01 April, 2017

ජනාධිපති සම්මාන උළෙලේ හොඳම ටික මෙන්න (Photo)

Presidents-Awards-2017

ඊයේ (31) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයෙදී 2015 වසරේ හොඳම තිර රචනය - හොඳම චිත්‍රපටය - හොඳම අධ්‍යක්ෂණය- හොඳම සංස්කරණය- හොඳම ශබ්ද සංකලනය- හොදම නළුවා- හොඳම නිළිය ඇතුළු සම්මාන රැසක්ම ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබ එක්ක‘ චිත්‍රපටයට හිමිවිය.

ජනාධිපති සිනමා සම්මා ලාභිහු මෙසේය.

  • හොඳම තිර රචනය ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම සංස්කරණය- ශ්‍රීකර් ප්‍රසාද් (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම ශබ්ද සංකලනය- තපස් නායක් (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම කැමරාකරණය- චන්න දේශප්‍රිය (ඇඩ්‍රස් නෑ)
  • හොඳම සහාය නළුවා- ජයලත් මනෝරත්න (හො ගාගනා පොකුණ)
  • හොඳම සහාය නිළිය- දමිතා අබේරත්න (ප්‍ර වේගය)
  • හොඳම නළුවා- ශ්‍යාම් ප්‍රනාන්දු (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම නිළිය- අංජලී පාටීල් (ඔබ නැතුව ඔබ එක්ක) 
  • හොඳම අංග රචනය- හර්ෂ මංජුල (ඇඩ්‍රස් නෑ)
  • හොඳම සංගීතය -දිනේෂ් සුබසිංහ ( හෝ ගානා පොකුණ)
  • හොඳම ගායිකාව - නිරොෂා විරාජිනී (සිනහව අතරින්)
  • හොඳම ගීත රචක- පල්ලේගම සෝමරත්න හිමි
  • හොඳම අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)
  • හොඳම චිත්‍රපටය- ප්‍රසන්න විතානගේ (ඔබ නැතුව ඔබ එක්ක)

විශාරද නන්දා මාලිනී- වසන්ත ඔබේ සේකර- අනෝජා වීරසිංහ -ස්වර්ණා මල්ලවආරච්චි- ධර්මසිරි බණ්ඩාරනායක- ඩොනල්ඩ් කරුණාරත්න ස්වර්ණ සිංහ සම්මනයෙන් පිදුම් ලැබූහ.

තිස්ස ලියනසූරිය (අධ්‍යක්ෂණය) ආතර් යූ. අමරසේන ( සිනමා මාධ්‍ය) මහාචාර්ය සුනිල් ආරියරත්න (සිනමා ගීතය) චන්ද්‍රා කළු ආරච්චි (සිනමා රංගනය) ඩෙරික් ප්‍රනාන්දු (අංග රචනය) ඒ.ඩී. රංජිත් කුමාර(ජනමාධ්‍ය) ගාමිණි වේරගම (සිනමා විචාරය)සුනිල් මිහිඳුකුල (සිනමා සාහිත්‍ය) පුරොගාමී මෙහෙවර වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබූහ.

ආචාර්ය ධර්මසේන පතිරාජ -සුනිල් එස්. සිරිසේන- සුමිත්‍රා රාහුබද්ධ- අතුල සමරකෝන් සහ දීප්තිකුමාර ගුණරත්න විනිශ්චය මණ්ඩල සමාජිකයන් ලෙස කටයුතු කළ අතර බුද්ධදාස ගලප්පත්ති විනිශ්චය මණ්ඩල සමායෛා්ජක ලෙස කටයුතු කළේය. 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනාධිපති සම්මාන උළෙලේ හොඳම ටික මෙන්න (Photo)"

    Post a Comment