02 February, 2017

FB බොරු මූණ පෙන්වූ සිසුවිය නිසා තරුණයා කළකිරිලා

බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක මුණගැසීමට තංගල්ල ප්‍රදේශයේ සිට බදුල්ල නගරයට පැමිණි තරුණයෙකු බදුල්ල, බතලවත්ත, ඇළපාරේ ගැවසෙමින් සිටියදී ඊයේ (01දා) අලුයම අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තංගල්ල, ඉදිපොකුණගොඩ පාරේ පදිංචි 19 හැවිරිදි තරුණයකි. අදාළ සිසුවිය මුහුණ පොත හරහා හඳුනාගෙන ඇය සමග සුහද වී ඇය හමුවීමට තමන් බදුල්ල නගරයට පැමිණි බවත්, නමුත් හමුවීමට පැමිණි තරුණිය මුහුණු පොතෙන් දුටු රූමත් තරුණිය නොව ඊට හාත්පසින්ම වෙනස් තරුණියක වූයෙන් කලකිරී නගරයේ ගැවසෙමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

fb-fake-3
-ඇල්ල ප්‍රසාද් රැක්මාල් - ada.lk

ගාල්ලේ ජේලර්ට ගැහැවේ ඇප පිට එළියට ආ “පැතුම්ද“?

ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයෙකු උණවටුන ප‍්‍රදේශයේ දී ප‍්‍රහාරයකට ලක්ව තිබෙනවා. රාජකාරී කටයුත්තක් සඳහා සිවිල් ඇඳුමින් සැරසී හබරාදුව ප‍්‍රදේශයට යමින් සිටිය දී ඔහු මෙම ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

ඔහු ගමන්ගත් බස් රථයට නැගි පුද්ගලයින් සිව් දෙනෙකු විසින් බස් රථය නවතා මෙම පහරදීම සිදු කර ඇති බව සඳහන්. තුවාල ලැබූ එච්.පී. හර්ෂණ නමැති ජේලර්වරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ගාල්ල බන්ධනාගාරයේ ක‍්‍රියාත්ම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධි ක‍්‍රියාකාරකම් මැඩලීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර පහරකෑමට ලක්වූ ජේලර්වරයා එම කමිටුවේ ක‍්‍රියාකාරී සාමාජිකයෙක්. බන්ධනාගාරගතව සිටි පාතාල කල්ලි සාමාජික ‘‘ ගාල්ලේ පැතුම්’’ සතුව තිබී දුරකතනයක් සොයා ගැනීමට ද මෙම නිලධාරියා සමත් වුණා.

ගාල්ලේ පැතුම් මීට දින කිහිපයකට පෙර බන්ධනාගාරයෙන් ඇප මත මුදාහැර ඇති අතර මෙම පහරදීම ඔහු විසින් මෙහෙවන්නට ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ.

beaten-man-hospital

_නෙත්

පොලිස්‌ පාට්‌ දමා මාසාජ් සෙන්ටර් එකෙන් සේවයත් ලබාගෙන කප්පම් ගත් එස්‌ අයි දැලේ

මීගමුව නගරයේ සම්බාහන මධ්‍යස්‌ථානයකට ඇතුළුවී හිමිකරුවන්ට පොලිස්‌ පාට්‌ දමා බලහත්කාරයෙන් එහි තරුණියන්ගේ සේවය ලබාගෙන කප්පම් මුදල් ද ලබාගත් බව කියන පුත්තලම පොලිස්‌ කොට්‌ඨාසයේ සේවය කරන උප පොලිස්‌ පරීක්‌ෂකවරයකු මීගමුව පොලිසිය මඟින් ඊයේ (01 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර උප පොලිස්‌ පරීක්‌ෂකවරයා කාලයක්‌ තිස්‌සේ මෙම සම්බාහන මධ්‍යස්‌ථානයට කඩාවැදී එහි කළමනාකරුට සහ සේවිකාවන්ට තර්ජනය කර නොමිලේ සම්බාහනයත් ලබාගෙන පසුව කප්පම් මුදල් ද රැගෙන යැම පුරුද්දක්‌ ලෙස කරගෙන ගොස්‌ තිබේ.

ඊයේ පෙරවරුවේ ද මෙම සැකකරු සම්බාහන මධ්‍යස්‌ථානයට පැමිණ එහි සේවිකාවන්ට පොලිස්‌ පාට්‌ දමා නොමිලේම සම්බාහනයක්‌ ලබාගෙන ඇත. පසුව සැකකරු සම්බාහන මධ්‍යස්‌ථානයේ කළමනාකරුගෙන් කප්පම් මුදල් සහ මත්පැන් බෝතල් ඉල්ලා තර්ජනය කර තිබේ.

පසුව සම්බාහන මධ්‍යස්‌ථානයේ හිමිකරු එහි සේවකයන් පිරිසක්‌ සමඟ එක්‌ව මොහු අල්ලාගෙන මීගමුව පොලිසියට භාරදී ඇත.

මීගමුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ සැකකාර උප පොලිස්‌ පරීක්‌ෂකවරයා මීගමුව පොලිසිය හෝ අවට පොලිසියක සේවය නොකරන බවත් ඔහු පුත්තලම කොට්‌ඨාසයට අනුයුක්‌ත දූෂණ මර්දන ඒකකයක රාජකාරී කරන බවත්ය.

මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සමන්තිලක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වෙන අතර සැකකරු අධිකරණය වෙත ඊයේ සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

police-officer-at-massage-center

-හේමන්ත රන්දුණු සහ මීගමුව විමල් කීර්ති_දිවයින

“28” රිදී තිරයට ගෙනාවේ ලිංගිකත්වය කුණුහරුපයක් නොවන බව කියන්නයි

film28

සිංහල සිනමාවට එක්වන නවතම චිත්‍රපටය වන්නේ “28”ය. “සංකාරා” සහ “කර්ම” යන චිත්‍රපට රිදී තිරයට ගෙනා ප්‍රසන්න ජයකොඩිගේ තෙවැනි සිනමා නිර්මාණය වන “28” මෙම මස ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

“සංකාරා” සහ කර්ම” යන චිත්‍රපටවලින් අනතුරුව ඔබ යළිත් සිනමාවට එන්නේ මොන විදිහේ කතා තේමාවක් අරගෙනද?

කතාවක් විදිහට ගත්තොත්, විවාහවෙලා මාස 3කින් තමන්ව හැර යන බිරිඳ, අවුරුදු 15කට පසුව මිය ගිය බව ආරංචි වන සැමියෙක් ඇගේ මිනිය නැවත ගමට රැගෙන යන ආකාරයයි “28” සිනමාපටයෙන් නිරූපණය වන්නේ. දුක, සතුට වැනි හැඟීම් මධ්‍යයේ යන ඒ ගමන තුළ විශාල සමාජ අර්බුදයක් පිළිබඳ හෙළිදරව්වකුත් සිදුවෙනවා.

