
දොඩංගොඩ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනෙකු අණ නොතකා ධාවනය කල යතුරුපැදිකරුවෙකුට අමානුෂික ආකාරයෙන් පහර දෙන වීඩියෝ දර්ශන මාධ්‍ය තුලින් පසුගියදා වාර්තා කළා. ඒට ප්‍රතිචාර වශයෙන් අදාල නිලධාරීන් දෙදෙනාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අදාල තරුණයා මේ වනවිට කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
අණ නොතකමින් ගිය යතුරු පැදිය දොඩම්ගොඩ පොලිසිය ආසන්නේ ඇති මං සන්ධියකින් ප්‍රධාන පාරට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේ, යතුරු පැදිය ත්‍රිරෝද රථයක ගැටී ඇති අතර ඉන් ඔහුට තුවාල වී තිබෙනවා. පොලිසි නිලධාරීන් දෙදෙනා අමානුෂික අයුරින් පහරදී ඇත්තේ අදාල තරුණයා එසේ තුවාල ලබා සිටියදීමය.
පහරදීමෙන් අනතුරුව අදාල යතුරුපැදිය අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත ගෙන ආවද, තරුණයා පොලිසිය වෙත හෝ රෝහල වෙත ගෙනයාමට අදාල නිලධාරීන් කටයුතු කර තිබුණේ නැත.
width="320">

-nethgossip
-nethgossip
Share this
|
|
0 Comment to "පොලිසිය අමානුෂික ලෙස පහරදුන් තරුණයා රෝහලේ දුක් විඳින හැටි (Photos)"
Post a Comment