02 February, 2017

ඩොල්ෆින් මත්ස්‍යයකුට කමිසයක් අන්දවලා

dolphin-shrit

කමිසයක් අන්දන ලද ඩොල්ෆින් මත්ස්‍යයකු සොයමින් බටහිර ඕස්ට්‍රලියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් දියත් කර තිබේ. පසුගිය දිනෙක දකුණු දිග පර්ත් නගරයෙන් කිලෝමීටර එකසිය හැත්තෑවක් පමණ දුරින් එම ඩොල්ෆින් මත්ස්‍යයා පිහිනමින් සිටියදී සංචාරකයකු දැක ඇති බවට තොරතුරු ලැබුණු බව ඔස්ට්‍රේලියාවේ වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සංචාරකයා විසින් සුදු පැහැති කමිසයක සිර වූ ඩොල්ෆින් මත්ස්‍යයාව සිය කැමරාවේ සටහන් කර ගෙන පසුව බලධාරීන් වෙත ලබා දීමට කටයුතු කර ඇත. ඕස්ට්‍රේලියා නීතියට අනුව විශේෂ අවසරයකින් තොරව ඩොල්ෆින් සහ තල්මසුන්ගේ ස්වභාවික ජීවන චර්යාවට බාධා කිරීම තහනම්ය. 

යම්කිසි පුද්ගලයෙකු විසින් හිතාමතා ඩොල්ෆින් මත්ස්‍යයාට කමිසයක් අන්දවා ඇති බව සංචාරකයා විසින් ඉද්ර්පත් කර ඇති ඡායාරූප වලින් පැහැදිලි වන බව වන ජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එමගින් එම සත්ත්වයාගේ ශ්වසන ක්‍රියාවලියට බාධා වී ඇති බවට සැක කරන බව ද වනජීවී බලධාරීහු පවසති.

ඊට වග කිව යුතු පුද්ගලයා නීතියේ රැහැනට හසු වුවහොත් ඔහුට ඇමරිකානු ඩොලර් තුන් දහසක පමණ දඩයක් නියමවනු ඇති බව ඕස්ට්‍රලියාවේ වනජීවි දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

-බී. බී. සී

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඩොල්ෆින් මත්ස්‍යයකුට කමිසයක් අන්දවලා"

    Post a Comment