මොකක්ද ඔය කියන අර්බුදය?

ලිංගිකත්වය කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අවශ්‍ය, අතිශය ස්වාභාවික දෙයක්නේ. නමුත් අදවන විට අපේ සමාජය තුළ ලිංගිකත්වය කුණුහරුපයක් බවට පත්වෙලයි තියෙන්නේ. ඊට හේතුව තමයි අපේ මූලික අවශ්‍යතාවන් යට කරගෙන සංස්කෘතික සදාචාරයන් ඉදිරියට පැමිණීම. නමුත් එයින් අපේ සමාජයේ පිටතින් නොපෙනෙන සහ ඇතුළතින් පුපුරා යන ආතතියක් ඇති වී තිබෙනවා.

මේ නිසා නීත්‍යනුකූල සැමියා සහ බිරිඳ අතර ඇතිවන අතිශය පෞද්ගලික හැසිරීම් පවා සදාචාරය මත පිහිටා සිදුකරන්න අපේ සමාජය හුරු වී තිබෙනවා. ඔය කියන මූලික අවශ්‍යතාව ඉටු කරගැනීමට යාමේදී තමයි පිරිමියකු අතින් දූෂණය වෙලා ගැහැනියකට මැරුම්කෑමට සිදුවන්නේත්. මේ සමාජ අර්බුදය තේමා කරගෙන ලිංගිකත්වය කියන්නේ කුණුහරුපයක් නොවෙයි කියන කාරණය සමාජගත කිරීමටයි මම “28” සිනමාපටයෙන් උත්සාහ දරන්නේ.

ඔබේ සිනමාපට සාමාන්‍ය ‍පොදු ප්‍රේක්ෂකයාට ගෝචර නොවන බවට අදහසක් ඇතැමුන් තුළ තිබෙනවා. එවැනි වාතාවරණයක් තුළ ඔය කියන පණිවුඩය ඔබ සමාජගත කරන්නේ කොහොමද?

මම හිතන්නේ නැහැ මේ චිත්‍රපටයේදී නම් ප්‍රේක්ෂකයන්ට එවැනි ගැටලුවක් මතුවේවි කියලා. මොකද ඕනෑම වැඩිහිටි ප්‍රේක්ෂකයකුට තමන්ගේ අවබෝධයට අනුව රසවිඳිය හැකි ආකාරයටයි “28” නිර්මාණය කරලා තියෙන්නේ.

මොකද මේ චිත්‍රපටය දෙස පැති 3කින් බලන්න පුළුවන්. එකක් තමයි විවිධාකාර සිදුවීම්වලට මුහුණදෙමින් මිනී පෙට්ටිය ගමට රැගෙන යන මිනිසුන්ගේ කතාන්දරය. දෙවැන්න තමයි මියගිය තැනැත්තිය තමන් මුහුණදුන් සිදුවීම් පිළිබඳ කරන හෙළිදරව්ව. මානව වර්ගයාගේ පැවැත්මට ලිංගිකත්වය අත්‍යවශ්‍යයි කියන කාරණය තමයි තෙවැන්න. ඒ නිසා තමන්ට ගැළපෙන කෝණයකින් මේ චිත්‍රපටය ඕනෑම කෙනෙකුට රසවිඳින්න පුළුවන්.

film28-1

ලිංගිකත්වය ගැන වැඩිපුර කතාකරද්දී ඇතැමෙකුට හිතෙන්න පුළුවන් මෙය ලිංගික දර්ශන සුලබ චිත්‍රපටයක්ද කියලා?

කොහෙත්ම නෑ. සමාජය තුළ තිබෙන ලිංගික අර්බුදය ගැන කතා කළත් මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක් නොවෙයි. මෙහි ලිංගික දර්ශන කිසිවක් ඇතුළත් වී නැහැ.

ඔබ මේ වන විටත් මෙම චිත්‍රපටය අන්තර් ජාතික චිත්‍රපට උළෙලවල් වෙත ගෙනගොස් තිබෙනවා. “28” කියන්නේ ජාත්‍යන්තර සම්මාන ඉලක්ක කරගෙන නිපදවූ චිත්‍රපටයක්ද?

රොටර්ඩෑම් චිත්‍රපට උළෙ‍ලේදී හොඳම ආසියාතික චිත්‍රපටය බවට පත්වීම ඇතුළු ජාත්‍යන්තර ඇගැයීම් කිහිපයක්ම මේ වන විටත් “28” සඳහා දැනටමත් ලැබි තිබෙනවා තමයි. නමුත් මෙය කිසිසේත්ම ජාත්‍යන්තරය දිහා බලාගෙන හදපු චිත්‍රපටයක් නමෛයි. මෙය අපේ රටේ සමාජ අර්බුදයක් ගැන කියැවෙන, ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන්ම නිර්මාණය කළ චිත්‍රපටයක්.

චිත්‍රපටයේ සියලු කටයුතු නිම කරලා ඔබට සෑහෙන කාලයක් බලාගෙන ඉන්නත් සිදුවුණා නේද?

ඒ ගැන නම් ලොකු කළකිරීමක් තියෙනවා. මොකද මට මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලබාගන්න අවුරුදු 4ක් බලා ඉන්න සිදුවුණා. මීට පෙර ඛිජ්ඹ් මණ්ඩලයේ ප්‍රදර්ශනය සඳහා දින පවා ලැබි තිබුණත් ඒ කා‍ලේ තිබුණු රජ කතා රැල්ල නිසා මගේ චිත්‍රපටය පසුපසට ගියා. කොයි විදියෙන් හෝ මුදලක් හොයාගෙන චිත්‍රපටයක් නිර්මාණය කළත්, එය ප්‍රදර්ශනය කිරීම සඳහා වසර ගණනාවක් බලා ඉන්නට සිදුවීම විශාල අර්බුදයක්.

මොන විදියේ පදනමක් මතද ඔබේ චිත්‍රපටය ප්‍රමාද කළේ?

ඒ වෙනුවට මුදා හැරපු අනෙක් චිත්‍රපටවල තිබුණු ගුණාත්මක බව, ප්‍රේක්ෂක ආකර්ෂණය හෝ මොනයම් කාරණයක් මත මගේ චිත්‍රපටය පස්සට ගියාද කියන එක පැහැදිලි නැහැ. මොකද ඒ සමහර චිත්‍රපට තිබුණා මාසයක්වත් නොදුවපු අනෙක මගේ චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණය නොලැබෙන විදිහේ එකක් නොවෙයි. චිත්‍රපට සංස්ථාව යටතේ ඇති මණ්ඩලවල හැරුණු විට අනෙක් මණ්ඩලවල තිරගත කරන චිත්‍රපට සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියි පෞද්ගලික අංශයට තිබිමයි මෙහි ගැටලුව.

