02 February, 2017

ඩීමෝ යළිත් “සේවා විශිෂ්ඨත්ව 2016" ජාත්‍යන්තර සම්මානය හිමිකරගනී

dimo

Daimler AG, වියට්නාමයේ Mercedes-Benz හා එක්ව වාර්ෂිකව සංවිධානය කරන Mercedes-Benz සේවා සම්මාන උළෙලේදී (SEAward) “සේවා විශිෂ්ඨත්ව 2016 “ සම්මානය යළිත් වරක් හිමිකරගැනීමට ඩීමෝ සමත්වෙයි. මෙම සම්මාන උළෙල 2016දෙසැම්බර් මාසයේ වියට්නාමයේ හෝ චිමිං නගරයේදී පැවැත්විණ. Daimler AG විසින් 2005වසරේ සිට අඛණ්ඩව වාර්ෂිකව පවත්වන මෙම SEAward උළෙල සඳහා ශ්‍රී ලංකාව ඇතුළ අග්නිදිග ආසියානු රටවල Mercedes-Benz හි නියෝජිතයින් 85දෙනෙකුට අධික පිරිසක් සහභාගි වෙයි.

මෙම සම්මාන උළෙල Mercedes-Benz හි නියෝජිතයින් සඳහා වන දිරිමත් කිරීමේ වැඩසටහනක් වන අතර එහි ඉලක්කය වන්නේ වඩා හොඳ සේවාවක් සැපයීම තුළින් පාරිභෝගිකයා තෘප්තියට පත්කිරීමයි. මේ සඳහා මලයාසියාව, තායිලන්තය, වියට්නාමය, බෘනායි, පිලිපීනය, සහ ශ්‍රී ලංකාව ආදී රටවල Mercedes-Benz අලෙවි නියෝජිතයින් සහභාගි වෙයි.

SEAward හි වාර්ෂික ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට අමතරව මෙම වැඩසටහන එක් දින වැඩමුළුවකින්ද සමන්විත වන අතර එම වැඩමුළුව වියට්නාමයේ හෝ චිමිං නගරයේදී පැවැත්විණ. මෙවර මෙම වැඩසටහන සඳහා ඩීමෝ සමාගම නියෝජනය කරමින් එහි මගී වාහන සේවා අංශයේ සාමාන්‍යධිකාරි තරංග ගුණවර්ධන මහතා සහභාගි වූ අතර පාරිභෝගික සේවා උපරිම මට්ටමින් පවත්වාගෙන යාම පිළිබඳ කලාපීය වශයෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම ද මෙම සමුළුවේදී සිදු කෙරිණ.

Mercedes-Benz හි මෝටර් රථ ජාත්‍යන්තර වෙළඳ හා අලෙවි ප්‍රධානි සහ අග්නිදිග ආසියානු, මැද පෙරදිග,අප්‍රිකා සහ ලතින් ඇමරිකානු කලාපයේ අලෙවියෙන් පසු සේවා ප්‍රධානි වෝනර් ස්මිත් මෙහිදී අදහස් දක්වමින් සියළුම අලෙවි නියෝජිතයින් වෙත සිය ස්තුතිය පිරිනමමින් Mercedes-Benz වෙනුවෙන් ඔවුන් සිදුකළ මෙහෙවර ඇගයීමට ලක් කළේය.දිශාවන් තුනකට යොමු වූ තරුවක් දැක්වෙන Mercedes-Benz සළකුණ ඔසවා තැබීම සඳහා සෑම සේවකයෙකුම සිය උපරිම දායකත්වය සහ කැපවීම දක්වා ඇති බව ද හෙතම සඳහන් කලේය. ඉදිරි අලෙවි ඉලක්ක සහ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කළ වෝනර් ස්මිත් මහතා පෙන්වා දුන්නේ පාරිභෝගික තෘප්තිය මත අලෙවිය රඳා පවතින බවයි. කලාපීය වශයෙන් පාරිභෝගික සබඳතා තීව්‍ර කරගැනීමේ වැඩසටහන් පැවැත්වීමේ අවශ්‍යතාව ද හෙතෙම මෙහිදී පැහැදිලි කලේය.

වසර ගණනාවක් පුරා අලෙවිය සහ අලෙවියෙන් පසු සේවය පිළිබඳව පාරිභෝගික විශ්වාසය දිනාගත් Mercedes-Benz සමාගම ගතවු වසරවල වාර්තාගත අලෙවියකට හිමිකම් කියයි. වසර 130කට වඩා පැරණි සමාගමක් වන Mercedes-Benz සමාගම 2016වසර වන විට අලෙවි කර ඇති වාහන සඛ්‍යාව මිලියන 2.08ඉක්මවා ගොස් තිබේ. මෙය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් එම තත්වය අත්පත් කරගත් මුල්ම අවස්ථාවයි.

SEAward වාර්ෂික සම්මාන උළෙල ආරම්භ වූයේ කලාපීය වශයෙන් අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ විශේෂ දක්ෂතා දක්වන අලෙවි නියෝජිතයින් ඇගයීමේ වැඩසටහනක් වශයෙනි. එමෙන්ම පාරිභෝගික සේවා පිලිබඳව අලෙවි නියෝජිතයින් දිරිමත් කරලීම ද මෙහි තවත් අරමුණකි. ඇගයීමේ වැඩසටහනේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මඟින් සම්මත ක්‍රමවේදයක් අනුව අලෙවි නියෝජිතයින් වෙත ලකුණු ලබාදීම සිදුකරයි. අලෙවියෙන් පසු පාරිභෝගික තෘප්තිමත් භාවය (After-Sales Customer Satisfaction Score (CSI), Net PromoteScore (NPS), Net Promoter Score (NPS), අළුත්වැඩියා කිරීම් නිවැරදිව සිදුකිරීම, සේවා පහසුකම් වල තත්වය, නියෝජිත කාර්ය මණ්ඩලයේ විනීත භාවය, අළුත්වැඩියා කිරීම් සඳහා සාධාරණ මිළ ගණන් යනාදි කරුණු සඳහා වෙන වෙනම ලකුණු ලබාදීමකින් පසු මේ සඳහා ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ.

_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩීමෝ යළිත් “සේවා විශිෂ්ඨත්ව 2016" ජාත්‍යන්තර සම්මානය හිමිකරගනී"

    Post a Comment