම විස්මිත වූවකි! වයස්ගත මීයන් තුළ අලුතෙන් ගොඩනැගෙන්නට වූ සෛල තරුණ මීයන් තුළ දක්නට ලැබෙන සෛලවලින් කිසිසේත්ම වෙනස් වූයේ නැත. එයින් සනාථ වී ඇත්තේ NMN යනු සදාකාලික තාරුණ්‍යය රුක දීමට සමත් දෙවියන්ගේ රසායණය නැතිනම් තිරිහන් බවේ ඖෂධය බවය.

වසර හතරක පමණ කාලයක් සිදුකරමින් පැවැති මේ පර්යේෂණයෙන් පසු මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස NMN වෙන්කර ගනිමින් එමගින් පහසුවෙන් භාවිතා කළ හැකි පෙත්තක්ද නිපදවා තිබේ. ඔවුහු සිය පරීක්ෂණ පත්‍රිකාව එළිදක්වා ඇත්තේ ඉන්පසුවය.

මිනිසා පෙලන ලොකුම භීතිකා අතරින් ප්‍රධාන තැනක් ගන්නේ වයසට යාම පිළිබඳ භීතිකාවය. එය දෙවැනි වන්නේ මරණයට ඇති බියට පමණි. විද්‍යාව හා තාක්ෂණ දියුණුව මගින් අභ්‍යවකාශය ජයගන්නට මිනිසා පෙළඹවූයේද එහි ඇති ගුරුත්වය රහිත පරිසරය වයසට යාම පමාකරනු ඇතැයි යන බලාපොරොත්තුවය. නමුත් අභ්‍යවකාශ ගතවූ හාදයන්ද නැවත පොලෝ තලයට ආවේ එහිවූ විකිරණශීලීත්වයට ලක්ව හිටියාටත් වඩා වයස්ගත වූවන් ලෙසටය. දුර්වල පේශි පද්ධතියක් සහිත අබල දුබල තැනැත්තන්සේය. ඒ මදිවාට ඔවුන්ගේ මතක ශක්තියද දුර්වලව තිබුණි. පිළිකාව වැලඳී මියයාමේ හැකියාවට සියයට 100කින් ඉහළ ගොස් තිබුණි. 

තවත් වසර හතරකදී අඟහරු කරා යන්නට නාසා ආයතනය පිඹුරුපත් සකසා තිබුණු නමුත් ඔවුන් වෙත ඉදිරිපත්ව ආ ලොකුම ගැටුලවක් වූයේද ඔය කියන තත්ත්වයයි. වයසට යාමේ වේගය අවම කරගත හැකි උපක්‍රමයක් ගැන ඔවුන්ගේ අවධානයද යොමුවූයේ බොහෝ කලක සිටය. නාසා i Tech නමැති තරගය පැවැත්වූයේ ඒ සඳහා අලුත් විද්‍යා තාක්ෂණික උපක්‍රමයක් සොයන්නටය. එයට ඉදිරිපත්වූ 300ක් පමණ වූ ව්‍යාපෘති අතරින් මුල්තැන දිනාගත්තේ මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිසගේ තිරිහන් ඖෂධයය පිළිබඳ සොයාගැනීමය. 

තවත් වසර හතරකින් පමණ පෙත්තක් ලෙසින් තිරිහන් ඖෂධය නිපදවාදෙන්නට සින්ක්ලෙයාර් ඇතුළු පිරිස පොරොන්දු වී තිබේ. මේ නිසා අඟහරු කරා යන්නට සිතා සිටින උදවියද දැන් ඉන්නේ සැනසුම් සුසුම් හෙලමිනි. ඒ අය පමණක් නොව මහපොළොවේ පයගසා මුහුණේ රුලි ගැන ඉදුණු කෙස් ගැන තැවි තැවී ඉන්නා උදවියටද දැන් හිත සනසා ගන්නට හැකිය.

මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස තවත් මාස 06කින් තමන්ගේ, විස්මිත සොයාගැනීම මිනිසුන් අරභයා මුල්වරට පරීක්ෂා කර බලන්නට යති. බොස්ටන් කාන්තා රෝහලේදී සහ බ්‍රිග්හැම් රෝහලේදී මිනිසුන් යොදා කෙරෙන මෙම පරීක්ෂණය උදෙසා අවශ්‍ය වන තිරිහන් පෙති දැනටමත් මහාචාර්ය සින්ක්ලෙයාර් සහ ආචාර්ය වූ දෙපලගේ ප්‍රධානත්වයෙන් යුතු නිව් සවුත් වේල්සයේ මෙට්රෝ බයෝටෙක් සහ අන්තර්ජාතික මෙට්රෝ බයෝටෙක් ආයතනවලදී නිපදවා පැවැති බව වාර්තාවේ.