මේ දේවල් නියාමනය කිරීමේ පූර්ණ බලතල චිත්‍රපට සංස්ථාව සතුව තිබුණා නම් අප වැනි සිනමාකරුවන්ට මෙවැනි නීරස අත්දැකීම්වලට මුහුණදීමට සිදුවෙන්නේ නැහැ.

“28” ප්‍රදර්ශනය කරන්නේ ඩිජිටල් සිනමාවක් තුළ පමණයි කියලයි ඔබ මීට පෙර කිව්වේ. දැන් ඒ ස්ථාවරය වෙනස් වෙලාද?

පිටපත් මුද්‍රණය කිරීම තුළ අති විශාල වියදමක් දැරීමට සිදුවන නිසයි මම එවැනි ස්ථාවරයක හිටියේ. නමුත් ප්‍රදර්ශනය සඳහා කල්ගත වීම නිසා පිටපත් මුද්‍රණය කිරීමට පවා අප සූදානම් වුණා. කොහොම වුණත් එක් පිටපතක් හැරුණු විට ඩිජිටල් මාධ්‍යයෙන් තමයි චිත්‍රපටය පෙන්වන්නේ.

චිත්‍රපටයක් සඳහා මුදල් වැය කිරීමට කැමති නිෂ්පාදකවරයෙකු සොයා ගැනීමත් අද අධ්‍යක්ෂවරයෙකුට එක්තරා අභියෝගයක්. ඒ අභියෝගය ඔබ ජය ගන්නේ මොන විදිහටද?

“කර්ම” චිත්‍රපටයෙන් පස්සේ මට ඒ සඳහා ගත් ණය ගෙවන්න සිදුවෙලා තිබුණා. තවත් චිත්‍රපටයක් සඳහා මුදල් වැය කිරීමේ හැකියාවක් මගේ ආයතනයටත් ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. මගේ චිත්‍රපටය මේ තරම් ලාබ උපයනවා හෝ මේ තරම් සාර්ථක වෙනවා කියලා තවත් නිෂ්පාදකවරයකුට ‍පොරොන්දු දෙන්නත් මට බැහැ. ඒ නිසා මා සමග එකට වැඩ කරන කණ්ඩායමේ සාමූහික දායකත්වය සහ කැපවීමෙන් 28 චිත්‍රපටය සිනමාවට ගේන්න අපි තීරණය කළා. ඒ අනුව අපේ කණ්ඩායමේම 15 දෙනෙකුගේ නිෂ්පාදන දායකත්වයෙන් තමයි “28” එළියට ආවේ.



-කිෂාන් කනංකෙ-lakbima

පුජා නිළිකමට සමු දෙයි

pooja-umashankar

ලංකාවේ ඉපදිලා ඉන්දියාවෙන් නමක් හදාගෙන ආයෙමත් ලංකාවට ඇවිත් නිළියක් හැටියට ශිල්ප දක්වපු පුජා උමාශංකර් පහුගිය දා විවාහ වුණා. මේක පුජාට ආදරේ කරන අයට අලුත් ආරංචියක් නෙමෙයි.

මේ දවස් වල සරිගම චිත්‍රපටිය තුලින් බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයට පන පොවන පුජා අපේ රටේ හැමෝම ආදරේ කරන නිලියක්. කොහොමවුණත් මේ දින වල පුජාගේ විවාහයේ රසමුසු තැන් කතා වෙනවා වගේම මේ සොඳුරු නිළියගේ කලා කටයුතු පිලිබඳ හොයා බලන්නත් බොහෝ දෙනා උනන්දු වෙනවා.

ඉතින් පුජා කියනවලු විවාහ වුන නිසා ටික කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා විවාහ ජිවිතයට මුල් තැන දීලා නිදහසේ ඉන්න තීරණය කළා කියලා. ඉතින් පවුල් ජීවිතය නිසා ටික කාලයක් නිහඬව ඉන්න පුජා ආයෙමත් හොඳ නිර්මාණයකින් අපිට දකින්න ලැබේවි.

_ගොසිප්කින්ග්

ඩීමෝ යළිත් “සේවා විශිෂ්ඨත්ව 2016" ජාත්‍යන්තර සම්මානය හිමිකරගනී

dimo

Daimler AG, වියට්නාමයේ Mercedes-Benz හා එක්ව වාර්ෂිකව සංවිධානය කරන Mercedes-Benz සේවා සම්මාන උළෙලේදී (SEAward) “සේවා විශිෂ්ඨත්ව 2016 “ සම්මානය යළිත් වරක් හිමිකරගැනීමට ඩීමෝ සමත්වෙයි. මෙම සම්මාන උළෙල 2016දෙසැම්බර් මාසයේ වියට්නාමයේ හෝ චිමිං නගරයේදී පැවැත්විණ. Daimler AG විසින් 2005වසරේ සිට අඛණ්ඩව වාර්ෂිකව පවත්වන මෙම SEAward උළෙල සඳහා ශ්‍රී ලංකාව ඇතුළ අග්නිදිග ආසියානු රටවල Mercedes-Benz හි නියෝජිතයින් 85දෙනෙකුට අධික පිරිසක් සහභාගි වෙයි.

මෙම සම්මාන උළෙල Mercedes-Benz හි නියෝජිතයින් සඳහා වන දිරිමත් කිරීමේ වැඩසටහනක් වන අතර එහි ඉලක්කය වන්නේ වඩා හොඳ සේවාවක් සැපයීම තුළින් පාරිභෝගිකයා තෘප්තියට පත්කිරීමයි. මේ සඳහා මලයාසියාව, තායිලන්තය, වියට්නාමය, බෘනායි, පිලිපීනය, සහ ශ්‍රී ලංකාව ආදී රටවල Mercedes-Benz අලෙවි නියෝජිතයින් සහභාගි වෙයි.

SEAward හි වාර්ෂික ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට අමතරව මෙම වැඩසටහන එක් දින වැඩමුළුවකින්ද සමන්විත වන අතර එම වැඩමුළුව වියට්නාමයේ හෝ චිමිං නගරයේදී පැවැත්විණ. මෙවර මෙම වැඩසටහන සඳහා ඩීමෝ සමාගම නියෝජනය කරමින් එහි මගී වාහන සේවා අංශයේ සාමාන්‍යධිකාරි තරංග ගුණවර්ධන මහතා සහභාගි වූ අතර පාරිභෝගික සේවා උපරිම මට්ටමින් පවත්වාගෙන යාම පිළිබඳ කලාපීය වශයෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම ද මෙම සමුළුවේදී සිදු කෙරිණ.

Mercedes-Benz හි මෝටර් රථ ජාත්‍යන්තර වෙළඳ හා අලෙවි ප්‍රධානි සහ අග්නිදිග ආසියානු, මැද පෙරදිග,අප්‍රිකා සහ ලතින් ඇමරිකානු කලාපයේ අලෙවියෙන් පසු සේවා ප්‍රධානි වෝනර් ස්මිත් මෙහිදී අදහස් දක්වමින් සියළුම අලෙවි නියෝජිතයින් වෙත සිය ස්තුතිය පිරිනමමින් Mercedes-Benz වෙනුවෙන් ඔවුන් සිදුකළ මෙහෙවර ඇගයීමට ලක් කළේය.දිශාවන් තුනකට යොමු වූ තරුවක් දැක්වෙන Mercedes-Benz සළකුණ ඔසවා තැබීම සඳහා සෑම සේවකයෙකුම සිය උපරිම දායකත්වය සහ කැපවීම දක්වා ඇති බව ද හෙතම සඳහන් කලේය. ඉදිරි අලෙවි ඉලක්ක සහ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කළ වෝනර් ස්මිත් මහතා පෙන්වා දුන්නේ පාරිභෝගික තෘප්තිය මත අලෙවිය රඳා පවතින බවයි. කලාපීය වශයෙන් පාරිභෝගික සබඳතා තීව්‍ර කරගැනීමේ වැඩසටහන් පැවැත්වීමේ අවශ්‍යතාව ද හෙතෙම මෙහිදී පැහැදිලි කලේය.

වසර ගණනාවක් පුරා අලෙවිය සහ අලෙවියෙන් පසු සේවය පිළිබඳව පාරිභෝගික විශ්වාසය දිනාගත් Mercedes-Benz සමාගම ගතවු වසරවල වාර්තාගත අලෙවියකට හිමිකම් කියයි. වසර 130කට වඩා පැරණි සමාගමක් වන Mercedes-Benz සමාගම 2016වසර වන විට අලෙවි කර ඇති වාහන සඛ්‍යාව මිලියන 2.08ඉක්මවා ගොස් තිබේ. මෙය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් එම තත්වය අත්පත් කරගත් මුල්ම අවස්ථාවයි.

SEAward වාර්ෂික සම්මාන උළෙල ආරම්භ වූයේ කලාපීය වශයෙන් අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ විශේෂ දක්ෂතා දක්වන අලෙවි නියෝජිතයින් ඇගයීමේ වැඩසටහනක් වශයෙනි. එමෙන්ම පාරිභෝගික සේවා පිලිබඳව අලෙවි නියෝජිතයින් දිරිමත් කරලීම ද මෙහි තවත් අරමුණකි. ඇගයීමේ වැඩසටහනේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මඟින් සම්මත ක්‍රමවේදයක් අනුව අලෙවි නියෝජිතයින් වෙත ලකුණු ලබාදීම සිදුකරයි. අලෙවියෙන් පසු පාරිභෝගික තෘප්තිමත් භාවය (After-Sales Customer Satisfaction Score (CSI), Net PromoteScore (NPS), Net Promoter Score (NPS), අළුත්වැඩියා කිරීම් නිවැරදිව සිදුකිරීම, සේවා පහසුකම් වල තත්වය, නියෝජිත කාර්ය මණ්ඩලයේ විනීත භාවය, අළුත්වැඩියා කිරීම් සඳහා සාධාරණ මිළ ගණන් යනාදි කරුණු සඳහා වෙන වෙනම ලකුණු ලබාදීමකින් පසු මේ සඳහා ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ.

_ලක්බිම

කොළඹ - හලාවත - එස්.එස්.සී ජය ලබයි

major-tournament-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ පසුගිය සතියට අදාළව පැවැති තරගවලින් ජයග්‍රහණය හිමිකර ගැනීමට කොළඹ (සී.සී.සී), හලාවත හා එස්.එස්.සී ක්‍රීඩා සමාජ සමත්වූ අතර රාගම හා ද්‍රවිඩ සංගම් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

මේ ජය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පිල සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 63.730ක් සමගිනි. හලාවත පිල ලකුණු 62.250ක් සමගින් දෙවැනි තැනද, එස්.එස්.සී (55.255) තෙවැනි තැනද හිමිකරගෙන සිටී.

මේ වනවිට කොළඹ පිලේ රොන් චන්ද්‍රගුප්ත පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ තරග 8කදී ලකුණු 827ක් රැස්කරමිනි. නිපුන් කරුණානායක (බ්ලුම්ෆීල්ඩ්) ලකුණු 824ක් සමගින් දෙවැනි තැන පසුවෙයි.

පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට හලාවත ක්‍රීඩා සමාජයේ මලින්ද පුෂ්පකුමාර සමත්ව සිටින්නේ කඩුලු 67ක් දවා ගනිමිනි.

කොළඹ කඩුලු 3කින් දිනයි

කොළඹ කණ්ඩායම එන්.සී.සී කණ්ඩායමට එරෙහිව පී.සරා ඕවල් පිටියේ පැවැති තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. මේ සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පිලට හැකි විය.

එන්.සී.සී පළමු ඉනිම - 200 (ඕවර 49) (ළහිරු ගමගේ 52/4) සහ දෙවැනි ඉනිම - 332 (ඕවර 85.4) ඇන්ජලෝ පෙරේරා 108 (උෂ්මාන් ඉෂාක් 47/3)

සී.සී.සී පළමු ඉනිම - 293 (ඕවර 78.2) රොන් චන්ද්‍රගුප්ත 108, වනිඳු හසරංග 59 (තරිඳු කෞෂාල් 71/4, ලෂිත් ඇඹුල්දෙණිය 110/4) සහ දෙවැනි ඉනිම - 240/7 (ඕවර 81.2) මාධව වර්ණපුර 54 (ලසිත් ඇඹුල්දෙණිය 85/5)

හලාවතට ඉනිමක ජයක්

කෝල්ට්ස් පිල සමග තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට ඉනිමක හා ලකුණු 7ක ජයක් අත්විය.

අරෝෂ් ජනෝද්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 150කට සීමාකළ හලාවත ක්‍රීඩක‍යෝ පළමු ඉනිමට ලකුණු 196ක් රැස් ක‍ළහ. පන්දු යැවීමේදී අරෝෂ් ලකුණු 38කට කඩුලු 7ක් දවා ගත්තේය. මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවට කෝල්ට්ස් දෙවැනි ඉනිම සීමා කළ හලාවත ක්‍රීඩකයෝ ඉනිමකින් හා ලකුණු 7කින් තරගයේ ජය හිමිකර ගත්හ. කෝල්ට්ස් පිලට දෙවැනි ඉනි‍මේදී ලබාගත හැකිවූයේ ලකුණු 39ක් පමණි. කෝල්ට්ස් දෙවැනි ඉනිම බිඳ දමමින් දක්ෂ පන්දු යැවීමක නිතරවූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 3කට කඩුලු 4ක් දවාගත් අතර මදූක ලියනපතිරණගේ ලකුණු 2කට කඩුලු 3ක් හා ඉසුරු උදාන ලකුණු 9කට කඩුලු 3ක් දවා ගත්හ.