ඔවුන්ගේ මීළඟ පියවර බවට පත්ව ඇත්තේ වයසට යාමත් සමඟ අත්වැල් බැඳ එන අමතක වීමේ රෝගය හෙවත් අල්ෂයිමර්, දෙවැනි මට්ටමේ දියවැඩියාව, හෘදය හා රුධිරනාල ආශ්‍රිත රෝග මෙන්ම වඩාත් විනාශකාරී වූ පිළිකාව සඳහා නිට්ටාවටම ඖෂධයක් මේ කියන පෙත්තට යොදාගත් රසායනික අණු ආශ්‍රයෙන්ම සොයාගැනීමය. 

එසේම දරුඵල නොමැති කාන්තාවන්ට දරුඵල සරු කිරීමටත්, පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ගත් උදවියට වැළඳෙන අතුරැ ආබාධ සුව කිරීමටත් ඔවුහු බලාපොරොත්තුව සිටිති. මේ අණුව අපට කියන්නට ඇත්තේ සින්ක්ලෙයාර් සහ වූ ගේ තිරිහන් පෙත්ත තරුණ ජවයෙන් පිරි මෙතෙක් සිතා සිටියාට වඩා අමුතුම ලෝකයක් හෙට තිළිණ කරන්නට නියමිත බවය.

 සුගත් පී. කුලතුංගආරච්චි 

01 April, 2017

ජනාධිපති සම්මාන උළෙලේ හොඳම ටික මෙන්න (Photo)

Presidents-Awards-2017

ඊයේ (31) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයෙදී 2015 වසරේ හොඳම තිර රචනය - හොඳම චිත්‍රපටය - හොඳම අධ්‍යක්ෂණය- හොඳම සංස්කරණය- හොඳම ශබ්ද සංකලනය- හොදම නළුවා- හොඳම නිළිය ඇතුළු සම්මාන රැසක්ම ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටයට හිමිවිය.

ජනාධිපති සිනමා සම්මා ලාභිහු මෙසේය.

  • හොඳම තිර රචනය ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම සංස්කරණය- ශ්‍රීකර් ප්‍රසාද් (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම ශබ්ද සංකලනය- තපස් නායක් (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම කැමරාකරණය- චන්න දේශප්‍රිය (ඇඩ්‍රස් නෑ)
  • හොඳම සහාය නළුවා- ජයලත් මනෝරත්න (හො ගාගනා පොකුණ)
  • හොඳම සහාය නිළිය- දමිතා අබේරත්න (ප්‍ර වේගය)
  • හොඳම නළුවා- ශ්‍යාම් ප්‍රනාන්දු (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම නිළිය- අංජලී පාටීල් (ඔබ නැතුව ඔබ එක්ක) 
  • හොඳම අංග රචනය- හර්ෂ මංජුල (ඇඩ්‍රස් නෑ)
  • හොඳම සංගීතය -දිනේෂ් සුබසිංහ ( හෝ ගානා පොකුණ)
  • හොඳම ගායිකාව - නිරොෂා විරාජිනී (සිනහව අතරින්)
  • හොඳම ගීත රචක- පල්ලේගම සෝමරත්න හිමි
  • හොඳම අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම චිත්‍රපටය- ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)

විශාරද නන්දා මාලිනී- වසන්ත ඔබේ සේකර- අනෝජා වීරසිංහ -ස්වර්ණා මල්ලවආරච්චි- ධර්මසිරි බණ්ඩාරනායක- ඩොනල්ඩ් කරුණාරත්න ස්වර්ණ සිංහ සම්මනයෙන් පිදුම් ලැබූහ.

තිස්ස ලියනසූරිය (අධ්‍යක්ෂණය) ආතර් යූ. අමරසේන ( සිනමා මාධ්‍ය) මහාචාර්ය සුනිල් ආරියරත්න (සිනමා ගීතය) චන්ද්‍රා කළු ආරච්චි (සිනමා රංගනය) ඩෙරික් ප්‍රනාන්දු (අංග රචනය) ඒ.ඩී. රංජිත් කුමාර(ජනමාධ්‍ය) ගාමිණි වේරගම (සිනමා විචාරය)සුනිල් මිහිඳුකුල (සිනමා සාහිත්‍ය) පුරොගාමී මෙහෙවර වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ආචාර්ය ධර්මසේන පතිරාජ -සුනිල් එස්. සිරිසේන- සුමිත්‍රා රාහුබද්ධ- අතුල සමරකෝන් සහ දීප්තිකුමාර ගුණරත්න විනිශ්චය මණ්ඩල සමාජිකයන් ලෙස කටයුතු කළ අතර බුද්ධදාස ගලප්පත්ති විනිශ්චය මණ්ඩල සමායෛා්ජක ලෙස කටයුතු කළේය. 