කෝල්ට්ස් පළමු ඉනිම - 150 (ඕවර 46.5) (අරෝෂ් ජනෝද් 38/7) සහ දෙවැනි ඉනිම - 39 (ඕවර 13.4) (මලින්ද පුෂ්පකුමාර 3/4, මදුක ලියනපතිරණගේ 2/3, ඉසුරු උදාන 9/3)

හලාවත පළමු ඉනිම - 196 (ඕවර 49.5) (අකිල ධනංජය 11/3, ඉෂාන් ජයරත්න 46/3)

එස්.එස්.සී ට කඩුලු 10ක ජය

එස්.එස්.සී පිල කඩුලු 10ක ජයක් හිමිකර ගත්තේ කෝල්ට්ස් පිටියේදී යුද හමුදාව පරදවමිනි.‍ යුද හමුදාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 228 ට පිළිතුරු ලෙස එස්.එස්.සී පිල ලකුණු 323ක් රැස්කළ අතර ලකුණු 95ක් පිටුපසින් දෙවැනි ඉනිම ඇරැඹු යුද හමුදාව ලකුණු 106කට දැවී ගියේ එස්.එස්.සී පිලට ලකුණු 12ක ඉලක්කයක් ලබාදෙමිනි.

යුද හමුදා පළමු ඉනිම - 228 (ඕවර 67.3) ඩිල්ෂාන් ද සොයිසා 74 (සචිත්‍ර සේනානායක 43/4, කසුන් මදුසංක 29/3) සහ දෙවැනි ඉනිම - 106 (ඕවර 37.3) (විමුක්ති පෙරේරා 16/4, දසුන් ශානක 21/3)

එස්.එස්.සී පළමු ඉනිම - 323 (ඕවර 81.5) දසුන් ශානක 91, චරිත් අසලංක 50 (සීකුගේ ප්‍රසන්න 84/3) සහ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 12 (ඕවර 1)

ද්‍රවිඩ සංගම්-රාගම

ද්‍රවිඩ සංගම් හා රාගම පිල අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර පළමු ඉනිමේ ජය රාගම පිල සතු විය.

තරගයේ පළමු පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පිල ලකුණු 318ක් වාර්ත කළේය. එහිදී දිනෙත් තිමෝද්‍ය හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින් පන්දු 216කදී ලකුණු 113ක් හා තරංග පරණවිතාන පන්දු 221කින් ලකුණු 109ක් වාර්තා කළහ.‍

ළහිරු මිලන්ත පන්දු ලකුණු 144ක් හා ජනිත් ලිය‍නගේ ලකුණු 130ක් වාර්තා කරමින් රාගම පළමු ඉනිම ලකුණු 506ක් දක්වා ඉදිරියට ගෙන ගියහ. මිලන්ත පන්දු 314කදී හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් එල්ල කළ අතර ලියනගේ හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 296කට මුහුණ දුන්නේය.

ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 318 (ඕවර 101.5) දිනෙත් තිමෝද්‍ය 113, තරංග පරණවිතාන 109 (අමිල අපෝන්සු 43/3, චතුර පීරිස් 57/3) සහ දෙවැනි ඉනිම - 146/6 (ඕවර 40) දිනෙත් තිමෝද්‍ය 51 (අක්ෂු ප්‍රනාන්දු 82/3)

රාගම පළමු ඉනිම - 506/7 (ඕවර 183) ඉනිම අත්හිටුවන ලදි. ළහිරු මිලන්ත 144, ජනිත් ලිය‍නගේ 130, රොෂේන් සිල්වා නොදැවී 86, සමීර ද සොයිසා 52 (චාමික කරුණාරත්න 120/4)

පළඟ ශූරතා වටය

පළඟ ශූරතා වටය යටතේ පැවැති තරග 3ම ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූ අතර පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට බී.ආර්.සී, මුවර්ස් හා සැරසන්ස් කණ්ඩායම් සමත් විය. මේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 48.310ක් ලබාසිටින සැරසන්ස් පිල සමත්ව ඇති අතර දෙවැනි ස්ථානය බී.ආර්.සී (41.420) පිලට හිමිව තිබේ.

මේ තරගවලදී යශෝද් ලංකා (ගාල්ල), රුමේෂ් බුද්ධික (බී.ආර්.සී), පැතුම් මදුසංක (බදුරලිය) හා ගමිඳු කනිෂ්ක (සැරසන්ස්) ශතක වාර්තාකළ අතර පන්දු යැවීමෙන් දිනුක හෙට්ටිආරච්චි (බී.ආර්.සී) හා මලිත් ද සිල්වා (බ්ලූම්ෆීල්ඩ්) පන්දු යැවීමෙන් දස්කම් දැක්වූහ.

ගාල්ල-බී.ආර්.සී

ගාල්ල පළමු ඉනිම - 407 (ඕවර 126.5) යශෝද් ලංකා 167, ඩිල්හාන් කුරේ 82 (දිනුක හෙට්ටිආරච්චි 158/7)

බී.ආර්.සී පළමු ඉනිම - 447/6 (ඕවර 123) රුමේෂ් බුද්ධික 116, ලිසුල ලක්ෂාන් 88, චානක විජේසිංහ නොදැවී 74, තිලකරත්න සම්පත් 56, භානුක රාජපක්ෂ 51

බ්ලූම්ෆීල්ඩ්-මුවර්ස්

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - 152 (ඕවර 49.3) (ප්‍රමෝද් මදුවන්ත 5/3) සහ දෙවැනි ඉනිම - 201/4 (ඕවර 47) ළහිරු ජයකොඩි 60, නිසල් ෆ්‍රැන්සිස්කෝ 51

මුවර්ස් පළමු ඉනිම - 371 (ඕවර 89.4) පබසර වඩුගේ 72, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 70, ශානුක දුලාජ් 56, සචිත්‍ර පෙරේරා 52 (මලිත් ද සිල්වා 148/6)

සැරසන්ස්-බදුරලිය

බදුරලිය පළමු ඉනිම - 302 (ඕවර 91.4) පැතුම් මදුසංක 110 (කසුන් රජිත 78/3, සුරාජ් රන්දීව් 107/3)

සැරසන්ස් පළමු ඉනිම - 321/6 (ඕවර 87) ගමිඳු කනිෂ්ක 130, උමේෂ් කරුණාරත්න 64 (ඩිලේෂ් ගුණරත්න 48/3)

-නිරෝෂාන් ප්‍රියංකර_දිනමිණ

මගේ චිත්‍රපට කාටවත් දෙවැනි වෙන්න හදන්නේ නෑ

somarathne-dissanayake

මේ දිනවල තිරගතවන සරිගම චිත්‍රපටය ඉතාමත් ආකර්ෂණීය සිනමා සිත්තමකි. තිරගත වන අනෙක් චිත්‍රපටවලට තරගයක් දෙමින් තිරගත වෙන සරිගම චිත්‍රපටයේ නවතම තොරතුරු දැන ගන්න අපි සම්බන්ධ කර ගත්තේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායකවයි.

සරිගම තිරගත වෙනවා.කොහොමද ප්‍රතිචාර?

චිත්‍රපටය මුදාහැරිය දවසේ ඉඳලාම ප්‍රතිචාර වර්ධනය වෙමින් තියෙනවා. ඒක තමා මගේ චිත්‍රපටයට තියෙන හොඳම ප්‍රතිචාරය. එන්න එන්නම ප්‍රතිචාර වැඩිවෙනවා.
තවත් චිත්‍රපට කිහිපයක් තිරගත වෙනවා.

සරිගමට ලොකු තරගයක් දෙන්න වෙලාද?

සරෝජා සිට සරිගම දක්වා මගේ චිත්‍රපටවල තරගයක් තිබුණා. ඒ තරගයට මම හොඳින් මුහුණ දුන්නා. පෙර වතාවල වගේම තමා මගේ චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා. මිනිස්සු බලනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මේ දවස්වල තිරගත වන චිත්‍රපට අතරේ ඔබේ චිත්‍රපටය තියෙන තැන කොතැනද?

මගේ චිත්‍රපටය පළමුවැනි තැන තියෙනවා කියලා බය නැතිව කියන්න පුළුවන්. මම මගේ දේ දෙවැනි කරන්න හදන්නේ නැහැ. එහෙත් මම කියන්නේ නැහැ මාව අභිභවා යන්න කාටවත් බැහැ කියලා. මම ආසයි මාව කවුරුහරි අභිභවා යනවාට. ඒක තමයි වෙන්නත් ඕන.

ඒ කියන්නේ ඔබේ චිත්‍රපටය සාර්ථකයි කියන එකද?

නිර්මාණයක් හැටියට දැනට තියෙන ප්‍රතිචාර මත මගේ චිත්‍රපටය සාර්ථකයි කියලා හිතනවා. මේක මගේ හොඳම නිර්මාණය කියලත් කියන්න පුළුවන්. සූරියඅරණ සහ සිරි පැරකුම් එක්ක බලද්දී ලාභය නම් අඩුයි. සිරි පැරකුම් චිත්‍රපටය මේ කාලය වෙනකොට මීට වඩා දෙගුණයක් ආදායම් ලැබුවා. ආදායම් පැත්ත නැතිව බැලුවොත් නිර්මාණයක් විදියට මගේ චිත්‍රපටය සාර්ථකයි.

අනෙක් චිත්‍රපට අභියෝගයක් නොවේද?

නැහැ. චිත්‍රපට හදනකොට මම ඕවා ගැන හිතන්නේ නැහැ. නමුත් චිත්‍රපටය පෙන්වන එක තමයි අභියෝගය. චිත්‍රපටය හරියට පෙන්න ගත්තා නම් අභියෝගය ජය ගත්ත වෙනවා. ඉස්සර නම් චිත්‍රපට හදන එකනෙ අභියෝගය. මිනිස්සු ඇවිත් බලලා යනවා. ඒත් දැන් එහෙම නැහැ. කොහොම වුණත් මට අනෙක් චිත්‍රපට අභියෝගයක් නෙවෙයි.
සමහර චිත්‍රපට පෝලිමේ තියෙද්දී

ඔබේ නිර්මාණවලට නම් පෝලිම අදාළ වෙන්නේ නෑ නේද?

නිර්මාණයක් කරනව නම් කලාත්මක බව වගේම මිනිස්සු එය රස විඳින්නත් ඕනෑ. ගොඩක් අය හිතන්නේ සිනමාව කියන්නේ මුදල් උපයන්න හොඳ මාර්ගයක් කියලා. එහෙම හිතලා එන අය තමා පාඩුයි කියලා පස්සේ කියන්නේ. එන අය සිනමාව කියන කලාව ගැන දැනගෙන එන්න ඕනෑ. නැත්නම් සාර්ථක වෙන්න බැහැ. සමහර චිත්‍රපට තියෙනවා කලාත්මක ඒවා. ඒවා පාඩු වුණත් කලාත්මකයි. කලාත්මකත් නැති වාණිජ වටිනාකමකුත් නැති ඒවා නිසා තමයි චිත්‍රපට පෝලිමක් හැදිලා තියෙන්නේ.

ඔබේ චිත්‍රපටයේ නළු නිළියෝ ප්‍රචාරණ වැඩවලට සහාය දෙනවද?

ලැබෙන සහයෝගය හොඳයි. පොඩි ප්‍රශ්නයක් තිබුණා. චිත්‍රපටය තිරගත කරන්න ළං වෙද්දීම පූජා විවාහ වුණා. ඒ නිසා ඇයට මඳක් නිදහස අවශ්‍ය වුණා. ඒ හැර අනෙක් සියලුම අයගේ පූර්ණ සහාය තවමත් නොඅඩුව ලැබෙනවා.

නළු නිළියන්ගෙන් ලැබෙන සහාය අවශ්‍යද චිත්‍රපටය දුවන්න?

අත්‍යවශ්‍යම නැහැ. එහෙම අවශ්‍ය අය ඉන්නවා. හැබැයි මගේ චිත්‍රපටවලට එහෙම අවශ්‍ය නැහැ. මගේ චිත්‍රපටවලට අවශ්‍ය හොඳ අන්තර්ගතයක් විතරයි. කලින් මගේ චිත්‍රපටවල ගොඩක් හිටියේ පොඩි ළමයිනේ. ඒ අය තරු නෙවේනේ. ඒ චිත්‍රපට මම පෙන්නුවේ ඒ ළමයින්ව ප්‍රචාරක වැඩවලට යොදාගෙන නෙවෙයි. සිනමාරූපී බවට තමා මම මුල්තැන දුන්නේ. බලන්න එන්නෙත් ඒ සිනමා රූපී බව නිසා. එහෙම නැතිව නළු නිළියන්ව ප්‍රචාරණ වැඩවලට යොදාගෙන නෙවෙයි.

ඉදිරි වැඩ මොනවද?

ජංගි හොරා චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර කළා. ඒ චිත්‍රපටය මේ වසරේ මැද වෙද්දී පෙන්වන්න පුළුවන්. තවත් චිත්‍රපට පිටපත් කිහිපයක් තියෙනවා. නමුත් ඒවාට අත ගහන්න තව ටික දවසක් යයි.