හෙරොයින් තොරතුර ලැබුනේ ගුවන් සේවිකාවකගෙන්

Heroin Raid-01
හෙරොයින් තොගයක් -සංරක්ෂිත ඡායාරූපයකි
_________________________________________________________________________________
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට අද (31) පාන්දර 2.30 ට පමණ ලඟා වූ ගුවන් යානයක තිබී හමු වූ හෙරොයින් තොගය අල්ලා ගනු ලැබුණේ ගුවන් සේවිකාවක විසින් කරන ලද දැනුම් දීමක් අනුව යයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ධර්මසේන කහඳව, ඩුබායි සිට කටුනායකට ලඟා වූ ගුවන් යානයක වැසිකිළියේ තිබී එම හෙරොයින් තොගය සොයාගත් බව සඳහන් කළේය.

ඉස්තරම් වර්ගයේ හෙරොයින් හැටියට හඳුනා ගනු ලැබ ඇති කිලෝ 1.4 ක් වන මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙන බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ධර්මසේන කහඳව පවසයි.

Heroin Raid Army Soliders STF
මත්ද්‍රව්‍ය අල්ලා ගත් අවස්ථාවක්
_________________________________________________________________________________
'මේ ගුවන් යානය ඩුබායි සිට මාල දිවයින හරහා ශ්‍රී ලංකාවට ලඟා වූ යානයක්. පකිස්තාන් ජාතිකයන් දෙදෙනකු එම යානයෙන් අදාළ මත්ද්‍රව්‍ය තොගය ගෙන ඒමට උත්සාහ කරන්නට ඇතැයි අපි සැක කරනවා. ඒත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුනා.වැඩිදුර පරීක්ෂණ පවත්වා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කාර්යය අපි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාර දී තිබෙනවා' ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ධර්මසේන කහඳව වැඩිදුරටත් සඳහන් කළේය.
පාකිස්තාන් ජාතිකයකු ඔහුගේ ගමන් බෑගයක ඉතාම සූක්‍ෂම ලෙස සඟවමින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත්කළ කිලෝ 1.4 ක් වූ මෙවැනිම මත්ද්‍රව්‍ය තොගයක් මෙයින් සති දෙකකට පෙර අත්අඩංගුවට ගත් බව සඳහන් කළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ධර්මසේන කහඳව, අද (31) අල්ලා ගත් හෙරොයින් තොගයත් පාකිස්තාන් ජාතිකයන් විසින් ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන බව කියා සිටියි.

Heroin Packet
GETTY - වේගයෙන් පැතිර යන මත උවදුර
_________________________________________________________________________________
එම සැකකරුවන් දෙදෙනා මාල දිවයිනට ගොඩ බසින්නට ඇතැයි සැක කරන බවත් ඔහු පවසයි.

'ජාත්‍යන්තර සබඳතා අනුව මාල දිවයින් රේගුව සමඟ කටයුතු කරමින් එම සැක කරුවන් අත්අඩංගුවටගැනීමට කටයුතු කරන බවත්' ශ්‍රී ලංකා රේගු ප්‍රකාශක ධර්මසේන කහඳව සඳහන් කළේය. (බීබීසී)

ධම්මික පෙරේරගේ කැසිනෝ එකට ශිල්පා ශෙට්ටි ඇවිත් (Photos)

Shilpa Shetty at Bellagio Casino-01

මෙරට අංක එකේ ධනපතියා වන ධම්මික පෙරේරාට අයත් Bellagio කැසිනෝ ශාලාව සිය 18 වන සංවත්සරය මේ දිනවල සමරනු ලබනවා.

ඒ වෙනුවෙන් එම කැසිනෝ ශාලාවේ විශේෂ වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක වනවා.

සුපිරි බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිද මේ සංවත්සරයේ එක් දිනක් වර්ණවත් කිරීම සඳහා පැමිණ සිටියා.










මාලඹේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන පාපීන් නොමැති කේන්ද්‍රයකි (සයිටම් නොවේ)

Not SAITM Ad-2

මංගල යෝජනාවක් වෙනුවෙන් පුවත්පතක පලවූ දැන්වීමක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල විශාල කතාබක් මේ වන විට ඇතිවී තිබෙනවා.

අදාළ දැන්වීමෙන් විශ්‍රාමික ගුරුවරුන් දෙපළකගේ එකම දියණියට විවාහයක් බළාපොරොත්තු වන අතර දියණිය මාලඹේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන බව සඳහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙයි විශේෂත්වය වනුයේ අදාළ දැන්වීමේ වරහන් තුළ ” සයිටම් නොවේ” යනුවෙන් ද සටහන් කර තිබීමයි.

අදාළ දැන්වීම පහතින්.

Not SAITM Ad