(අකිලා නදිශානි_මව්බිම)

ඩොල්ෆින් මත්ස්‍යයකුට කමිසයක් අන්දවලා

dolphin-shrit

කමිසයක් අන්දන ලද ඩොල්ෆින් මත්ස්‍යයකු සොයමින් බටහිර ඕස්ට්‍රලියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් දියත් කර තිබේ. පසුගිය දිනෙක දකුණු දිග පර්ත් නගරයෙන් කිලෝමීටර එකසිය හැත්තෑවක් පමණ දුරින් එම ඩොල්ෆින් මත්ස්‍යයා පිහිනමින් සිටියදී සංචාරකයකු දැක ඇති බවට තොරතුරු ලැබුණු බව ඔස්ට්‍රේලියාවේ වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සංචාරකයා විසින් සුදු පැහැති කමිසයක සිර වූ ඩොල්ෆින් මත්ස්‍යයාව සිය කැමරාවේ සටහන් කර ගෙන පසුව බලධාරීන් වෙත ලබා දීමට කටයුතු කර ඇත. ඕස්ට්‍රේලියා නීතියට අනුව විශේෂ අවසරයකින් තොරව ඩොල්ෆින් සහ තල්මසුන්ගේ ස්වභාවික ජීවන චර්යාවට බාධා කිරීම තහනම්ය. 

යම්කිසි පුද්ගලයෙකු විසින් හිතාමතා ඩොල්ෆින් මත්ස්‍යයාට කමිසයක් අන්දවා ඇති බව සංචාරකයා විසින් ඉද්ර්පත් කර ඇති ඡායාරූප වලින් පැහැදිලි වන බව වන ජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එමගින් එම සත්ත්වයාගේ ශ්වසන ක්‍රියාවලියට බාධා වී ඇති බවට සැක කරන බව ද වනජීවී බලධාරීහු පවසති.

ඊට වග කිව යුතු පුද්ගලයා නීතියේ රැහැනට හසු වුවහොත් ඔහුට ඇමරිකානු ඩොලර් තුන් දහසක පමණ දඩයක් නියමවනු ඇති බව ඕස්ට්‍රලියාවේ වනජීවි දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

-බී. බී. සී

01 February, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් කණ්ඩායම හැර යයි!

steve-mount-dhammika-dickwella-mendis

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා භෞත චිකිත්සක ලෙස කටයතු කළ ස්ටීව් මවුන්ට් සිය සේවය නිමවා යළිත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය.

ඔහු අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය අවසන් සේවාව ලබාදුන්නේය.


ගම්පහ ටියුෂන් සිසුසිසුවියන්ට “අනඟ සුව” අවන්හල්

gampaha-tuition-students-sex-3

බොහෝ දෙනකු කතා කිරීමට තබා සිතීමටවත් අකමැති සහ ඇතමුන් විසින් හිතාමතාම යටගසා ඇති මාතෘකාවක් වන ගම්පහ ටියුෂන් සිසුන්ගේ ලිංගික උප සංස්කෘතිය පිළිබඳව විවෘත මට්ටමින් මූල්වරට අදහස් පළ කරන ලද්දේ ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඉහත සඳහන් කරුණු පිළිබඳව තමන් දන්නා ‘තිත්ත ඇත්ත’ ප්‍රකාශ කිරීම ඔස්සේ විවෘත සමාජ කතිකාවකට මඟ පෑදෙන බවකි. එමෙන්ම මෙම අර්බුදය පිළිබඳව එම සිසු සිසුවියන්ගේ දෙමාපිය වැඩිහිටියන්, ගම්පහ නගරයේ උපකාරක පන්ති පවත්වන ආචාර්ය ප්‍රජාව සේම නීතිය ක්‍රියාත්මක කරන අංශ දැනුවත් කිරීමෙන් මෙම සදාචාර අර්බුදය පිටු දකින උපාය මාර්ග සෙවිය හැකි බව ද හිටපු නගරාධිපතිවරයා අවධාරණය කරයි.

නව යොවුන් වියත් සමඟ තරුණ සිත් සතන් තුළ අනුරාගය පිබිදීම අතිශය සාමාන්‍ය ජෛව විද්‍යාත්මක සංසිද්ධියකි. විස්මයට කරුණ වනුයේ ඒ වයසේ නව යොවුන් වියේ තරුණයන් තුළ එවන් ආවේග පිබිදී නොතිබුණහොත් පමණි. එහෙත් ඔවුන් තුළ එලෙස පිබිද එන ස්වභාවික ආවේගයන් හට සීමා මායිම් පැනවීම ඕනෑම සංස්කෘතියක් මගින් යම් යම් ප්‍රමාණයන්ගෙන් සිදු කරනු ලබන්නකි. 

අප රටේ වුවද මෙම සීමා මායිම් පැනවීම සමාජ තලයන් අනුව වෙනස් වන බව පැහැදිළිව දැකිය හැක. ඒ අනුව සමාජ ශාලා සංස්කෘතියකට හිමිකම් කියන නාගරික ඉහළ සමාජයේ තරුණ තරුණියන්ට ඇති “ශිෂ්ටාචාරයේ වල්මත්වීම”ට ඇති හැකියාව අප රටේ සුවිසල් සමාජතලය වන පොදු මධ්‍යම පාන්තික දරුවන්ට හිමිවිය යුතු යැයි සිතීම සමාජයේ සදාචාර මට්ටම ශිඝ්‍රයෙන් පහළට ඇද හෙළන්නකි.

ටියුෂන් පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන තරුණ තරුණියන් ප්‍රේම සබඳතාවයන් සඳහා යොමු වීමේ අරුමයක් නොමැති අතර එම ටියුෂන් පන්ති වලට සහභාගීවන සිසුන් තම ප්‍රේමය අනුරාගය සහ ලිංගිකත්වය මුල්කොට සිදු කරනු ලබන චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාත්මකවද වැදගත් වෙයි.

ප්‍රේමයෙන් වෙළෙන තරුණ යුවලක් මඳ වේලාවක් විවේකීව හා සුවපහසු ලෙස පෙම් පිළිසඳරේ යෙදීම පිණිස වන ස්ථානයන් අතර “අවන්හලට” ලොව පුරා ප්‍රමුඛ තැනක් හිමිවෙයි. මේ තත්වය ගම්පහ ටියුෂන් සිසු සිසුවියන්ට ද එක සේ පොදු වන අතර අපගේ මාතෘකාව වන ඔවුන්ගේ ලිංගික උප සංස්කෘතිය හා එම අවන්හල් අතර ඇති සබැඳියාවන් අනාවරණය කරගැනීමට ද මෙම විමසුමේ දී අපට හැකිවිය. සැබැවින්ම මෙම තත්වය දැකිය හැක්කේ ගම්පහ නගරයේ ඇති අවන්හල් සිය ගණනින් අතලොස්සක පමණක් බවද සියල්ලටම පෙර පැවසිය යුතුව තිබේ.

අප එසේ නොකීවහොත් එය සදාචාරාත්මක ලෙස ව්‍යාපාරික කටයුතු මෙහෙයවන ගම්පහ නගරයේ සියළු භෝජනාගාර සහ අවන්හල් වෙත එල්ල කෙරෙන බලවත් අසාධාරණයක් වනු ඇත.

නමුත් අප මේ පවසන ගණයේ අවන්හල් වලට පැමිණෙන්නවුන් සඳහා පනවා ඇති ආසනවලට අමතරව තවත් විශේෂ ආසන විශේෂයක් තිබේ. ඒවා ඇත්තේ එහි වෙන් කළ ඝන චතුරශ්‍ර (Cube) තුළය. සාමාන්‍යයෙන් පවුල් වශයෙන් හෝ යුවලක් වශයෙන් වෙන්ව ආහාර පාන ගැනීමට කැමැත්තවුන් සඳහා මෙවන් ඝන චතුරශ්‍ර සකසා තිබීම ලොව පුරා අවහන්හල් වල දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එහෙත් අප මේ පැවසීමට යන අවන්හල් වල ඇති ඝන චතුරශ්‍ර ඒවා තුළට පිවිසෙන පෙම්වතුන් පෙම්වතියන් හට ඊට වඩා වෙනත් අරමුණු ඉටු කර ගැනීමට ඉඩ සලසා දෙන ඒවාය.

අපගේ නිරීක්ෂණ වලට අනුව එම ක්‍රියාවලිය සිදුවන්නේ මෙලෙසිනි.

ගම්පහ නගරයේ හෝ ඒ ආශ්‍රිතව පිහිටි මෙවන් අවහන්හලක ඝන චතුරශ්‍රයකට පිවිසෙන පෙම් යුවලකට එතුළ සිට තමන් කැමති කෑම බීම ඇනවුම් කළ හැක. නිදසුනක් ලෙස ඔවුන් සුළු කෑම වර්ග (Short eats) සහ සිසිල් බීම ඇනවුම් කළේ යැයි සිතමු. දෙදෙනා සඳහාම ඒ ආහාර පාන වෙනුවෙන් ගෙවිය යුතු නියමිත මුදල ‍රුපියල් එකසිය පනහක් යැයිද සිතමු. එහෙත් ඔවුන් එම කෑම බීම ගන්නා මුවාවෙන් පැයක පමණ කාලයක් එතුළ ගත කළහොත් එම රුපියල් එකසිය පනහේ ගාස්තුවට තවත් රුපියල් සියයක් එකතුවනු ඇත. ඒ ඔවුන්ට එම ඝන චතුරශ්‍රය තුළ නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීමක් වශයෙනි. 

එමෙන්ම අපගේ නිරීක්ෂණය අනුව ඇතැම් අවන්හල් වල මෙම නිදහස කොතරම් ලබා දෙන්නේ ද කිවහොත් ඒවායේ පිවිසුම් දොරටු දොර රෙදිවලින් ආවරණය කොට තිබේ. ඇත්ත ඇති සැටියෙන් ම කිවහොත් ඒ එම තරුණ තරුණියන්ට අර්ධ වශයෙන් ලිංගිකව හැසිරීමට ඉඩ කඩ විවර කරමිනි. නමුදු තමන් නගරාධිපතිවරයාව සිටි කාලයේ පොලිසියේද සහය ඇතිව මෙබඳු ස්ථාන නිරතුරු පරීක්ෂාවට ලක් කොට එවැනි අවකල් ක්‍රියා වැලැක්වීමට මහත් වෙහෙසක් දැරූ බව හිටපු නගරාධිපතිවරයා කියයි. ඒ අතර එලෙස රහසිගතව අයුතු ලෙස මුදල් ඉපැයූ සෑම අවන්හලක්ම පරීක්ෂා කිරීමට තමන්ට සහ පොලිසියට ඉඩ නොලැබෙන්නට ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

තවත් තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න...

ප්‍රසංග පෙරේරා - ජා ඇල_ලක්බිම

සනෝජාගෙන් පිරිමින්ට චාන්ස් එකක්

sanoja-bibile

සනෝජා කියන්නේ කාන්තා පාර්ශවයට වඩා පිරිමි පාර්ශවයේ ඇල්ම බැල්ම ආදරය දිනා ගත්ත අපේ රටේ ඉන්න ප‍්‍රවීන නිළියක්. කියනදේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින් කියන සනෝජා පහුගිය දවසක කියපු කතාවකින් ඔන්න ආයෙමත් පුරුෂ පක්‍ෂයේ අවධානයට ලක් වෙලාලූ. 

හැබැයි ස්ත‍්‍රී පක්‍ෂයෙන් නම් ඒකට යහපත් ප‍්‍රතිචාර නෑ වගේලූ. කොහොම උනත් සනෝජාගේ මේ කතාව අපේ රටට මොන තරම් ගැලපෙනවාද කියලා නම් ඔයාල තමයි හිතලා බලන්න ඕන.

- කතන්දරය මේකයි. ලංකාවේ විවාහ සම්බන්ධ නීති රාමුව වෙනස් කරන්න එයාට චාන්ස් එකක් ලැබුනොත් එක පිරිමියෙකුට ගෑණු දෙන්නෙක් කසාද බදින්න පුඵවන් විදියට ඒ නීතිය හදනවා කියලා සනෝජා කියන්නේ. 

ඉතින් මේ කතාවට පිරිමි පක්‍ෂය අත් දෙකම උඩට උස්සලා හුරේ දැම්මත් කාන්තා පාර්ශවය නම් බොහෝ විට දත්මිටි කාලා ප‍්‍රතිචාර දක්වයි කියලත් හිතෙනවා. හැබැයි එක ගෑනු කෙනෙක්ට පිරිමි දෙන්නෙක් බදින චාන්ස් එක නම් දෙන්න හොද නෑ කියලත් සනෝජා කියලා තියනවා.

- විවාහයට පෙර පවත්වන ලිංගික සම්බන්ධතාවලත් අවුලක් නෑ වගේම ගැහැනියකට කන්‍යාභාවය වැදගත් නෑ කියලත් ගණිකා වෘතිය නීති ගත කලානම් ඒකෙත් අවුලක් නෑ කියලත් කියලා තියනවා.

කොහොම වුනත් මේ කතාවට අපේ රටේ අළුත් පරම්පරාව කොහොම ප‍්‍රතිචාර දක්වයිද කියලත් ඕන්න අපි නම් දන්නේ නෑ.

-gossipking